තරු සිත්තම

a

Sunday, August 18, 2013

993 ලංගම බසයෙන් උතුම් ක්‍රියාවක්



    දිනය 2013 අගෝස්තු මස 17 එනම් අදය. වෙලාව රාත්‍රී 7.30 ට පමණය. මාර්ග අංක 993 යටතේ මහරගම සිට මාලබේ දක්වා ගමන් කරමින් තිබුණු මහරගම ඩිපෝවේ 63-3191 බස් රථයයි. බසයේ සිට මගියෙකුට හදිස්සියේ හෘදය ආබධයක් වැළඳුනි. ඒ වන විට බසය විද්‍යාල හන්දිය ප්‍රදේශයට ලඟා වී තිබුණි. විගසින් බසයෙන් බැසගත් රියදුරු හා කොන්දොස්තර මහත්වරු ත්‍රිරෝද රථ කරුවන් කරා දිවගියේ රෝගියා ආසන්නම හෝමාගම රෝහලට ඇතුල් කරවීමේ අරමුණෙනි. එහෙත් ත්‍රිරෝද රථ කරුවන් ගෙන් ලැබුණු ප්‍රතිචාර නම් යහපත් ඒවා නොවීය. අනෙක් මගීන් මාලබේ වෙත ගෙනයෑමේ වගකීමද ඔවුන් සතුය. කෙසේ වෙතත් ඊට පසු ධාවන වාරයට නියමිත පුද්ගලික බස් රථය ඒ වන විට විද්‍යාල හන්දිය දෙසට ඇදෙමින් තිබුණි. විනාඩි කීපයකින් බසය විද්‍යාල හන්දියට ලඟා විය. විගසින් තම බසයේ සිටි පිරිස පුද්ගලික බස් රථයට නැංවූ රියදුරු හා කොන්දොස්තර මහත්වරු, අසරණ රෝගියාද රැගෙන හෝමාගම රෝහල වෙත යාමට තීරණය කළේය. හැකි උපරිම වේගයෙන් පියඹා ගොස් රෝගියා හෝමාගම රෝහල වෙත ඇතුල් කරවීමට ඔවුන් දෙපලට හැකි විය.

     රෝගියාට රෝහලේදී මූලික ප්‍රතිකාර ඉක්මනින්ම ලබාදී ඇත. ඒ වන විටද රෝගියා ජීවිත අවධානමකට ලක්ව සිට ඇත. ලංගම බසයේ සේවක දෙපල ගේ මේ උතුම් ක්‍රියාව නිසා ඒ අසරණ රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට හැකිව තිබේ. මේ උතුම් ක්‍රියාව රෝහලේ වෛද්‍ය වරු ඇතුළු කාර්යමණ්ඩලයේද දැඩි පැසසුමට ලක්ව තිබේ.


මෙවන් උතුම් සේවකයන් නිසා රටේ ජනතාව තම ජාතික ප්‍රවාහන සේවය පිලිබඳ දක්වන ගෞරවාදරය තව තවත් වැඩි වනු ඇත.


මෙම උතුම් ක්‍රියාව සිදු කල මහරගම ඩිපෝවේ රියදුරු සමන් කුමාර මහතාට සහ කොන්දොස්තර ඩබ්. ජී. එරංග යන මහත්වරුන්ට 
තරු සිත්තම  උපහාරය.!



උපුටා ගැනීම:-https://www.facebook.com/photo.php?fbid=705156109511044&set=a.483073658385958.129367.452833411409983&type=1&relevant_count=1