අවශ්‍ය ද්‍රව්‍ය :
- පොල් ගෙඩියක්
- ළූණු ගෙඩි 2ක්
- මිරිස් කරල් කිහිපයක්
- ලුනු, මිරිස්, ගම්මිරිස් කුඩු අවශ්‍ය පමණට
- භාජනයක්. ( සම්බෝලේ දාන්න)
- හොදට කැපෙන පිහියක්
- කැත්තක්.( පොල් ගෙඩිය බිදින්න)
- හිරමණයක් ( පොල් ගාන්න)
- අත් දෙකක් ( සම්බෝලේ හදන්න)
- ඔක්කොටම කලින් පිරිසිදු වෙලා ඉන්න එක හොද නිසා මුලින්ම කුණු උලලා හොදින් නාගන්න, හෙම්බිරිස්සාව වගේනම් ඇඟපත හෝදගන්න, ඒත් කම්මැලීනම් අඩුම තරමේ අත් දෙකවත් හෝදගන්න
- දැන් හොද ඇදුමක් ඇදගන්න, පර්ස් එකත් අතට ගන්න.
- ළඟම තියන කඩේට ගිහින් පොල් ගෙඩියකුයි අවශ්‍ය අනෙක් කළමණා ටිකයි ගන්න
- අතේ සල්ලි නැත්නම් අල්ලපු වත්තට යන්න.
- හොද පොල් ගහක් තෝරගන්න, වටපිට බලලා ලැස්ති වෙන්න ( වලල්ල දාගන්න)
- අයිතිකාරයා ළඟපාතක නැත්නම් දඩිබිඩි ගාලා ගහට නගින්න.
- කලටි පොල් වෙන්කරමින් හොද පැසුණු පොල් තෝරාගන්න.
- දැන් අයින්කරපු කලටි පොල් ගෙඩි දෙකක් කඩාගන්න .
- පරිස්සමෙන් ගහෙන් බහින්න
- දැන් ශේප් එකේ වත්තෙන් මාරුවෙන්න ( පොල්ගෙඩි දෙකත් ඇතිව)
- උලක් ආධාරයෙන් පොල් ගෙඩි දෙකම ලෙලිගහගන්න (මුඩ්ඩට හානියක් නොවන ලෙසට)
- දැන් එක පොල් ගෙඩියක් අරන් කඩේට යන්න.
- පොල් ගෙඩිය කඩේ ඇන්ටිට දීලා ඒකට හරියන්න අවශ්‍ය අනෙක් කළමනා ගන්න.(මතක් කරලා "ඇන්ටිට තැන්ක් යූ අක්කේ" කියන්න)
- දැන් ගැදර එන්න. පොල් ගෙඩියයි අනෙක් කළමණා ටිකයි අම්මට දීලා පොල් සම්බෝලයක් හදලා දෙන්න කියන්න.
0 comments:
Post a Comment