තරු සිත්තම

a

Friday, March 30, 2012

ලේ වමනය

ලේ වමනය වීම බොහෝ රෝගින්ගේ සිත් කලබලයට පත් කරන්නා වූ රෝග ලක්‌ෂණයකි. ආහාර මාර්ග පද්ධතියේ මුල් කොටස වන මුඛ කුහරය, අන්නස්‍රොaතය (ගලනාලය), ආමාශය සහ කුඩා අන්ත්‍රයේ පෙර කොටස වන ග්‍රහණිය නැමති ස්‌ථාන වලින් රුධිරය වහනය වුවහොත් ලේ වමනය විය හැක. සමහර විට වමනය විමත් සමඟම කැස්‌සක්‌ද ඇති වන බැවින් මෙලෙස පිටතට පැමිණෙන රුධිරය පිටවූයේ ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිතව හෝ පෙනහලු සහ ස්‌වසන පද්ධතිය ආශ්‍රිතවද යන්න, කැස්‌සත්a සමඟ ලේ වමනය වූ විට සොයා ගැනීම අසීරු වේ. ආමාශයේ ඇති ආම්ලික යුෂ මගින් රතු පැහැති රුධිරය දුඹුරු පැහැ ගැන්වෙන අතර එය ස්‌වසන මාර්ගයෙන් සිදුවුවහොත් එය සාමාන්‍ය ලේ රතු පැහැයක්‌ ගන්නා හෙයින් මෙලෙස වෙන්කර හඳුනාගත හැකිවේ. 

ආහාර මාර්ග පද්ධතියේ උඩ කෙලවරින් රුධිරය වහනය වීම ස්‌වල්ප ලෙස සිදුවන විට ලේ වමනය වීමක්‌ සිදුනොවිය හැක. එවිට අසුචි කළු පැහැවී තිබීම පමණක්‌ දක්‌නට ලැබේ. එනමුත් රුධිර වහනය අධික වේගයෙන් සිදුවුවහොත්, ආමාශය තුළ එකතු වී තිබී, එක්‌වරම ලේ වමනය ඇතිවිය හැක. මෙවිට රුධිරය දුඹුරු පැහැවීමට අමතරව, ආමාශ්‍රිත යුෂ මගින් රුධිර කැටි ගැස්‌වීමද අඩාල කරනු ඇත. ලේ වමනය වීම එක්‌වරක්‌ පමණක්‌ හෝ ස්‌වල්ප ලෙස සිදුවුවද, ආමාශයේ ඇති අධික ධාරිතාව නිසා, මෙය තුළ වැඩි රුධිරය ප්‍රමාණයක්‌ එකතු වී තිබිය හැක. එබැවින් ස්‌වල්ප ලෙස ලේ වමනය සිදුවුවද, වහා වෛද්‍ය උපදෙස්‌ ලබාගැනීම අත්‍යවශ්‍ය බව මතකයේ තබා ගන්න. 

ලේ වමනය වීම හේතු ගණනාවක්‌ නිසා සිදුවිය හැක. ආහාර මාර්ග පද්ධතියේ තුවාලවීමක්‌ සිදුවුවහොත් රුධිරය වහනය වී, ලේ වමනය විය හැක. මුඛ කුහරයෙන් රුධිරය වහනය වීමත්, නාස්‌කුහරයේ පිටුපසින් රුධිරය වහනය වීමත් හේතුවෙන් රුධිරය ගලනාලය ඔස්‌සේ ආමාශයට ගොස්‌ රුධිරය එක්‌වී, පසුව ලේ වමනය විය හැක. තවද ගලනාලයේ ආසාදිත තත්ත්වයක්‌ ඇතිවීටදී හෝ ගලනාලය තුවාලවී හෝ පිළිකාවක්‌ ඇතිවිටදීද මෙලෙස රුධිරය වහනය වී, ආමාශය තුළ එකතුවී, පසුව ලේ වමනය විය හැක. එනමුත් ගලනාලය ආසාධනය වී ඇතිවිටදී හෝ පිළිකාවක්‌ ඇතිවිටදී, ආහාර අනුභව කරන විට එය ගලනාලය තුළ හිරවන අපහසුතාවයට වඩා බහුලවම දක්‌නට ලැබෙන රෝග ලක්‌ෂණයයි. ආහාර අජීර්ණ තත්ත්වයකදී හෝ වෙනයම් රෝගි අවස්‌ථාවකදී කිහිප වරක්‌ම තදින් වමනය වීමද බහුලවම දක්‌නට ලැබෙන සිද්ධියක්‌ වන අතර, මෙලෙස කිහිපවරක්‌ම වමනය වන විටදී ගලනාලයේ අග කෙලවර තුවාලවීම සිදුවිය හැක. එබැවින් මෙම අවස්‌ථාවේදී සිදුවන වමනය සමගද රුධිරය මිශ්‍රවී තිබිය හැක. අක්‌මාව, සිරෝසියා තත්ත්වයට පත්වූවිටද ලේ වමනය සිදුවන බව අප කවුරුත් දන්නා කරුණකි. මෙලෙස සිදුවනුයේ අක්‌මාවේ ඇති රළු ස්‌වභාවය හේතුවෙන් ගලනාලය අග කෙලවරෙහි ඇති ශිරා රුධිර නාලිකා පොකුරු මෙන් ඉදිමී පුපුරා යැමයි. මෙය බහුලවම දක්‌නට ලැබෙන රෝගි අවස්‌ථාවක්‌ වන අතර, මෙවිට ඇතිවන රුධිර වහනයවීම පාලනය කිරීම පවා ඉතා අසීරු වේ.

ආමාශය තුළ ඇතිවන තුවාල බොහෝ දුරට ආම්ලික යුෂ ස්‍රාවය අධික වීම නිසා සිදුවේ. මෙය මුලින් ගැස්‌ට්‍රයිටිස්‌  ලෙසද පසුව තුවාල වූ විට පෙප්ටික්‌ තුවාල ලෙසද හඳුන්වනු ලබයි. මෙවිට සිදුවන රුධිර වහනය නිසා ලේ වමනයවීම ඉතා කලාතුරකින් සිදුවන අතර බොහෝවිට සිදුවන්නේ අසුචි කළු පැහැවීමයි. මීට අමතරව තුවාලවීම නිසා උදරයේ උඩ කොටසේ දැවිල්ලක්‌ ලෙස වේදනාවද ඇතිවේ. 

ආමාශයේ පිළිකා තත්ත්වයන් නිසාද ලේ වමනය විය හැක. ඒ සමඟම ආහාර අරුචිය , උදරයේ වේදනාව, ශරීරය සිහින් වීම, අප්‍රාණික ගතිය සහ අසුචි කළු පැහැවීම ආමාශයේ පිළිකාවල අනෙකුත් රෝග ලක්‌ෂණයි. 

මීට අමතරව රුධිරය කැටි කරන ක්‍රියාදාමයේ යම්කිසි වෙනසක්‌ ඇතිවන රෝගි තත්ත්වයක්‌ ඇති වූ විටද ලේ වමනයවීම දැකිය හැක. මීට කදිම නිදසුනක්‌ වන්නේ ඩෙංගු රෝගයයි. මෙවිට රුධිරය කැටි ගැසීම සඳහා අවශ්‍යය කරන රුධිර පට්‌ටිකා සංඛ්‍යාව අඩුවීමෙන් ආමාශය තුළට රුධිරය වහනය වී, දුඹුරු පැහැතිව ලේ වමනය සිදුවිය හැක. 

ලේ වමනය ඇති අවස්‌ථාවේදී, මුඛ කුහරය ඔස්‌සේ එන්ඩොස්‌කොපි නැමති කැමරාව සහිත බටය ඇතුල්කිරීමෙන් අවශ්‍යය රෝග විනිශ්චය ලබා ගත හැක. මේ සඳහා රෝගියාව සිහි නැති කිරීම අවශ්‍යය නැත. එන්ඩොස්‌කොපිය මාර්ගයෙන් රෝග විනිශ්චය පමණක්‌ නොව, සමහර රුධිරය වහනය වන ස්‌ථානවලින් රුධිරය වහනය වීම පවා නැවැත්විය හැකි උපක්‍රම උපයෝගි කරගත හැක. එබැවින් ස්‌වල්ප ලෙස හෝ ලේ වමනය වූ විගසම වෛද්‍ය උපදෙස්‌ ලබාගෙන, නිසි රෝග විනිශ්චය සහ රුධිර වහනය වීම සමනය කරගැනීම ඔබ සතුවේ. 



ලංකා හොස්‌පිටල්ස්‌ 



Wednesday, March 28, 2012

ඉසි අක්‌කා

"මගේ ජීවිතයටම එදා විතර දුක්‌ වුනු දවසක්‌ තවත් නැහැ. එදා මට හදිස්‌සියකට යන්න බැරි වුණා. එදත් වෙනදා වගේම කෝච්චිය ගියා. මම කොයිකටත් කියලා ගිහිල්ලා බැලුවා. අනේ බුදුහාමුදුරුවනේ හමුදාවේ මහත්තයයි නෝනයි දෙන්නම විසිවෙලා හිටියා. මෝටර් සයිකලය කුඩුවෙලා තිබුණා.

බැලුවාම දෙන්නාම මියගිහින්. මම හිටියා නම් ඒක වෙන්නේ නෑ.

මහව ගල්ඔය දුම්රිය මාර්ගයේ පලුගස්‌වැව, පුවක්‌පිටිය ගමේ දුම්රිය හරස්‌ මග පහළොස්‌ වසරක්‌ පුරාවට මුර කරන පුවක්‌පිටියේ ඉසි අක්‌කා තම ජීවිත අද්දැකීමක්‌ එසේ "දිවයින"ට විස්‌තර කළාය.

අද බොහොම දෙනෙක්‌ සමාජ සේවය කරනු ලබන්නේ, ප්‍රසිද්ධියට, නම්බුනාම ගන්න නැත්නම් කුමක්‌ හෝ ලාභයක්‌ උදෙසාය. එහෙත් පලුගස්‌වැව, පුවක්‌පිටියේ ඉසි අක්‌කා දුම්රිය හරස්‌ මග මුරකරමින් කරනු ලබන සේවයට නම් ලැබූ දෙයක්‌ නැත. එහෙත් මෙවැනි අහිංසක, නිහතමානී සමාජ සේවිකාවක්‌ අප ජන සමාජය අතර සිටීම කොතරම් උතුම්ද යනු සිතා බැලිය යුතුය.

පනස්‌හය හැවිරිදි ඇය නමින් එස්‌. සිරියාවතීය. කුඩා කලසිට ප්‍රදේශවාසීන් ඇය අමතා ඇත්තේ ඉස්‌සි අක්‌කා යනුවෙනි. පලුගස්‌වැව පුවක්‌පිටිය පදිංචි ඇය දූ පුතුන් හතර දෙනෙකුගේ මවකි. පී. සේරදමා සැමියායි. කරනු ලබන සමාජ සේවයට අමතරව ජීවත්වීම උදෙසා රැකියාව වශයෙන් කරන්නේ පලා විකිණීමයි.

මහව ගල්ඔය දුම්රිය මාර්ගයේ පුවක්‌පිටිය කිලෝ මීටර් 205 කණුව අසල දුම්රිය හරස්‌ මග රකින පුවක්‌පිටියේ ඉසි අක්‌කා තවත් විස්‌තර මෙසේ ප්‍රකාශ කළාය. "මෙතැනට කලකට ඉහතදී උණ බම්බු ගේට්‌ටුවක්‌ තිබුණා. ඒවා ඉවත් කළාට පස්‌සේ දුම්රිය හරස්‌ මාර්ගයේ අනතුරු බහුලව සිදු වුණා. ඊට පස්‌සේ තමයි මම කෝච්චිය එන වෙලාවට මග රකින්න පටන් ගත්තේ. අලුයම තුනේ කෝච්චියේ සිට රාත්‍රී දහයේ කෝච්චිය දක්‌වා මම මග රකිනවා. ඉතිං මේ හරියෙන් කෝච්චිය හයියෙන් යනවානේ. සමහර දාට වල්අලි කෝච්චියට වැදිලා මැරෙනවා. මම මෙතැන දැන් අවුරුදු පහළොවක්‌ දුම්රිය මග රකිනවා. ඒක අපේ ගම්වල පාසල් යන දූ දරුවන් ගේ ඉඳලා ලොකු කුඩා කාටත් ප්‍රයෝජන දෙයක්‌ නිසා මම උපරිම සතුටක්‌ ලබනවා. ඒක මගේ ජීවිතයටම ඇති.

කිසිදු මුදලක්‌ නොලබා පුවක්‌පිටියේ ඉසිඅක්‌කා සිදු කරන මෙම සමාජ සේවයට අමතරව ඇය ගෙවත්තේ පිංතාලියක්‌ තබා ප්‍රදේශවාසීන්ගේ පිපාසය සංසිඳුවීමට ද කටයුතු කිරීම අගය කළ යුත්තකි.



.අපි අපේ ශ්‍රී ලාංකික කම පෙන්වමු


දඹුල්ල , දිගම්පතන , ‍පැත්තේ පොඩි ගමක් තියනවා වීරගොල්ල යාය කියලා ඒක හරිම සුන්දර ගමක් ඒත් අලි කරදරේ හරියට. හරිම දුප්පත් මිනිස්සු ගොඩක් ඒ ගමේ ජීවත් වෙනවා සුනිප් සාන්ත කියන්නේත් ඒ ගමේ ජීවත් වෙන අහිංසක හිත හොද කාටත් උදවු කරපු අහිංස ගැමියෙක්..මේයාට හිටියේ පොඩි පුත්‍රයෙක් විතරයි..මුල් කාලයේ තමන්ගේ බිරිදත් එක්ක ආදරෙක් හිටිය සුනිල් රැකියාව විදියට කලේ හේන් ගොවිතැන..

මුල් කාලයේ සුනිල්ගේ හේන් ගොවිතැන හා බඩඉරිගු වගාව සරුවට කරගන ගියා.එක දවසක් සුනිල් හේනට ගියේ හිතේ ගොඩක් බලාපොරොත්තු ‍ගොඩක් තියාගන.ඒ කාර් එකක් ගන්න, පිටරට ටුවර් එකක් යන්න්‍, සවාරියක් යන්න එහෙම නෙවේ තමන්ගේ අවුරුදු 5ක් වන පොඩි පුතාට හොදට උගන්වන්න සල්ලි‍ ‍ටිකක් සොයා ගන්න .. තමන්ගේ බිරිද‍ට චීත්ත රෙදි කෑල්ලක් අරං දෙන්න..පුතාට කලිසම් කොටයකුයි කමිස කෑල්ලකුයි අරං දෙන්න..

සුනිල් සවස් යාමයේ බඩඉරිගු හේනට ගියේ රාත්‍රිය හේනේ පැලේ ගතකරන්න කියලා හිතාගන.එදා රෑ නොහිතපු විදියට අලි කඩාගන පැන්නා බඩඉරිගු හේනට..ගිනි පැනැල්ලකුත් අරන් සුනිල් ගස උඩ තිබුනු පැලෙන් දඩිබිඩියේ බිමට බහින්න ගත්තේ අලි ටික පන්නන්න අලි වෙඩිල්ලක් පත්තු කරන්න හිතාගන..ඒත් කරුමෙක මහත ! ඉනිමග කඩාගන සුනිල් බිමට වැටුනා...බිමට වැටෙන ටිකට සුනිල්ට මතක් උනේ තමන්ගේ චූ‍ටි පුතාගේ මූන..

බිමට වැටුනු සුනිල්ව අසල්වැසි ගැමියන් කීපදෙනෙකු එක්ව රෝහල් ගත කරත් අහිංසක සුනිල්ගේ පෙරකල කරුමෙකට ශුශුම්ණාවට හානි වී තිබුනා..ඒ ජීවිත දෙකක් ජීවත් කරන්න සිටි අහිංසක තාත්තා කෙනෙක් සදාකල්ව ඇදට කරමිනි..

ටික කලක් යනවිට සුනිල්ගේ බිරිද , සුනිල්ව සහ හයක් හතරක් නොතේරෙන චූටි පුතාව අත් ඇරලා යන්න ගිගේ පැදුරටත් නොකියාමයි.ඒත් සුනිල් තම බිරිදට වෛර කලේ නැත්තේ සුනිල් ඒ තරම් හොද මනුස්සයෙක් වූ නිසාවෙන්.. " අබ්බගාත මිනිහෙක් එක්ක ඉන්න කැමති මොන ගෑනිද " සුනිල් නිතරම එහෙම හිතුවා...

චූටි ශෂික බණ්ඩාර දිගම්පතන විදුහලේ 1 ඉගෙන ගන්නවා ඒ වෙනකොටත්..තම මවගේ වෙන්ව යාමත් තාත්තාගේ ආබාධයත් මේ දරුවාට හොදින් දැනුනා..ඒත් කවදාවත් ශෂික එයාගේ තාත්තාව අත් ඇරල යන්න හිතුවේ නෑ..ඒ සංසාරේ පෙරුම් පුරාගන ආ විලසිනි..එක් පාරක් සමාජ සේවා ආයතනයකින් මේ පුතාව ළමා නිවාසයක‍ට එක්කන් යන්න ඇහුවා ඒත් ශෂික කිවුවේ.."මට තාත්තා දාලා යන්න බෑ . අම්මත් නෑ කවුද තාත්තව බලා ගන්නේ වතුර ටිකක් වත් දෙන්න මම තාත්තා ළග ඉන්න ඕන" එහෙම කිව්වේ ඇස්‍ දෙකේ කදුළු පුරවගෙන..බඩගින්නේ මැරුණත් තාත්තා ගාව මැරිල යන එක සැපයි කියලා මේ පුතා හිතන්න ඇති..

බඩගින්දරේ කුසට අහරක් නැතුව තාත්තාට ආවතේව කරමින් මේ පුතා පාඩම් පොත්වල වැඩ කරන්නේ කවදා හෝ වෛද්‍යවරයෙකු වී තම ආදරණිය තාත්තාව සුවපත් කරගන්නා අදහසිනි..මේ හිත ධෛරියවන්ත පුතාගේ අහිංසක සිහින වලට, චූටි බලාපොරොත්තු වලට ජීවයක් දෙන්න අපි හැමෝම එකතු වෙමු..අපි වගේම ලේ මස් ඇට නහර වලින් සැදුනු මො‍වුන් වෙනුවෙන් යමක් කරන්නට හැකි හැමෝම එකතු වෙමු..අපි දාඩිය මහන්සියෙන් හරිහම්බ කරගන්නා දෙයින් ටිකක් මෙවන් අසරණයින්ට පරිත්‍යාගය කරමු..ඒක අප හැමටම කල ගත හැකි ලොකුම ලොකු පිනක් වේවි..

දඹුල්ල ලංකා බැංකුවේ 72989622 කියන බැංකු ගිණුමට ඔයාගේ පුංචි මුදල එකතු කරන්න.ඒ කරන සත්කාර්‍යයට ඔයාගෙත් ඔයාලාගේ සහෘදයන් සැමටම පිං අත් වේ කියලා අපි මේ චූටි පුතාගේ අහිංසක හීන දිහා බලාගන කියනවා..බුල්ටෝ කඩේ අපි මේ වෙනුවෙන් පුළුවන් දෙයක් කරමු..අපි අපේ ශ්‍රී ලාංකික කම පෙන්වමු...

වැඩි විස්තර ගන්න

0718421897කියනු අංකයට කතා කරන්න හෝ 

ඩබ්ලිවු.පී.ධර්මරත්න මහතා
දිස්ත්‍රික් සමාජ සේවා නිළදාරී
දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය
මාතලේ

යන ලිපිනය‍ට අමතන්න

 ඔබ සැමට පිං !!! 

 දිවයින පුවත් පත.







බැරැක්කෙ


Tuesday, March 27, 2012

ප්ලාස්ටික් බෝතල්


වෙළඳ පලේ ඇති පිරිසිදු කළ ජලය අඩංගු ප්ලාස්ටික් බෝතල් නැවත නැවත භාවිත කිරීමෙන් මදසරුභාවය සහ පිළිකා ඇතිවිය හැකි බව පර්යේෂණවලින් හෙළි වී තිබේ. එම බෝතල් වෙළෙඳපොළෙන් මිලට ගෙන වරක් භාවිතයට ගැනීමෙන් පසු ඉවත් කළ යුතු බවත් එසේ නොමැතිව එම බෝතල් නැවත නැවත භාවිත කිරීමේදී අහිතකර රසායනිකයක් ජලයට මුදා හැරෙන බවත් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.
ජලය අඩංගු ප්ලාස්ටික් බෝතල් වෙළෙඳපොළේදී හෝ පෞද්ගලික භාවිතයේදී හිරු එළියට නිරාවරණ නොවන පරිදි ජලය අඩංගු ප්ලාස්ටික් බෝතල් ගබඩා කළ යුතු බවත් ඒවා ශීතකරණයේ තැබීම සුදුසු නොවන බවත් ඔවුන් ප‍්‍රකාශ කරයි. විකල්පයක් ලෙස අතීතයේදී මෙන් මැටි බදුන් හෝ වීදුරු බෝතල් භාවිත කිරීම සුදුසු බවද ඔවුන්ගේ අදහසයි.


Sunday, March 25, 2012

නිර්මලාට "හඬ" ලබාදීමට දායක වූ ඔබට ස්තුතියි!

පසුගිය 12 වනදා අප ලිපියක් පලකොට සිටියේ නිර්මලා වසන්ති කුමාරි නම් යුවතියට "හඬක්" ලබාදීමට අවශ්‍යය සැත්කමට අවශ්‍යය මුදල් එක් රැස්කිරීමට සුළු හෝ ආධාරයක් දෙන ලෙසයි. ඒ අනුව බොහෝ දෙනා අපව අමතා කියා සිටියේ නිර්මලාට ඔවුන් උපකාර කල බවයි.

මුද්‍රිත මාධ්‍යක් ලෙසින්ම මුලින්ම මෙම පුවත පලකලේ ඉරිදා දියින වන අතර ඉන් පසුව ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයද නිර්මලාට උදව්කිරීමට ඉදිරිපත්ව ඇත.

අප වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයෙන් එම ලිපියට ලෝකයේ දසත විසිරි සිටින අප පාඨකයන් හට ලබා දීමට සමත්වූ අතර එහි ප්‍රතිපලයක් වශයෙන් දවස් පහක් ඇතුලත සැත්කමට අවශ්‍යය මුදලුත් ලිපිය පලවී පළමු සති සම්පුර්ණ වන විට සැත්කමෙන් පසු වියදම සම්පුර්ණ කරගැනීමටත් හැකිවී තිබේ.

ඒ අනුව තවත් මුදල් එම ගිණුමට බැර කිරීම අවශ්‍ය නැති බව නිර්මලාගේ සොයුරිය විසින් අපට පැවසිය. නිර්මලා මේ දිනවල සිය සැත්කම සඳහා සුදානම් වන්නීය. ඇගේ හඬ නුදුරේම ඔබටත් ඇසීමට හැකිවනු ඇත.ඒ සඳහා දායක වූ ඔබ සැමට ස්තුතියි.





Read more: http://www.gossip9.com/2012/03/blog-post_25.html#ixzz1qBbQV2cT
 

Friday, March 23, 2012

ඇස ගැටෙනා

ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබෙ දෑසම මා සෙවූ තරම්
ඒ නෙතු කිසිදින මා සතු නොම බව
දැන දැන මා පෙම් කෙරූ තරම්
ඔබ නොදනී මුළු ලොවම දනී

ඔබෙ දෑස් මතින් මා පැතූ පැතුම්

ඔය නෙතු මගෙමයි පිරූ පිරුම්
ඒ පැතු පැතුමන් ඒ පිරු පිරුමන්
කඳුලැල්ලක් වී ගැලූතරම්
ඔබ නොදනී මුළු ලොවම දනී

ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා
ඔය නෙතු තුල මා සිතූ සිතුම්
බොදවූ සිතුවම් බිදුණු හසරැල්
සොවින් මා ඒ හෙලූ සුසුම්
ඔබ නොදනී මුළු ලොවම දනී




කොමා


කම්මැලී


අනේ තව ඉමුකො


අයර්න් කරමුද?


විකසිත පෙම්

විකසිත පෙම් පොකුරු පියුම්

ඔබේ පයට පොඩි වී ගියාදෙන්

පතිකුලයට අද මට පිටුපා යන

මගේ සොඳුරු ලඳුනේ


හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ

ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ

ආදර සැමරුම් ප්‍රේම පුරාණේ

ඔබට විරහ ගිනි නොගෙනේවා


තනිකම රජයන පාලු විමානේ

ගොම්මන් කලුවර හඬා වැටෙද්දී

ඔබ දිවි අරණේ රුවන් විජිතයේ

මැණික් පහන් වැට දැල්වේවා


ගායනය - ඩබ්. ඩී. අමරදේව 



මගේ අම්මට තිබුනේ එක ඇහැයි


මගේ අම්මට තිබුනේ එක ඇහැයි.මම ඇයට වෛර කලා,ඇය මට ලොකු හිසරදයක් වුනා. ඇය ජීවිකාව හැටියට කලේ මම ඉගෙන ගත්ත පාසලේ ආපනශාලාවට ආහාර සැපයීම,එය තමා තාත්තත් නැති අපේ පවුලට තිබුනු එකම ආදායම් මාර්ගය.


මම ප්‍රාථමික පන්ති වල ඉගෙන ගන්න කාලේ දවසක අම්මා මාව බලන්න මගේ පන්තියට ආවා.ඇය කොහොමද මට මෙහෙම අවමන් කරන්නේ?මට දැනුනේ ලොකු අපහසුවක්,මම ඇයව මගහැරියා. මම ඇයට රවලා ඉක්මනින් ඈතට දුවගෙන ගියා. එදා ඉදලා පන්තියේ යාලුවෝ මට අ...ම්මා ගැන කියලා විහිළු කරන්න පටන් ගත්තා,


"ඊඊයා....ඔයාලගේ අම්මට තියෙන්නේ එක ඇහැයි"


එදා ගෙදර ගියපු මම අම්මට බැන්නා


"පන්තියේ යාළුවන්ට මාව විහිළුවක් කරන්නද ඔයාට ඕනි? ඇයි ඔයා මැරිලාවත් යන්නේ නැත්තේ?"


අම්මා මට මොකුත් කිව්වේ නෑ. මම ඇයට එච්චර තදින් බැනවැදුනු එක ගැන මට කිසිම දුකක් දැනුනේ නෑ,මට ඒ තරමටම ඇයත් එක්ක තරහක් තිබුනා.


මට අවශ්‍ය වෙලා තිබුනේ කොහොම හරි ඇගෙන් වෙන් වෙලා මේ ගෙදරින් පිට වෙන්න.එහෙම කරන්න නම් මම හොදින් ඉගෙන ගන්න ඕනි බව තේරුන නිසා මම ගොඩක් මහන්සි වෙලා අධ්‍යාපන කටයුතු වල නිරත වුනා.


මගේ උත්සාහය සාර්ථක වුනා,මම මුහුන දුන්න හැම විභාගයකින්ම උසස් ලෙස සමත් වුනා,මට විදේශ විශ්ව විද්‍යාලයකින් උසස් අධ්‍යාපනය සදහා ශිෂ්‍යත්වයක් ලැබුනා. මම ගොඩක් සතුටින් මගේ අම්මගෙනුයි අපේ ගෙදරිනුයි වෙන් වෙලා විදේශ ගත වුනා.වසර ගණනකට පස්සේ නැවත පැමිනි මට රටේ නම ගිය ආයතනයක උසස් රැකියාවක් හිමි වුනා. මම මගේම කියලා නිවසක් තැනුවා. උසස් පවුලකින් විවාහයකුත් කර ගත්තා. අහන හැම දෙනාටම මම කිව්වේ මගේ අම්මයි තාත්තයි දෙන්නම මිය ගිහින් කියලා,මගේ බිරිද පවා දැනගෙන හිටියේ නෑ මගේ අම්මා ගැන...මම කවදාවත් අම්මව බලන්න ගියේ නෑ.


කාලයක් ගත වුනා,මේ වෙන කොට මම සුරතල් දරුවෝ දෙන්නෙකුගේ තාත්තා කෙනෙක්.
නිවාඩු දවසක අපි හමෝම ගෙදර ඉන්න වෙලාවේ ගෙදර සීනුව නාද වෙනවා ඇහිලා දොර ඇරලා බලනකොට හිටියේ මගේ අම්මා,ඇය පෙරටත් වඩා විරූපි වෙලා,ගොඩක් වැහැරිලා. ඇගේ විසුලු ස්වරූපය දුටු මගේ දරුවෝ දෙන්නා මහ හඩින් සිනා සෙන්න ගත්තා,ආරාධනාවක් නැතුවම මගේ නිවසට පැමිනීම ගැන මට ඇයත් එක්ක දැනුනේ ලොකු තරහක්,මම ඇයට හයියෙන් බැන වැදුනා.


"මොකද මගේ ගෙදරට ඇවිත් මගේ ළමයින්ව බය කරන්නේ? යනවා යන්න එලියට""


"අනේ මට සමා වෙන්න,මට ලිපිනය වරදින්න ඇති" කියලා හෙමීට කිව්ව අම්මා ඉක්මනින් යන්න ගියා.


කාලය ගෙවිලා ගියා. දවසක් මට ලිපියක් ලැබුනා,මම ඉගෙන ගත්ත පාසලේ පැවැත්වෙන සුහද හමුවක් ගැනයි ඒ ලිපියේ සදහන් වුනේ. පරණ යාළුවෝ මුනගැහෙන්න හොද අවස්ථාවක් නිසා එයට සහභාගී වෙන්න මම තීරණය කලත් ඒ ගැන බිරිදට ඇත්ත කිව්වේ නෑ. රාජකාරී කටයුත්තකට සහභාගී වෙන බව ඇයට කියලා නියමිත දිනයේදී මම ගමන පිටත් වුනා.


සුහද හමුව ගොඩක් විනෝදජනක එකක් වුනා,මගේ පරණ යාලුවෝ ගොඩ දෙනෙක්ව දකින්න ලැබුනේ වසර ගණනකට පස්සේ.සුහද හමුව අවසන් වෙලා ආයෙත් එන්න පිටත් වෙන්න කලින් අම්මා ජීවත් වෙන ගෙදරට ගියේ කුතුහලය නිසා.ඒත් ඒ ගෙදර වසා දමලයි තිබුනේ,මාව දැකපු අසල්වාසියෙක් මට කිව්වේ මගේ අම්මා සති ගණනකට කලින් මිය ගියා කියලයි.අම්මා වෙනුවෙන් මගේ ඇස් දෙකෙන් එකම කදුලු බිදුවක්වත් ඇද හැලුනේ නෑ.මට දුකක් දැනුනෙත් නෑ.


මම පරණ නිවසට සමුදීලා එන්න පිටත් වෙනකොට ඔවුන් මට ලිපියක් බාර දුන්නා,කවදාහරි මම ආවොත් දෙන්න කියලා අම්මා ඒ ලිපිය ඔවුන්ට දීලා තියෙන්නේ ඇය මිය යන්න දින ගණනකට කලින්.



මගේ ආදරණීය පුතා වෙත,
මට පුතාව හැම මොහොතෙම මතක් වුනා,මට පුතාව බලන්න ලොකු ආසාවක් තිබුනු නිසයි පුතාව බලන්න පුතාගේ අළුත් ගෙදරට ආවේ,මට සමාවෙන්න....පොඩි කාලේ ඉදලම මම පුතාට කරදරයක් වුන එක ගැනත් මට සමා වෙන්න..


පුතා දන්නවද,පුතා ගොඩක් පොඩි කාලේ සිද්ධවුන අනතුරක් නිසා පුතා ගොඩක් තුවාල වුනා,පුතාගේ එක ඇහැක් අයින් කරන්න වුනා. අම්මා කෙනෙක් හැටියට මගේ පුතා එක ඇහැක් එක්ක ලොකු වෙනවා දකින්න මම කැමති වුනේ නෑ,ඒ නිසා මම මගේ එක ඇහැක් පුතාට දුන්නා.


මට මගේ පුතා ගැන ගොඩක් ආඩම්බරයි. මට කවදාවත් දකින්න නොලැබෙන ලෝකයක් මම වෙනුවෙන් මගේ ඇහෙන් බලපු පුතා ගැන මට තියෙන්නේ කියා ගන්න බැරි තරම් සතුටක්.මම පුතාට ගොඩක් ආදරෙයි.


මීට පුතාගේ අම්මා


උපුටා ගැනීම : ලොවෙත් නෑ


උපහාරයක් වේවා!

 මව්බිම වෙනුවෙන් සහය පල කල බංග්ලාදේශය, චීනය, කොංගෝව, කියුබාව, ඉක්වදෝරය, ඉන්දුනීසියාව, ක්වෙයිට්, මාලදිවයින, මොරිටේනියා, පිලිපීනය, කටාර්, රුසියාව, සෞදි අරාබියාව, තායිලන්තය, උගන්ඩාව යන රටවල් වලට අපේ උපහාරය









Thursday, March 22, 2012

සියදිවි නසා ගන්නේ ඇයි ?


සියදිවි නසා ගන්නේ ඇයි?  

1. ආර්ථික පරිහානිය හා සමුර්ධියකදී
2. ප්රේම සබදතා බිද වැටීමකදී
3. මානසික රෝගී තත්වයන් තුලදී
4. වයස්ගථ භාවයකදි
5. තවත් අය වෙනුවෙන්
(ත්රස්තවාදීන්ගේ සියදිවි නසා ගැනීම් )
6. සමාජීය හුදකලභාවයකදී
7. ක්ෂණික කොපයකදී

ප්‍රේරේම සම්බන්දත බිද වැටීම පාසල් වියේ පටන් මැදි වයස් මට්ටම වන තෙක් ඇති වන තත්වය දර ගත නොහැකිව , සියදිවි නසා ගැනීම සිදු වේ . මෙම කරුණ සමාජයට වඩාත් අහිතකර ලෙස බලප ඇති බව , වර්තමාන කරුණු අද්යනයේදී පෙනී යන්නේ තමා විසින් සියදිවි හානි කර ගැනීමට පෙර , තව කීප දෙනෙකුගේම ජිවිත හානි කර අපරාධ රාශියකට මුල පුරමින් , සිදු කරන ලද ක්රියාවන්ය . මෙම තත්වය අද වන විට සමාජයට අහිතකර ලෙස බලපාන බව පෙනී යයි .

මානසික රෝගී තත්වයන්හිදීද පුද්ගලයින් සියදිවි නසා ගැනීමට පෙළඹේ . මෙහිදී එම පුද්ගලයා එම ක්රියාවේ වගකීම නොදරන අතර මියයන තෙක් අරමුණක් හෝ වෙනත් ක්රියාවක් මෙම සන්සිද්දියට අදාල නොකරමින් , සියදිවි හානි කර ගනී . මෙවැනි පුද්ගලයින් හදුනා ගෙන ඔවුන් බලා ගැනීම සමාජීය වගකීමයි .

වයස්ගත භාවයද හේතු කොට ගෙනද පුද්ගලයින් සියදිවි නසා ගැනීමට පෙළඹේ . මෙහිදී පුද්ගලයා සමාජීය හුදකලභාවයට පත් වන අතර එය හේතු කොට ගෙන ඇති වන කලකිරීම තුලින්ද , ඔවුන්ට වැළදෙන අසනීප සුව නොවීමේ වේදනාව දරා ගත නොහැකිවද වයස්ගත වුවන් සියදිවි නසා ගැනීමට හේතු වී ඇත . මෙම පුද්ගලයින් බලා ගැනීමද සමාජීය වගකීම වේ .

මෙයට අමතරව ක්ෂණික කෝපයද මෙයට හේතු කාරක වේ . පුද්ගලයින් තුල හට ගන්න මානසික අර්බුදයන් විසදා ගැනීමට යාමේදී පාර්ශවයන් දෙකකදී ඇති වූ ගැටුම් හේතුවෙන් පාලනය කර ගත නොහැකි ආවේගයන් මත යම් අපරාධයක් සිදු කරමින් , සියදිවි නසා ගැනීම මේ තුලින් සිදු වේ 

මේ මොහොත වන විටත් කොතනකදී හෝ සියදිවි නසා ගැනීමක් සිදුව ඇත.



මී උණ


රෝග කාරකය
ලෙප්ටොස්පයිරා නැමැති බැක්ටීරියාව මගින් මී උණ සෑදේ. මෙම බැක්ටීරියාව මීයන්, ඌරු මීයන්, 
මී හරකුන්, ගවයින්, බල්ලන් වැනි සතුන්ගේ වකුගඩු තුළ සොයා ගත හැක. 
වකුගඩු අක්‍රීය වීම, හෘදය අක්‍රීය වීම, මොළයේ පටක ආසාදනය විම, රුධිර වහනය, කලාතුරකින් අක්මාව අක්‍රීය වීම.
මී උණ රෝගය වැළදුණු රේගීන්ගෙන් 5 - 30% ක් පමණ මිය යයි.

රෝග ලක්ෂණ
  • උණ
  • හිසරදය
  • අප්‍රාණිනික බව
  • මස් පිඬු වල තද බල වේදනාව
  • වමනය
  • කැස්ස
  • ඇස් තද රතු පැහැවීම
  • ඇස් කහ වීමමූත්‍රා යාම අඩුවීම හෝ තද කහ පැහැති මූත්‍රා හෝ මූත්‍රා සමග ලේ පිටවීම සමහර රෝගීන් කලාතුරකින් රෝග ලක්ෂණ නොපෙන්වයි.
ප්‍රතිකාර
රෝග ලක්ෂණ මතු වු විට වෛද්‍ය ප්රඅතිකාර පැතිය යුතුය.  විශේෂයෙන් කුඹුරු හෝ වෙල් වල ගැවසීමක් සිදු වුවහොත් එය මී උණ යැයි සැක කර ප්‍රතිජීවක ඖෂධ ලබාදීම රෝහල් තුළදී සිදුකෙරේ.
වැඩිපුර දියර වර්ග පානය කිරීම හා විවේක ගැනීම අත්‍යවශ්‍යය. වකුගඩු අක්‍රීය වු විට යන්ත්‍ර මගින් රුධිරය පෙරීමක් සිදු කළ යුතුයි.

වළක්වා ගැනීම.
  • කුඹුරු අවට ඇති පරිසරය පිරිසිදුව තබාගන්න.
  • වගාබිම් සැකසීමේදී අත් හා පා ආවරන පළදින්න.
  • ජලය රුදුණු ස්ථාන වල ජලය බැස යාමට සලස්වන්න.
  • කුඹුරු වලට හා ජලය රැදුණු තැන්වලට අනවශ්‍ය ලෙස බැසීමෙන්, නෑමෙන්, අත් පා සේදීමෙන් වළකින්න.
  • ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා හෝ මහජන සෞඛ්‍ය පරික්ෂක හමු වී වැඩිදුර උපදෙස් ලබාගන්න.
  • උණු කර නිවා ගත් ජලය පානය කරන්න.  වෙල් හෝ දියකඩිති වල ඇති බැස නොයන ජලය බීමෙන් වලකින්න.
  • ගංවතුර ඇති තැන් වල ඇවිදීමෙන් වළකින්න.


Wednesday, March 21, 2012

පීනස



පීනස විවිධාකාරය , ඒ අතර දිය පීනස , හොටු පීනස, ගඳ පීනස, ලේ පීනස, අරමන පීනස හඳුන්වා දිය හැකිය. පීනස පටන්ගන්නේ සෙම්ප‍්‍රතිශ්‍යාවෙනි. සෙම්ප‍්‍රතිශ්‍යාව වැළඳීමෙන් මුල් අවස්ථාවේදීම නෑම, සිසිල් බීම පානය කිරීම නිසා බොහෝ විට පිනස ඇතිවිය හැක.මීට අමතරව රබර් මිශ‍්‍ර ගුදිරිවල නිදා ගැනීම නිසා ද පීනස ඇති විය හැක. රබර් මිශ‍්‍ර ගුදිරියෙන් කලක් යද්දී සිහින් දූවිලි කුඩු බිමට වැටේ. විදුලි පංකාවකින් හෝ සුළඟින් ඇවිස්සී හුස්ම ගන්නා විට දූවිලි නාසයෙන් ශරීරයට ඇතුළු වේ. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් නාසයෙන් සොටු දියර ගැලීම උදෑසන කැස්ස හා හිසරදය යන මේවා ඇතිවේ.
නාසයෙන් පිටවන්නා වූ අවර්ණ වූ දියරය දිය පීනස ලෙස හඳුන්වා දිය හැකිය. නාසයෙන් දූවිලි කොටස් ඇතුළු වීම හේතු කොට ගෙන දිය පීනස ඇතිවේ. පීනස වැළදීමෙන් නාසය හිරවීම නිසා මුඛයෙන් හුස්ම ගැනීමට සිදුවේ. මේ තත්ත්වය නොසලකා සිටීමෙන් නාසය ඇතුළේ පවතින සිවි කොටස් හා සම්බන්ධ සියුම් ලේ නල පිපිරේ. එවිට නාසයෙන් ලේ ගලන්නට පටන් ගනී. මේ ලේ පීනසයි.නාසය ඇතුළේ සිවි කොටස් ඉදිමී නාසයේ සිවිය මහත් වීමෙන් මස් දලු හට ගනී. මේ මස් දලු නාසයේ පෙනෙන්නට හෝ නොපෙනෙන්නට තිබිය හැක. මේ මස් දලු ආශි‍්‍රතව දරුණු ලෙස පීඩා සිදුවුවහොත් නාසයෙන් ලේ ගැලීම, කැස්ස යන යන මේවා හට ගනී. අරමණ පීනස නමින් හඳුන්වා දෙන්නේ මෙයයි. කසේ වුවද පීනසයේ මේ සෑම අවස්ථාවකටම බලපානු ලබන්නේ සෙම්ප‍්‍රතිශ්‍යාවයි. සෙම්ප‍්‍රතිශ්‍යාවට නිවැරදි ප‍්‍රතිකාර කිරීමෙන් පීනස ඇතිවීම මග හරවා ගත හැකි එසේ නොවුණහොත් පීනස උත්සන්න වී ඇඳුම ඇතිවිය හැක.

පීනස පාලනය කිරීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් තිබීම වැදගත්ය. ඒ සඳහා පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීම සහ දිනපතා ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය වේ. තමන් සැමදා උදෑසන ව්‍යායාම කරන කාලයේ තමන්ට පීනස නොතිබුණු බවත්, ව්‍යායාම කිරීම අත්හිටවූ විට පීනස මතුවූ බවත් බොහෝ දෙනෙකු පවසන කරුණකි. එයින් හැඟෙන්නේ පීනස මතුවීම පාලනය කිරීම සඳහා ශාරීරික ව්‍යායාම ඉතා අවශ්‍ය බවය.

පීනස රෝගයේ අතුරු ආබාධයකි කෝඨරක ප්‍රදාහය (Sinusitis). සෑම පුද්ගලයකුගේම හිස් කබලේ දෙපැත්තේ කෝඨරක පිහිටිය ද සෑම අයකුගේම ඒවා ආසාදනය නොවේ. පීනස ඇති රෝගීන්ගේ කෝඨරක ආසාදන වීමේ ඉඩකඩ වැඩිය. කෝඨරක යනු වායුව පිරි කුහරයන්ය. ඒවා තුළ සෙම එකතු වී පසුව ඒවා බැක්ටීරියා මඟින් ආසාදනය වී එම සෙම පැසවයි.

පසුව එම සෙම නාසයෙන් ගලා එයි. සෙම්ප්‍රතිශ්‍යාව නැතිව නාසයෙන් පැසවූ කහපාට සෙම ගලා ඒමය, කෝඨරක ප්‍රදාහයේ ස්වභාවය. කෝඨරක ප්‍රදාහය මුල් අවස්ථාවේ හඳුනා ගත් විට ඒ සඳහා සරල ප්‍රතිකාර තිබේ. එහිදී ප්‍රතිජීවක ඖෂධ ලබා දේ. ඖෂධ වලට අමතරව නාසය නිසා අවට ප්‍රදේශයට හුමාලය ඇල්ලීම ඉතා සුදුසුය. කෝඨරක ප්‍රදාහයට නිසි ප්‍රතිකාර නොලැබුණහොත් ආසාදනය ඇසට පැතිරීමට ඉඩ තිබේ. එමෙන්ම කපාල කුහරයට ආසාදනය පැතිර යාමෙන් මෙනින්ජි ප්‍රදාහය මොළයේ ගෙඩි ආදිය ද ඇතිවීමේ අවදානමක් ද ඇති විය හැකිය.