තරු සිත්තම

a

Monday, February 13, 2012

GTA


Saturday, February 11, 2012

ආදරය අරුමයකි

දිලෙන තරු වලට
පුර හඳක් අහස් කුස
ඉඩෝරයට දුක නිවන
වරුසාවකි ඇද හලෙන
පින් බිමකි එය ඉතින්
පිදුම් ලද උතු නිතින
මල් වැලකි පිපී එන
දිවිය සුවඳවත් කරන
දැවි දැවී ඇවිල යන
ගින්දරකි හද දවන
ආදරය අරුමයකි
ලියා අහවර නොවන




අල්ලන විට ඈත්ව​න – අත්හරින විට ළංව​න – සැනසිල්ල….


විමුක්තිය, නිදහස්වීම, එහෙමත් නැත්නම් සැනසීම, සතුට කියන්නෙ මහ පුදුමාකාර ධර්මතාවයක්. හැමෝම වගේ සැනසීමට කැමතියි. ඒත් කැමති වෙන පළියට ඒ දේ ලැබෙන්නෙ නැත්තෙ ඇයි…? ගොඩක් හේතු තියෙනවා…. විමුක්තිය එහෙමත් නැත්නම් සැනසුම ගැන කියන මේ දේවල් ඇතැම් විට ඔබට ප්‍රයෝජනවත් වේවි.
↓↓↓
♦සැනසීම හැම වෙලේ ම අත්හැරීමට සාපේක්ෂයි.
♦ඒ නිසා ම අත්හරින්න අත්හරින්න සැනසීම ඔබට ළං වෙනවා.
♦හැම දෙයක් ම අත්හැරල දැම්මොත්, සැනසීම කවදාවත් ඔබෙන් දුරස් වෙන්නෙ නැහැ.
♦දේවල් අල්ලගන්න අල්ලගන්න, සැනසීම ඔබෙන් දුරස් වෙනවා.
♦එක ම දෙයක් හරි අල්ලගෙන හිටියොත්, සදා සැනසීම ඔබට හිමි වෙන්නෙ නැහැ.
♦සැනසීම ‘මගේ’ දෙයක් කර ගන්න උත්සාහ කරනකොට, ඒක ඔබෙන් ඈත් වෙනවා.
♦සැනසීම මගේ දෙයක් නෙවෙයි කියල තේරුම් ගන්න කොට, සැනසීම ඔබට ළංවෙනවා.
♦සැනසීම අල්ලගන්න උත්සාහ කරන කොට, ඔබට අහු වෙන්නේ දුක.
♦සැනසීම අල්ල ගන්න කරන වෑයම අත්හරින කොට, ඔබටත් හොරෙන් ම සැනසීම ඔබ ළඟට එනවා.
♦අනිත් අයගෙ සැනසීමට අකමැති වෙනකොට, ඒ සැනසීම ඈත් වෙන්නෙ, ඒ අයගෙන් නොවෙයි, ඔබෙන්…
♦අනිත් අය ගෙ සැනසීමට කැමති වෙනකොට, අනිත් අයට සැනසුම ප්‍රාර්ථනා කරනකොට, අනිත් අයට ඒ දේ ලැබුණත් නැතත්, ඔබ කරා සැනසුම එනවා.
ඉතින් ඒ නිසා සදා සැනසිල්ල ලබා ගන්න නම්, හැම දෙයක් ම අත්හරින්න. අන් අයගේ සතුට දැකල සතුටු වෙන්න. අන් අය ගේ සැනසුමට කැමති වෙලා ඒ පිණිස කටයුතු කරන්න. අන් අයගෙ සතුට සැනසුම වෙනුවෙන්, තමන්ගෙ දේවල් කැපකරන්න. එතකොට සදා සැනසුම ඔබව අත් නො හැර පවතීවි. එය එසේ ම වේවා..!!!
සදා සැනසිල්ල වේවා !!!


Friday, February 10, 2012

සත්ත්ව හිංසනය පිටු දකිමු !

සත්ත්ව හිංසනය පිටු දකිමු !

ඌරන් : ඇයි අපට දස වධ දී මරන්නේ? වධ දෙනකොට මස් රස වෙනවාද? අපේ මරණය අපට කොතරම් නම් වේදනාවක්ද... එහි ඇති රසය කුමක්ද? එහෙත් ඔබේ වේදනාව අපට නම් රසයක් නොවේ...

ඉබ්බන් : අපි ඉස්සර හොඳට ඇවිද ඇවිද හිටියා. අපිව කවුරුත් මරන් කෑවේ නෑ. අපි අවුරුදු 300ක් අවම වශයෙන් ජීවත් වුනා. මිනිසුනේ, නුඹලාගේ පරම ආයුෂ කීයද? එය එන්න එන්නම අඩු වනවා නොවේද? අපව මරා කන්නට නුඹලාට ඇති අයිතිය කුමක්ද?

මිනිස්සු වන අපි අපේ මරණයට බයයි. ඒවගේ තමයි අනිත් පණ ඇති සියලුම ජීවීන් ලෝකේ තියෙන අමිහිරිම දේවල් අතරින් සෑම සත්ත්වයෙකුටම පොදු අමිහිරි දෙයක් තමයි “මරණය” දඬුවමට අපි බයයි වගේ වධ හිංසාවලට සත්තුත් බයයි. පුද්ගලයා කුමන ආගමක් ඇදහුවත්, ඔහුට ඔහුගේ හෘද සාක්ෂියට කිසිදා පිටුපාන්න බැහැ. ආගමිකව කිසිදු සාස්තෘවරයෙක් පරපණ නැසීම අනුමත කරලා නැහැ. ඒ නිසා ආගමක් අදහන කාටවත්ම, කෙනෙක්ගේ ජීවිතයක් නසන්න අයිතියක් නැහැ.