තරු සිත්තම

a

Sunday, August 18, 2013

993 ලංගම බසයෙන් උතුම් ක්‍රියාවක්

    දිනය 2013 අගෝස්තු මස 17 එනම් අදය. වෙලාව රාත්‍රී 7.30 ට පමණය. මාර්ග අංක 993 යටතේ මහරගම සිට මාලබේ දක්වා ගමන් කරමින් තිබුණු මහරගම ඩිපෝවේ 63-3191 බස් රථයයි. බසයේ සිට මගියෙකුට හදිස්සියේ හෘදය ආබධයක් වැළඳුනි. ඒ වන විට බසය විද්‍යාල හන්දිය ප්‍රදේශයට ලඟා වී තිබුණි. විගසින් බසයෙන් බැසගත් රියදුරු හා කොන්දොස්තර මහත්වරු ත්‍රිරෝද රථ කරුවන් කරා දිවගියේ රෝගියා ආසන්නම හෝමාගම රෝහලට ඇතුල් කරවීමේ අරමුණෙනි. එහෙත් ත්‍රිරෝද රථ කරුවන් ගෙන් ලැබුණු ප්‍රතිචාර නම් යහපත් ඒවා නොවීය. අනෙක් මගීන් මාලබේ වෙත ගෙනයෑමේ වගකීමද ඔවුන් සතුය. කෙසේ වෙතත් ඊට පසු ධාවන වාරයට නියමිත පුද්ගලික බස් රථය ඒ වන විට විද්‍යාල හන්දිය දෙසට ඇදෙමින් තිබුණි. විනාඩි කීපයකින් බසය විද්‍යාල හන්දියට ලඟා විය. විගසින් තම බසයේ සිටි පිරිස පුද්ගලික බස් රථයට නැංවූ රියදුරු හා කොන්දොස්තර මහත්වරු, අසරණ රෝගියාද රැගෙන හෝමාගම රෝහල වෙත යාමට තීරණය කළේය. හැකි උපරිම වේගයෙන් පියඹා ගොස් රෝගියා හෝමාගම රෝහල වෙත ඇතුල් කරවීමට ඔවුන් දෙපලට හැකි විය.

     රෝගියාට රෝහලේදී මූලික ප්‍රතිකාර ඉක්මනින්ම ලබාදී ඇත. ඒ වන විටද රෝගියා ජීවිත අවධානමකට ලක්ව සිට ඇත. ලංගම බසයේ සේවක දෙපල ගේ මේ උතුම් ක්‍රියාව නිසා ඒ අසරණ රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට හැකිව තිබේ. මේ උතුම් ක්‍රියාව රෝහලේ වෛද්‍ය වරු ඇතුළු කාර්යමණ්ඩලයේද දැඩි පැසසුමට ලක්ව තිබේ.

මෙවන් උතුම් සේවකයන් නිසා රටේ ජනතාව තම ජාතික ප්‍රවාහන සේවය පිලිබඳ දක්වන ගෞරවාදරය තව තවත් වැඩි වනු ඇත.

මෙම උතුම් ක්‍රියාව සිදු කල මහරගම ඩිපෝවේ රියදුරු සමන් කුමාර මහතාට සහ කොන්දොස්තර ඩබ්. ජී. එරංග යන මහත්වරුන්ට 
තරු සිත්තම  උපහාරය.!

උපුටා ගැනීම:-https://www.facebook.com/photo.php?fbid=705156109511044&set=a.483073658385958.129367.452833411409983&type=1&relevant_count=1

Friday, July 5, 2013

පවුලේ තිදෙනාම අනතුරින් අසරණ වෙති කකුලක් නැතිව කොහොමද පාසල් යන්නේ

”අනේ, මම ඉස්කෝලේ යන්න ආසයි. ඒත් කකුලක් නැතුව මම කොහොමද ඉස්කෝලේ යන්නේ ? උදේට ඉස්කෝලේ යන යාළුවො දිහා මම ජනේලයෙන් බලාගෙන ඉන්නවා. මට කෘත්‍රිම පාදයක් අරගෙන දෙන්න තාත්තට සල්ලි නැහැ. අපිට කවුරු හරි උදවු කරනවා නම් මට ආයිත් ඉස්කෝලෙ යන්න පුළුවන්”
තවත් අසරණ පවුලකට පිහිටට ගොස් ආපසු එන අතරමඟදී පැමිණි ත‍්‍රී රෝද රිය අනතුරකට ලක්වීමෙන් අත් පා කැඞී ගිය අට හැවිරිදි දැරියකගේ සහ ඇයගේ මව්-පිය දෙපළගේ මෙම කතාව එකම ශෝකාන්තයකි.
අට හැවිරිදි ලේචනා බාසුරි දියණිය ඉංගිරිය ශ‍්‍රී සුමනජෝති විදුහලේ 3 වසරේ ඉගෙන ගනිමින් සිටියාය. රිය අනතුර නිසා ඇගේ දකුණු කකුල දණහිස ළඟින් කපා ඉවත්කර ඇත. වම් අත සහ වම් කකුලද බීදී ගිය නමුත් වෙදකම්වලින් අතත් වම් පාදයත් සුව වී ඇත. ඉකුත් අප‍්‍රියෙල් 21දා මෙම අනතුර සිදුවූ දා පටන් ඇගේ පාසල් ගමන නතර වී ඇත්තේ ඇයට කෘත්‍රිම පාදයක් සැපයීමට තරම් වත්පොහොසත්කමක් ඇගේ පියාට නොමැති නිසාවෙනි.
බාසුරි දියණියගේ මව 34 හැවිරිදි දුලීකා දමයන්තිගේද දකුණු කකුල කපා ඉවත්කර ඇත. අතර ඇගේ දකුණු අත මැණික් කටුව ලඟින්  බීදී ගිය නමුත් දැන් ඇය සුවය ලබා සිටින්නීය.
විදුලි කාර්මිකයෙකු ලෙස රැකියාව කළ බාසුරිගේ පියා වන එන්.ඩබ්ලිව්.එම්. චන්ද්‍රිසිරිගේද වම් අත ඇඹරී කැඞී ගොස් වෙදකම් වලින් සුවය ලබා සිටියද ඔහුට යළි කවදාවත් රැකියාවක් කළ හැකිවේදැයි කිව නොහැකිය.
”දුවව ප‍්‍රතිකාර සඳහා තවමත් බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලට ගෙන යනවා. බිරිය දවසක් ඇර දවසක් හොරණ රෝහලට ගෙනියන්න  ඕනෑ. මගේ අතත් කැඩිලා. රස්සාව කරගන්න බැහැ. මේ වගේ විපතක් කිසිම කෙනෙකුට වෙන්න එපා” ඒ චන්ද්‍රසිරි පැවසූ කතාවයි.
”මම කිහිලි කරුවකින් ඇවිදලා දරුවන්ගේ රාජකාරි කොහොමහරි කරනවා. දරුවට කෘත්‍රිම පාදයක් නැතුව සිටියදී මම කොහොමද මටත් කෘත්‍රිම පාදයක් ඉල්ලන්නේ ? කෘත්‍රිම පාදයකින් හරි ඉස්කෝලෙ ගිහින් දුවට ඉගෙනගන්න ලැබුණොත් මට ඒ ඇති” ඒ බාසුරිගේ මව පැවසූ වදන්ය.
මෙම දියණියගේ කෘත්‍රිම පාදය සඳහා රුපියල් 1,28,500ක් සහ බිරියගේ කෘත්‍රිම පාදය සඳහා රුපියල් 2,53,000ක් වැයවන බව පවසන චන්ද්‍රසිරි එය තමාට තවමත් සැබෑ නොවෙන සිහිනයක් පමණකැයි පැවසුවේ දැරිය දෙස දුක්මුසු ලෙස බලමිනි.
මෙම අසරණ පවුලට පිහිටක් විය හැකි නම් දුරකතන අංක 075-2505898 ඇමතීමෙන් හෝ ඉංගිරිය මහජන බැංකුවේ එන්.ඩබ්ලිව්.එම්.චන්ද්‍රසිරි නමින් ඇති 300-2-001-6-0031250 ගිණුමට පරිත්‍යාගය බැර කිරීමෙන් හෝ දැරියට සහ මවට කෘතිම පාද සැපයීමෙන් ඔබට මෙම පවුලට උදවු කළ හැකිය.
 ඔවුන්ගේ ලිපිනය 100/බී, මීරම, දිවුල්පොත, ඉංගිරියයි.

Wednesday, June 26, 2013

සොඳුරිය මට නොකියාම ගියා..!

දවසක් සන්ගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය පළක
ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි...යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා
කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ නැහැ. පුලුවන් කමක්
තියෙනවානම් ඕක කියන්න" ය කියල... සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවල අහනවා "ඇයි මේ වගෙ
දෙයක් ලියන්න හේතුව" කියල. පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...

මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්. ජීවිතෙ
මොන ප්‍රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය පාර්ශවයෙන් මේ
දෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ තරුණියට සම්බන්ධය නවත්තන්න
වෙනවා...

ප්‍රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න ඇයට
බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ ජීවත් වෙන්න
ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..!

මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක් තිබිලා
නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු ඒ වෙලාවෙ
අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ කතාකරන්නේ කාලයක්
තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේ ඉස්සරහ සුදු කොඩි..! තරුණයාට මතක්
වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය
ඤාතියාට ගෞරව කරන්න...

ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව දක්වන්න
වෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට.ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය තමයි මේ විදියට
ගීතවත් වෙන්නෙ...
·
එදා මෙදාතුර කඳුලට විවරවූ
දෑස් පියන්පත් කවුළු වසා

ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා...

මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...

දැස් කවුළු පත් පලා කඳුළු කැට
වැහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්...

ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත්නොවේමැයි ඒ සුවඳින්...

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලොකය හෙටත් තියේ....

ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ

උපුටා ගැනීම:-Mage Jeewithema oba nam (මගේ ජිවිතේම ඔබ නම්)

Thursday, June 13, 2013

බිරින්දෑවරු හතර දෙනා...

ඔන්න එක රටක බොහොම පොහොසත් වෙළෙන්දෙකුට බිරින්දෑවරුන් හතරදෙනෙක් හිටියා. ඔහු එයාල හතර දෙනාට සැලකුවේ ප්‍රමාණයෙන් වෙනසු වූ හැඳි කීපයකින්. . 
එයා හතර වන බිරිඳට තමයි වැඩියෙන්ම ආදරය කලේ. එයා ගැන හොඳට සොයාබැලූ අතර සෑම හොඳ දෙයක්ම අරන් දුන්නා. 

දෙවන තැන ලැබුනේ තුන්වන බිරිඳට. එයාව හැමකෙනාටම පෙන්වන්න එයා වඩා කැමති වුනා. නමුත් ඇය වෙනත් අයෙකු හා යයි කියා පොඩි බයකුත් තිබුනා.
. තුන්වන තැන ලැබුනේ දෙවන බිරිඳට. ඇය ඔහුට බොහෝ සෙයින් මිත්‍රශීලී වුනා. ඔහුට යම් කරදරයක් වූ විට ඔහු කෙලින්ම ගියේ ඇය වෙත.
.
අවසාන තැන ලැබුනේ පළමු බිරිඳට. ඔහු ඇය ගැන ඒ තරම් තැකීමක් නොකල නමුත් ඇය ඔහුට බොහෝ සෙයින් ආදරය කලා.
.
දවසක් මේ වෙළෙන්දා හොඳටම ලෙඩ වුනා. ඔහුට හිතුන දැන් ඔහු මැරෙන්නයි යන්නෙ කියලා.
.
ඔහු ඔහුගේ හතර වන බිරිය අමතා මෙසේ ඇහුවා. “මම ඔයාට හැමදේම ලබා දුන්නා. මම යන ගමන යන්න මමත් එක්ක එනවද?”. “කොහෙත්ටම බැහැ” ඇය කීවේ එපමනයි.
.
එයින් සිත රිදවාගත් ඔහු තුන්වන බිරිය අමතා මෙසේ ඇසුවේය “මම ඔබව මම යන යන තැන එක්කන් ගියා.
මමත් එක්ක මේ ගමන යන්න එනවද?” තුන්වන බිරිය පැවසුවේ “නැහැ මට බැහැ, ඔයා මැරුනම මම වෙනත් කෙනෙක් වෙත යනවා.” යනුවෙනි.
.
එයින් ඔහුගේ හදවත නැවතීමටද ගිය අතර නැවතත් දෙවන බිරිඳගෙන් මෙසේ ඇසීය. “මට දුකක් කරදරයක් වෙන සෑම වෙලාවකම ඔබ මගේ ලඟ හිටියා. මින් ඉදිරියටත් එහෙම ඉන්නවද?” “මට කරන්න පුළුවන් උපරිම දේ තමයි ඔබව මිනී වලට ගෙනිහින් දාන කල්ම ඔබ ලඟ ඉන්න එක.”
.
මෙම පිළිතුරෙන් ඔහුගේ සිත මුළුමනින්ම ඇද වැටුනි.
.
එක්වරම තවත් කටහඬක් අවදිවූ අතර ඔහු ඔලුව ඔසවා බැලූ විට ඔහු ඉදිරියේ සිටියේ පළමු බිරිඳයි. ඇය ඔහුට මෙසේ කීය. “ඔබ කොහේ ගියත් මම ඔයත් එක්ක එනවා.”
.
“මට ඔයාගැන මීට වඩා හිතන්න තිබුනා.” යයි පවසමින් වෙළෙන්දා මිය ගියා.
.
දැනමුතුකම:-
.
ඔබ දන්නවද අපි සෑම කෙනාටම මෙවැනි බිරින්දෑවරුන් හතරදෙනෙක් ඉන්න බව.
.
01 – හතරවන බිරිඳ වන්නේ අපගේ ශරීරයයි.
අපි එයට කොපමන සැලකුවක් මැරෙන මොහොතේ එය අප හැර යනවා.
.
02 – තුන්වන බිරිඳ වන්නේ ජීවිත කාලය තුල රැස් කරගත් ධනය හා තත්වයයි.
එය අප මැරෙන විට අප දමා ගොස් වෙන අයෙකු වෙත යයි.
.
03 – දෙවන බිරිඳ වන්නේ අපගේ නෑදෑයන් සහෝදරයින් සහ යහළුවන්ය.
ඔවුන් අප මියගිය පසු වල වෙත යන තෙක්ම අප හා සිටියි.
.
04 – පළමු බිරිඳ වන්නේ අපගේ සිතයි.
අප කෙදිනක හෝ නිර්වාණය සාක්ෂාත් කරගන්නා තෙක් සිත අප සමඟ සිටියි.

Wednesday, June 12, 2013

ධම්මවිචය සම්බොජ්ඣංගය…

ඊළඟට ධම්මවිචය සම්බොජ්ඣංගය. ධම්මවිචය කියල කිව්වෙ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම කරුණු සම්බන්ධයෙන් අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්, දුක් දේ දුක් වශයෙන්, අනාත්ම දේ අනාත්ම වශයෙන්, හේතු ඵල වශයෙන්, හේතු නැතිවීමෙන් ඵල නැතිවී යන ධර්මතාව මේ ඔක්කොම නුවණින් විමස විමස බලනකොට, ඔබ තුළ ඇතිවෙනවා ධම්මවිචය. එතකොට මේ ධම්මවිචය ඇතිවෙන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධය ඉලක්ක කරගෙනයි. චතුරාර්ය සත්‍යය අවබෝධයට උපකාර වශයෙන් ධම්මවිචය සම්බොජ්ඣංගය ඔබ තුළ වැඩෙනව.

බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත‍්‍රයේදී විස්තර කරන්නේ, (සන්තං වා අජ්ඣත්තං ධම්මවිචය සම්බොජ්ඣංගං අත්ථි මේ අජ්ඣත්තං ධම්මවිචය සම්බොජ්ඣංගෝති පජානාති) තමන් තුළ මේ චතුරාර්ය සත්‍යය අවබෝධයට අංගයක් වශයෙන් ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩෙනවා කියල දන්නව නම්, තමන් තුළ ධම්මවිචය සම්බොජ්ඣංගය තියෙනවා කියල දැනගන්නවා. එතකොට බලන්න සිහිය කියන එක කොච්චර සියුම් විදිහට දියුණු කරන්නට පුළුවන් එකක්ද?

තමන් තුළ චතුරාර්ය සත්‍යය ධර්මයේ අවබෝධයක් විදිහට ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩිල නැත්නම්, ඒකත් දන්නව. එහෙනම් එයා කරන්නේ තවදුරටත් ධම්මවිචය සම්බොජ්ඣංගය වැඞීම පිණිස නුවණින් විමසනවා. චතුරාර්ය සත්‍යය අවබෝධය ඉලක්ක කරගෙන.

posy by:-
Darshana Manamperuma
By: Mahamevnawa - Madawala ulpatha

Monday, June 10, 2013

පෙට්‍රල් කට උතුරන්න ගහන එක හොදයිද ?

1. Full Tank ගහන එක හොදයිද ?

හැමෝම දැකලා ඇති ඉන්ධනහල් වලට ගියාම සමහරු වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්‍රල් ගහනවා..
අපි හැමෝම දන්න දෙයක් දමයි පෙට්‍රල් ඉතා ඉක්මනින් වාෂ්ප වෙනවා කියන එක. ඉතිං ඕනම ද්‍රව්‍යයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා.
පරිමාව වැඩි වෙනකොට ටැංකිය තුල පීඩනය වැඩි වෙනවා . අධික උෂ්ණ දේශගුනික තත්ව වලදී ආරක්ෂාකාරී තත්වයක් නෙමෙයි මේ. මේක ඉතිං හැමෝම දන්න දෙයක්නෙ..
මීට අමතරවව Full Tank පෙට්‍රල් ගැසීමේ අවාසි තමයි මේ...
පෙට්‍රල් ගහනවිට උපරිම මට්ටමට පැමිනීමෙන් පසු ස්වංක්‍රීයව නවතින ක්‍රමයක් තියන බව අපි හැමෝම දන්නවා.
මෙතනදී වැඩිපුර පැමිණි පෙට්‍රල් ප්‍රමාණයට නැවත හරවා යවන නලය ඔස්සෙ නැවත භූගත ඉන්ධන ගබඩාවට යනවා. නමුත් මතක තබාගන්න මේ ඉන්ධන දැනටමත් ප්‍රධාන මීටරය හරහා ගොස් අවසන්ය..
එනම් ඔබ මේ ඉන්ධන සදහා මුදල් ගෙවා ඇත. ඇත්තටම ඔබ නොදැනුවත්වම ඉන්ධනහල් හිමිකරුට ඉන්ධන වලින්ම ආධාර කර ඇත.

2. තෙල් ගහන්න වෙලාවක් තියනවද ?

හැකිතාක් උදේ වරුවෙ තෙල් ගහන්න. මොකද උදේ වරුවට පොලොව රත්වී නොමැති නිසා භුගත ගබඩා වල පවතින් ඉන්ධන වල ඝනත්වය නියම මට්ටමේ පවතී.. නමුත් උෂ්නත්වය වැඩිවීමටත් සමග ද්‍රව ප්‍රසාරනය නිසා ඔබට ලැබෙන්නේ සැබෑම ලීටරයක් නොවේ..
අඩු ඝනත්වය නිසා ඔබට ලීටරයක් මිලට ලැබෙන්නේ ලීටරයකට අඩු ඉන්ධන ප්‍රමාණයකි.

3. ඉක්මනට තෙල් ටික ගහමුද ?

හැමෝම හොදින් දැකලා ඇති ඉන්ධන සපයන කරාමයේ ඉන්ධන මුදාහරින වේගය පාලනය කරන්න පුලුවන්. නැවත මතක් කර ගත්තොතින් පෙට්‍රල් කියන්නෙ ඉතා ඉක්මනින් වාෂ්ප වන දුවයක් කියන එක ඔයාලටම තේරේවි ඉන්ධන මුදා හරින වේගය වැඩි වෙනකොට වාෂ්ප බවට පත්වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩී..
ඔබ වේගයෙන් පෙට්‍රල් මුදාහරින විට මුදල් ගෙවන ලද පෙට්‍රල් වලින් ප්‍රමාඉණයක් ඔබට නොදැනීම වායුගොලයට එක්වී හමාරය.
හැකි තරම් සෙමින් ඉන්න මුදාහැරීම සුදුසුය..

4. බවුසරයෙන් ආපු අලුත්ම තෙල් ගහමුද ?

ඕනෑම ඉන්ධනහලක ගබඩා කරලා තියෙන්නෙ භූගත ටැංකි වලය. ඔය ටැංකි වලට බවුසර වලින් ඉන්ධන ගෙනත් පුරවනවත් දැකලා ඇතිනෙ..
හෙන්න මේ වගේ අවස්ථාවක ඉන්ධනහලට ගියොත් ඉන්ධන නොගසන එක තමයි වඩාත් හොද. මොකද ඉන්ධන ටැංකි වලට පිරවීමේදී ටැංකි වල තැන්පත්ව ඇති කුණුරොඩු කැළඹීමට පත්වෙනවා. මේ වගේ වෙලාවක ඉන්ධන ලබාගත්තොත් ඔබටත් නොමිලේම මේ කුණුරොඩු ඔබේ ඇන්ඩිමටද ලබාගැනීමට හැකියාවක් තියනවා..

Thursday, June 6, 2013

ගමන් කරන පාෂාණ

     "Sailling Stone" හෙවත් ගමන් කරන පාෂාණ ලෙසින් හැදින්වෙන භූ විද්‍යාත්මික සංසිද්ධියෙන් දැක්වෙන්නෙ කිසිදු මනුෂ්‍යවයෙකුගේ හෝ සත්වයකුගෙ මැදිහත් වීමකින් තොරව ඉතාමත් සිනිදු කාන්තාර නිම්න දිගේ ගමන් කරන අභිරහස් පාෂාණ විශේෂයයිකි. මෙම ගමන් කරන පෂාණ අපට දකින්නට ලැබෙන්නෙ Racetrack Playa වල Death Valley නම් නිම්න ප්‍රදේශ තුලදිය.
ඉතාමත් සෙමින් ගමන් කරන මෙම පෂාණ බොහෝ විට වසර 03 ක් වැනි කාලයක් එක දිගට ගමන් කරන අතර සමහර පාෂාණ මීට වඩා වැඩි කාලයක් ගමන් කරයි.මේවායේ ගමන් මාර්ග ඉතාමත් සෘජු සරල රේඛාවක් වේ. යම් කිසි කාලයක් ගත වූ විට සමහර පාෂාණ හිටි හැටියේම ගමන් මාර්ගය වෙනස් කරන අතර එලෙසින් ගමන් මාර්ගය නෙකස් වන්නෙ හරියටම අංශක 90 කිනි.
මෙම පාෂාණ ගමන් කිරීමට කිසිදු මනුෂ්‍යෙයකුගේ හො සත්වයකුගේ බලපෑමකින් නොවන බව මේ වන විට තහවුරැ වී ඇති අතර විද්‍යාඥයින් සොයා ගත් නවතම මතයක් වන්නේ මෙම නිම්න වලට වර්ෂාව ලැබෙන විට මේවා ජලයෙන් පිරී යන හෙයින් පෘෂ්ඨය මත ඇති වන අයිස් මිශ්‍ර ලුණූ ගතියට මෙම පාෂාණ ගමන් කරන බවයි.වර්ෂාව පායන කාලයට ජලය සම්පූර්නයෙන්ම වාෂ්ප වන නිසා එම පාෂාණ ගිය මාර්ගය දිස්වන්නට පටන් ගනියි.ඉතා කුඩා ආදර්ශ මගින් විද්‍යාඥයින් තහවුරැ කර ගැනීමට හැකි වී ඇති නමුත් මෙතරම් සමතල පෘෂ්ථයක රාත්තල් 700 යට අධික බරෙන් යුත් විශාල පාෂාණ මෙතරම් දුරක් සරළ රේඛීයව ගමන් කරන ආකාරය පහදා දීමට හැකියාවක් ලැබී නැත.මේ නිසා විද්‍යාවට සම්පූර්ණයෙන්ම පැහැදිළි කර ගැනීමට නොහැකි වූ අස්වාභාවික සංසිද්ධියක් බවට පත්ව ඇත.

උපුටා ගැනීමකි

කාන්දම් දුම්රිය

   කාන්දම් බලයෙන් ධාවනය වන දුම්රියක් පසුගියදා ජපානයේදී සාර්ථකව අත්හදා බැලිණි.‘‘මැග්ලෙව්‘‘ නමින් හැදින්වෙන මේ දුම්රියට පැයට සැතපුම් 311 ක පමණ වේගයක් අත්කර ගතහැකි බව සදහන්ය.මේ වර්ගයට අයත් දුම්රියයන් ජපාන දුම්රිය සේවාවන්ට හදුන්වාදීමෙන් දැනට දුම්රිය ගමන් වලට වැය වන කාලය හරි අඩකින් පමණ අඩු කර ගත හැකිවේයැයි ජපාන බළධාරීන් කියයි.
   මෙහි ඇති විශේෂත්වය වනුයේ දුම්රිය පීල්ල හා දුම්රිය අතර කිසිදු සබඳතාවක් නොමැති වීමයි.දුම්රිය පීල්ල මත ‘‘පාවෙන‘‘ අතර ඒ සදහා දුම්රියෙත්,පීල්ලේත් සවිකර ඇති විශේෂ චුම්භක අතර ඇතිවන ආකර්ෂණයන් හේතු වේ.දුම්රිය ගමන් කරන්නේද කාන්දම් බලයේ පිහිටෙනි.
   පීල්ල මත ‘‘පාවෙන‘‘ දුම්රිය මත මාර්ගය දෙපස සවිකර ඇති චුම්භකයන්ගේ කාන්දම් බලයට ආකර්ෂණය වේ.මේ ආකර්ෂණ බලය නිසා දුම්රිය ඉදිරියට ඇදේ.ආකර්ෂණ බලයේ ප‍්‍රබලතාව අවශ්‍ය පරිදි පාලනය කිරීමේ හැකියාව දුම්රිය රියදුරුට ඇත.බලයේ ප‍්‍රබලතාව මත දුම්රියේ වේගය තීරණය වේ.
විශේෂ කරුණක් වන්නේ අනෙකුත් දුම්රියයන්ගේ මෙන් රෝද පීලි වල ගැටීමේදී ඝර්ෂණය ආදී හේතුන් නිසා සිදුවන ශක්ති හානිය මේ ක‍්‍රමයේදී සිදුනොවීමයි.එම නිසා ඉහළ කාර්යයක්ෂමතාවයකින් යුතුව දුම්රිය ධාවනය කළ හැකි බව ඉංජිනේරුවන් කියයි.
   2017 වසර පමණ වන විටදී මේ දුම්රිය සේවය වාණිජ මට්ටමින් ඇරඹිීමට ජපාන ප‍්‍රවාහන බළධාරීන් අපේක්ෂාවෙන් සිටී.විශේෂයෙන් සකස් කළ දුම්රිය මාර්ගයන් ඉදිකළ යුතුව ඇති බැවින් ඒ සදහා අධික මුදලක් වැය කළ යුතුව ඇතැයි සදහන්ය.චීනයේ දැනටමත් මෙවන් දුම්රිය සේවයක් කි‍්‍රයාත්මක අතර දුම්රිය මාර්ගය වෙනුවෙන් පමණක් ඩොලර් බිලියන 1.3 ක් වැයව ඇත.

Tuesday, April 9, 2013

Yashodara watha

Song - Yashodara watha 
Movie - Sri Siddhartha Gauthama Movie

සිංහල අලුත් අවුරුදු නැකැත්

නව සඳ බැලීමට
අභිනව චන්ද්‍ර වර්ෂය සහ අභිනව සූර්ය වර්ෂය සඳහා 2013 ක් වූ අප්‍රේල් මස 14 වන ඉරිදා දින නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානයට
අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වන ඉරිදා පූර්ව භාග 01.29 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපර භාග 07.05 සිට අප්‍රේල් මස 14 වන ඉරිදා දින පූර්ව භාග 07.53 දක්වා පූණ්‍ය කාලය බැවින්, අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපර භාග 07.05 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද , පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන ඉරිදා දින පූර්ව භාග 01. 29 සිට පූර්ව භාග 07.53 දක්වා පහත දැක්වෙන අයුරු
වැඩඇල්ලිම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී අවුරුදු චාරිත්‍ර විධි ඉටුකිරිම ද මැනවි.

ආහාර පිසීම
අප්‍රේල් මස 14 වන ඉරිදා දින පූර්ව භාග 04.06 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වන ඉරිදා දින පූර්ව භාග 07.05 ට තඹ (රතු සහ කහ මිශ්‍ර) පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියළු වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම
අප්‍රේල් මස 15 වන සදුදා දින පූර්ව භාග 06.41 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි නැගෙනහිර දිශාව බලා හිසට දිඹුල් පත් ද , පයට ඉඹුල් පත් ද තබා තෙල් සහ දිඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරිම මැනවි.

රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වන බදාදා පූර්ව භාග 07.42 ට පලාවන්(කොළ) පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් හා හකුරු මිශ්‍ර ආහාරයක් අනුභව කර දකුණු දිශාව බලා රැකිරක්ෂා සඳහා පිටත්ව යෑම මැනවි.

සේවා අවශ්‍යතා සදහා රැකියාවට පිටත්ව යෑම
අප්‍රේල් මස 15 වන සදුදා පූර්ව භාග 06.53 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් සහ කිරි මිශ්‍ර ආහාරයක් අනුභව කර නැගෙනහිර දිශාව බලා රැකී රක්ෂා සදහා පිටත්ව යෑම මැනවි.

සැ.යු. ඉහත නැකැත් වේලාවන් දැනට සම්මත ඔර්ලෝසු වේලාවෙන් සකස් කර ඇත්තේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසිනි. මෙම වේලාවන් ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශවලට නොවෙනස්ව භාවිත කළ හැක.

Friday, April 5, 2013

ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරාගනිමු

අප්‍රේල් මාසය ශ්‍රී ලංකාවේ අඩුවෙන්ම ලේ දන් දෙන මාසයයි. ඒ නිසා මෙම මාසය තුළ බොහෝ පිළිකා රෝගීන් මෙන්ම බොහෝ අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත බලවත් අවධානමකට ලක්වී තිබෙනවා. ඇතැම් විට හෙට දිනයේ ඒ අවධානමට ලක්වන්නේ ඔබ විය හැකියි!

ඒ අවධානමෙන් ඔබව ගලවා ගන්නට අප සූදානම්....!!!

ජාතික ලේ දන්දීමේ සේවය සහ මහමෙව්නාව භාවනා අසපු සංචිතය සමගින් ශ්‍රද්ධා රූපවාහිනිය ඒකාබද්ධව සිදු කරන පින්බර සමාජ සත්කාරය - ශ්‍රද්ධා රුධිර දාන ලේ දන්දීමේ කඳවුරු මාලාව....

මාර්තු මස 31 ::: මොණරාගල සහ වැලිමඩ මහමෙව්නාව භාවනා අසපු වලදී.

අප්‍රේල් මස 03 ::: බලංගොඩ මහමෙව්නාව භාවනා අසපුවේදී.

අප්‍රේල් මස 07 ::: මාතලේ , කන්තලේ සහ මහව මහමෙව්නාව භාවනා අසපු වලදී.

අප්‍රෙල් මස 09 ::: පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දී සහ බදුල්ල ධර්මදූත මහා විද්‍යාලයේදී.

අපේල් මස 12 ::: බණ්ඩාරවෙල නගර ශාලාවේදී.

අප්‍රේල් මස 13 ::: මාළඹේ අමාවතුර මහමෙව්නාව භාවනා අසපුවේදී.

අප්‍රේල් මස 21 ::: අනුරාධපුරය, ආනමඩුව, ගාල්ල, සහ හොරණ මහමෙව්නාව භාවනා අසපුවලදී.

අප්‍රෙල් මස 28 ::: වලස්මුල්ල, උයන්දන සහ හුණුමුල්ල මහමෙව්නාව භාවනා අසපුවලදී.

ජාතික රුධිර සංචිතයට සවියක් වන්නට ඔබත් අප හා එක්වන්න.

ගුවන් විදුලි මාධ්‍ය ආවරණය - ශ්‍රද්ධා ගුවන් විදුලිය.
මුද්‍රිත මාධ්‍ය අනුගහය - මහාමේඝ පුවත් සඟරාව.
රූපවාහිනී මාධ්‍ය ආවරණය - ශ්‍රද්ධා රූපවාහිනිය.

මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු....!!

ජාතික ලේ දන්දීමේ සේවයේ සහෘද මාධ්‍ය සහකරු ශ්‍රද්ධා රූපවාහිනිය.

සියලු විමසීම් :
ශ්‍රද්ධා රූපවාහිනිය,
මහමෙව්නාව බෝධිඥාන භාවනා අසපුව,
හේවාගම,
කඩුවෙ‍ල.

දුරකථන : 011-2571471 / 011-2548400

ප්‍රතම වතාවට ශ්‍රී ලාංකීය Audio Player එකක්

මෙන්න අපෙන් හොඳම Audio Player එකක් .. නොමිලේම Download කරගන්න. Portable Software එකකි.( Install කිරීම අනවශ්‍යයි. ).

>>>>> http://www.mediafire.com/download.php?y3e0peupff556v4

මෙය Skins, Equalizer, Effects, Playlist, Tag Viewer... etc.. යන සියල්ලද සහිත ලාංකීය Audio Player එකකි.. ඔබත් භාවිතා කර බලන්න..

(නිපැයුම්කරු - http://www.facebook.com/shalithasuranga)

Thursday, April 4, 2013

සාමාන්‍ය ඇසකට නොපෙනෙන දේ පෙන්වන අයි ෆෝනය

ඇපල් අයි ෆෝන් එස් පහ ජංගම දුරකතන ලබන ජුනි 20 වැනිදා වෙළෙඳ පොළට නිකුත් කිරීමට යයි.
‘රෙටිනා ඩිස්ප්ලේ‘ ,දීර්ඝ බැටරි ආයු කාලය, වේගවත් රැහැන් රහිත සම්බන්ධතාව, මෙගා පිස්කල් අට කැමරාව සහ අතිශය දියුණු අයි ඕ එස් හය මෙහෙයුම් පද්ධතිය මෙම දුරකතනයේ විශේෂතා වේ.
නිෂ්පාදකවරුන්ගේ ප්‍රධාන ඉලක්කය වනුයේ චීන සහ ඉන්දියා වෙළඳපොළයි.
ජුනි 20 සර්ව භෞමික සංවර්ධකයන්ගේ සමුළුවේදී නව එස් පහ ජංගම දුරකතන එළි දැක්වීමට නියමිතය.
කවදා මීළඟ ඇපල් අයි ෆෝන් ජංගම දුරකතන එළිදැක්වුවත් එම නිපැයුම අති සාර්ථක සහ භාවිතයට සුදුසු උපාංගයක් වනු ඇතැයි විද්වත්හු ප්‍රකාශ කරති.
ඇපල් ජංගම දුරකතන ශ්‍රී ලංකාවේ එතරම් ප්‍රසිද්ධ නැති වුවත් ඉන්දියාව චීනය වැනි රටවල මෙම ඇපල් අයි ෆෝන් ජංගම දුරකතන බහුලව දක්නට ලැබේ.
එස් පහ ජංගම දුරකතනයේ මිල ඇමෙරිකා ඩොලර් 799 හෙවත් ශ්‍රී ලංකා රුපියල් 102,272 කි.
සාමාන්‍ය ඇසකට නොපෙනෙන දේ මෙයින් පෙන්නුම් කරයි.

Thursday, March 14, 2013

අපේ යානාවලට හමුවූ පිටසක්වළ යානා

පිටසක්වළින් අපේ ලෝකයට පිවිසෙන යානා පිළිබඳව වඩාත් හොඳ අත්දැකීම් ඇත්තේ ගුවන් නියමුවන්ටයි මේ ලිපියෙන් කතා කරන්නේ මෙලොව ගුවන් නියමුවන්ගේ පිටසක්වළ යානා පිළිබඳ අත්දැකීම් කිහිපයකි. 

වාර්තා වී ඇති පිටසක්වළ යාත‍්‍රා පිළිබඳ අපේ ගුවන් නියමුවන්ගේ ප‍්‍රථම අත්දැකීම ශ්‍රී ලංකාව නිදහස ලබාගත් වකවානුව වෙයි. 1948 ජූලි මස 24 වැනිදා මෙම අපූරු අත්දැකීම උරුම වූයේ ඇමෙරිකානු ගුවන් හමුදාවේ කපිතාන් ක්ලැරන්ස් චිලී සහ ගුවන් නියමු ජෝන් බී විටඞ්ය.

ඔවුන් පැදවූ ඞී.සී. 3 ගුවන්යානය ඇට්ලන්ටා සිට ඇලබාමා බලා යාත‍්‍රා කරමින් තිබුණි. වෙලාව පාන්දර දෙකයි හතළිස් පහවීය. අහසේ තමා ඉදිරියෙන් ඇති ආලෝක ධාරාව කපිතාන් ක්ලැරන්ස් සසල කළේය. ‘‘මොකක්ද මේ ආලෝකය’’ ඔහු තම සගයාගෙන් විමසීය.
‘‘මාත් මේ ඔබෙන් විමසන්න හැදුවා විතරයි’’ ජෝන් පිළිතුරු දුන්නේය.

‘‘එය අපේ පැත්තටයි එන්නේ......’’

යානය යාත‍්‍රා කරමින් තිබුණේ මහපොළවේ සිට අඩි පන්දහසක් ඉහළිනි.

අසාමාන්‍ය හැඩයක් ඇති අඩි හාරසීයක් තරම් දිග යානයක් දෙදෙනාට පැහැදිලිව දක්නට හැකිවිය. එය හැඩයෙන් සමානවූයේ සිගරට්ටුවකටය.

‘‘ඒක යානයක්මයි...... අත්තටු පිහාටු කිසිවක් නැහැ. හරියටම සිගරට්එකක් හැඩය ඇති..... ලොකු විශ්කම්භයක් තියෙන අඩි හාරසියයක් තරම් දිග යානයක්. යානය දෙපැත්තේ ජනෙල් කවුළු පෙලක් තිබුණා.... එය පැහැදිලිව අප දුටුවා...... සුදුම සුදු ආලෝකයක් ඉන් විහිදුනා...... ඒ ආලෝකයෙන් අපි ජනෙල් පෙල දුටුවා...... යාත‍්‍රාව යටින් විහිදුනේ ගන නිල් ආලෝකයක්......’’

1940 දශකයත් 1950 දශකයත් පිටසක්වළ යානාවන් හමුවීමේ සිද්ධීන් ඇමෙරිකානු ගුවන් නියමුවන් නිතර නිතර වාර්තා කළ අවස්ථා උදාවීය. ඒ සමගම ඇමෙරිකානු යුද නිලධාරීන් විසින් වෙළෙඳ සමාගම්වල ගුවන් නියමුවන්ගේ පිටසක්වළ යානා සමඟ ඇතිවෙන අත්දැකීම් පිළිබඳ නිදහසේ කතා කිරීමේ වාරන නියෝගයක් ඇති කළෝය.

මේ තහංචිය ඇමෙරිකාවට පමණක් සීමා වූ අතර කැනඩාවේ ගුවන් යානයක් 1966දී අත්වින්ද එක්තරා සිද්ධියක් ලොව පුරා පතළවිය. ඞී.සී. 8 යානය මේ සිද්ධියට මුහුණ දෙන අවස්ථාවෙහි මුහුදු මට්ටමේ සිට අඩි 35000ක් ඉහළින් පියාසර කරමින් තිබුණු අතර යානය පේරු සිට මැක්සිකෝව බලා පියාසර කරමින් තිබිණි. කපිතාන් රොජර් මිල්බෑන්ක් පමණක් නොව ඔහුගේ සහයකයා ඇතුළු කාර්ය මණ්ඩලයම මේ අපූරු අත්දැකීම බෙදා ගත්හ. යානාව ඉදිරියෙන් දිස්වූ ආලෝක දෙකක් කෙමෙන් ඇතට විදින ආලෝක දෙක්ක බවට පත්වී වී අකුරේ හැඩයට යානය ඉදිරියට ආලෝක ධාරාව යොමු කළේය.

‘‘ඒ ආලෝක ධාරාව අපේ ගුවන් යානයට තව තවත් සමීප වී ගුවන් යානාවට ඉහළින් යානයේ වම් පස පිහාටුවට ඉහළින් දිස්වුවා..... එදා හොඳින් හඳ එළිය තිබුණු රාත‍්‍රියක් නිසා මේ ආලෝකය විහිදවූ යානයේ යම් හැඩයක් දකින්නට අපට හැකිවුවා. අපේ යානයට ඉතාම සමීපව විනාඩි කිහිපයක් තිබී යානය ගමන්කර අප පසු පසට නොපෙනී ගියා.....’’ කපිතාන්වරයා මැක්සිකෝ නිලධාරීන්ට තම අත්දැකීම නිල වශයෙන් පැමිණිලි කළ අතර පිටසක්වළ යානා පිළිබඳ අත්දැකීම් අතර එම පැමිණිල්ල අදත් සුරක්‍ෂිතවී තිබේ.

1954 කැනේඩියානු ගුවන් නියමුවකුගේ අපූරු පිටසක්වළ යානා අත්දැකීමක් ‘‘ඩන්ටාරියෝ ඬේලි ප්‍රෙස්’’ නම් පුවත්පත වාර්තා කළේය.
මේ සිද්ධිය ද ගුවන් නියමු ප‍්‍රැන්සිස් බොයිඞ් පමණක් නොව, ඔහුගේ කාර්ය මණ්ඩලයම අත් විඳ ඇත. ජූලි 06 වැනිදා සිදුවූ මේ අත්දැකීම පිළිබඳ මේ පුවත්පත කතුවැකියක්ද පල කළෝය.

ඔහු පවසන ආකාරයට විශාල මවු යානයක් සහ උපයානා හයක් ඔවුන්ට දැක ගත හැකිවී ඇත. විනාඩි දහ අටක කාලයක් තිස්සේ මේ යානා දකින්නට බොයිඞ් සහ පිරිසට හැකිවී තිබේ. මේ විනාඩි දහ අටක කාලය තුළ ඔවුන්ගේ යානය සැතපුම් අසූවක් තරම් දුර පියාසර කර ඇත.

‘‘මේක අපූරු අත් දැකීමක්...... මං විතරක් නොවෙයි මගේ පිරිසම දැක්කා...... ඔවුන් අපට අන්තරා කාරී පිරිසක් වීමට නොහැකියි. ඔවුන්ගේ යානා අපේ තොරතුරු සොයනවා විනා ආක‍්‍රමණ ශීලී නොවේ යැයි මගේ හිතට ආවා..... යි බොයිඞ් සඳහන් කර ඇත.
1970 දී බි‍්‍රතාන්‍ය ගුවන්යානාවක් පෘතුගාලයේ ලිස්බන් නුවර ඉහළින් පියාසර කරද්දී මේ අත් දැකීමට පාත‍්‍රවීය. ඔහුගේ ගුවන් යානය අසලින් පියාසර කරන නන්නාඳුනන යානයක් පිළිබඳ සංඥාවක් ඔහුගේ යානයට ලැබුණි. එයාර් ට‍්‍රැෆික් පාලක මැදිරියෙන් නිකුත් කළ මේ නිවේදනය ඔහු සසල කළේය. ඒ සමගම ඔහු තම සහයකයන් වහාම දැනුවත් කළේය.

මොහොතකින් ඔහු දුටුවේ ආලෝක ධාරා විහිදුවන සිගරට්ටුවක හැඩයගත් යානයක් තම යානය අසලින්ම පියාසර කරන බවයි. ගුවන් නියමුවා හා කපිතාන්වරයා තමා ජීවිතයේ ප‍්‍රථම වතාවට අත්දකින පිටසක්වළ යානයේ අත් දැකීම ගුවන් යානයේ මගීන් සමඟ බෙදා හදා ගන්නට කල්පනා කළේය. ඔහු යානයේ ශබ්ද විකාශන සේවාවෙන් මගීන් අමතා කතා කළේය.

‘‘මිත‍්‍රවරුණි..... ඔබට අසම සම අත් දැකීමක් අත් විඳින්නට වරමක්.... කරුණාකර යානයේ වම් පස බලන්න..... ඔබට දකින්නට ලැබෙන්නේ පිටසක්වළින් පැමිණි නාඳුනන යානාවක් විය යුතුමයි...... මං හිතුවා මේ අත්දැකීම ඔබ සමඟ බෙදා ගන්නට....’’ ගුවන් යානයේ සියලූම මගියෝ.... කපිතාන්වරයාගේ පණිවිඩයත් සමඟ පිබිදී මේ අසාමාන්‍ය අත්දැකීම ලබා ගත්හ. වැඩිම සංඛ්‍යාවක් එකවර අහසේදී දුටු නාඳුනන යාත‍්‍රාව මෙය බවට ලෝක වාර්තාවක් තබා ඇත. ගුවන් මගීන් මිශ‍්‍ර හැඟීම් වලින් මේ අත්දැකීම් බෙදා ගත්හ. බිය සතුට සැකය අසහනය ත‍්‍රාසය යන හැඟීම්වලින් මගියෝ අත්දැකීම් ලදහ.

1979 දී ස්පාක්‍ද්ක්‍ද මගී ගුවන් යානයකට නාදුනන පිටසක්වළ යානයක් සමඟ වෙනත් ආකාරයක අත් දැකීමකට මුහුණ දීමට සිදුවීය. එම රාත‍්‍රියේ මෙම මගී යානය ලිබියාවේ සිට ස්පාක්‍ද්ක්‍ද ප‍්‍රධාන නගරය වෙත පියාසර කරමින් තිබිණි. යානය සිටියේ මුහුදු මට්ටමේ සිට අඩි 24000ක් ඉහළිනි.

ආලෝක ධාරා ගුවන් යානය පියාසර කරමින් සිටි දිසාවෙහි ඉදිරියෙන් මතුවෙනු කපිතාන්වරයා දුටු අතර පාලක මැදිරියට වහා දන්වා සිටියේය. මේ ආලෝකය ගුවන් යානයට කෙළින් ප‍්‍රතිවිරුද්ධව වේගයෙන් ඉදිරියට එන බව කපිතාන්වරයා වහාම වාර්තා කළේ මහත් කලබලයෙනි. කපිතාන් වරයා වහා ආරක්‍ෂක විධි ක‍්‍රියාත්මක කොට මගීන් දැනුවත් කරමින් කඩිනම් ක‍්‍රියාමාර්ග ගනිමින් යානය ධාවනයවන මාර්ගය ක්‍ෂණයකින් වෙනස් කළේ ගැටීම වැළැක්වීම සඳහාය. මේ සිද්ධිය රෙඩාර් යන්ත‍්‍රවල පැහැදිලිව සටහන් විය.

එපමණක් නොව මහපොළවේ සිට දහස් සංඛ්‍යාත පිරිසක් මේ සිද්ධිය නිරීක්‍ෂණය කිරීම විශේෂ සිද්ධියකි. මේ යාත‍්‍රාව තව දුරටත් ගුවන් යානයට හිරිහැර කරන්නට විය. රාඩා යන්ත‍්‍රවල මේ තත්වය සටහන් වෙත්ම ප‍්‍රහාරක ජෙට් යාත‍්‍රා දෙකක් ගුවනට පිටත්කර යැවීමට සූදානම් විය. නාඳුනන පිටසක්වළ යාත‍්‍රාව ගුවන් යානයට හිරිහැර කිරීම මඟහැර නොපෙනී ගියේ ප‍්‍රහාරක ජෙට් යානා යැවීමත් සමඟය.

ආචාර්ය නිමල් සේදර
අපේ යානාවලට හමුවූ පිටසක්වළ යානා 

 2013 මාර්තු මස 10  | ලංකාදීප කර්තෘ මණ්ඩලය 
 
Tuesday, March 12, 2013

උමං දුම්රියෙ දරු ප්‍රසූතිය

ඇලන් ස්ටැන්ලි (21) සිය මව වන මේරි ඈන් හා සිය බිරිද වන සෝනියා (22)  සමග ලන්ඩනයේ  වික්ටෝරිය උමං දුම්රිය පොළෙන් දුම්රියකට නැගුණේ මේඩ්ස්ටෝන් බලා යාමේ අරමුණෙනි.සෝනියා මාස 9ක ගැබිණියක වූ අතර ඇයගේ දරු ප්‍රසූතියට දින යෙදී තිබුණේ එළැඹෙන සතියේය.
දුම්රිය ගමන් ආරම්භ කර මද වේලාවක් ගත විය.සිය සැමියා සමග කතාබහේ නිරතව සිටි සෝනියා හට එක්වරම විලිරුදා ඇතිවන්නේ ඇලන්ට හා ඔහුගේ මව වන මේරි ඈන්ට කරකියා ගැනීමට දෙයක් ඉතිරි නොකරය.
වහා ඔවුන්ගේ සහයට එන දුම්රියේ අනෙකුත් මගීන් දුම්රිය රියැදුරු  හා ගාඩ් දැනුම්වත් කිරීමට කටයුතු කරන්නේ මේ අතරය.ඒ අනුව රියැදුරු දුම්රිය මග නතර කරන අතර ගාඩ් ඇලන් හා සෝනියා සිටි මැදිරියෙන් අනෙකුත් මගීන් ඉවත් කර ඔවුන්ට ඉඩ කඩ ලබා දීමට කටයුතු කරන්නේ සිය බලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් අනුවය. රියදුරු  රොබ් ප්‍රීයඩි දුමිරියේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන්  එහි සිටින වෛද්‍ය සේවක සහාය පැතීය.
සේවය නිමකර නිවෙස් බලා යමින් සිටි හා හෙදියක වින්නඹුවකහා පොලිස්  නිලධාරින්  සෝනියාගේ සහයට පැමිණෙන්නේ ඇලන්ට මහත්ම අස්වැසිල්ලක් වෙමිනි.විනාඩි 15 ක්  වේදනා  නැති ප්‍රසවයෙන් පසු  සෝනියා රාත්තල් 6 යි අවුන්ස 13 ක දියණියක බිහි කළාය. ඇය ඇගේ දෙවැනි  දරුවාය. දුම්රිය ගාඩ්  කොලින් බ්රූකර් කීවේ  උපත  ලියාපදිංචිය සදහා පුජකයකු හැර සෙසු සියළු දෙනාම සිටි බවයි. දුම්රිය විනාඩි 45 ප්‍රමාද වීම ගැන  ඇලන් ද දුම්රිය රියදුරු ද  මගීන්ට සිය කනගාටුව පළ කළහ.  දරුවාත් මවත්  රෝහලට ගෙන යාම සදහා  ගිලන් රථයට ගොඩ කරද්දී   මගීහුදුම්රිය වේදිකාවේ  පෙළ ගැසී අත්පොළසන්  දී සිය සතුට පළ කළහ.
‘‘සියල්ල සිදුවුණේ හරිම ඉක්මනින්.ඔක්කොටම ස්තූතියි.විශේෂයෙන් රියැදුරු හා ගාඩ් මහත්වරුන්ට.සහ මගේ බිරිදට උපකාර කළ ඒ හෙදියට හා වින්නඹු කාන්තාවට.‘‘පවසන්නේ සතුටින් ඉපිළි  සිටි ඇලන්ය. දුමිරිය  සමාගම ද මවට මල් කළඹක් එවා සුබ පැතීය.
සෝනියා හා ඇයගේ දියණිය රෝහල් ගත කරනු ලැබුහ.ඔවුන් දෙදෙන හොද සුවයෙන් පසුවන බව වෛද්‍යවරු කියති.

Tuesday, February 19, 2013

|ජීවිතයක් වෙනුවෙන්

|||||ජීවිතයක් වෙනුවෙන් හැකිපමන මෙය share කරන්න.විස්තරය කියවා පමනක්"Like" එකක් දමන්න කාරුනික වන්න.||||
මෙච්චර ඉක්මනට ආයෙත් මෙවැනි පනිවිඩයක් අරන් යන්න සිද්ධවෙයි කියලා කොහොමත් හිතුවේ නෑ.පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා හසංගිට මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු අතර ඒ සදහා රු ලක්ශ  දහයක් වැයවෙනවා.අපි සියලු දෙනාම එක් වුනොත් එය එතරම් මුදලක් නෙවේ."එක්කෙනෙකුට රු 100 ගානේ 10000 දෙනා සල්ලි දුන්නොත් මේ ගනන අපිට හොයාගන්න පුලුවන්."ඒත් ඇත්තටම  FB එකේ කෝටිගානක් හිටියත් එයින් බොහොම කීපදෙනෙක් විතරයි මෙවන් දෙයක් කරන්නේ.එම නිසා අඩුම තරම හැකිපමන මුදලක් සෙවීමට ඔබගේ උපකාරය අවශ්‍යයි.ඔබට හැකි පමන මෙය ශෙයා කරන්න.නමුත් රු 100 බැංකු ගිනුමට දැමිය හැකිනම් පමනක් LIKE එකක් දාන්න..එවිට අපිට එකතුව මුදල් ප්‍රමානය හැමොටම දැනගන්න පුලුවන්.likes ගනන 10000 වූ පසු මෙය ඉවත්කරනු ලැබේ.එම නිසා "ඔබ මුදලක් දෙනවානම් කරුනාකර මෙම original post  එකටම ඇවිත් "LIKE"එකක් දැමීමට කාරුනික වන්න."
1 Like= Rs 100
දැනට මෙයින් එකතු වු මුදල රු 12400 බව උපකල්පනය කල හැක..
මේ පිලිබදව කිසියම් සැකයක් ඇත්නම් පහත facebook ලින්ක් එකට ගොස් ඕනෑම සාමජිකයෙක්ගෙන් ඒ පිලිබදව අසාදැනගන්න.
(අලුත්ම තොරතුරු අනුව සත්‍ය වශයෙන් දැනට රු 10000 ගිනුමට එකතුවෙලා ඇති අතර දැනට උදව් කල සැමට හද පිරි ස්තුතිය පුද කරමු.තව බොහෝ දුර යාතුය.)
https://www.facebook.com/groups/why.socialnetwork/
(**මෙම සමූහයේ privacy settings නිසා වෙනත් අයට නොපෙනිය හැක..එමනිසා why group ඒකෙ ඉන්නා අය මෙහි ඇවිත් Comment එකක් පලකරනු ඇත,,මෙය සත්‍ය බවට** )

මේ සම්බන්ධව වැඩි විස්තර දැනගැනීම උදෙසා
නිමේෂ් ගමගේ (https://www.facebook.com/NimeshGamage)
හෝ
අසංක හෙන්දහේවා(https://www.facebook.com/asankahendahewa)
හෝ
අසන්ත මෙන්ඩිස්(https://www.facebook.com/asanthachristina)
සම්බන්ධ කරගත හැක.
රෝගය ගැන දැන ගැනීම සදහා (http://goo.gl/V8L0u) වෙත පිවිසෙන්න
ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009
  .පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා හසංගිට මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු අතර ඒ සදහා රු ලක්ශ දහයක් වැයවෙනවා.අපි සියලු දෙනාම එක් වුනොත් එය එතරම් මුදලක් නෙවේ."එක්කෙනෙකුට රු 100 ගානේ 10000 දෙනා සල්ලි දුන්නොත් මේ ගනන අපිට හොයාගන්න පුලුවන්."ඒත් ඇත්තටම FB එකේ කෝටිගානක් හිටියත් එයින් බොහොම කීපදෙනෙක් විතරයි මෙවන් දෙයක් කරන්නේ.එම නිසා අඩුම තරම හැකිපමන මුදලක් සෙවීමට ඔබගේ උපකාරය අවශ්‍යයි.ඔබට හැකි පමන මෙය ශෙයා කරන්න...

දැනට මෙයින් එකතු වු මුදල රු 12400 බව උපකල්පනය කල හැක..
මේ පිලිබදව කිසියම් සැකයක් ඇත්නම් පහත facebook ලින්ක් එකට ගොස් ඕනෑම සාමජිකයෙක්ගෙන් ඒ පිලිබදව අසාදැනගන්න.
(අලුත්ම තොරතුරු අනුව සත්‍ය වශයෙන් දැනට රු 10000 ගිනුමට එකතුවෙලා ඇති අතර දැනට උදව් කල සැමට හද පිරි ස්තුතිය පුද කරමු.තව බොහෝ දුර යාතුය.)
https://www.facebook.com/groups/why.socialnetwork/
(**මෙම සමූහයේ privacy settings නිසා වෙනත් අයට නොපෙනිය හැක..එමනිසා why group ඒකෙ ඉන්නා අය මෙහි ඇවිත් Comment එකක් පලකරනු ඇත,,මෙය සත්‍ය බවට** )

මේ සම්බන්ධව වැඩි විස්තර දැනගැනීම උදෙසා
නිමේෂ් ගමගේ (https://www.facebook.com/NimeshGamage)
හෝ
අසංක හෙන්දහේවා(https://www.facebook.com/asankahendahewa)
හෝ
අසන්ත මෙන්ඩිස්(https://www.facebook.com/asanthachristina)
සම්බන්ධ කරගත හැක.
රෝගය ගැන දැන ගැනීම සදහා (http://goo.gl/V8L0u) වෙත පිවිසෙන්න
ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009

Tuesday, February 5, 2013

සිංහ කොඩියත් විකෘති කරලා. සිංහයාටත් අවමන් කරලා.

එක්වන්න අප සමග ►► @[274859899198267:274:Sorry.com]

සිංහ කොඩියත් විකෘති කරලා. සිංහයාටත් අවමන් කරලා.

බොදු බල සේනා සංවිධානය විසින් ඊයේ (04) කොළඹ පිටකොටුවේ ජාතික ධජය අළෙවි කළ වෙළඳසැල් කිහිපයක් වැටලීමට කටයුතු කළ බව එම සංවිධානය පවසයි. මෙසේ වටලා ඇත්තේ පීපල්ස් පාර්ක් වෙළඳ සංකීර්නයේ බිම් මහලේ පිහිටි වෙළඳසැල් කිහිපයකි. ජාතික ධජයේ සිංහ රූපය විකෘති කර මුද්‍රණය කළ ස්ටිකර් විකිණීම සම්බන්ධව ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකළ බව එහි විධායක කමිටු සාමාජික දිලන්ත විතානගේ මහතා පවසයි. මෙහිදී වෙනස් කරන ලද සිංහ රූපය සහිත ජාතික ධජ මිළදී ගැනීමේදී මේවා තොග වශයෙන් රටෙහි සෑම ප‍්‍රදේශයකටම බෙදාහැරෙන බවද වෙළඳසැල් හිිමියන් මගින් හෙළිදරව් වූ බව ඒ මහතා  පැවසීය.
 
වැඩිදුරටත් අදහස් දැකිවූ දිලන්ත විතානගේ මහතා
රටක ජාතික ධජය කියන්නේ එහි අනන්‍යතාවය. එ වගේම එයට නිසි ගෞරවය හිමිවිය යුතු අතර එහි පෞඩත්වයද ආරක්ෂා කළ යුතුයි. එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයන් හෝ ජනමත විචාරණයක් නොමැතිව එක එක්කෙනාට මෝස්තර කරන්න පුළුවන් එකක් නොවෙයි. ඒ වගේම ජාතික ධජය අදරට පුරාම ප‍්‍රදර්ශනය කරන්නෙත් එක එක විදියට. නිසි ගෞරවයක් නොලැබෙන ආකාරයෙන් හිතූ හිතු ලෙස මෙය වෙනස් නොකිරීමට අපි ශ‍්‍රී ලාංකිකයන් විදියට වගබලා ගතයුතුයි. අපි ජනාධිපතිතුමාගෙන් හා ආරක්ෂක ලේකම්තුමන්ගෙන් ඉල්ලා සිටින්නේ ජාතික ධජය මුද්‍රණය කිරීම, විකිණීම යම් ක‍්‍රමවෙදයක් සකසන ලෙයසි. එසේම නිසිලෙෂ ප‍්‍රදර්ශනය කිරීමට ජනතාව දැනුවත් කරන ලෙයසි. මෙම අවස්තාවේදී පීපල්ස් පාර්ක් වෙළඳසැල් හිමියන් හා බොදු බල සේනා සංවිධානය අතර උණුසම් තත්ත්වයක්ද ඇතිවී ඇති අතර එතැනට පැමිණි මාධ්‍යවේදියෙකුටද වෙළඳසැල් හිමියන් විසින් බැන වැද ඇත. 

ජානක එස් බලල්ල - rivira

ජාතික සංකේතයන් විකෘති කිරීම යන්න දඩුවම් ලැබිය හැකි වරදක් බව සනාථ කරමින් ටික දිනකට පෙර ජාතික කොඩියේ සිංහයා වෙනුවට පැණ්ඩකු යොදා සකසා තිබූ නත්තල් සුභ පැතුම් පත් ලග තබා ගෙන සිටි අයෙකුට නීතියෙන් දඩුවම් ලැබීමක් වාර්තා විය. එලෙසම ජාතික කොඩියට කරන්නාවූ වෙනස් කම් වලට හා ඒවා භාවිතා කිරීමටද නීතියෙන් දඩුවම් ලැබීමට ඉඩ ඇත.

ජාතික කොඩියේ සිංහයා වෙනුවට වෙනත් සතෙකු යෙදීම හා කොල පැහැ හා තැබිළි පැහැ තීරු ඉවත් කිරීම යනු ඉබේ වන්නාවූ දේවල් නොව ඕනෑකමින්ම කිසිවෙකු විසින් සම්මත ජාතික කොඩියට වෙනස් කිරීම හෙවත් විකෘති කිරීමේ ප්‍රතිඵලයන් ය. එවැනි දෑ කවුරුන් කලත් නුසුදුසු ක්‍රියාවන්ය. තම ජාතිය ආගම ගැන සිතීම යන්නත් එහි අභිවෘද්ධියට කටයුතු කීරිම යන්න එකකි, ජාතික සංකේතයන් වෙනස් කිරීම තවත් එකකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ දක්වා 6 වන විවස්ථාවේ සදහන්ව ඇති පරිදි ශ්‍රී ලංකා ජනරජයේ ජාතික කොඩිය ලෙස දෙවන උපලේඛණයේ සදහන් වන ජාතික කොඩිය නීතිය අනුව අප රටේ භාවිතා කල යුතු ජාතික කොඩිය වේ. මීට පෙර මෙරට භාවිතා කල කොඩිද තිබේ.

ඒවා ආරක්ෂා කොට අතීත ශ්‍රී ලංකාවේ ජාතික සංකේතයන් ලෙස තබා ගැනීම ගැටළුවක් නැත. එහෙත් ජාතික කොඩිය ලෙස භාවිතා කල යුතු අවස්ථාවන් හිදී භාවිතා කල යුත්තේ පෙර භාවිතා කල ජාතික කොඩියක් හෝ වර්තමානයේ භාවිතා කරන්නාවූ ජාතික කොඩියට විවිධ වෙනස් කම් කොට සෑදිය හැකි කොඩියක් නොව නීතියෙන් පිළිගෙන ඇත්තාවූ ජාතික කොඩිය ය .

නීතියෙන් පිළිගන්නාවූ ඒ අනුව භාවිතා කල යුතු ජාතික කොඩිය පිළිබදව වෙනමම රිතී මාලාවක්ද වේ. ඒ අනුව කටයුතු කොට එයට උපරිම ගෞරව දැක්වීම ශ්‍රී ලංකාවේ පුරවැසියන් වශයෙන් අප කල යුත්තකි. 

1885 දී තරම් ඈත අතීතයේ එම වසරේ වෙසක් පොහෝ දින මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් ප්‍රථම වරට ඔස්වනු ලැබූ බවට සලකන අපගේ බෞද්ධ කොඩියද ඉතා වැදගත් ජාතික සංකේතයක් වන අතර මෙරට පමණක් නොව ලෝක බෞද්ධ ප්‍රජාවම භාවිතා කරනනවූ කොඩිය වශයෙන් පිළිගෙන තිබේ.  එබැවින් එයද සුදුසු අවස්ථාවලදී නිසි ගෞරවය ලබාදීම යුතුකමකි.

ජාතික කොඩිය ආණ්ඩුක්‍රම විවස්ථාවෙන්ම ආරක්ෂා කොට ඇත්තේ එය එතරම්ම වැදගත් ජාතික සංකේතයක් වන නිසාය. එබැවින් නීතියෙන් පෙන්වාදී ඇති ජාතික කොඩියම ඒ ආකාරයෙන්ම භාවිතා කිරීමට කටයුතු කල යුතුය.
- දිලීප් ප්‍රසාද්

ශාරියා නීතියට L.B. Finance ආයතනය

මේ බදුල්ල නගරයේ L.B. Finance ආයතනය ඉදිරිපිට අද උදෑසන සිට ප්‍රදර්ශනය කෙරෙන දැන්වීමකි. මෙහි කියවෙන්නේ “ශරියා නීතිය“ ට අනුකූල මුදල් තැන්පතු ක්‍රම මෙම ආයතනය තුළ ඇති බවය. මුස්ලිම් සේවාදායකයින්ගේ අවශ්‍යතාවයක් පිලිබද දැන්වීමක් ප්‍රදර්ශනය කිරීමේ ඇති වරද කිමදැයි කෙනෙකුට අසන්නට පුලුවන. එහෙත් ඔබ අප මතුපිටින් නොදකින සියුම් අරමුණක් මේ යටින් දිවෙන බව පැහැදිලි කළ යුතුය.
මෙහි කියවෙන්නේ “ශාරියා නීතිය“ට අනුව මෙහි මූල්‍ය කටයුතු කෙරෙන බවයි. මෙය ප්‍රදර්ශනය වන්නේ ප්‍රධාන නගරයක් වන බදුල්ල නගරය තුලය. එයින් කියවෙන්නේ දිවයිනේ ප්‍රධාන නගරයක් වන බදුල්ල නගරය තුළ “ශාරියා නීතිය“ පිළිගන්නා බව නොවේද? පසුගියදා මෙවැනිම “ශරියා නීතිය“ තහවුරැ කරන දැන්වීම් පුවරුවක් ගාල්ල නගරය තුළ ප්‍රදර්ශනය වූ බව අපි හොදින්ම දනිමු. අපගේ අගනුවර වන කොළඹ නගරය තුළ මේ වන විට බියකරු අන්දමින් ශාරියා නීතිය හා මූලධර්මවාදීන්ගේ ක්‍රියාකාරකම් එළිපිටම සිදුවන බවද අපි දනිමු. නැගෙනහිර පළාත පිළිබදව කවර නම් කතාද.. ඔවුහු එහි රිසිසේ තම නීතිය ක්‍රියාත්මක කරති.
ශාරියා නීතිය ක්‍රියාත්මක වන බව පැවසෙන දැන්වීම් පුවරු, ක්‍රියාකාරකම් සහ හැසිරීම් මගින් ඔවුන් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ මෙයද ශාරියා නීතියට යටත් මුස්ලිම් බහුතරයක් වෙසෙන රටක් බව නොවේද.?
එබැවින් මෙය හුදෙක් පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමේ සරල උත්සාහයක් ලෙස දැකිය නොහැකිය. ඇවිලෙන්නට බලාගෙන අලු යට සැගවී සිටින අන්තවාදයේ ගිණිපුපුරු වල සලකුණුය. ඒ ගින්න ඇවිලුණහොත් අඵ වන්නේ සිංහල බෞද්ධ අප පමණක් නොවේ. දමිල, හින්දු, කතෝලික ජනතාවත් එහි අනිටු ප්‍රතිඵල භුක්ති විදිනු ඇත. 
එබැවින්...
සුළු ජාතික ඡන්ද වලට, විදේශාධාර වලට, හා ජිනීවා ඡන්ද වලට ගැතිව ගොලුවන් බිහිරන් සේ සිටින බලධාරීන්ගේ නෙත් අරවන්නට අප එකට එකතු විය යුතු කාලය එළඹ ඇත.

Sunday, January 27, 2013

කොළඹ මාලිගාවත්ත තුල ෂරියා නීතිය ක්‍රියාත්මකය.

කොළඹ මාලිගාවත්ත තුල ෂරියා නීතිය ක්‍රියාත්මක වන බව ඔබ දන්නවද? කොළඹ මාලිගාවත්තේ දිනෙන් දින කුඩා මුස්ලිම් ජිහාඩ් පාතාල කල්ලි හිස ඔසවන බව ඔබ දන්නවද?

ෂේක්‌ පරීඩ් මොහොමඩ් ෆාසීල් නොහොත් ෆාජි, කුඩුනූර්, අයුබ් ඛාන්, මාස්‌ටර් ඉමිටියාස්‌, ඉන්ටිකාබ්, ලීමෝලවත්තේ රිස්‌වාන්, අම්බට්‌ටා ෆසාල්, මලබාර් රිල්වාන්, බයියා, නවුෂාඩ්, මංජල් අක්‍රම්, ඩොන්, සිරාස්‌, පප්පා, ආනමාලු ඉමිටියාස්‌, දිගා ෆයිසර්, රාජාබ්දීන්, ඔජීර්, එලී, ටෝජි, අච්චා, නවුසර් ෆවුම් වැනි ප්‍රසිද්ද මුස්ලිම් පාතාල සාමජිකයන් (මොඋන් ගෙන් සමහරක් මියගොස්ය) ගේ යටතේ අතකොළුවන් සේ සිටි පිරිස් කිහිපයක් දැනට කුඩා ජිහාඩ් කණ්ඩායම් ලෙස මාලිගාවත්ත සහ ඒ අවට ක්‍රියාත්මක වෙයි. මොඋන් කප්පම් ගැනීම සහ නොයෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම් සහ ෂරියා නමැති මිලේජ්ජ නීතිය රට තුල ක්‍රියාකරන බවයි. නමුදු රජයේ වගකිව යුතු නිලධාරීන් මේ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ එම ප්‍රදේශය සඳහා බැල්මක් යොදාගෙන ඉන්නා මුස්ලිම් දේශ (නීති) පාලුවෙක් නිසාය.

මෙහි සබැ තත්ත්වය එසේ වන අතරේ මෑතකදී මාලිගාවත්ත ප්‍රදේශයේ විහාරස්‌ථානයක්‌ ඉලක්‌ක කර ගනිමින් සියලු ආගමික හා සමාජ කටයුතු වහාම නතර කරන ලෙස දන්වා ජිහාඩ් නමැති මුස්‌ලිම් මූලධර්මවාදී නාමය සඳහන් ලිපි ශීර්ෂයක්‌ යටතේ නායක හිමියන්ට තර්ජනාත්මක ලිපියක්‌ ලැබී තිබුණේ මාලිගාවත්ත පාතාලය තුළ ජිහාඩ් සංකල්පය ක්‍රියාත්මක බවට කදිම නිදසුනක්‌ එක්‌ කරමිනි. මේ පිළිබඳව වඩාත් විමසිල්ලෙන් සිටි අපිට වැදගත් තොරතුරක් පසුගිය දිනෙක ලැබුණි. ප්‍රමාණවත් ශාක්ෂි මදි කමින් අප තවත් කරන එකතු කලද අද එය සාක්ෂි සහිතව අප විමර්ශන කණ්ඩායම ඉදිරියේ ඔප්පු විය.

පසුගිය දිනක මෙම මාලිගාවත්ත ප්‍රදේශයේ මුස්ලිම් කොලනියක් තුල ඇති පල්ලි භුමියක් තුල සිංහල කාන්තාවක් ඉතා අමානුෂික ලෙස ගල්මුල් වලින් පහරදීපු අවස්ථාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ එම පහර දීමට හේතුව වශයෙන් හඳුන්වන්නේ එම එම කාන්තාව සිය මුස්ලිම් සැමියා සමග ලිංගිකව එක්වීම ප්‍රතික්ෂේප කිරීමයි. ඉතා දැඩි ලෙස තුවාල ලැබූ ඇය රෝහල් ගතවී නැත්තේ මරණ බිය නිසාය. අදටත් එම කාන්තාව තුවාල කැළැල් සහිතව මාලිගාවත්ත ප්‍රදේශයේ සිටින බව මෙම තොරතුරු පසුපස හඹා ගිය අප විශේෂ විමර්ශන අංශය තහවුරු කරගත්තේය. ජයාරූප ගැනීමට හැකියාවක් නොතිබුණි. මෙම අන්තවාදී ජිහාඩ් පල්ලිය සොයා යාමෙදේ එම ප්‍රෙදේශයේ මුස්ලිම් මැරයන පිරිසක් තර්ජනාත්මක ලෙස අපට එම ප්‍රදේශයෙන් ඉවත්වීමට පැවසු නිසා අප හට පසුබැසීමට සිදුවූයේ අප අද පහරදෙමකට සුදානම් නොවී පැමිණි නිසාය. එනමුත් මෙම මුස්ලිම් පල්ලියේ ක්‍රියාකාරකමක් සිදු වෙන දිනක අප කණ්ඩායම සිදුවන දෙයකට මුහුණදීමට පෙර සුදානම ඇතිව වැටලීමට අදහස් කරගෙන සිටි. මේ අනුව ලංකාවේ ඉතා රහසිගත ලෙස ෂරිය නීතිය ක්‍රියාත්මක කිරීමක් සිදු වෙමින් පවතී. මෙය කෙසේ හෝ අනාවරණය උවත් මීට පෙර සහ අනාගතයේ මෙවැනි සිදුවීම් අනන්තවත් සිදුවීමේ හැකියාවක් ඇත. මෙම කරුණු අතර හම්බයන් විවාහ කරගන්නා සිංහල කාන්තාවන්ට මෙවැනි සිදුවීම් වලට අනාගතේ මුහුණදීමට බලපොරෝතුවෙන් තමුන්ගේ මංගල කටයුතු සාර්ථකව කරගන්නා ලෙස ඉල්ලමි.

දිනෙන් දින හිස ඔසවන මාලිගාවත්තේ මුස්ලිම් ජිහාඩ් ක්‍රියාකාරකම් සහ ෂරිය නීතිය, ෂරියා නීතිය අදටත් මෙම ලිපිය කියවන මොහොතේත් දළු ලා වැඩෙමින් හොර රහසේ කොළඹ මාලිගාවත්තේ ක්‍රියාත්මකවේ. අප වෙත ඒවා තිබු ලිපියක් අනුව අද අප සිදුකල පොඋද්ගලික ගවේෂණයක් අනුව මෙම ලිපිය සකස් වී ඇත.

මාලිගාවත්ත ගැන නැවතත් අවදියෙන් සිටීමට සියලු සිංහල සංවිධාන වලට කාලය එළඹ තිබේ. අපි දැන් අවදියෙන්. මුස්ලිම් ජිහාදය ලංකාවෙන් තුරන් කරමු.

සැකසුම : අන්තර්ජාල බෞද්ධ සම්මේලනය විශේෂ විමර්ශන අංශය