තරු සිත්තම

a

Thursday, October 25, 2012

ලස්‌සන රෝස කුසුමක්‌ වන් කවීෂා තරුදි පුංචි දියණියට ආයෙත් ඉස්‌කෝලෙ යන්න උදව් කළොත් පින්!

.හිමිදිරි උදයේ පිපුණු ලස්‌සන රෝස කුසුමක්‌ වන් හත් හැවිරිදි කවීෂා තරුදි පුංචි දියණිය මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූයේ පසුගිය වසරේ දෙසැම්බර් 20 වැනිදා ය.


නිවස ඉදිරිපිට මිදුලේ කොනක පිහිsටි තම පියාගේ ගරාජයට පැමිණි ඔහුගේ මිතුරෙකු භාජනයකට පෙට්‍රල් පුරවා ගෙන, ඔහුගේ වාහනයේ කොටසක්‌ පවිත්‍ර කරන්නට වූයේ පියාගේ වුවමනාවට නොව ඔහුගේ වුවමනාවටය. ඒ අතරේ නිවසේ දුරකථනය නාද වූයේ කවීෂාගේ සොයුරිය විශ්වවිද්‍යාලයේ සිට නිවසට පැමිණීමට මදක්‌ ප්‍රමාද වන බව දැන්වීමටය. වහා ක්‍රියාත්මක වූ කවීෂා තම පියා අක්‌කාව රැගෙන ඒමට යාවි යෑයි කලබල වූවාය. අක්‌කා පමා වන බව කියන්නට ඇය තාත්තා වෙත දුව ගියාය.

අම්මාගේ සාරියක්‌ ඇඟ දවටා ගනිමින්, පොත් මිටක්‌ තුරුළු කර ගෙන පුංචි කෝටුවක්‌ ද අතින් ගෙන බෝනික්‌කන් වට කරගෙන කවීෂා එතෙක්‌ සිටියේ නිවස ඇතුළේ ය. ඇය රඟපෑවේ පෙර පාසලේ ගුරුවරියගේ චරිතයයි. අක්‌කාගේ දුරකථන පණිවුඩයෙන් කවීෂා වහා චරිතයෙන් මිදී තාත්තා වෙත දිව ගියේ ඇඳ සිටි සාරිය ද ඇඟ වටේ පටලවා ගනිමිනි.
ඒ මොහොත වන විටත් තාත්තාගේ මිතුරා අත වූ පෙට්‍රල් බඳුනට ගිනි ඇවිලී තිබිණි. කොහේදො සිට හමා ආ සුළං පොදක එල්ලුණු ගිනි දැල් ගුලියක්‌ වේගයෙන් හඹා විත් පුංචි කවීෂාගේ සාරි පොටේ එල්ලී ඇය බදා වැළඳ ගත්තේ මහත් කුරිරු අන්දමිනි. පුංචිකමට ඇය ගිනි ජාලාව සමඟ පොර බැද්දේ ඇස්‌ දෙක ඇස්‌ පිහාටුවලින් දැඩි ලෙස තද කර ගනිමිනි. ඇයව ගින්නෙන් මුදා ගැනීමට හැකි වූයේ බොහෝ සෙයින් ගින්න ඇයට හානි කිරීමෙන් අනතුරුවය.
කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට ඇය ඇතුළත් කෙරුණේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු රෝහල් වෛද්‍යවරුන්ගෙන් පවා උදුරා ගන්නා අයුරිනි. එහෙත් පුංචි කවීෂාව මාස දෙකහමාරකට පසු යළි ගොඩ ගැනීමටත්, ඇයට යළි ජීවිතය දීමටත් රෝහල් කාර්ය මණ්‌ඩලය උපරිමයෙන් ක්‍රියා කළ බව කවීෂාගේ මව වන ඩබ්ලිව්. ජී. නිලුකා මල්කාන්ති මහත්මිය පවසයි.
"දරුවාට සම්පූර්ණ සුවය දෙන්න පුළුවන් කියලා වෛද්‍යවරුන් කියන්නේ නැහැ. බලාගෙන ඉන්න බැරි නිසා අපි දරුවාව පසුගියදා ඉන්දියාවට අරගෙන ගියා. දුව හැම තිස්‌සෙම කියන්නේ එයාට ඉස්‌කෝලේ යන්න ඕනේ කියලා. ඉක්‌මනට අකුරු ලියන්න ඕනේ කියලා. අත සනීප කර ගන්න එයා ගොඩාක්‌ උනන්දු වුණා.

ඉන්දියාවේ රෝහලකින් කිව්වා ශල්‍යකර්ම 6 ක්‌ දුවට කරන්න ඕනේ කියලා. දරුවාව සම්පූර්ණයෙන් ම සනීප කරලා දෙන්න එහේ වෛද්‍යවරු පොරොන්දු වුණා. එක ශල්‍යකර්මයකට රුපියල් ලක්‍ෂ හතරහමාරක්‌ යනවා. ශල්‍යකර්ම හයට විතරක්‌ රුපියල් ලක්‍ෂ 30 ක්‌ යනවා. මාස හතක කාලයක්‌ ඉන්දියාවේ රෝහලේ නවතින්න ඕනේ. අපි බැගෑපත්ව ඉල්ලා සිටින්නේ ජනාධිපති අරමුදලින් අපේ දරුවාව සනීප කරගන්න උදව් කරන්න කියලායි."

ජාතියේ දූ පුතුන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපතිතුමනි, මේ ඔබේ දියණියකි. ඇයගේ අනාගතය ඇත්තේ ඔබේ අතේ බව සිහිපත් කරනුයේ ඉතාමත් කාරුණිකවය.

පසුගිය වසරේ රත්නපුර µර්ගර්සන් උසස්‌ බාලිකා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබු පුංචි කවීෂා තරුදි දියණියට යළි පාසල් යන්නට ඔබගේ දයාබර දැත් දිගු වනු ඇතැයි අපි විශ්වාස කරමු. පුංචි කවීෂාගේ ද එකම ඉල්ලීම එය වේ. පිළිස්‌සුණු, වෙව්ලන දැතින් ඇය දයාබර ජනාධිපති මාමා වෙත රෝහල් ඇඳ මත සිට ලියූ ලිපිය ද අපි මෙසේ පළ කරන්නෙමු.

කවීෂා නමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ආරම්භ කර ඇති ගිණුමට පුංචි මුදලක්‌ තැන්පත් කරන ලෙස ද දිවයින පාඨකයන්ගෙන් කාරුණික ඉල්ලීමක්‌ කරමු. එය ඉතා උතුම් පිංකමක්‌ වනු ඇත.

පුවත්පත්වල අන්තර්ජාලයේ ඇය පිළිබඳ තොරතුරු පළවීමෙන් පසු ඒවා මුද්‍රණය කර, හොර සහතික ලෙස සකස්‌ කර, µයිල්වල දමා, හොර ටිකට්‌ අලෙවි කරමින් දුම්රියවල, බස්‌ රථවල මහමඟ පුංචි කවීෂා තරුදි නමින් මුදල් රැස්‌ කරන වංචාකරුවන්ට නොරැවටෙන ලෙස 'තරු සිත්තම' පාඨක ඔබගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ රත්නපුර, ශාඛාවේ ඒ. කේ. කවීෂා තරුදි අර්සකුලසූරිය නමින් ඇති 100105077591 ගිණුමට පමණක්‌ මුදල් පරිත්‍යාග බැර කරන ලෙස වගකීමෙන් පවසමු

Monday, October 22, 2012

සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස!


පහත ජායාරූප වල හා වීඩියෝවෙහි සිටිනා මෙම ගවයා කොට්ටාව-බොරැල්ල 174 බස් මර්ගයෙදී වාහන රියදුරෙකු විසින් හප්පා පලා ගොස් ඇත.

එම අනතුරින් ගවයා ගේ එක් අතක් ගැලවී ගොස් ඇති අතර අනික් අත උරහිසින් එලියටපැන ඇත.

අනතුර සිදුවු පසු අසල්වැසියෙකු විසින් ගවයා ගෙවත්තේ ගැටගසා ප්‍රරතිකාර කර ඇති අතර, ඔවුනට ගවයාව බලා ගැනීමට නොහැකි හෙයින් වෙනත් අයෙකු විසින් ගවයාව රැගෙන ගොස් ඉතා ආදරයෙන් අවුරුදු 3ක් පමණ කාලයක් සත්කාර කර ඇත.

තවද එම රැකබලාගත් පුද්ගලයන් විසින් එම අවුරුදු 3ක කාලය තුල ගවයා සුවපත් කර ගැනීම සඳහා කෘතිම පාදයක් සවි කිරීමට උත්සහ කලද එම සියලු උත්සහයන් අසාර්ථක වී ඇති අතර හරියාකාරව ඇවිදීමට නොහැකි නිසා ගවයා මේ වනවිට සිටින්නේ ඉතාමත් දුර්වල සෞඛය තත්වයකිනි.

මේ අසරණ ගවයා සඳහා කිසිඳු මුදල් ආධාරයක් ඔවුන් බලාපොරොත්තු නොවන අතර ගවයා සුවපත් කර ගැනීම සඳහා ඉදිරිපත් විය හැකි කිසියම් වෛද්‍යවරයෙකුට හෝ පුද්ගලයෙකුට මෙම අසරණ ගවයා හට පිහිට වීමට ඔවුන් ආරාධනා කරයි. ඒ සඳහා දායක වීමට ඔබට හැකියාවක් ඇත්නම් එය මහත් පිංකමකි.

වැඩි විස්තර නො: 148/3, කලල්ගොඩ, පන්නිපිටිය ලිපිනයෙන් හෝ දු.ක: 0716-378636 අංකයෙන් හෝ lahirukchamara [ඇට්] gmail.com විද්‍යුත් ලිපිනයෙන් ලබාගත හැකිය.






උපුටා ගැනීම:-http://www.gossip9.com/2012/08/blog-post_9.html

අනතුර නිසා නැඟිටීමට නොහැකි ගවයා

පින්වත් මිතුරනි........... මේ ඔබේ ඉක්මන් අවදානය පිණිසයි. හැකි ඉක්මනින් ඔබෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමු !!!

ඊයේ සවස නාවින්න ආර්පිකෝ වෙලඳසැල අසල මාර්ගයේ ගමන්ගත් වාහනයක ගැටීම හේතුවෙන් ගවයෙකුගේ කකුල් දෙකක් දැඩි ලෙස තුවාල වුණා.

ඇවිදගැනීමට අපහසු එම ගවයා තවමත් ආර්පිකෝ වාහන නැවතුම ඇතුලත සිටින අතර අනතුර නිසා ගවයාගේ කකුලේ අස්ථියක් එලියට පැමිණ ඇති බවයි දුටුවන් පවසන්නේ.

ගවයාගේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින නිසා පහත අංකය හරහා සම්බන්ධ වෙමින් ඌ සුවපත් කිරීමට හැකි කාරුණික ගොසිප්9 පාඨකයන් එක්වන ලෙස අපි කාරුණිකව අපි ඉල්ලා සිටිමු.

ලසිත් ගුණසේකර
0773640025
glipgh@gmail.com

වැඩි විස්තර දැනගන්න මේ link එකට යන්න.
http://www.gossip9.com/2012/10/blog-post_4392.html
නවතම තතු දැනගන්න
http://www.gossip9.com/2012/10/blog-post_7616.html#more

මේ අසරණයා සුවපත් කිරීමට සහය වන්න.
ස්තුතියි.
Stop Killing Cows facebook කණ්ඩායම





Tuesday, October 16, 2012

සියලුම දෙනා අනිවාර්යෙන් බලන්න [S][H][A][R][E] කරන්න


මීගමුවේ තෙල්වත්ත හන්දියේ බාධක මැද ඉදිවූ බුදු පිළිමය


මිගමුව තෙල්වත්ත හන්දියේ නගර සභා භුමියේ තිබු කුඩා බුදු පිළිම වහන්සේ විශාල බුදු මැදුරක් ලෙස ඉදිකොට නිර්වාරණය කිරීම පසුගියදා සිදු වුවා.

ඒ මාදුළුවාවේ සෝභිත හිමියන් හා නාග විහාරාධිපති බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියන් අතිනි.

මෙම බුදු පිළිමවහන්සේ ඉදිවීම පිටුපස ඇත්තේ කටුක කතාවකි. දිගින් දිගටම එල්ලවූ විරෝධයන් හමුවේ නොසැලී තම අවසන් අරමුණ කරා යාමට එහි සංවිධායකයෝ සමත්වී ඇත.

මෙම බුදු පිළිමය ඉදි කිරීමේදී කලින් කලට විරෝධය එල්ල වූ අතර වරක් අධිකරණය දක්වා මෙම ගැටලුව ඇදී ගියේ මෙම බුදු පිළිමය නීති විරෝධී බව කියමිනි.

මිගමුව නගර සභාව මගින් එම බුදු පිළිමය එතනින් ඉවත් කිරීමට යෝජනාවක් ගෙන ආ අතර එයට පක්ෂව ජන්ද 11 ක් ලැබී තිබු අතර විපක්ෂව ජන්ද ලැබී තිබුනේ දෙකක් පමණි. කෙසේ නමුත් අවසානයේ වසර ගණනාවක් තිස්සේ ගෙන ආ සටන ජය ගැනීමට එහි සංවිධායකයෝ සමත්විණි.

මෙම බුදු පිළිමයට සම්බන්ධව මේ දිනවල තවත් කතාවක් පැතිරෙමින් පවතී. ඒ මෙම බුදු පිළිම වහසේට විරුද්ධව නැගී සිටි එක් කාන්තාවකට අත්වූ ඉරණම පිලිබඳවය. එම රිය අනතුරද මේ දිනවල ආන්දෝලනාත්මක මාතෘකාවක් වී ඇති හෙයින් ඒ පිලිබඳ වැඩි විස්තර මෙම ලිපියෙන් විස්තර වන්නේ නැත.Click on to play

බුදු පිළිම වහන්සේ නිරාවරණය කළදා ජායාරුප එකතුවක් පහතින් බලන්න

    
උපුටා ගැනීම:-http://ceylonradio.co.uk/

Sunday, October 14, 2012

ගව ඝාතනය නතර කළ නොහැකි ද?

         ‘සසර’යනු මහා දුක් කන්දරාවකි. මේ බව ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල දී දේශනාකර ඇත. ‘‘අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි නපඤ්ඤායති’’ සසර යනු ඉමක් කොනක් නොපෙනෙන මහා ප‍්‍රවාහයකි. අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා කෙළවරක් දැකිය නොහැකි මේ මහා සංසාරේ මාත් ඔබත් ගමන් කළ බව බුදුරාජාණන් වහන්සේ දේශනා කළහ. සත්ත්වයන් ඉබාගාතේ කිසිදු පිළිසරණක් නොමැතිව සංසාර ප‍්‍රවාහයට හසුව පාවී යන ජීවිතවලට සදාකාලික සැනසීමක් එක් කළේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ එසේ කළේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පිරූ පාරමීදම් බලයෙනි.

     එසේ නම් දැන් සසරේ ඉමක් නොපෙනුණත් කොනක් නැතැයි කියා පසුතැවිලි වන්නට අවශ්‍ය නැත. ලාබ, අලාභ, අයස, යස, නින්දා, ප‍්‍රශංසා, සැප, දුක් කියන්නා වූ අටලෝදහමට නිරන්තර හසුව ගත කරන මේ ජීවිතයට සදා සැනසිල්ලක් ඇති බව අපට පැහැදිලිය. ඒ උතුම් වූ පිළිසරණ අපට ලබා දුන් බුදුරජාණන් වහන්සේට නිරන්තර ආමිස පූජාවෙන් හා විශේෂයෙන් ප‍්‍රතිපත්ති පූජාවෙන් පිදුම් කළ යුතුය.


    බෞද්ධයන් හැටියට අප සදාකාලීක සැනසීමක් හෙවත් නිවනක් තිබෙන බව දැනගත්තත් තවම ඒ උතුම් වූ සැනසීම් මග සොයාගෙන නැති ආකාරයකි දකින්නට ලැබෙන්නේ. ඒ සඳහා කතා කරමින් හා සාකච්ඡුා සම්මන්ත‍්‍රණ පවත්වමින් සිටිමු. ඒනිසා සසරේ පවත්නා වූ නිවැරදි ලක්ෂණය හඳුනා නොගෙන ජීවත්වන්නෙමු. බුදුදහමේ සඳහන් සෑම කාරණාවක්ම අර්ථයෙන් පිරිපුන්ය. ඒ සෑම කරුණක්ම ජීවිතයේ යහමග කියා දෙන්නකි. එහෙත් නුවණක් බුද්ධියක් ඇති කෙනකුට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ඉපදීම, මරණය හෙවත් භවයෙන් භවයට ගමන් කිරීම හා සම්බන්ධ දේශනාව පමණක් සසරේ පවත්නා වූ ස්වභාවය තේරුම් ගැනීමට ඉවහල්වනු ඇත. සත්ත්වයන් හැටියට සංසාරේ විවිධ ආත්මභාව ලබා ගමන් කිරීම දැකිය හැකිය. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ භව ගමන පිළිබඳව බලනවිට පාරමීදම් පිරූ කාලය තුළ ද තිරිසන් ආත්මභාව ලබා ඇත. ඇත්, ගව, මුව, වඳුරු, නාග ආදී සත්ත්ව කුලවල ඉපිද ඇත.


    එසේ නම් පින්වත, අප විශේෂ පාරමී දහමක් පුරන්නටවත් ආරම්භයක් තිබේ ද? එය තම තමාගෙන්ම ඇසිය යුතුය. අනෙක් අයගෙන් නොඇසිය යුතුය. සමහරවිට එවැනි ආකාරයේ ආරම්භයක්වත් නැත්නම් අපේ ජීවිත සසරේ කුමන කුමන පැතිවලට ගමන් කරයි ද? අපේ ජීවිතයේ සැනසීම තීරණය වන්නේ අප කරන්නා වූ ක‍්‍රියාවන් අනුවය. අපව බෙදනු ලබන්නේ කර්මයයි. ‘‘කම්මං සත්තේ විභජති’’ ඒ අනුව තමා කරන ක‍්‍රියාවෙන් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් විය හැකිය. තමා කරන ක‍්‍රියාවෙන් මෝඩ මනුෂ්‍යයෙක් දුප්පත් මනුෂ්‍යයෙක්. අප‍්‍රියරූප ඇති මනුෂ්‍යයෙක් විය හැකිය. එසේම හරකෙක්, බූරුවෙක්, බල්ලෙක් වන්නට ද පිළිවන. එසේම දෙවියෙක්, බ‍්‍රහ්මයෙක්, භූතයෙක්, පිසාචයෙක් විය හැකිය. එසේම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් හා පසේබුදු, සම්මා සම්බුද්ධ තත්ත්වයන්ට පත්වීමට ද පිළිවන.


    විශ්ව සමාජය තුළ මිනිසුන් අතර වුවත් තිරිසන් සත්වයන් තුළ වුවත් විවිධ වර්ගීකරණ ඇත. මනුෂ්‍යයන් කෙතරම් සිටියත් එය එක් එක් මිනිසුන්ගේ කුසලය, අකුසලය අනුව රූපය, ගතිලක්ෂණය හා ලැබීම් වෙනස් ය. තිරිසන් සතුන් අතර වුවත් විවිධ වෙනස්කම් ඇත. සුනඛයන්ගේ විවිධ වර්ග ඇත. ඒ ඒ වර්ග අනුව ඉල්ලූම ද වෙනස්ය. සමහර සුනඛයන් සුඛෝපභෝගී ජීවිත ගතකරයි. තවත් සුනඛයන්ට කෑම බීමවත් නැත. දෙවියන් අතර වුවත් අල්පේශාඛ්‍ය, මහේශාඛ්‍ය වශයෙන් කොටස් දෙකක් ඇත. අල්පේශාඛ්‍ය යනු පිනෙන් අඩු අයයි. මහේශාඛ්‍ය යනු පිනෙන් පොහොසත් අයයි. මහරහතන් වහන්සේලා අතර වුවත් විවිධ ලක්ෂණ ඇත. සීවලී මහරහතන් වහන්සේට කුමන ස්ථානයක සිටියත් දානය ලැබුණු අතර ලෝසක මහරහතන් වහන්සේට කොතැන සිටියත් කුස පුරා දානය වළඳන්නට ලැබුණේ නැත. චක්‍ඛුපාල මහරහතන් වහන්සේ රහත්වන ආත්මභාවයේ උන්වහන්සේගේ ඇස් අන්ධ විය. මේ සෑම දෙයකටම හේතු කාරණා ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේට ද නිරන්තර හිසේ රුදාවක් තිබිණ. එයට හේතුව සසරේ එක්තරා ආත්මභාවයක මසුන් මරන්නෙකුගේ බිලී පිත්තට මාළුවෙකු හසුවී ගැහෙන ආකාරය දැක සතුටුවීම නිසාය. එසේ නම් අප කරන කටයුතු ගැන මීට වඩා සිතිය යුතුයි. ඒ මන්ද? සසරේ තව තවත් අපට ඈත ගමනක් යා යුතුව ඇති නිසාය.


  කොසොල් මහ රජතුමා දුටු සිහින දහසයේ කතා පුවත ඔබ අසා ඇතැයි සිතමි. එතුමා දුටු එම සිහින තමාටත්, රට වැසියන්ටත් හානියක් ඇද්දැයි එතුමාගේ පුරෝහිතයන්ගෙන් විමසීය. එවිට ඔවුන් ප‍්‍රකාශ කළේ ඔබටත් රටවාසීන්ටත් මහත් වූ අපලයක් ඇති බවය. එයට කුමක් කළ යුතු දැයි? රජතුමා ඇසූවිට පුරෝහිත බමුණන් කීවේ මහා යාගයක් කළයුතු බවයි. එනම් සත්ත්ව බිලි පූජාවක් කළ යුතුය යන්නයි. එසේ නම් සූදානම් කරවයි අණ කළේය. ටික වේලාවක් යන විට වත්ත පුරාම විවිධ වර්ගයේ සතුන් දකින්නට ලැබිණ. එළුවන් සියයක්, කුකුළන් සියයක්, ගවයින් සියයක් ආදී වශයෙන් ඒ ඒ සත්ත්ව කුලවලින් සියය බැගින් ඒ ඒ තැන්වල ගැට ගසා ඇති ආකාරය එතුමාගේ බිසව වූ මල්ලිකා දේවියට දැකගන්නට ලැබිණ. එය දැක විමතියෙන් මෙන් රජතුමාගෙන් මෙසේ ඇසීය. ‘‘රජතුමනි, මොකද මේ වත්තේ හැම තැනම සත්තු ගෙනත් දාලා තියෙන්නේ?’’ එවිට රජතුමා මෙසේ කීය.


‘‘දේවිය, මම ඊයේ රෑ සිහින දහසයක් දැක්කා, ඉතින් ඒක මටත් රට වැසියන්ටත් අපල බව පුරෝහිතයන් කියනවා. ඔවුන් කීවා මහා සත්ව යාගයක් පැවැත්වීමෙන් ඒ අපලයෙන් ගැලවෙන්න පිළිවන් කියා. ඒ යාගය කරන්නයි සූදානම් වෙන්නේ.


  මල්ලිකා දේවිය බුදු දහම ගැන දැන සිටි නිසා ඇයට මැනවින් රජතුමා කරන්නට යන නස්පැත්තිය ගැන වැටහුණාය. ඒ මොහොතේම රජතුමා සමග බුදරජාණන් වහන්සේ හමුවට ගියාය. උන්වහන්සේගේ අනුශාසනා පරිදි රජතුමා කරන්නට සූදානම් වූ සත්ත්ව බිලි පූජාව නතර කළේය. එවැනි සත්ත්ව බිලි පූජා ආගම් නාමයෙන් එදා තිබුණු බව ශාසන ඉතිහාසයෙන් පෙනී යයි. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප‍්‍රචලිත වීමෙන් ඒ සත්ව බිලි පූජා නතර විය. කුමන ආගමකට අයිති වුවත් තවත් කෙනකුගේ හෝ තිරිසන් සතකුගේ හෝ ජීවිතයක් විනාශ කර සෙතක් ලබන්න හෝ අපලයෙන් මිදෙන්න හෝ හැකියාවක් නැත. සත්වයෙක් ඝාතනය කිරීමෙන් තමාට ශාපයක්ම වනු ඇත.


- ගෝණදෙණියේ සීවලී හිමි-




Wednesday, October 10, 2012

අන්තවාදී මුස්ලිම්කරන වීම යනු දිය කොරහේ කිඹුලන් දැකීමක්ද?

අපේ රට මුස්ලින් ශ්‍රී ලoකාවක් වෙනදවස වැඩි ඈතක නෙවෙයි කියල අපි කිවුවම ඔයා හිනා වේවි. මෙච්චර සිOහල බෞද්ධයන් ඉන්න රටක් කොහොමද මුස්ලින් වෙන්නේ කියල. එත් මතක තියගන්න ඒක තමයි අමිහිරි යතාර්තය. බාහියන් කියන්නේ ලෝකයේ විශාලම හිටි පිලිම ඒව තිබුනේ ඇෆ්ගනිස්තානේ ඒ මුස්ලින් රටට බුදු පිලිම කොහෙන්ද, ඒව හැදුවේ ඒව විනශ කරපු මුස්ලිම් ජතිකයන්ගේ මුතුන්මිත්තෝ කියල ඔයා හිතනවද, හොද රජ්යය අනුග්‍රහයක් නැතුව ඒ වගේ නිර්මාණයක් කරන්න පුලුවන් කියල ඔයා හිතනවද, එහේනම් පිළිගත හැකි යතාර්තය ඒ රටවල හිටපු බුදු දහම අදහපු මිනිස්සු ඒ නිර්මාණ කලා කියන එක නේද, ඉතින් හෙට උදාවෙන්නෙ අපේ වාරය බව පිලිගන්න බැරිද, ඔයට තවමත් අවිස්වාසනම් ඉන්දුනීසියාවෙ මොකද වෙන්නේ කියල හොයල බලන්න.
පකිස්ථානය, බංගල්දේශය, ඇෆ්ගනිස්ථානය,පිලිපීනය, මැලේසියාව හා ඉරානය ඇතුළු ගල්ෆ් රටවල් කලකට පෙර ප්‍රධාන බෞද්ධ රටවල් ලෙස පැවතුන අතර, තුන්වන ධර්ම සංඝායනාවට වැඩිපුරම රහතන් වහන්සේලා වැඩම කලේද ඉරානයෙන්ය. 

මුස්ලිම්වරුන් මේ රටවල් ඉතා අමානුෂික ලෙස ආක්‍රමණය කල අතර පකිස්ථානයේ පමණක් භිෂුන් වහන්සේලා දහස් ගණනක් මරා දමන ලදී. ඒ රටවල් මුස්ලිම් වරුන්ට ආක්‍රමණය කිරීමට ඉතා පහසු වුයේ බෞද්ධයන් ආගමික සහජීවනය කියා නිහඩව සිටීම නිසාවෙනි.
අපේ රටේ සමාධි පිළිමය, අවුකන පිළිමය, ගල් විහාරයේ පිළිම මේ පිළිම කියුබ් ගානට බෝරදාල මුස්ලිම් පල්ලිවල අත්තිවාරම් දාන්න කලු ගල්වලට කඩන දවස වැඩි ඇතක නෙවෙයි..... සමහරවිට අපිට ඒ කාලකන්නි දවස අපේ ඇස්වලින් දකින්න පුලුවම් වේවි...........

හැබැයි අද කටවහගෙන ඉදල එදාට අනේ අපෝයි කිවුවට වැඩක් නැතිවේයි




                                                      











උපුටා ගැනීම:-අන්තවාදී මුස්ලිම්කරනය හා කිූස්තියානිකරනය සහ ෙහළ සාරධර්ම විනාශයට ඵෙෙරහිව

Tuesday, October 9, 2012

ලෝකයම අන්ධකාරයේ ගිලෙන දින තුනක්?



මේ දිනවල ෆේස් බුක් වබේ අඩවිය ඔස්සේ ද, ඊමේල් මාර්ගයෙන් ද පැතිර යන එක්තරා අපූරු ආරංචියක් විශාල ආන්දෝලනයකට තුඩු දී තිබේ. මෙම ආරංචියෙන් කියවෙන්නේ මෙම වසරේ (2012) දෙසැම්බර් මස 22,23 සහ 24 යන දින තුන තුළ මුළු මහත...් පෘථිවියම අන්ධකාරයෙන් වැසී යනු ඇති බවයි. දින තුනක් පුරා සූර්යාලෝකය පෘථිවිය මත පතිත නොවනු ඇති බව ඒ මගින් කියවේ. විශ්වයේ ඇතිවන කිසියම් විපර්යාසයක් නිසා මෙබඳු සිද

්ධියක් සිදුවනු ඇති බවට අනාවැකි පවසා ඇත්තේ ඇමෙරිකාවේ සුප්‍රකට අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයක් වන නාසා (NASA) ආයතනය බවද මෙම විද්‍යුත් ආරංචිය විසින් පවසනු ලබයි.

මෙයින් කියවෙන ආකාරයට 2012 දෙසැම්බර් 21 දා විශ්වයේ කිසියම් සුවිශේෂී පිහිටීමක් ඇති වෙයි. එම පිහිටීමෙහි ප්‍රතිඵලයක් ලෙස දින තුනක කාලයකට පෘථිවියට සූර්ය ආලෝකය නොලැබි යයි. ඇතැම් ඊමේල් පණිවුඩවලට අනුව මෙහි දී සිදුවන්නේ සූර්යයා සහ සියලුම ග්‍රහලෝක එකම සරල රේඛාවක් දිගේ පිහිටීමයි. ඉතා විරල සිදුවීමක් වන මේ සිද්ධිය නිසා පෘථිවිය මත අවුල් සහගත තත්ත්වයන් ඇති විය හැකි බව සඳහන් කරයි. පෘථිවිය වර්තමාන තුන්වැනි මාන තත්ත්වයේ (3rd dimension) සිට ශුන්‍ය මාන තත්ත්වයක් zero dimension තත්ත්වයක් අත්කරගන්නා බවත්, ඉන්පසු සිව්වැනි මාන 4rd dimension තත්ත්වයක් දක්වා පරිවර්තනය වන බවත් එහි දැක්වේ. මෙම කාලය තුළ සමස්ත විශ්වයම විශාල විපර්යාසයකට බඳුන් වන බවද, ඉන්පසු උදාවනු ඇත්තේ අලුත්ම ලෝකයක් බවද වැඩිදුරටත් මෙහි සඳහන් කර තිබේ.

දෙසැම්බර් අවසාන සතියේ විශේෂ වැඩකටයුතු යොදා නොගන්නා ලෙසද, නිවෙස්වලින් බැහැර නොයන ලෙසද මෙම විද්‍යුත් පණිවුඩ අනතුරු අඟවයි. දුරකතන, අන්තර්ජාල ඇතුළු සන්නිවේදන සබඳතා බිඳ වැටෙනු ඇති බවද පැවසේ.

ඇතිවිය හැකි අවුල් සහගත තත්ත්වයන් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත්ව සිටිය යුතු බවද, එසේ දැනුම්වත් නොවුවහොත් බොහෝ දෙනෙකු මේ අනපේක්ෂිත සිද්ධියෙන් බියට පත්ව මිය යනු ඇති බවද සඳහන් කර ඇත.

පසුගිය සතිය තුළ මෙම විද්‍යුත් පණිවුඩය ලොව පුරා සංසරණය වීමට පටන් ගැනීමත් සමග බොහෝ දෙනෙකු ඒ ගැන සොයා බලන්නට පටන්ගත් අතර මෙය සත්‍යයක්ද යන කුතුහලය විශාල පිරිසක් තුළ ඇති විය.

කෙසේ වෙතත් අවසානයේ අනාවරණය වූයේ මෙය මුළුමනින්ම සත්‍යයෙන් තොර ප්‍රවෘත්තියක් බවයි. නාසා ආයතනය මෙවැනි කිසිදු අනාවැකියක් පළ කර නොමැති බව එහිදී වාර්තා විය. මෙහි සඳහන් තුන්වැනි මානය, සිව් වැනි මානය වැනි යෙදුම් පවා විද්‍යාත්මක වශයෙන් කිසිදු අර්ථයක් නැති යෙදුම් බවද විද්‍යාඥයන් පවසා තිබිණ.

කෙසේ වෙතත් දෙසැම්බර් මාසයේ මෙහි සඳහන් වන දිනවල අප ජීවත් වන පෘථිවිය අයත් වන ක්ෂීරපථය (milkyway) චක්‍රාවාටයේ හෙවත් ගැලැක්සියේ කිසියම් විශේෂ සිද්ධියක් සිදුවන බව නම් තාරකා විද්‍යාඥයෝ පිළිගනිති. (ගැලැක්සියක් යනු සූර්යයා වැනි තවත් තාරකාද ග්‍රහ මණ්ඩල ද කෝටි ප්‍රකෝටි ගණනක් ඇති අතිවිශාල පද්ධතියකි-ඡායාරූපය බලන්න)



මෙහිදී සිදුවන්නේ පෘථීවියේ සිට බලන විට අපගේ ගැලැක්සියේ කේන්ද්‍රය හරහා සූර්යයා, ගමන් කරන ආකාරයක් පෙනී යාමයි. එය පෘථිවියේ සිට බලන විට පෙනෙන ආකාරය විනා එහිදී ඇත්ත වශයෙන් සූර්යයා ගැලැක්සියේ කේන්ද්‍රය හරහා ගමන් කිරීමක් සිදු නොවේ. ඇත්ත වශයෙන් සිදුවන්නේ පෘථීවියත්, ගැලැක්සියේ කේන්ද්‍රයත් ඒ මැදින් සූර්යයාත් එකපෙළට පිහිටීමයි.

ඉහත කී ආකාරයේ ව්‍යාජ විද්‍යුත් පණිවුඩයකට තුඩු දෙන්නට ඇත්තේ විශ්වයේ මෙකී සිදුවීම විය හැකි බවට විද්‍යාඥයෝ අනුමාන කරති. අප ජීවත් වන ක්ෂීර පථය නම් ගැලැක්සියේ කේන්ද්‍රයේ කළු කුහරයක් (black hole) පිහිටා ඇති අතර කළු කුහරයක් යනු තවමත් සියයට සියයක් පැහැදිලි කිරීමක් කර නැති බොහෝ දුරට ගුප්ත සංසිද්ධියකි.

අන්තර්ජාලයේ සැරිසරන බිය උපදවන විද්‍යුත් පණිවුඩය බිහි වන්නට ඇත්තේ මේ සියලු තත්ත්වයන් පසුබිම් කරගෙන විය හැකිය යන්න තාරකා විද්‍යාඥයන්ගේ අදහසයි. නමුත් ඔවුන් ස්ථිර වශයෙන්ම පවසන්නේ දෙසැම්බර් අවසන් සතියේ මේ කියන විදියේ අන්ධකාරයක් විසින් ලෝකය බිලි නොගනු ඇති බවයි.

සූර්යයා අප ගැලැක්සියේ කේන්ද්‍රය ඉදිරියෙන් ගමන් කරන බව පෙනෙන අවස්ථාවේ සූර්යයාත් එම කේන්ද්‍රයත් අතර දුර ආලෝක වර්ෂ 28,000 ක් හෙවත් සැතපුම් ට්‍රිලියන 165,000 ක් වීම ඊට හේතුවයි.


[උපුටගැනිමකි]