තරු සිත්තම

a

Thursday, May 24, 2012

මගේ පුන්චි රෝස මලේ පිටුපස ඇති සැබැ කථාව

මේක කලුතර පැත්තෙ සංගීත පන්තියක සිදුවුනු සිදුවීමක්.

අපේ රටේ ගායකයෙක් කලුතර ප්‍රදේශයේ සංගීත පන්තියක් පැවැත්වුවා. සංගීත ගුරුවරයගෙ නම නම් හොයාගන්න බැරි වුනා.මේ ගුරුවරයා මැදිවියේ පසුවුනු කෙනෙක්.ඉතින් දවසක් මේ සංගීත පන්තියට ටිකක් වයසින් අඩු ගැහැණු ළමයෙක් ආවා වයලීන් වාදනය ඉගෙනගන්න.

කාලයක් යනකොට මේ ගුරුවරයට මේ ගැහැණු ළමයා ගැන ආදරයක් ඇති වුනා.නමුත් කවදාවත් මේ ගැන ගුරුවරයා ඒ ළමයට හැඟෙන්නවත් ඉඩ දුන්නෙ නෑ. ඒක මහා පුදුමාකාර ආදරයක්. ඔහුට ඇය නැතිව පන්ති කරගෙන යාම පවා අපහසු වුනා. ඔහු, ඇය කොයි මොහොතක හෝ පැමිනේයැයි බලාපොරොත්තුවෙන් ජනෙල් කවුලු වලින් බලා සිටියා. ඔහු පිළිවන් සෑම උදව්වක්ම මේ ළමයට කලා. ඇයට වචනයකින්වත් වැරැද්දක් වෙන විදියට මේ වයෝවෘද ආදරවන්තයා කටයුතු කලේ නෑ. මේ තමන්ගේ අපූරු ආදර අන්දරය පිලිබඳ මේ සන්ගීත ගුරුවරයා ධම්මික බණ්ඩාර නැමති සන්ගීතවේදියෙකුට පවසා තිබුනා.

මේ යටගියාව පවසන ධම්මික බණ්ඩාර මහතා දිනක් මේ සංගීත ගුරුවරයා ලවා තනුවක් සාදා ගැනීමට ඔහුගේ නිවසට ගියා. නමුත් ඒ වනවිට මේ සන්ගීත ගුරුවරයා සිටියේ සුරා සැලක මත්පැන් පානය කරමින්. පසුව සුරා සැළ වෙත ගිය ධම්මික මහතා මේ සන්ගීත ගුරුවරයා හමු වුනා. ධම්මික මහතා දුටු විට මේ ගුරුවරයා, " අර කෙල්ල කසාද බඳිනවා, බුලත් අතක් දීලා මට වැඳලා ගියා" හඬා වැලපෙමින් පැවසුවා. මේ වයෝවෘද ආදරවන්තයාට මේ දුක දරාගන්න බැරි තරම්.

කෙතරම් වයෝවෘද කෙන්කු වුවත් එම පුද්ගලයාගේ සිතේ ඇතිවුනු ආදරය,සෙනෙහස බොහොම තරුනයි.මේ සිද්දියෙන් පස්සෙ මේ අපූර්ව ආදර කතාව ධම්මික බණ්ඩාර මහතා අතින් පද පෙළකට නැගුනා.





මගේ පුන්චි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

කලුවර රෑ සඳක් වගේ 
අහසේ නුඹ ඉන්නවානම්
ආසයි මන් නොකී කවිය 
ඔබට කියන්න
තරහක් නෑ නුඹ බැස යන්න

මගේ පුන්චි නවාතැනේ
ඇවිදින් සැරිසරනව නම්
ආසයි මන් කවුලු පියන්
ඇරලා තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න




මේ බඹරා වියපත්. ඒත් ඔහුගේ හැඟීම් තරුණයි. ඔහු ඇයට ආදරෙයි. නමුත් ඇය හීනෙකින්වත් මේ බඹරව දකින්නෙ නැහැ. ඇගේ ලෝකයේ ඉන්නෙ වෙනත් කුමරෙක්.

රෑ සඳ වගේ ඇය හැමදාමත් ඔහුට දැකගන්න ලැබෙනව නම් ඔහු කැමතියි ඔහුගේ හිතේ තියන දේවල් ඇයත් සමඟ පවසන්න. ඇය එසේ නොකලත් ඔහුගේ හිතේ තරහක් නෑ.

මොහු විශාල ධනවතෙකු නොවේ. තියන්නෙ පුන්චි නවාතැනක්. ඔහු කැමතියි ඇය ඇවිත් ඔහු සමඟ ඉන්නවනම්. ඔහු කැමතියි කවුලු පියන් ඇරලා ඒ ගැන මුලු ලෝකෙටම කියන්න. ඒත් ඇය නෑවිත් හිටියත් ඔහුගේ හිතේ තරහක් නැහැ. තියන්නේ දරාගන්න බැරි දුකක් විතරයි.




5 comments:

  1. පිස්සු හැදෙයි මේ ධම්මික බණ්ඩාරව මන් හොදට දන්න කෙනෙක්... මේයාගේ ටියුෂන් ටියුට් වැඩ මන් කරලා දීලා තියනවා.. හරිම හොද කෙනෙක්... ඔය සිංදුව ලිව්වට පස්සේ අපි විහිලුත් කරලා තියනවා මොකෝ පංති එන කෙල්ලෙක්ටවත් හිත ගියාද කියලා.. එතකොට හිනා වෙලා කියනවා පිස්සුද මේ නිකන් හිතට ආවා ඒකයි ලිව්වේ කියලා.. මේ සිද්ධිය දැන් වේලා අවුරැදු 4 - 5 ක් විතර ඇති.. ඒ වගේ කාලයකින් එයාව මුණ ගැහුනෙත් නෑ.. හැබැයි ඔය සිද්ධිය කළුතර දිහාද උනේ කියන්නනම් මන් දන්නේ නැහැ.. ඒත් එයා මහව පංති කරන කාලේදි තමා ඔය සිංදුව ලියවුනේ..

    ReplyDelete
    Replies
    1. ha ha ha dan ahu unane ehenam hore........pissu hadenawadath ahanawa

      Delete
  2. මේ‍ සි‍ද්‍දි‍ය‍ට‍ ස‍ම්‍බ‍න්ධ‍ ගා‍ය‍ක‍යා‍ නැ‍ත්‍න‍ම්‍ ගු‍රු‍ව‍ර‍යා‍ ත‍ම‍යි‍ ම‍ර්වි‍න්‍ පෙ‍රේ‍රා‍..

    ReplyDelete