තරු සිත්තම

a

Friday, April 27, 2012

කොයි සින්දුවද ?


USA ARMY


Wednesday, April 25, 2012

ගෑණියෙක් කරන එක


ලෝකේ කරන්න බැරි දේවල් වලින් එක දෙයක්ලු ගෑණියෙක් පිරිමියෙක් කරන එකයි, පිරිමියෙක් ගෑණියෙක් කරන එකයි. ඒ කතාව බොරු වෙලා දැන් අවුරුදු 10ක් විතර වෙනවා.

නමින් ඔහු කුඩා කල Treechada නම් විය. තායිලන්තයේ උපත ලද ඔහු කුඩා කල සිටම තමා පිරිමියෙකු වීම ගැන දුක් වුණු අතර සෑම විටම ප්‍රාර්ථනා කරන ලද්දේ කවදා හෝ තමා ගැහැණියක වන ලෙසයි. නමුත් තම දෙමාපියන් ඉදිරියේ පිරිමියෙකු සේ හැසිරීමට සිදුවූ ඔහු කෙසේ හෝ අවුරුදු 17 දී ලිංගික අවයව සැත්කමක් මඟින් ඉවත් කරමින් ගැහැණියක් බවට පත්වුණා.
දැන් අපි ඔහුට ඇය ලෙස අමතමු. සැත්කමට පෙර ඇය එයට බොහෝ සෙයින් බිය වූ නමුත් ඉක්මනින්ම තමා ගැහැණියක වන බව සිහියට නඟා ගනිමින් එම වේදනාව ඉවසා දරා සිටි බවත්, එම සැත්කමින් පසු තමා නැවත උපන්නාක් මෙන් තමාට දැනුණු බවත් රූපවාහිනී සාකච්ඡාවකට එක් වෙමින් ඇය කියා සිටියා.


Sunday, April 15, 2012

භූ කම්පන වල විශාලත්වය


3.5-4.2 : ගෙවල් තුලට යන්තමින් දැනේ.


4.3-4.8 : මිනිසුන් බොහෝ ප්‍රමානයකට දැනේ,ජනේල සෙලවේ.


4.9-5.4 : සියළුම මිනිසුන්ට දැනේ,විවෘත කර ඇති දොරවල් චලනය වේ.


5.5-6.1 : ගොඩනැගිලි වලට සුළු හානි සිදු වේ,බිත්ති පුපුරා යා හැක.


6.2-6.9 : ගොඩනැගිලි වලට වැඩි හානි සිදු වේ,දුම් කවුළු ආදිය කඩා වැටිය හැක.


7.0-7.3 : ගොඩනැගිලි වලට දැඩි හානි සිදු වේ,ගොඩනැගිලි කඩා වැටිය හැකි වේ,පාලම් ආදිය ඇඹරී යයි.


7.4-7.9 : ඉතා දැඩි හානි සිදු වේ,භූමි කම්පාව සිදු වූ ප්‍රදේශය අවට සියළුම ගොඩනැගිලි විනාශ වී යා හැක.වසරකට මෙවැනි භූ කම්පන 4ක් පමන සිදු වේ.


>8.0 : ප්‍රදේශය සම්පූර්ණයෙන් විනාශ වී යයි,භූ කම්පන ගමන් කරන ආකාරය නිරීක්‍ෂනය කල හැකි වේ.මෙවැනි භූ කම්පනයක් වසර 5කට පමන වරක් සිදු වේ.





ලැප් ටොප්

තම නිවසේ ඇති වූ ගින්නක් හේතුවෙන් විසි පස් හැවිරිදි තරුණයෙකු ජුනි හතර වෙනිදා ඇමරිකාවෙදී මිය යයි. විශ්ව විද්‍යාලයක නේවාසිකව ඉගෙනුම ලැබු ඔහු දිනක් තම දෙමවිපියන් හමුවීමට නිවසට පැමිනෙයි. තම පියා සමඟ දහවල් ආහාරය ගත්තායින් පසු ඔහු නැවත නේවාසිකාගාරය සඳහා යාමට සැරසුනත් පියාගේ ඉල්ලීම මත තම මව වැඩ නිම වී ගෙදරට පැමිනෙන තෙක් නිවසේ සිටීමට ඔහුට සිදු විය. මව පැමිනෙන්නට හවස් වන නිසා ඇය පැමිනෙන තුරු නිදා ගැනීමට ඔහු තීරනය කලා. ඊට පැය ගණනකට පසු එම නිවසින් කළු දුම් පිටවන හෙයින් අසල්වැසියන් විසින් ඒ බව පොලිසියට දන්වා සිටියා.

අවාසනාවකට අර තරුණයා එම නිවස තුලම මිය ගොස් තිබුනා. ගින්න ඇතී වීමට හේතුව සොයා ගැනීමට දවස් ගණනක් ගත වුනා. ගින්නට හේතුව වි තිබුනේ තරුණයා විසින් තම ලැප් ටොප් (lap top) එක ඇඳ මත තබා නින්දට යෑමයි. ලැප් ටොප් (lap top) එක ඇඳ මත තිබීමෙදී එහි කූලින් ෆෑන් (cooling fan) එකට අවශ්‍ය වාතය නොලැබෙයි මේ හේතුවෙන් පරිඝනකය සිසිල් වීමක් සිදු වන්නෙ නැත. ගින්නට හේතුව වී තිබුනෙ එයයි. අඩුම තරමේ අර තරුණයා නින්දෙන් අවදී වී තිබුනේද නැත ඔහු මිය ගොස් තිබුනේ කාබන් මොනොක්සසයිඩ් (carbon monoxide) වායුව ආග්‍රාහනය කිරිම හේතුවෙනි.

අද ශ්‍රී ලංකාව තුලද විශාල පිරිසක් ලැප් ටොප් (lap top) භාවිතා කරයි සහ එම පිරිසෙන් සැලකිය යුතු පිරිසක් එය භාවිතා කරන්නෙ ඇඳ මත තබාගෙනය. මෙය සමහරක් අය ගාණකට නොගත්තද මෙයින් අවදානමක් පවතින 




Monday, April 9, 2012

තරු සිත්තම


අද ඉරිද


ඉරාජ් ගෙ රැප් එක


කරුණාවතී අම්මට උදව් කරමු (help Karunawathi)


යාලුවනේ අපිට පුළුවන් හැටියට මේ අම්මට උදව් කරමු..........

අපේ අම්මට තාත්තට මේ වගේ දෙයක් උනොත් අපි මොකද කරන්නේ ටිකක් හිතලා බලන්න....

අපිට හැකි පමණින් මේ අම්මට උදව් කරමු...

ඒක ලොකු පිනක් යාලුවනේ...



අපිට පුළුවන් විදියට පුංචි රුපියල් 100ක් හරි මේ අම්ම වෙනුවෙන් එයාව බලාගන්න එයාගේ පුතාගේ (සුරංග අමරසිංහ) නමින් ලංකා බැංකුවේ තියෙන ගිණුමට දාන්න පුලුවන්නම් අපි දහසක් දෙන එකතු වෙලා මේක කලොත් අපිට මේ අම්මගේ බෙහෙත් සහ එදිනෙද කටයුතු සඳහා ලොකු මුදලක් එකතු කරලා දෙන්න පුළුවන් නේද යාලුවනේ........
ඔයාලට පුළුවන් මුදලක් දාන්න, මුදලින් උදව් කරන්න අපහසු අය ඉන්නවනම් දන්නා කියන අනෙකුත් අයටත් මේ දේ කියල මේ අම්මට උදව්වක් කරන්න පුලුවන්නම් ඒක ලොකු පිනක් යාලුවනේ......

Name: G. G. S. Amarasinghe
Account Number: 5853124
Bank: Bank of Ceylon
Branch: Galewela
SWIFT Address : BCEYLKLX







ශ්‍රී ලංකා පොලීසිය


1. ඔබ පාරෙ යනවිට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්..එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට පුලුවන්..
2. තනි පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට තහනම්..
3. ඔබ වාහනයක යන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ “රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police)” පමණයි..
4. තනි traffic පොලිස් නිලධාරියෙකුට ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකියි. ඔහුට අනිවාර්‍යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍යයි..ඒ පොලිස් නිලධාරියෙකුම විය යුතුයි..
(ඒ නිසා තමයි,හැම වෙලේම පාරේ traffic පොලිස් නිලධාරීන් දෙන්නෙක් එකට ඉන්නේ)
5. පොලිසිය යනු සාමය ආරක්ෂා කිරීමට කැපවුන බලකායකි. ආයුධ සම්පන්න බලකායක් නොවේ.ඔවුන්ට බැටන් පොල්ලක් හැර වෙනත් ආයුදයක් ලඟ තබාගැනීමට නීතියෙන් තහනම් කොට ඇත.. (නමුත්, පැවතුන යුධමය තත්වය නිසා, යුද්ධය අවසන් වනතුරු ඔවුන්ට තුවක්කු ලබාදීමට අධිකරණයෙන් නියෝග කර තිබිණි.)
එමනිසා, පොලිස් නිලධාරියෙක් ඔබට තුවක්කුවක් දිගු කලහොත් ඔහුට විරුද්ධව පැමිණිලි කිරීමට ඔබට අයිතියක් ඇත.
6. පොලිස් නිලධාරියෙකු ඔබට “බීමතින්” රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව(Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව එය නොමැති නම්, ඔබට යාමට අවසර ඇත..
7. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ traffic පොලිස් නිලධාරියෙකුට පමණයි.. (ඒ නිසා තමයි හමුදා check point වල එක පොලිස් නිලධාරියෙක් හෝ ඉන්නේ.. )
8. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් ඇතුලු වීමට අවසර ඉල්ලා සිටියහොත් ප්‍රතික්ෂේප කිරීමට ඔබගේ කැමැත්ත අනුව ඔබට හැක..
9. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහයට අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු traffic පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය..
එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත..
10. Traffic පොලිස් නිලධාරියෙකු ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, යන්න එපා…..
කෙලින්ම පොලිස් අධිකාරියට හෝ ප්‍රාදේශීය පොලිස්පතිට පැමිණිලි කරන්න..
ඔබට,අදාල නිලධාරියාව, ඔහුගේ දුරාචාරය හා නොහික්මුණු හැසිරීම නිසා සේවයෙන් පහ කරවීමට පුලුවන්..
11. (කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියෙකු ඔබේ නම,ලිපිනය,හැඳුනුම් පත,දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඔබට ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත(ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්).
ඔහුට ඔබව අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත..
12. (කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියෙකු ඔබව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට ඔවුන්ගේ ක්‍රියාව ප්‍රතික්ශේප කිරීමට අයිතිය ඇත.




Saturday, April 7, 2012

පුංචි උදවුවක් කරමුද

මේ පුතාගේ වකුගඩු නරක් වෙලා. උපන් දා ඉදලම ටිකටික අසනීප වුනේ.බෙහෙත් වලින් හොද කරන්න බැලුවත් දැන් ඔපරේෂන් කරන්න වෙලා.එම ඔපරේෂන් එක වඩාත් සාර්තක ප්‍රතිඵල ගන්නනම් එය සිංගප්පුරැවේදී කලයුතු බවයි වෙද්‍ය මතය. ඒ සදහා ලක්ෂ 100 පමන මුදලක් වැයවෙන අතර මේවනවිට ලක්ෂ 60 මුදලක් එකතව තියනවා. දරැවාගේ මව තෂාරා බන්ගමුව (සහකාර අධ්‍යකෂ-Ministry of state resources and enterprise) දරැවාගේ පියා කමල් පෙරේරා (warking in capital trust) මෙම දෙපලගේ එකම දරැවා බේරාගැනීමට ඔබගේ ආදාරය බලාපොරොත්ත වෙනවා. 


Call : +94 71 8332727Thushara 


bangamuwa101/10,Ihalakaragahamuna.kadawatha.Aprill.04.2012.Dear Ffriends,My son Hesith Perera,10 years old,is having a chrronic renal failure.Doctors advised to transplant a kidney urgently.Considering his age and tha successfulness of tha surgery doctors recommended complete tha surgery in Mount Elizabeth medical centre, Singapore.It will cost about Rs.9.0-10.0 million.(please find the attachment send from the hospital coordinator)I was able to find Rs.6.0.million so for and looking forward to ged your support to find tha rest and it is highly appreciated if you could support me in this difficult situation.for further clarifioations you can contact me,at any time +94 71 8332727you can send your donations to following bank accuntName of account holder:J.A.Hesith Sharwin perera.Bank :Babk of ceylon, Kadawatha Branch.sri lanka.




උපුටා ගැනීම : Buddhism

Friday, April 6, 2012

පෙම්වතියගේ හිත දිනාගන්නේ මෙහෙමයි

(01) උපතින්ම කෙල්ලෝ බයයි. ඒගොල්ලන්ට හැම තිස්සෙම රැකවරනය කියන එක අවශ්‍යයි. ඒ නිසා ඔබ හොද රැකවලෙක් වෙන්න උත්සාහ කරන්න. ඔබේ පෙම්වතියට ඔබ හොද රැකවලෙක් වෙන්න උත්සාහ කරන්න. ඔබේ පෙම්වතියට ඔබ හොද රැකවරනයක් දෙන්න උත්සාහ කලොත් ඈ ඔබව විස්වාස කරාවී..

(02) කෙල්ලෙකුට ආදරය කරද්දි හැම තිස්සෙම බලන්න ඇය ගැන උනන්දු වෙනවා කියලා පෙන්නන්න, විශේෂයෙන්ම ඔබේ පෙම්වතිය හෝ ඔබ ඇයගෙන් වෙන්ව පිට පලාතක වාසය කරනවා නම් ඒක ගෑනු ලමයට තදින්ම බලපානවා. එම නිසා හැම විටම උත්සාහ කරන්න වචනයෙන් සOග්‍රහ කරන්න. ඔයා කෑවද, ඔයාට පාලුද, අද සතුටින්ද කියන වචන කීපයකි පුලුවන් ඇයට ඔබේ ආදරය ප්‍රකාෂ කරන්න.

(03) ඔබ වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න අද ඔයා විනාඩි 5 ක් පරක්කුයි, කියන කාරනය උනත් ඇති ඔබේ සබදතාව පලුදු කරන්න, හැබැයි මේ කාරනය කෙල්ලන්ට නම් වලන්ගු නෑ මොකද කෙල්ලෝ කරන හැම සුකුරුත්තමකටම කාලය ගත වෙන නිසා.

(04) කෙල්ලෙක් සමග සාප්පු සවාරි යනවා කියන එක ඇත්තටම කොල්ලෙකුට ලොකු හිසරදයක්. ඒ මුදල් නිසාම නෙමේ කෙල්ලෝ උපතින්ම තෝරනවා කියන එක කරන නිස. ඒ ගොල්ලන්ට රු 250/= ඇදුමක් ගන්න ගියත් පැය 4ක් 5ක් ගතවෙන නිසා ඒ කෙල්ලන්ගේ හැටි ඔබට මේ අත්දැකීම ඉවසිය නොහැකි නම් ඇය සමග සාප්පු සවාරි යාම කාරුනිකව ප්‍රතිෂේප කරන්න...

(05) කොල්ලෝ කැමතියි තෑගි දෙනවට වඩා තෑගි ලබන්න ඒක නිසා මාසකට වරක් වත් පොඩි තෑග්ගක් දෙන්න අමතක කරන්න එපා. ඒක පොඩි චොක්ලට් එකක් මලක්, හෝ වෙනත් කුඩා දෙයක් වෙන්න පුලුවන් හැබැයි ඒ පොඩි දේ ඔබ ගැන ඇයට ලොකු ආදරයක් ඇති කරාවි

(06) හැම විටම ඔබ හොද අසන්නෙක් වෙන්න උත්සාහ කරන්න. මේ කාරනයෙදි ඔබට හොද ඉවසීමක් අවශ්‍ය වෙනවා මොකද ගෑනු ලමයින්ට තියන ප්‍රශ්න පිරිමි ලමයින්ට වගේ නෙමේ සමහර වෙලාවට ඒක ඇගේ යෙහෙලියගේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන් ඔබ එයට පිලිතුරු දී විසදන්න උත්සාහ කරන්න එය ඔබේ පෙම්වතිය සතුටට පත් කරාවි

(07) ඔබේ පෙම්වතිය ඉදිරියේදි හෝ පිටතදී වෙනත් ගෑනු කෙනෙකු දෙස බැලීම පෙම්වතියට පිහියෙන් අනිනවා වගේ වැඩක්. ඒම කිසිම විටක වැරදිලාවත් එහෙම කරන්න එපා මොකද ගෑනු කොහොමත් ඉරිසියයිනේ..

(08) ඔබ ප්‍රිය සම්භාශනයකට හරි වෙනත් විශේෂ අවස්ථාවකට පෙම්වතිය සමග සහභාගි වෙනවා නම් එතනදි ඇයට ගොඩක් ගරු කරන්න වෙනවා මොකද පිරිසක් ඉදිරියේ ගරු සම්මාන ලබන්න ගෑනු උදවිය හරි කැමතියි..හැමවිටම ඇයගේ කැමත්ත අකමැත්ත විමසන්න අමතක කරන්න එපා

(09) ඔබගේ පෙම්වතිය ඉදිරියේ ඔබ වෙන අගනුන්ගේ ගුන දොස් දක්වන්න එපා ඇයගේ ගුන දොස් උනත් කාරුනිකව පැහැදිලි කිරීම හොද සම්බන්දතාවකට හේතු වේවී

(10) අද ඔයා ලස්සනයි, මේ ඇදුමට ඔයා හැඩයි වගේ විතරක් නෙමෙ ආදර බර වචන කීපයකට පුලුවන් ඔබේ සබද තාව තව අලුත් කරන්න. හැම විටම උත්සාහ කරන්න ආදර බර වදනයකින් ඇයව කුල්මත් කරන්න ඇය ඔබට සදහටම ආදරය කරාවි කොන්දේසි රහිතව.




Thursday, April 5, 2012

ත්‍රීවීල් කාරයෙක්

එක මොන්ටි සෝරි යන පොඩි එකෙක් හිටියලු..මේකා හැමදාම යන්නෙ එන්නෙ ත්‍රීවීල් එකකින්.. ඉතින් ත්‍රීවීල් එකට නැගපු වෙලාවෙ ඉඳන් මේකගෙ වැඩේ කියවනම එකලු.. ත්‍රීවීල් අංකල්ටත් කනක් ඇහෙන්න නැතිලු.ඒත් මොනව කරන්නද ජොබ් එකනෙ කියල ඉවසන් ඉන්නව.. දවසක් මෙහෙම එනකොට කපුටො දෙන්නෙක් පාර අයිනෙ කුණු ගොඩක් අවුස්සනව, මේක දැකපු පොඩි එකා අංකල්ගෙන් අහනව අංකල් දැන් අපේ තාත්ති කපුටෙක් වෙලා අම්මි කපුටියෙක් උනා නම් මමත් කපුටු පැටියෙක් වෙනව නේද ? ඔව් පුතා තව ටික දුරක් යනකොට හරක් පට්ටියක් පාර මාරු වෙනව.. අංකල් අපේ තාත්ති හරකෙක් වෙලා,අම්ම හරකියෙක් උනා නම් මම වහු පැටියෙක් වෙනවද ? ඔව්.ඔව්, නැතුව හරක්ට බලු පැටවු හම්බ වෙන්නෙ නෑනෙ එතකොට අංකල් අපේ තාත්ති බල්ලෙක් වෙලා,අම්ම බැල්ලියෙක් උනාම මං බලු කුක්කෙක් වෙනවද ? දැන් නම් අංකල් කාරයටත් මල පැන්න.පොඩි එකා උනත් මූට හොඳවයින් කියන්න හිතල මෙහෙම ඇහුව. ඔව් පුතේ..දැන් මම ඔයාගෙනුත් ප්‍රෂ්ණයක් අහනව.හරියට උත්තර දුන්නොත් අයිස් ක්‍රීම් එකක් අරන් දෙනව මගේ ගානෙ.බැරි උනොත් ඔයා අපහු මේකෙ යනක මාත් එක්ක කතා නොකර ඉන්න ඕන ..ඔට්ටුද ? හරි හරි..මම කැමතියි. අහන්න අහන්න දැන් පුතාගෙ තාත්ති කුඩු කාරයෙක් වෙලා,අම්මි ගණිකාවක් උනා නම් පුතා කවුද වෙන්නෙ ත්‍රීවීල් කාරයෙක්.පොඩි එකා පටස් ගාල උත්තර දුන්න..



Wednesday, April 4, 2012

මලික් ඇසිඩ්


නෝලිමිට් ආයතනය මගින් නොමිලේ ලබාදෙන්න්නා වූ ටොෆියක් හේතුවෙන් මේ දිනවල මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ. එම ටොෆියේ අඩංගු ද්‍රව්‍ය අතර මලික් ඇසිඩ් නම් සංඝටකය තිබීම මෙයට හේතුවී ඇත.


මේ අනුව ඇතැම් අය පෙන්වා දෙන්නේ මෙය ගැබිණි මව්වරුන්ට හා කුඩා දරුවන්ට නුසුදු බවයි.


මලික් ඇසිඩ් ස්වභාවික වශයෙන්ම බොහෝ පලතුරුවල අඩංගු වන ද්‍රව්‍යයක්.ඇපල් ගෙඩි වල බහුල වශයෙන් මෙම මාලිම් ඇසිඩ් දැකිය හැකියි.එම හේතුවෙන් මලික් ඇසිඩ් යන්නට ඇපල් ඇසිඩ් යන නාමයද භාවිතා කරනු ලබනවා.


බොහෝ අහාරවර්ග වලට මෙම ඇසිඩ් වර්ගය එකතු කරනු ලබන්නේ පලතුරු රසය ලබාගැනීමටයි.ඇමරිකාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල මලික් ඇසිඩ් ආහාරවලට එක කිරීම සඳහා නීතියෙන් අවසර ලබා දී තිබෙනවා.


මලික් ඇසිඩ් යනු අපගේ ශරීරයේද ස්වභාවිකව හටගන්නා සංඝටකයක් වන අතර එය අධික ප්‍රමාණයක් ගැනීම ශරීරයට අහිතකර විය හැකියි. තවද ගැබිණි මව් වරුන්ට හා කිරි දෙන මව්වරුන්ට මලික් ඇසිඩ් මගින් වන බලපෑම තවම සොයාගෙන නොමැති හෙයින් ඒවා භාවිත කිරීමෙන් වැළකි සිටීම වඩාත් සුදුසු බව ඇතැම් වෙබ් අඩවි සඳහන් කර සිටිනවා.


කෙසේ නමුත් නෝලිමිට් ආයතනය මගින් ලබාදෙන මෙම ටොෆිය නිෂ්පාදනය කර ඇත්තේ උස්වත්ත ආයතනය විසින් වන අතර මේ පිළිබඳව අහිතකර ප්‍රචාරයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීමට උස්වත්ත ආයතනය කටයුතුකොට ඇත.



Gossip9.com



Monday, April 2, 2012

ජෙලි' නොව ජෙල්

ගුරුතුමා: - "ආ පුතා කොන්ඩේ 'ජෙලි' නේද ගාලා තියෙන්නේ.." 

මම :-        "ඔව් සර්.." 



ගුරුතුමා: - "මොකක්ද ඔය 'ජෙලි' එක"

මම:-         "මේක 'මෝතා' ජෙලි එක.







කොහොමද ටොෆිය

මේ සිංහල අවුරුදු සමයේ මහත් සතුටින් අඳුම් මිලදී ගනීමට Nolimit නම්වූ මුසල්මානුවන්ගේ ආයතනයට යන සිහළුන් වඳ කිරීමේ ටොෆි නොමිලේ බෙදන බව ඔබ දන්නවාද?
දින කිහිපයක් තිස්සේ සිංහල පවුල් ඉලක්කකර බෙදා දෙන මෙම ටොෆියේ අඩංගු Malic Acid (E296) නම් වූ ද්‍රව්‍ය ගර්භණි වූ මාතාවන් ගබ්සා කරවීමේ හැකියාව ඇත.කුඩා ළමුන් සඳහා මෙම ටොෆි වර්ගය කිසිසේත්ම සුදුසු නැති බව අන්තර්ජාලය පුරාවට දක්නට ලැබේ. වකුගඩු අවයවවල ආබාධ ඇතිවිය හැකි මෙම ඇසිඩ් වර්ගය ඇති ටොෆි අහුරු පිටින් සිංහලයන්ට බෙදන්නේ කුමන අරමුණකින්ද?