
ඉතාමත් සෙමින් ගමන් කරන මෙම පෂාණ බොහෝ විට වසර 03 ක් වැනි කාලයක් එක දිගට ගමන් කරන අතර සමහර පාෂාණ මීට වඩා වැඩි කාලයක් ගමන් කරයි.මේවායේ ගමන් මාර්ග ඉතාමත් සෘජු සරල රේඛාවක් වේ. යම් කිසි කාලයක් ගත වූ විට සමහර පාෂාණ හිටි හැටියේම ගමන් මාර්ගය වෙනස් කරන අතර එලෙසින් ගමන් මාර්ගය නෙකස් වන්නෙ හරියටම අංශක 90 කිනි.
මෙම පාෂාණ ගමන් කිරීමට කිසිදු මනුෂ්‍යෙයකුගේ හො සත්වයකුගේ බලපෑමකින් නොවන බව මේ වන විට තහවුරැ වී ඇති අතර විද්‍යාඥයින් සොයා ගත් නවතම මතයක් වන්නේ මෙම නිම්න වලට වර්ෂාව ලැබෙන විට මේවා ජලයෙන් පිරී යන හෙයින් පෘෂ්ඨය මත ඇති වන අයිස් මිශ්‍ර ලුණූ ගතියට මෙම පාෂාණ ගමන් කරන බවයි.වර්ෂාව පායන කාලයට ජලය සම්පූර්නයෙන්ම වාෂ්ප වන නිසා එම පාෂාණ ගිය මාර්ගය දිස්වන්නට පටන් ගනියි.ඉතා කුඩා ආදර්ශ මගින් විද්‍යාඥයින් තහවුරැ කර ගැනීමට හැකි වී ඇති නමුත් මෙතරම් සමතල පෘෂ්ථයක රාත්තල් 700 යට අධික බරෙන් යුත් විශාල පාෂාණ මෙතරම් දුරක් සරළ රේඛීයව ගමන් කරන ආකාරය පහදා දීමට හැකියාවක් ලැබී නැත.මේ නිසා විද්‍යාවට සම්පූර්ණයෙන්ම පැහැදිළි කර ගැනීමට නොහැකි වූ අස්වාභාවික සංසිද්ධියක් බවට පත්ව ඇත.
උපුටා ගැනීමකි
0 comments:
Post a Comment