තරු සිත්තම

a

Monday, December 24, 2012

ඉතාලියේ පාර්වා නුවර සිලෝන් කොපරතීවා අධිපති ටී ජි සුනිල් ශාන්ත මහතා මහලු මවට සතුටු කඳුළු ගෙනෙයි


දහස් ගණනක් ගැවසෙන පිලියන්දල නගරයේ පදික වේදිකාවක් මත සිඟමන් යදින මහලු කාන්තාවකි. ඇය සමග අවුරුදු තූනක් පමන වයසැති කූඩා දරුවෙකි.
මෙ දෙස බලාසිටීන කරුණාවන්ත පුද්ගලයෙක් මොවුන් දෙදෙනා අසලට පැමිණෙයි. ඔහු මහලු කාන්තාවගෙන් තොරතූරු වීමසයි. ඵහෙත් ඇයට කතාකළ නොහැකිය. ඇය ගොලුය. කූඩාදරුවාගේ හිස අතගාමින් දරුවා සමග දොඩමලු වන මෙම පුද්ගලයා ලගට පැමිණේන ඵ් අසල වෙළදසැල් හිමියෙකූ මහලු කාන්තාවත හා  දරුවා ගැන තොරතූරු කියයි.
මහත්තයෝ මේ ආචිචි ගොඩක් කල් ඉදලා මෙතන ඉන්නේ. දුවගේ දරවො තමයි මේ ඉන්නේ. දරුවා ආච්චිගාව දාලා දුව අතූරුදන් වෙලා. ආචිචි හිඟා කාලා දරුවට කන්න බොන්න දෙනවා වගේම දරුවගේ ගිණුමට සල්ලිත් දානවා.
ඒසමග මහලු කාන්තාව තම කඩමල්ලේ තිබු බැංකූ පොත රැගෙන ඔහුට පෙන්වයි. දරුවාගේ නමින් රුපියල් 15000ක්  ගිණුමට ඇය බැරකොට තිඛෙි. ආචිචිගේ බලාපොරොත්තූව රුපියල් පනස් දහසක් වෙනකමි ගිණුමට සල්ලි දාන්නයි වෙළඳසල් හිමියා තවත් තොරතූරු කියයි.
දරුවාත් මහලු කාන්තාාවත් ගිණුම ආරමිභ කළ බැංකූවට රැගෙන යන මෙම පුද්ගලයා දරුවාගේ ගිණුමට තවත් රුපියල් 35000ක් බැරකොට ආවිවිගේ නොනිමි ආශාව ඵහිදි ඉටුකර දෙයි.
සතූට ඉවසාගත නොහැකිව මහලු කාන්තාව හඩා වැටෙනා විට දෑසට ඉණූ කදුළු පිසදමමින් බැංකූවෙන් පිටවනුයේ අන් කවරෙකූ නොව ඉතාලියේ පාර්වා නුවර සිලෝන් කොපරතීවා අධිපති ටී ජි සුනිල් ශාන්ත මහතායි.

උපුටා ගැනීම:http://www.lankadeepa.lk/index.php/articles/87884-

Tuesday, December 18, 2012

බුදු මැදුර කැඩුනත් බුදු රුවට හානියක් නෑ


අධික වර්ෂාවත් සමග ලාහුගල ඓතිහාසික කිරි වෙහෙරේ බෝධින් වහන්සේ මුලින් ඉගිලී ගොස් බුදු මැදුරට වැටී එය සම්පූර්ණයෙන්ම විනාශ වූ නමුත් බුදු පිළිමවහන්සේට කිසිම හානියක් සිදු වුණේ නැත.



Thursday, December 13, 2012

පෘථිවිය අවදානමක, උල්කාපාත 6200ක් පෘථිවිය වටා


  පෘථිවි වායුගෝලය තුළ විනාශ නොවී පැවතිය හැකි මෙන්ම ඕනෑම මොහොතක මහ පොලවේ විනාශයක් සිදුකළ හැකි හානිකර උල්කාපාත 6,200 ක් පමණ පෘථිවිය වටා සැරිසරන බව ඇමරිකානු නාසා ආයතනය පවසයි.

  පෘථිවියේ සිට සැතපුම් මිලියන 05 ක් දුර පවතින උල්කාවන් ගවේෂණයට ලක් කරන අඟල් දහසයේ කාච සහිත නාසා ආයතනයේ වයිස් දුරේක්ෂය මගින් ලබා ගත් පෘථිවිය වටා පවතින හානිකර උල්කාවන් සහිත ඡයාරූපයක් ද නාසා ආයතනය මගින් නිකුත් කර ඇකි අකර මහ පොලවේ ගැටුනහොත් එම උල්කා මගින් මහා පරිමාණ හානි සිදුකළ හැකි බව නාසා විද්‍යාඥයන්ගේ අදහසයි.
මීටර් 100 කට වඩා දිග පළළ උල්කාවන් පෘථිවියේ ගැටීමෙන් හානියක් සිදුකළ හැකි බව විශ්වාස කරන නාසා ආයතනය පෘථිවිය වටා සැරිසරන මෙවැනි හානිකර උල්කාපාත පිළිබඳව පෘථිවි වාසීන් කලබලයට පත්නොවිය යුතු බවද කියා සිටී.

  කෙසේ වෙතත් උල්කා මගින් අනාගතයේ ඇතිවිය හැකි ආපදාවලට පෘථිවි වාසීන් සූදානම් විය යුතු බව ඔවුන් අවධාරණය කරයි.


උපුටා ගැනීම:http://lankacnews.com/sinhala/main-news/60165/