තරු සිත්තම

a

Wednesday, August 29, 2012

ශ්‍රී ලංකාවේ උපතලැබූ බලයලත් නිලධාරී සුරේෂ් ඇෆ්ගනිස්තානයේදී මරුට

ශ්‍රී ලංකාවේ උපත ලබා ඇමරිකා ගුවන් හමුදාවේ සේවය කළ එහි ප්‍රධාන බලයලත් නිලධාරී සුරේෂ් එන්.ඒ.කෘසේ ඇෆ්ගනිස්ථාන මෙහෙයුමකදී සඳුදා රාත්‍රියේ සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබේ. බ්ලැක් හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගිනිගෙන කඩාවැටීමෙන් සුරේෂ් ඇතුළු ඇමරිකා හමුදා නිලධාරීන් හත් දෙනකු, ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක හමුදාවේ තිදෙනකු සහ සිවිල් වැසියකු දෙනකු ද මියගොස් ඇතැයි ඇමරිකා හමුදාව පවසයි. නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේදී වෙඩි තබා හෙලිකොප්ටරය බිම දැමූවේයැයි තලෙයිබාන් සටන්කාමීන් ප්‍රකාශ කළ ද ඇමරිකාව පවසන්නේ යානයේ අනතුරට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති බවයි. මියයන විට 29 හැවිරිදි වියේ පසුවූ සුරේස් 2007 පෙබරවාරි 01 දා ඇමරිකා හමුදාවට එක්ව 2009 ජුනි 22 දා සිට බ්ලැක් හෝක් ගුවන් නියමුවෙකු වූවේය.




Thursday, August 16, 2012

නිලූෂාගේ සංවේදී කතාව



මම රෝද පුටුවෙන් එන නිසා පංති භාර මිස්‌ බනිනවා

නිලූෂාගේ සංවේදී කතාව

අනේ මගේ කකුල් හොඳ කරගන්න උදව් කරන්න

"අනේ මාමේ මට ඉස්‌කෝලේ යන්න හරිම ආසයි. ඒත් මගේ කකුල් දෙක නැතිව ආබාධිත වී රෝද පුටුවෙන් යන නිසා පංතිය භාර මිස්‌ මට නිතරම බනිනවා. මට උදව් කරන ළමයින්ටත් බනිනවා. ඒ නිසා මට ඉස්‌කෝලෙ ගමන එපා වුණා. අනේ මාමේ මගේ කකුල් දෙක හොඳ කිරීමට උදව් කරලා නැවතත් මට පාසල් යන්න අවස්‌ථාව ලබා දෙන්න" යෑයි වැඳ වැටෙමින් පුංචි ළමා ලෝකයේ අසරණ තත්ත්වයට පත්ව සිටි 13 හැවිරිදි නිලුෂා ආනන්දි හේවාමානගේ දියණියගේ මුවින් නැඟුණු අඳෝනාවෙන් අපගේ හදවත සසල විය.

අසරණ වූ මෙම දැරියගේ තොරතුරු සොයා අල්පිටිය. තණබද්දේගම, කොකරකන්ද ජන උදාන ගම්මානය බලා ගිය අපට දැරියගේ මව වන දිනුෂා උදේනි වීරසිංහ මහත්මිය පැවසූ කඳුළු කතාවයි මේ.

මහත්තයො වීරකෝන් ඇමැතිතුමා 1997 වසරේදී ලබාදුන් මේ ඉඩමේ පුංචි කටුමැටි නිවසක්‌ තනාගෙන මමත්, මහත්තයත් පදිංචියට ආවා. ඒ එන විටත් මගේ මහත්තයට හරිහමන් රැකියාවක්‌ තිබුණේ නෑ. එයාගේ අයියා සමඟ ගෙවල් වයරින් කරන වැඩවලට ගොස්‌ ලැබෙන සොච්චම් මුදලින් අපි සතුටින් ජීවත් වුණා.

1999 වසරේදී නිලූෂා දුව ඉපදෙන විට ගැබට මාස 6 ක්‌ සම්පූර්ණ වූවා පමණයි. අඩු මාසයෙන් ඉපදුණු ඇය ඉතා පරෙස්‌සමින් රැකබලා ගත්තත් ඇයගේ දෙපා පණ නැති වුණා. ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය වී. ස්‌වර්ණකුමාර මහතාට දරුවා පෙන්වූ විට ඒ මහතා පැවසුවේ දරුවාගේ දෙපාවලට සම්බන්ධ බල නහර ඇදී ඇති නිසා කොළඹ ජාතික රෝහලේදී සැත්කම් 4 ක්‌ සිදුකළ යුතු බවයි.

ඒ සඳහා ලොකු මුදලක්‌ වැය කිරිමට සිදුවන බවත් දොස්‌තර මහතා පැවසුවා. මගේ මහත්තයට හරිහමන් රැකියාවක්‌ නැති නිසා මමත් කුලී වැඩට යනවා. පාසල් යන වයසේ තව දරුවො දෙන්නෙක්‌ නඩත්තු කරන්න ඕනෑ. ලොකු මුදලක්‌ සොයා ගන්නවා කියන්නේ අපට ලොකු ප්‍රශ්නයක්‌. අපේ දුක ගැන වැලිවිටිය දිවිතුරු ප්‍රාදේශීය ලේකම්තුමාට කිව්වාම එතුමා දුවට පාසල් යන්න රෝද පුටුවක්‌ ලබා දුන්නා. අපේ ගෙදරට යන පාර කැඩී වළවල් හෑරී ඇති නිසා රෝද පුටුවෙන් යන්න බැරි නිසා රෝද පුටුව පාසල අසල ගෙදරක තබා ඒ ගෙදර ළඟට දුව වඩාගෙන ගොස්‌ එතැන සිට පාසලට රෝද පුටුවෙන් තබා අරගෙන ගියා.



රෝද පුටුවෙන් පාසලට ගිය මගේ දුවට පංති භාර ගුරුතුමිය නොයෙක්‌ කෙනෙහිලිකම් කළ නිසා දුව පාසල් යන්න බෑ කියා දිනපතා අඬනවා. මේ පිළිබඳව සොයන්න පාසලට ගිය මට පාසලේ විදුහල්පති සහ පංතිය භාර ගුරුතුමිය බැන වැදී දුව පාසලට එවන්න එපා කිව්වා. ඉන් පසු දුවගේ පාසල් ගමන අතරමඟ නතර වුණා. ඒ පාසලට ගිය අනිත් දුවල දෙන්නටත් ගුරුවරුන්ගෙන් විවිධ කෙනෙහිලිකම් සිදුවුණ නිසා ඒ දෙන්නත් ඒ පාසලෙන් අයින් කරල වෙනත් පාසලකට යවන්න සිදුවුණා. මේ නිසා අපට තවත් අමතර වියදමක්‌ දරන්න සිදුවුණා.

දැන් අපි අන්ත අසරණ වෙලා. දුව නිතරම අඬ අඬා කියන්නේ කකුල් දෙක හදලා පාසල් යන්න අවස්‌ථාව ලබා දෙන්න කියලයි. මගේ අසරණ දුවට දෙපයින් යන්න සලස්‌වල දෙනව නම් ඒ අයට බුදුබව අත්වෙනවා

මේ අසරණ දරුවාගේ දෙපා යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සැත්කම සඳහා දායක වීමට කැමැති පින්වතුන්ට ඇයගේ මව වන දිනුෂා උදේනි වීරසිංහ නමින් ඇල්පිටිය මහජන බැංකුවේ පවත්වා ගෙන යන 07320010003399 අංක දරන ඉතිරි කිරීමේ ගිණුමට මුදල් බැර කළ හැකිය. 072 8479578 දුරකථනයෙන් අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය. දැරියගේ පියාගේ ලිපිනය හේවාමානගේ අජිත් කුමාර, කොකරකන්ද ජන උදාන ගම්මානය, තණබද්දේගම. ඇත්කඳුර වේ.


Wednesday, August 15, 2012

ප්‍රශ්නය.

සම්මුඛ පරීක්‍ෂකවරයා: ගුවන් යානයක ගඩොල් කැට 50ක් ඇත.ඔබ ඉන් ඒකක් පිටතට විසික් කළොත් කොපමණ ප්‍රමාණයක් ඉතුරු වි තිබේද?




අයදුම්කරු: ඒක ලේසියි,49යි.



සම්මුඛ පරීක්‍ෂකවරයා: මොනවද පියවර තුන අලියෙකු ශ්‍රීතකරණයක් තුළට දැමිමට?

...

අයදුම්කරු: ශ්‍රීතකරණය අරින්න,අලියා එය තුළට දමන්න,ශ්‍රීතකරණය වසන්න.



සම්මුඛ පරීක්‍ෂකවරයා: මොනවද පියවර හතර මුවෙකු ශ්‍රීතකරණයක් තුළට දැමිමට?



අයදුම්කරු: ශ්‍රීතකරණය අරින්න.

අලියව පිටතට අර ගන්න.

මුවාව ඇතුළට දමන්න.

ශ්‍රීතකරණය වහන්න.



සම්මුඛ පරීක්‍ෂකවරයා: එය වෙනවා සිංහයගේ උපන්දිනය,සියලුම සතුන් එහි පැමිණ සිටිනවා එක්කෙනෙකු හැර,ඒ ඇයි?



අයදුම්කරු: මක්නිසාද මුවා සිටින්නේ ශ්‍රීතකරණය ඇතුළේ.



සම්මුඛ පරීක්‍ෂකවරයා: කොහොමද වයසක කාන්තාවක් වගුරකින් එතර වෙන්නේ කිඹුලන්ගෙන් පිරී ඇති?



අයදුම්කරු:ඇයට එයින් එතර විමට පුලුවන් මක්නිසාද කිඹුලන් සිටින්නේ සිංහයගේ උපන්දිනය තියන තැන



සම්මුඛ පරීක්‍ෂකවරයා: අවසාන ප්‍රශ්නය.

ඒ වුණත් අවසානයෙදි මහලු කාන්තාව මැරුණා.ඒ ඇයි?



අයදුම්කරු: ඇත්තටම...මම අනුමාන කරනවා ඇය ගිලි මැරෙන්න ඇතැයි කියලා?



සම්මුඛ පරීක්‍ෂකවරයා: නෑ.ඇයට වැදුනා ගඩොල් කැටය ගුවන් යානයෙන් වැටුණු.දැන් ඔබට යන්න පුලුවන් .......    

Thursday, August 2, 2012

2012 දී සිදුවන බවට සැළකෙන මහා විනාශයක්

     භූගෝල විද්‍යාව ඉගෙන ගන්නා අප පාසල් වියේ දී පෘඵිවියේ පැවැත්ම හා එහි විකාශය පිළිබඳ ඉගෙන ගන්නෙමු. ඒ නිසාවෙන් පෘඵිවියේ විනාශය පිළිබඳ තතු දැන ගැනීමට ද අප තුළ ඇත්තේ දැඩි ආශාවකි.


   මේ දිනවල වැඩි දෙනෙකුගේ අවධානයට පාත්‍ර වී ඇත්තේ තවත් දෙවසරකට පසුව උදාවන 2012 වසරේ දෙසැම්බර් 21 වන දා මහා විනාශයක් සිදු වී පෘථීවිය මතින් ජීවය තුරන් වේ ද යන්න පිළිබඳව ය.2012 වසරේ ලෝක විනාශය පිළිබිඹු කෙරෙන විවිධ සිනමා නිර්මාණයන් ද වත්මනයේ දක්නට ලැබේ.සැබැවින්ම 2012 වසරේ සිදු වෙතැයි සිතෙන මෙම මහා විනාසය පිළිබඳ මතවාද පැතිර යන්නේ අද ඊයෙක පටන් නොවේ.පෘථිවිය මත ජීවින්ගේ අවසානය පිළිබඳ හා ‍භෞතික වශයෙන් කෙදිනක හෝ ලෝක විනාශය වන බවට විවිධ ආගම්වල ඇති මතවාද හා විවිධ දාර්ශනිකයන් පළ කර ඇති මතවාද නිසා එවන්නක් ගැන මිනිසා තුළ අනියත විශ්වාසයක් පැවතීම පුදුමයක් නොවේ.

   2012 දී සිදුවන බවට සැළකෙන මහා විනාශයක් පිළිබඳ මතයට මුලික පදනම අදින් වසර පන්දහස් ගණනකට එපිට පැවති මයා ශිෂ්ටාචාරයේ සිට පැවත එන්නකි.මයා ශිෂ්ටාචාරය භාවිතා කළ අතිශය සංකීර්ණ වසර පන්දහසකට වඩා දිගු මායා දින දර්ශනය 2012 දෙසැම්බර් 21 වනදායින් අවසන් වීම මෙයට හේතුව යි.මායාවරුන් යනු තර්කශාස්ත්‍රය, විද්‍යාව හා ජ්‍යොතිෂය පිළිබඳ මනා දැනුමකින් හෙබි, බුද්ධි මට්ටමින් ඉහළ ලෝකය පිළිබඳ අවබෝධයෙන් ජීවත් වු පිරිසකි.මායා ශිෂ්ටාචාරය අද මධ්‍යම ඇමරිකාව ලෙස සලකන මෙක්සිකෝව, ගෝතමාලාව, සහ එල් සැල්වදෝරය යන රටවල භූමි භාගය පුරා විසිරී පැවති ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයකි.අද අප භාව්තා කරන දින දසුනේ 2012 වසරේ දෙසැම්බර් 21 වනදාට මායාවරුන්ගේ දිගු දින දසුන අවසන් වේ.එදිනට පෘථීවිය මත විනාශයක් සිදු වී නව යුගයක් උදා වන බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.මෙම විනාශය පිළිබඳ ඔවුන්ගේ ඉපැරණි ශිලා ලේඛනයක ද සංකේතානුසාරයෙන් දක්වා ඇති බව පිළිගැනේ. එහෙත් ඇතැම් අයගේ මතය වී ඇත්තේ මානව ශිෂ්ටාචාරයේ ආරම්භක යුගයක පළ වු එවැනි අනාවැකියක් වත්මන් දියුනු ශිෂ්ටාචාරය පිළිගත යුතු ද යන්න යි. එහෙත් මෙම මතය පහසුවෙන් බැහැර කළ හැකි ද ?

   ලෝක විනාශය පිළිබඳ අනාවැකි පළ කර ඇති මහා දාර්ශනිකයන් අතර නොස්ට්‍රාඩාමුස් හා එඩ්ගාකේසි වැදගත් වේ. නොස්ට්‍රාඩාමුස් 1503 දෙසැම්බර් 14 වනදා ප්‍රංශයේ ශාන්ත රෙම් හි උපත ලැබු අතර අනාගතයේ ලොව සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ අනාවැකි පළ කරන ලදි. ඔහු පළ කළ එවැනි අනාවැකි බොහොමයක් සත්‍ය ලෙසම සිදු විය.2012 වසරේ දී පෘථිවිය මත ගැටෙන ග්‍රාහකයක් හේතුවෙන් ලෝකය මහා ව්‍යවුලකට පත් වී ඒ හේතුවෙන් තෙවන ලෝක යුද්ධය ආරම්භ වන බවට ඔහුගේ අනාවැකියකින් ප්‍රකට වේ. මෙම ග්‍රාහකයා සුමේරියානු ශිෂ්ටාචාරයේ එන 'තිබුරු' නම් ග්‍රහ ලෝකය බවට විශ්වාසයක් ඇති වී තිබේ.එඩ්ගාකේසි ට අනුව පෘථිවායේ චුම්බක ධ්‍රැව වෙනස් වීම නිසා ලෝක විනාශය සිදු වන බව යි.

පෘථිවියේ චුම්බක ධ්‍රැව වෙනස් වීම නිසා සිදු වන විනාශයන් පිළිබඳ අප තුළ දැනුමක් තිබිය යුතුය. විශාල භූමි කම්පා ඇතිවීම, ගිනි කදු, ටොනෙ‍‍‍ඩො හා මහා සුළි සුළං ඇති වන්නේ පෘථිවියේ චුම්බක ධ්‍රැව වෙනස් වීම නිසා ය. දිනෙන් දින මෙවැනි මහා ව්‍යසන පිළිබඳ අපට අසන්නට ලැබේ. මෙවැනි ව්‍යසන ඇතිවීමට වග කිව යුත්තේ කවු ද? වර්තමානයේ මිනිසා පරිසරය සමඟ ගනු දෙනු කරන ආකාරය ගැන සළකා බැලීමේ දී මුළු මිනිස් සංහතියම භයානක අඩියකට පියමනිමින් සිටින බවට කිසිදු සැකයක් නැත.පරිසර විද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයට මිනිසා අතින් සිදුවන පරිසර විනාශය හේතු කොට ගෙන ගෝලීය උනුසුම් වීම ඉහළ ලොස් ඇත.පසුගිය දා හයිටියේ ඇති වු භූමි කම්පාවට හේතු වු චුම්භක ධ්‍රැව වෙනස්වීම අයිස් කදු දියවීම නිසා ඇතිවුවක් ද යන්න සැකයට බදුන් වී ඇති කරුණකි.

   කෙසේ හෝ තාක්ෂණයේ දියුනුවත්, කාර්මිකරණයත් සමග අත්වැල් බැද ගෙන සංවර්ධනය කරා පියමනින ලෝකයෙහි, මිනිසා පරිසරය සමග ගනු දෙනු කරන ආකාරය දිහා බැලු විට ලෝක විනාශය වැඩි ඈතක නොවන බවට ඇති සාධක බොහෝ ය.



උපුටා ගැනීම:- දිවයින 2010 පෙබරවාරි 14