තරු සිත්තම

a

Monday, December 24, 2012

ඉතාලියේ පාර්වා නුවර සිලෝන් කොපරතීවා අධිපති ටී ජි සුනිල් ශාන්ත මහතා මහලු මවට සතුටු කඳුළු ගෙනෙයි


දහස් ගණනක් ගැවසෙන පිලියන්දල නගරයේ පදික වේදිකාවක් මත සිඟමන් යදින මහලු කාන්තාවකි. ඇය සමග අවුරුදු තූනක් පමන වයසැති කූඩා දරුවෙකි.
මෙ දෙස බලාසිටීන කරුණාවන්ත පුද්ගලයෙක් මොවුන් දෙදෙනා අසලට පැමිණෙයි. ඔහු මහලු කාන්තාවගෙන් තොරතූරු වීමසයි. ඵහෙත් ඇයට කතාකළ නොහැකිය. ඇය ගොලුය. කූඩාදරුවාගේ හිස අතගාමින් දරුවා සමග දොඩමලු වන මෙම පුද්ගලයා ලගට පැමිණේන ඵ් අසල වෙළදසැල් හිමියෙකූ මහලු කාන්තාවත හා  දරුවා ගැන තොරතූරු කියයි.
මහත්තයෝ මේ ආචිචි ගොඩක් කල් ඉදලා මෙතන ඉන්නේ. දුවගේ දරවො තමයි මේ ඉන්නේ. දරුවා ආච්චිගාව දාලා දුව අතූරුදන් වෙලා. ආචිචි හිඟා කාලා දරුවට කන්න බොන්න දෙනවා වගේම දරුවගේ ගිණුමට සල්ලිත් දානවා.
ඒසමග මහලු කාන්තාව තම කඩමල්ලේ තිබු බැංකූ පොත රැගෙන ඔහුට පෙන්වයි. දරුවාගේ නමින් රුපියල් 15000ක්  ගිණුමට ඇය බැරකොට තිඛෙි. ආචිචිගේ බලාපොරොත්තූව රුපියල් පනස් දහසක් වෙනකමි ගිණුමට සල්ලි දාන්නයි වෙළඳසල් හිමියා තවත් තොරතූරු කියයි.
දරුවාත් මහලු කාන්තාාවත් ගිණුම ආරමිභ කළ බැංකූවට රැගෙන යන මෙම පුද්ගලයා දරුවාගේ ගිණුමට තවත් රුපියල් 35000ක් බැරකොට ආවිවිගේ නොනිමි ආශාව ඵහිදි ඉටුකර දෙයි.
සතූට ඉවසාගත නොහැකිව මහලු කාන්තාව හඩා වැටෙනා විට දෑසට ඉණූ කදුළු පිසදමමින් බැංකූවෙන් පිටවනුයේ අන් කවරෙකූ නොව ඉතාලියේ පාර්වා නුවර සිලෝන් කොපරතීවා අධිපති ටී ජි සුනිල් ශාන්ත මහතායි.

උපුටා ගැනීම:http://www.lankadeepa.lk/index.php/articles/87884-

Tuesday, December 18, 2012

බුදු මැදුර කැඩුනත් බුදු රුවට හානියක් නෑ


අධික වර්ෂාවත් සමග ලාහුගල ඓතිහාසික කිරි වෙහෙරේ බෝධින් වහන්සේ මුලින් ඉගිලී ගොස් බුදු මැදුරට වැටී එය සම්පූර්ණයෙන්ම විනාශ වූ නමුත් බුදු පිළිමවහන්සේට කිසිම හානියක් සිදු වුණේ නැත.



Thursday, December 13, 2012

පෘථිවිය අවදානමක, උල්කාපාත 6200ක් පෘථිවිය වටා


  පෘථිවි වායුගෝලය තුළ විනාශ නොවී පැවතිය හැකි මෙන්ම ඕනෑම මොහොතක මහ පොලවේ විනාශයක් සිදුකළ හැකි හානිකර උල්කාපාත 6,200 ක් පමණ පෘථිවිය වටා සැරිසරන බව ඇමරිකානු නාසා ආයතනය පවසයි.

  පෘථිවියේ සිට සැතපුම් මිලියන 05 ක් දුර පවතින උල්කාවන් ගවේෂණයට ලක් කරන අඟල් දහසයේ කාච සහිත නාසා ආයතනයේ වයිස් දුරේක්ෂය මගින් ලබා ගත් පෘථිවිය වටා පවතින හානිකර උල්කාවන් සහිත ඡයාරූපයක් ද නාසා ආයතනය මගින් නිකුත් කර ඇකි අකර මහ පොලවේ ගැටුනහොත් එම උල්කා මගින් මහා පරිමාණ හානි සිදුකළ හැකි බව නාසා විද්‍යාඥයන්ගේ අදහසයි.
මීටර් 100 කට වඩා දිග පළළ උල්කාවන් පෘථිවියේ ගැටීමෙන් හානියක් සිදුකළ හැකි බව විශ්වාස කරන නාසා ආයතනය පෘථිවිය වටා සැරිසරන මෙවැනි හානිකර උල්කාපාත පිළිබඳව පෘථිවි වාසීන් කලබලයට පත්නොවිය යුතු බවද කියා සිටී.

  කෙසේ වෙතත් උල්කා මගින් අනාගතයේ ඇතිවිය හැකි ආපදාවලට පෘථිවි වාසීන් සූදානම් විය යුතු බව ඔවුන් අවධාරණය කරයි.


උපුටා ගැනීම:http://lankacnews.com/sinhala/main-news/60165/

Friday, November 30, 2012

NetXpress Video Accelerator

....................................................
අන්තර්ජාල‌ භාවිත‌යේදි youtube,facebook,metacafe, වෙබ්අඩවි තුල විඩි‌‌යෝ දර්ශනය නැරඹී‌මෙිදි ‌අන්තර්ජාල ‌වේගවත් ‌නොමැති නිසා එය ඒකාකාරි ‌ලෙස නැරඹී‌මේ හැකියාවක් ‌නොමැත . ‌මෙම මෘදුකාංගය තුලින් ඔබ නරඹන විඩි‌‌යෝ දර්ශන ඒකාකාරිව නැරඹී‌මේ හැකියාවක් ලබා දීම සිදුකර ‌දෙයි .

‌මෙම මෘදුකාංගය ‌නොමි‌ලේම බාගත කර බලන්න
http://www.netxpress.softdevex.com/

ලංකා‌වේ වැඩක් , භාවිතා කර බලන්න

facebook ෆේස්බුක් පිටූව - http://www.facebook.com/pages/NetXpress-Video-Accelertor/305380716232670?ref=stream

වීඩියොව - http://youtu.be/0cg8LyBiP2E

නිර්මාණකරු - http://www.facebook.com/danuska.herath




Friday, November 23, 2012

please help her


ඇය නව යොවුන්විය අබියසට එළඹ සිටින අහිංසකාවියකි. පැහැපත් පෙනුමක්‌ හා දීප්තිමත් නෙත් සඟලක්‌ ද උරුමව උපත ලද ඇය 16 හැවිරිදිය. කෙළිලොල් සිනහවෙන් නිරතුරු මුව සරසාගෙන සිටි ඇය නමින් මාධවී මිහිරාණි වන්නීය.

මාධවී ඉපදී හැදී වැඩෙන්නේ හොරණ, පෝරුවදණ්‌ඩේය. උපතින් ඇයට උරුමව තිබුණේ පැහැපත් බව පමණක්‌ම නොවේ. ඉගෙනීමේ සහජ දක්‍ෂතාවද ඇය කෙරෙන් දිස්‌ වූයේ ළමා අවධියේ සිටමය. හොරණ තක්‍ෂිලා කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද මාධවී පහ ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින් සමත් වී කොළඹ ලුම්බිණි විදුහලට ඇතුළත් වීමට වරම් ලබන්නේ එම දක්‍ෂතාව නිසාය. වසරින් වසර සිය හැකියාවන් ඔප් නංවා ගනිමින් හිඳින සිය දියණියගේ අනාගතය බෙහෙවින්ම දීප්තිමත්ය යන හැඟීමෙන් මාධවීගේ දෙමව්පියන්ගේ සිත් පිරී තිබිණි.

ඉමහත් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් දක්‍ෂතා දක්‌වන සිය දියණියගේ රෝගී තත්ත්වයක්‌ සම්බන්ධයෙන් දෙමව්පියන් යම් චකිතයකින් පසුවූයේ අද ඊයේ සිට නොවේ. දිගු කාලයක සිටම මාධවී හිසේ කැක්‌කුමකින් පෙළුණාය. එම රෝගී තත්ත්වය කෙතරම් අපහසුතාවක්‌ වුවද සිය අධ්‍යාපන කටයුතුවලට එය බාධාවක්‌ කර නොගත් මාධවී වරින් වර වෛද්‍ය පරීක්‍ෂණවලට ද භාජනය වූවාය. එහෙත් කරන ලද ප්‍රතිකාරවලින් රෝගී තත්ත්වයට පිළියමක්‌ නොලැබිණි. මෙම වාතාවරණය හමුවේ විපිළිසර වූ දෙමව්පියෝ සිය දියණිය විධිමත් වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කළහ. සිය දියණිය පිළිබඳ අප්‍රමාණ හැඟුම් සමුදායකින් සිත් පුරවාගෙන සිටි දෙමව්පියන්ගේ හදවත් පුපුරා කඩා හැළුණේ එම වෛද්‍ය පරීක්‍ෂණයෙන් අනතුරුවය.

වෛද්‍ය පරීක්‍ෂණයේ නිගමනය වූයේ මාධවීගේ හිසේ පිටියුටරි ග්‍රන්ථියේ සෙන්ටි මීටර් 1-5 ක පමණ ගෙඩියක්‌ ඇති බවය. දිගු කාලයක්‌ තිස්‌සේ පැවැති හිසේ කැක්‌කුමට හේතුව එය යෑයි වෛද්‍යවරු නිගමනය කළහ.

ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව ලුම්බිණි විදුහලට ඇතුළත් වූ මාධවී සිය ජීවිතයේ පළමු කඩඉමට මුහුණ දීමට සූදානමින් සිටින්නේ ලබන මාසයේය. එනම් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමය. ඒ අභියෝගය මුව විට තිබියදී මහා කරුමයක්‌ කරපින්නා ගැනීමට දෛවයේ සරදම විසින් මාධවී දියණියට බලකරනු ලැබ තිබීම සැබවින්ම ශෝචනීයය. විකසිත වෙමින් පවතින මලක්‌ වන් සිය දියණියට මුහුණ පෑමට සිදුව ඇති ඉරණම පිළිබඳව දෙමව්පියෝ වික්‍ෂිප්තව සිටිති.

මාධවීට අනිවාර්යයෙන්ම ශල්‍ය කර්මයක්‌ කළ යුතු යෑයිද ඒ සඳහා රුපියල් ලක්‍ෂ පහළොවත් විස්‌සත් අතර මුදලක්‌ වැය වන බවද "ද සෙන්ට්‍රල්" රෝහලේ වෛද්‍ය හර්ෂ බරණගේ මහතා නිර්දේශ කර තිබේ. මාධවීගේ පියා වන එන්. සිරිල් මහතාද ගුරුවරයෙකි. හෙතෙම දැස්‌ පාදමින් සිටින්නේ රත්නපුර මල්වල ශ්‍රී ඥනෝභාස පිරිවෙනේ ශිෂ්‍ය ස්‌වාමීන් වහන්සේලාගේය. එවන් පුණ්‍යකර්මයකට පේවී සිටින සිරිල් මහතා සිය දියණිය මුහුණ පා සිටින කනගාටුදායක තත්ත්වය හමුවේ හදවතින් වැළපෙමින් සිටියි. නිවසේ සිටින මවගේද නෙත් කඳුළින් බොඳවෙයි.

"මේ හදිසි ශල්‍යකර්මයට මෙතරම් විශාල මුදලක්‌ සොයා ගන්නේ කොහොමද" සිරිල් මහතාගේ හදවත කඩා හැළෙන ප්‍රශ්නය එයයි. එය සත්‍යයකි. ගුරුවරයකුට රුපියල් ලක්‍ෂ පහළොවක්‌ විස්‌සක්‌ සොයා ගැනීම සිහිනයක්‌ව පවතී. එහෙත් ඒ සිහිනය සැබෑවක්‌ බවට පත්කර ගත යුතුමය.

මාධවී නම් දීප්තිමත් ශිෂ්‍යාවගේ ශල්‍යකර්මයට මූල්‍යාධාරයක්‌ කිරීම අවශ්‍ය බව ලුම්බිණි විදුහලේ විදුහල්පති ඒ. ඒ. ඩී. එම්. සී. විඡේතුංග මහතාද ප්‍රකාශ කර ඇත.

39/1, ස්‌වර්ණ පෙදෙස, ගමගේ මාවත, පෝරුවදණ්‌ඩ, හොරණ ඔවුන්ගේ ලිපිනයයි. 0778254477, 0775423894 යන දුරකථන අංකවලින් මාධවීගේ මව හෝ පියා සම්බන්ධ කරගත හැකිය.  -divaina-
ඇය නව යොවුන්විය අබියසට එළඹ සිටින අහිංසකාවියකි. පැහැපත් පෙනුමක්‌ හා දීප්තිමත් නෙත් සඟලක්‌ ද උරුමව උපත ලද ඇය 16 හැවිරිදිය. කෙළිලොල් සිනහවෙන් නිරතුරු මුව සරසාගෙන ස
ිටි ඇය නමින් මාධවී මිහිරාණි වන්නීය.

මාධවී ඉපදී හැදී වැඩෙන්නේ හොරණ, පෝරුවදණ්‌ඩේය. උපතින් ඇයට උරුමව තිබුණේ පැහැපත් බව පමණක්‌ම නොවේ. ඉගෙනීමේ සහජ දක්‍ෂතාවද ඇය කෙරෙන් දිස්‌ වූයේ ළමා අවධියේ සිටමය. හොරණ තක්‍ෂිලා කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද මාධවී පහ ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින් සමත් වී කොළඹ ලුම්බිණි විදුහලට ඇතුළත් වීමට වරම් ලබන්නේ එම දක්‍ෂතාව නිසාය. වසරින් වසර සිය හැකියාවන් ඔප් නංවා ගනිමින් හිඳින සිය දියණියගේ අනාගතය බෙහෙවින්ම දීප්තිමත්ය යන හැඟීමෙන් මාධවීගේ දෙමව්පියන්ගේ සිත් පිරී තිබිණි.

ඉමහත් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් දක්‍ෂතා දක්‌වන සිය දියණියගේ රෝගී තත්ත්වයක්‌ සම්බන්ධයෙන් දෙමව්පියන් යම් චකිතයකින් පසුවූයේ අද ඊයේ සිට නොවේ. දිගු කාලයක සිටම මාධවී හිසේ කැක්‌කුමකින් පෙළුණාය. එම රෝගී තත්ත්වය කෙතරම් අපහසුතාවක්‌ වුවද සිය අධ්‍යාපන කටයුතුවලට එය බාධාවක්‌ කර නොගත් මාධවී වරින් වර වෛද්‍ය පරීක්‍ෂණවලට ද භාජනය වූවාය. එහෙත් කරන ලද ප්‍රතිකාරවලින් රෝගී තත්ත්වයට පිළියමක්‌ නොලැබිණි. මෙම වාතාවරණය හමුවේ විපිළිසර වූ දෙමව්පියෝ සිය දියණිය විධිමත් වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කළහ. සිය දියණිය පිළිබඳ අප්‍රමාණ හැඟුම් සමුදායකින් සිත් පුරවාගෙන සිටි දෙමව්පියන්ගේ හදවත් පුපුරා කඩා හැළුණේ එම වෛද්‍ය පරීක්‍ෂණයෙන් අනතුරුවය.

වෛද්‍ය පරීක්‍ෂණයේ නිගමනය වූයේ මාධවීගේ හිසේ පිටියුටරි ග්‍රන්ථියේ සෙන්ටි මීටර් 1-5 ක පමණ ගෙඩියක්‌ ඇති බවය. දිගු කාලයක්‌ තිස්‌සේ පැවැති හිසේ කැක්‌කුමට හේතුව එය යෑයි වෛද්‍යවරු නිගමනය කළහ.

ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව ලුම්බිණි විදුහලට ඇතුළත් වූ මාධවී සිය ජීවිතයේ පළමු කඩඉමට මුහුණ දීමට සූදානමින් සිටින්නේ ලබන මාසයේය. එනම් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමය. ඒ අභියෝගය මුව විට තිබියදී මහා කරුමයක්‌ කරපින්නා ගැනීමට දෛවයේ සරදම විසින් මාධවී දියණියට බලකරනු ලැබ තිබීම සැබවින්ම ශෝචනීයය. විකසිත වෙමින් පවතින මලක්‌ වන් සිය දියණියට මුහුණ පෑමට සිදුව ඇති ඉරණම පිළිබඳව දෙමව්පියෝ වික්‍ෂිප්තව සිටිති.

මාධවීට අනිවාර්යයෙන්ම ශල්‍ය කර්මයක්‌ කළ යුතු යෑයිද ඒ සඳහා රුපියල් ලක්‍ෂ පහළොවත් විස්‌සත් අතර මුදලක්‌ වැය වන බවද "ද සෙන්ට්‍රල්" රෝහලේ වෛද්‍ය හර්ෂ බරණගේ මහතා නිර්දේශ කර තිබේ. මාධවීගේ පියා වන එන්. සිරිල් මහතාද ගුරුවරයෙකි. හෙතෙම දැස්‌ පාදමින් සිටින්නේ රත්නපුර මල්වල ශ්‍රී ඥනෝභාස පිරිවෙනේ ශිෂ්‍ය ස්‌වාමීන් වහන්සේලාගේය. එවන් පුණ්‍යකර්මයකට පේවී සිටින සිරිල් මහතා සිය දියණිය මුහුණ පා සිටින කනගාටුදායක තත්ත්වය හමුවේ හදවතින් වැළපෙමින් සිටියි. නිවසේ සිටින මවගේද නෙත් කඳුළින් බොඳවෙයි.

"මේ හදිසි ශල්‍යකර්මයට මෙතරම් විශාල මුදලක්‌ සොයා ගන්නේ කොහොමද" සිරිල් මහතාගේ හදවත කඩා හැළෙන ප්‍රශ්නය එයයි. එය සත්‍යයකි. ගුරුවරයකුට රුපියල් ලක්‍ෂ පහළොවක්‌ විස්‌සක්‌ සොයා ගැනීම සිහිනයක්‌ව පවතී. එහෙත් ඒ සිහිනය සැබෑවක්‌ බවට පත්කර ගත යුතුමය.

මාධවී නම් දීප්තිමත් ශිෂ්‍යාවගේ ශල්‍යකර්මයට මූල්‍යාධාරයක්‌ කිරීම අවශ්‍ය බව ලුම්බිණි විදුහලේ විදුහල්පති ඒ. ඒ. ඩී. එම්. සී. විඡේතුංග මහතාද ප්‍රකාශ කර ඇත.

39/1, ස්‌වර්ණ පෙදෙස, ගමගේ මාවත, පෝරුවදණ්‌ඩ, හොරණ ඔවුන්ගේ ලිපිනයයි. 0778254477, 0775423894 යන දුරකථන අංකවලින් මාධවීගේ මව හෝ පියා සම්බන්ධ කරගත හැකිය. -divaina-

Wednesday, November 21, 2012

මොවුන්ගේ දුක්‌බර ජීවිත පිළිබඳව ඔබේ සංවේදීත්වය මඳකට යොමු කළොත්



මිනිසුන්ට දැත දෙපා ශක්‌තිමත් නැති නම් ජීවිතයට මුහුණ දීමේදී බරපතළ ගැටලු ප්‍රමාණයකට මුහුණ දීමට සිදුවෙයි. මෙය එක්‌ ජීවිතයක කතාවක්‌ නොව එකම පවුලේ හතර දෙනකුට වූ අතිශය ෙ€දනීය ඉරණමකි.

මාලිම්බඩ මීගස්‌පේ සෝමා ලියනපතිරණ ආබාධිත නිවාසයට පියනඟන හැම දෙනකුගේම හිත්වල දැල්වෙන්නේ මහත් පහන් සංවේගයකි. ජීවිතය එක්‌තරා ඇඳකට පමණක්‌ සීමාවී අනේකවිධ දුක්‌ පීඩා විඳිමින් දිවි ගෙවනා කාන්ති, ඉන්ද්‍රdනි, ධම්මිකා සහ රෝද පුටුවේ සිටින ශ්‍රියාලතාලාගේ ජීවිතය පුරා ගලා යන්නේ සියලු සත්වයන් තුළ ලෝක සත්‍යවාදී ධර්මය වන්නේය.

සද්ධර්ම රත්නාවලියේ සඳහන් වන පරිදි ජීවිතය යනු තණ අග ඇති පිනි බිඳුවක්‌ වගේ යන උපමාව ඉතාම සත්‍ය භාවය මේ මුහුණු පුරා විහිදී යන්නේය. ළමා කාලේ ඉතා සංතෝෂයෙන් ජීවිතය ගෙවූ විදානපතිරණ පවුලට මේ සියල්ලම වෙනස්‌ වීමට ගත වූයේ නිමේෂයකි.

මේ ගැහැනු දරුවන් සිව් දෙනාටම ස්‌නායු දුර්වල වීමේ රෝගය හේතුවෙන් පාසල් ගිය මේ යෞවනියන්ගේ ජීවිතය අඳුරට එක්‌ කළේ මේ මහ පොළොව නුහුල්ලනා පරිදිය. මේ වන විට මේ දුක්‌ කන්ද පාමුල මාලිම්බඩ ජනතාවගේ ආදරණීය රැකවරණය හා සිංහල මනුස්‌සකම ඉදිරියේ ඔවුන්ගේ ජීවිත යම්තාක්‌ දුරට සුරක්‍ෂිතතාවට පත්වී ඇත. එහෙත් මොවුන්ගේ ජීවිතවලට ජීවය ලබා දෙමින් ඉදිරියට පවත්වා ගෙන යැම ඉතා කටුක වූ කටයුත්තකි. මේ සඳහා කරුණා සිතින් මේ ජීවිතවලට යාවත්කාලීන රැකවරණයක්‌ අවැසි මොහොතකි. මේ සිව් දෙනාට අමතරව සුජීවා ප්‍රියදර්ශනී නමැති ආදරණීය හිනාවෙන් පිරුණු ඇයද මෙහි ජීවත් වෙයි. ඇයටද නියමාකාරවූ සිහිබුද්ධියක්‌ නොමැතිව කල් ගෙවයි.

මේ නිවස පුරා ඔවුන්ගේ ආත්ම කතාව සොයාගෙන යන විට මේ රෝගයට ගොදුරු වීමට පෙර කාන්තිලතා පතිරණගේ ජීවිත කතාව මට හසුවිය. ඇය සාමාන්‍ය පෙළ සමත් වූ අතර පාලටුව ගුණරතන මහ විදුහලේ ඉගෙනුම ලැබුවාය. ඇයට වයස අවුරුදු දහයේදී පමණ තමයි වම් පැත්ත කොරවුණේ. පසුව මගේ නංගි ධම්මිකා 3 වැනි ශේ්‍රණියේදී ගොළු වුණා. පසුව නංගිගෙත් වම් පැත්ත කොරවීමට පත්වුණා.

මේ කතාව ඉදිරියට ගලා යන විට කාන්තිලතා හොඳ කවිකාරියක්‌ බව මට වැටහුණා. ඇය පියාණන් ගැන මෙසේ ලියුවාය.

පියාණෙනි

පියාණෙනි, ඔබමා දුටු දෙවියාය.

එහෙත් ඒ දෙවියාගේ දෙපා වැඳුමට

ඔබේම ලේ මසින් හැදුණු දුවට

අත් පා සවි නැත

ගුණ ගී ගයන්නට දිවි සවි නැත

ඔබේ ගොළු වූ කොර වූ දියණිය දෙස

බලා කඳුළු නොහෙළනු මැනවි

මේ ආකාරයෙන් ඇගේ කවි පුරා නැගෙන්නේ ඉතාම සංවේදී හැඟීම් ජාලයකි. මේ හැඟීම් ප්‍රකෘති මිනිසුන් වන අපට දැනෙන විට මට දැනෙන්නේ අපිත් සැබැවින් ජීවත්වන බවයි.

මිනිසුන් විධියට අප අන් අයට උදව් කළ යුත්තේ වැටුණු විටය. එහිදී දැත දිගු කොට සහෝදරත්වයෙන් ඔවුන් රැක බලා ගන්නට ඔබේ මනුස්‌සකම ශක්‌තිමත් ද, මාලිම්බඩ ලංකා බැංකු ශාඛාවේ ගිණුම් අංක 72830238 වෙත ඔබේ සාධාරණ මුදල් බැර කරන්න. මෙය මේ පවුලේ රෝද පුටුවෙන් යන ශ්‍රියාලතාගේ ජීවිතය හෝ නැගිට්‌ටවන්නටය. ඇය අවදි වීමට නම් ශල්‍යකර්මයක්‌ කිරීම සඳහා රුපියල් 418,000 අවශ්‍යව ඇත. ඇයගේ ජීවිතයට මිනිසුන් ලෙස ප්‍රාණය ලබාදීම යනු පිනට එහා ගිය හෘද සාක්‍ෂියෙන් ශක්‌තිමත් වූ සැබෑ වූ මිනිසකු විය හැකිය.

විශේෂ ස්‌තූතිය: තිහගොඩ ප්‍රාදේශීය සභාවේ උප සභාපති සුසිල් කරුණාරත්න මහතාට.

Tuesday, November 13, 2012

තරගෙට සතියකට පසු ලිපිය ලැබේ




උතුරු මැද පළාතේ පාසල් කථික තරඟවලින් ප්‍රථමස්ථානය දිනූ අත්තරගල්ලෑවේ ඉෂාරා මධුෂානි පෙරේරා දැරියට සමස්ත ලංකා තරගයට සහභාගී වන ලෙස දන්වන ලිපිය තරගය පවත්වා දින හතකට පසු ලැබී ඇත.
පසුගිය තුන්වැනිදා කොළඹ ආනන්ද විදුහලේදී තරඟය පැවැත්විණි. ලිපිය ලැබුනේ 10වැනිදාය.
එම ලිපියට අත්සන් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච් යූ ප්‍රේමතිලක මහතාය.
2012.10.19 වැනි දින තැපැල් කළ එම ලිපිය ඇයට නිසි වේලාවට ලැබී නැත්තේ ලිපිනය වැරදීම නිසා යැයි පාසල් ආරංචි කියයි.
අතරගල්ලෑව පිහිටියේ බකමූණේය. එහෙත් ලිපිය යවා ඇත්තේ හිඟුරග්ගොඩටය.


Thursday, November 8, 2012

පුනී-මුඛ ප්‍රේත වස්තුව

     පෙර කස්හප බුදුසසුනෙ දී මෙම කතා නායකයා කය සංවර කරගත් හික්ෂුවක් විය,කලක් ගතවෙත්ම මෙම හිමියන් ආවාසය ගැන හිත තුල ලෝබය හටගත්තේයඑහි ප්‍රති පලයක් ලෙස ආවාසය තුල වැඩ විසු හික්ෂුන් දෙනමක් කේලම් බසින් බේදකර යවන ලදීකල කර්මය පලදීම මෙසෙ වියනොබෝ දිනකින් ගිලන් ව් මියදුනේය,පසුව නිරයේ බුද්දාන්තරයක් පැසී පසුව ප්‍රේතව ඉපදුනි,ඔහු නමින් පුනී-මුඛ ප්‍රේතයා විය මොහුගෙ ශරීරය දෙවියකු මෙන්යඑය පෙර ආත්මය තුල කය සංවර ගනීමෙ විපාකය වියඑය එසෙය් වුවත් ඔහුගෙය් මුඛය තුලින් දුගද හමන්නට විය තවද මුඛය පුරා සිටින පනුවන් මුඛය සිදුරු කොට කමින් සිටියි,මෙය කේලම් කීමෙය් ප්‍රතිවිපාකයන්වෙ මෙය බැව් අටුවාවෙ සදහන්ව ඇතබුදුන් දැක තිසරණයේ පිහිටි මෙම හික්ෂුවට මෙවැන්නක් සිදුවුවානම්,දහසකුත් කාර්යන් මැද වැඩකරන අප කෙසෙ විසිය යුතුවන්නේ ද අප තුල කිනම් සංවරයක් පැවතිය යුතුවන්නෙ ද..සිතන්න මොහොතක්  මෙය සිහියට ගෙන පවින් මිදෙන්නට සිත් ඇතිවේවා..!


ඛල්ලාටිය ප්‍රෙ‍්ත වස්තුව


මෙම කතාවේ සඳහන් වන්නේ තට්ට හිසක් ඇති පේ‍්‍රතියක් පිළිබඳව යි.
අතීතයේ බරණැස් නුවර එක්කරා වෛශ්‍යාවක් සිටියා. ඇය ඉතාමත් සිත් කළු රූපයකින් යුක්තයි. ඉතා ප්‍රසන්නයි. දුටු දුටුවන් පහදවන සුළුයි. ඇයගේ කේශ කලාපයද ඉතාමත් දිගයි. මනහරයි. නිල්වන්ය. මෘදු සිනිදුයි. අගින් නැමී තිබුණා. නොවිසිරී මෙවුල් කලාපයන් වගෙයි . ඒ ගමෙහි විසූ තරුණයෝ ඇගේ කෙස් කළඹේ ශෝභාව දැක ඇය කෙරෙහි සිත් බැඳ ගත්තා.
ඇගේ මේ කේශ කලාපයට ඒ ගමේ විසූ කාන්තාවන් කිහිප දෙනෙක් ඊර්ෂ්‍යා කළා. ඔවුන්ට ඒ සුන්දරත්වය ඉවසිය නොහැකි වුණා. ඒ කාන්තාවන් ඇගේ මෙහෙවර කරන එක් දාසියකට මුදල් ලබාදී ඒ දාසිය ලවා ඇගේ හිසකෙස් ගැලවී යන බොහොතක් ලබා දෙනු ලැබුවා. ඒ දාසිය ඒ බෙහෙත ඇය ස්නානය කරන විට හිසේ ගල්වන කුඩු සමඟ මිශ්‍ර කළා. දිනක් ඒ වෛශ්‍යාවිය ගංගානම් ගඟෙහි ස්නානය කරන විට ඇය අතර අර බෙහෙත් යෙදූ හිස් සෝදනය ලබා දුන්නා. ඇය එය ගල්වා දියේ ගිලුවා පමණයි. හිස් කෙස් මුළුමණින්ම ගැලවී ගියා. ඇගේ හිස තිත්ත ලබු ගෙඩියක් වාගේ වුණා.
ඇය ඉදුරුණු කෙස් ඇතිව හිඳින ලද මුදුන ඇති පරවියෙක් මෙන් අවලස්සන වුණා. ඉතාම ලැජ්ජාවට පත්වුණා. නැවතත් තමා සිටි නුවරට යා නොහැකි බැවින් හිසෙහි රෙදි කඩක් දවටාගෙන පිටනුවර එක්තරා පෙදෙසක වාසය කළා. කාලයකදී ඇගේ ලැජ්ජාව අඩුවුණා. ඇය තල තෙල් හා රා වෙළෙඳාම් කරමින් ජීවත් වුණා.
එක් දිනකදී ඇය මධ්‍යසාර පානය කර වෙරි වී සිටි එක් මිනිසුන් කිහිප දෙනෙකුගේ ලිහිල් වී තිබු ඇඳීවත සොරාගත්තා. දිනක් පිඬු සිඟා වඩින රහතන් වහන්සේ නමක් දැක සිත පහදවාගෙන තම ගෙට වඩම්මවා අසුනක් පනවා එහි වැඩ හිදුවා තෙල් මිශ්‍ර වූ වැගිරෙන ඇති කැවුම් පූජා කලා. ඒ රහතන් වහන්සේ ඇය කෙරෙහි අනුකම්පාවෙන් එය පිළිගෙන වැළඳුවා. ඇය පහන් සිත් ඇතිව තෙරුන්ගේ හිසට කුඩයක් අල්වාගෙන සිටියා. රහතන් වහන්සේ ඇගේ සිත සතුටුවන ආකාරයට බණ අනුමෝදනාව සිදුකොට වැඩියා. අර ස්ත්‍රියද පින අනුමෝදන්වන අතර “මගේ හිස් දිගුව සිහින්ව මුදුව අක්බඹුරු වී පිහිටිවායි” ප්‍රාර්ථනාවක් සිදුකළා.
කාලයත් සමඟ ඇය මියගොස් පින් – පව් කුසලා කුසල කර්මයන්ගේ විපාකය අනුව මුහුද මැද රන් විමනෙක හුදකලාවෙම උපන්නා. ඇගේ කේශය ප්‍රාර්ථනා කළ අයුරින්ම බැබලීමෙන් පිහිටියා. මිනිසුන්ගේ ඇඳීවත සොරකම් කළ නිසා ඒ අකුසලෙයන් නග්නව උපන්නා. ඇය ඒ විමානයේ නැවත නැවත ඉපදෙමින් එක් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි නිර්වස්ත්‍රව කල් යැව්වා.
අනතුරුව අපගේ තථාගතයන් වහන්සේ ලොව පහල වී සැවැත්නුවර වැඩවාසය කරන සමයේ එනුවර වැසියෝ සියයක් පමණ වෙළෙන්දෝ ස්වර්ණ භූමියට යනු පිණිස නැව් නැග්ගා. චණ්ඩ වූ සුළං වේගය නිසා ඒ නැව ගසා ගෙන ගොස් විමාන පේ‍්‍රතිය විසූ ප්‍රදේශයට ගසාගෙන ගියා. එවිට ඒ පේ‍්‍රතිය විමානයත් තමාත් අර වෙළෙඳුන්ට පෙනෙන්ට සැලස්සුවා. ඒ දුටු ප්‍රධාන වෙළෙන්දා මෙසේ විමසුවා.
”ඔය විමානයේ ඇතුලේ ඉන්න ස්ත්‍රිය කවුද? විමානයෙන් එළියට එන්නේ නැත්තේ මොකද? පින්වතිය ඔය විමානයෙන් ඔබ එළියට එන්න. අපි මහ ඉර්ධි ඇති ඔබව දැකගන්නට කැමැතියි”.
”මම දුකෙන් ඉන්නේ. මට ලැජ්ජයි. මගේ ඇ‍ෙග් නූල් පොටක් නැහැ. මට එළියට එන්න විදිහක් නැහැ. මුළු ශරීරයම වැහිලා තිබෙන්නේ කෙස්වලින්. මං පුංචි පිනක් කරගත් කෙනෙක්.”
”හොඳයි මම දන් ඔබට මගේ මේ උතුරු සළුව පූජා කරනවා. මේ වස්තය පොරෝගන්න. ඊට පස්සේ විමානයෙන් එළියට එන්න.”
”අතින් අතට දෙන දෙයක් ලබාගන්නට කැප නැහැ. ඔය පිරිස අතරින් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රද්ධා සම්පන්න උපාසක කෙනෙක් ඉන්නවා. එතුමාට මේ වස්ත්‍රය පොරවන්න. ඊට පස්සේ ඒ පින මට දෙන්න. එතකොට මම හැම අතින්ම සැපවත් වෙලා සුවපත් වෙනවා. ඒ වෙළෙඳ පිරිස ඒ උපාසකතුමා හොඳට නහවා සුවඳ ගැල්වුවා. වස්ත්‍ර හොඳට ඇන්දුවා. ඒ පේ‍්‍රතියට ඒ පින අනුමෝදන් කළා.
ඇයට පින්දෙන විට පුණ්‍ය විපාකය ඉපදුනා. භෝජන, ඇඳුම් පැළඳුම් පැන් ආදිය පහළ වුණා. මෙය තමයි දානයෙහි ඵලය.
ඒ වගේම ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍ර වලින් සැරසුනා. ඒ වස්ත්‍ර කසීසළු වලටත් වඩා උතුම්. ඕ සිනහ වෙවී විමානයෙන් එළියට ආවා. මෙය තමයි දානයේ ඵලය.
”ඔබේ දිව්‍ය විමානය ඉතාමත් විචිත්‍රයි. සිත්කළුයි. බබළනවා. පින්වත් දෙව්දුව අපි අහන්නේ මොනවගේ පුණ්‍ය විපාකයෙන්ද මේ විපාකය ඇතිවුණේ.
ස්වාමින් වහන්සේ නමක් පිඬුසිඟා වැඩියා. සෘජු සිත් ඇති උන්වහන්සේ ගැන මම ගොඩාක් පැහැදුනා. මම උන්වහන්සේට තෙල් කැවුමක් පූජා කළා. ඒ පිනේ විපාකයක් ලෙස මං මේ විමානයේ ඉපදිලා බොහෝ කාලයක් තිස්සේ සැප වින්ඳා. දැන් ඒ පින ගෙවිලා තව ස්වල්පයයි තිබෙන්නේ. තව හාරමාසයකට පස්සේ මම චුත වෙලා භයානක වූ කටුක වූ අවීචි මහ නිරයේ ඉපදෙනවා.
ඒ නිරයේ කොන් හතරක් තිබෙනවා. දොරවල් හතරක තිබෙනවා. ඒවා කොටස් වශයෙන් ගානට බෙදලයි තිබෙන්නේ. වටේටම තියෙන්නේ යකඩ පවුරක්. වහල තියෙන්නේ යකඩ පියනකින්. ඒ අවීචි මහ නරකාදියේ ඇවිලෙන ගිනිදැල් හරිම සැරයි. ඒ සැර යකඩ භූමියේ හැම තිස්සේම යොදුන් සියයක් පුරාවට ගිනි දැල් පැතිරිලා තිබෙනවා. මට එහි ඉපදිලා දීර්ඝ කාලයක් දුක් විඳින්ට වෙනවා. කරපු පව්වලට විපාක තමයි. ඒ ගැන මම ගොඩාක් ශෝකයෙන් ඉන්නේ.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ 


Tuesday, November 6, 2012

පාකිස්තානයේ තරුණිය කොල්ලකු දෙස බලා මැරුම් කයි


සිය දියණිය තරුණයෙකු දෙස බැලීම නිසා ඇයව ඇසිඩ් ගසා මරා දැමූවේයැයි සැකපිට ඇයගේ දෙමව්පියෝ පාකිස්තාන පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය හා පැවැති සාකච්ඡාවකදී දැරියගේ පියා පවසා ඇත්තේ මෝටර බයිසිකලයක ගමන් කළ තරුණයෙක් දෙස සිය දියණිය හැරී බලනු තමන් දුටු බවය. පසුව ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඇය තමන් නොදැනුවත්වම එම තරුණයා දෙස බැලු බවත් නැවත එවැන්නක් නොකරන බවත් පැවැසූවද එය විශ්වාස නොකළ තමා ඇයට ඇසිඩ් ගැසූ බව ඔහු කියා තිබේ. පියාගේ විශ්වාසයට අනුව ඔහුගේ දියණිය මෙසේ මරණයට පත්වීම ඇගේ දෛවයයි.
පාකිසතාන බළධාරීන් සදහන් කරන ආකාරයට එම තරුණයා හා මියගිය තරුණිය අතර
ප්‍රේම සම්බන්ධයක්ද තිබී ඇත.
පාකිස්තානයෙන් මෙවන් සිදුවීම් බොහෝමයක් වාර්තා වේ.පාකිස්තාන කාන්තාවන් සිය පවුලේ අවසරයකින් තොරව විවාහ දිවියට හෝ ප්‍රේම සම්බන්ධයකට හෝ එළැඹුණහොත් එය සැළකෙන්නේ පවුලේ අයට කළ මහත් නිගරුවක් ලෙසය. මෙවන් අවස්ථාවකට මුහුණ දීමට සදුවන කාන්තාවන්ට බොහෝ විට හිමිවන්නේ මරණයයි. ඒ සිය පවුලේම අයගෙනි. පවුලේ ගරුත්වය කෙළෙසූ බව කියමින් පාකිස්තානයේ පසුගිය වසරේ පමණක් ඝාතනයට ලක්ව ඇති කාන්තාවන් සංඛ්‍යාව 1000 කට ආසන්න බව එරට ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන කියයි.



උපුටා ගැනීම:-http://www.lankadeepa.lk/index.php/articles/75176

Life is a challenge‏


Monday, November 5, 2012

බෝධි පූජාව විද්‍යාත්මක වන්න කෙසේද

මේ ගැන මුලින්ම කතා කිරීමට පෙර අපි ශාක මිනිස් සිතිවිලි කෙරෙහි දක්වන ප්‍රතිචාරය කෙබඳුද කියා සොයා බැලිය යුතුය 
ශාක යනු ජීවීන් විශේෂයක්ය ....ඔවුන්ටද හිතන්න පතන්න පුළුවන්ය ....ඔවුන්ට පුද පුජ පැවැත්වීම අතීතයී පටන් සිදී වූවකි ...බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය සඳහා උපකාරී වූයේ බෝ ගසයි ...උන්වහන්සේද බෝධියට කාලගුණ සලකුවේ නැද්ද ....එසේ නම් එහෙම කරන්නට හේතු මොනවාද 

ගහ කොළ ගැන අද්යාත්මික බලවේග හෝ ශක්තීන් ගැන සොයාබැලීම සඳහා ලොව පුරා විද්වතුන් යොමු වීමට හේතුව පොලිග්රාෆ් නමැති යන්ත්‍ර පිළිඹඳ විද්‍යාඥයකු වූ ඇමරිකන් ජාතික ක්ලීව් බැක්ස්ටර් විසින් සොයා ගන්න පරීක්ෂනයකින්ය .කෙනෙක් බොරු කියනවාද නැද්ද යන්න සොයා බලන මෙම යන්ත්‍රය ගල්වනොමීටරයකට සමාන වේ ..තම පරීක්ෂනාගාරයේ සිටින අවස්ථාවකදී එහි තිබූ පැලයකට වතුර ටිකක් දමා පොලිග්රාෆ් යන්ත්‍රක් සවි කිරීමට මොහුට සිත් විය ...මෙය කිරීමෙන් ඔහුට දක්නට හැකිවූයේ බලාපොරොත්තු නොවොඕ දෙයකි...එනම් සුළු මානසික තෘප්තියක් ලබපු කෙනෙක්ගේ තත්වයක් එම උපකරණයට දැනීමය.....

පසු කලෙක තවත් පරීක්ෂණයක් මොහු කළේය ..කාමරයක පැල 2ක් තබන ලදී 6 දෙනෙක් තොර ගත්හ 5 දෙනෙකුට කිව්වේ කාමරයට ගොස් පැල 2ක දිහා බලාගෙන එන ලෙසටය ,,,එක කෙනෙකුට කිව්වේ කාමරයට ගිය පසු එක පලයක් පොඩිකර පග විනාශකරන ලෙසය...ඔහු එය කළේය ...ඉන්පසු නැවත එම කට්ටියට ඉතිරි වුන පැලය ඉදිරියට එන ලෙස කීවේය ..එම පැලයට පොලිග්රාෆ් උපකරණයක් සවි කලීය ... ඔවුන්ගෙන් පැලය දෙස බලා එන්නට කියු 5 දෙනාට
පැලය කිසිම ප්‍රතිචාරයක් දැක්වුයේ නැති අතර ..කලින් ගහ විනාශ කල පුද්ගලයා ලඟට ආ විගස "අපරාධකාරයා ආවා කියන්නාක් මෙන් "ඉතිරි පැලැටිය මහත් විපර්යාසයක් පොලොග්රාෆ් යන්ත්‍රයෙන් පෙන් වීය
ඉහත තොරතුරුවලින් ඔප්පුවන්නේ ගසක් මිනිසාට දක්වන ප්‍රතිචාරය යි
මීට වඩා ගොඩක් පරීක්ෂණ ඇති මුත් ලිපිය දීර්ග වන නිසා ඊ හැම දෙයක්ම පළ නොකරන්නේමු
සැබවින්ම ගතහොත් ගහකොලවලට අපගේ සිතුවිලි හඳුනා ගත හැක ...ගසකට සංවේදී වෙනවා යනු විශ්වය සමග සන්නිවේදනය කිරීමී මද්‍යකි...එම නිසා බෝධිපූජාව යනු විද්‍යාත්මක විශ්ව සන්නිවේදන මදයක් නොවන්නේ ඇයිද ...?
ගෞතම බුදුරජාණන් වහන්සේට සකල ක්ළේශ ප්‍රහීණ කොට සම්මා සම්බුද්ධත්වයට පත් වීමට උපකාරි වූ ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ සකල ලෝකයාගේම අති මහත් ගෞරවයට පූජනීයත්වයට පත් වූ වෘක්ෂයකි. සය වසරක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් අනතුරුව තනිවම නිවන් මඟ සොයා ගැනීමට අදිටන් කරගත් සිදුහත් බෝසතාණන් වහන්සේ සුජාතා දේවිය පිදූ කිරිපිඬු වළඳා නේරංජනා නදිය අසබඩ ගයා ශීර්ෂයේ (වත්මන් බුද්ධ ගයාවේ) ඇසතු රුකක් මුල වාඩි වී ‘බුදු වී මිස නොනැගිටිමි’යි අදිටන් කොට, මෙයින් වසර 2597කට පෙර වෙසක් පුන්සඳ රැස් දහරින් ලොව නැහැවෙද්දී සම්මා සම්බුද්ධත්වයට පත් වූ ස්ථානයේ අදත් අභිමානයෙන් වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දැක වැඳ පුදා ගැනීමට ලැබීමත් බොදුනුවකුට ලැබෙන භාග්‍යයකි.

‘බෝධිය’ යන්නෙන් අදහස් කැරෙන්නේ ‘අවබෝධය ලැබීම’ යන්න යි. එහිදී අවබෝධ කරන්නේ කුමක්ද? ලෝකය අවබෝධ කරගැනීම, ‘’බුද්ධ” වෙයි. ලෝකයේ ඇතිවීම, පැවැතීම හා නැතිවීම පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීම ‘බුද්ධ’ යන්නෙන් අර්ථවත් වෙයි. මෙහි ‘ලෝකය’ යනු උපදාන ස්කන්ධයයි. ඇතිවන සියල්ල අනිත්‍යයි. වෙනස් වෙයි. යමක් අනිත්‍ය නම්, ඒ දුකයි. (යදනිච්චං තං දුක්ඛං) දුක අවබෝධ කරගත් පසු දුක ඇතිවීමට හේතුව අවබෝධ වෙයි. දුක ඇතිවීමට හේතුව වූ තණ්හාව ප්‍රහීණ කිරීමෙන් නිවන සාක්ෂාත් කර ගැනීමේ හැකියාව ලැබෙයි. ‘බෝධිය’ යන්නෙන් අදහස් කළේ ඒ උතුම් සත්‍යය අවබෝධ කර ගැනීමයි.

එවන් අති උතුම් අර්ථයකින් පූජනීයත්වයට පත්, බුදුරජාණන් වහන්සේ පිටදුන් ඇසතු වෘක්ෂයට ඒම නිසා බෝධිරාජයාණන් වහන්සේ නමින් අති මහත් ගෞරවයෙන් අපි සලකමු. එය පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් ද සැලකෙයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 2551 ක් වුවද, අදත් එම බෝධිරාජයාණන් වහන්සේටත් (ජය ශ්‍රී මහා බෝධිය) අනෙකුත් බෝධීන් වහන්සේටත් සැදැහැවත්හු මල් පහන් පූජා පවත්වති. මෙය තවදුරටත් වෘක්ෂ වන්දනාවක් හැටියට සැළකුවහොත් එය මහත් වරදකි. ඇතැම් අය බෝධි පූජා පැවැත්වීම ඛ්රසුන් ක්‍රියාවක් ලෙස කතා කරති. එවැනි අය ගැන අනුකම්පා කළ යුතුය.

ගෞතම බුදුරජාණන් වහන්සේ ඇසතු රුක් මුල බුද්ධත්වය ලැබීම සඳහා භාවිතා කළ අතර, අනෙක් බුදුරජාණන් වහන්සේ නුග, පළොල්, මී නා ආදී වෘක්ෂ භාවිතා කළ බව මහාපදාන සූත්‍රය වැනි සූත්‍රවලින් හෙළි වෙයි.
බෝධි පූජාව යනු කුමක්ද? බෝධියට පූජා පැවැත්වීම මගින් අදහස් කැරෙන්නේ බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වූ බුදුන් වහන්සේගේ අනන්ත ගුණ මෙනෙහි කරමින්, එම ගුණ සජ්ඣායනය කරමින් බෝධීන් වහන්සේට පූජා පැවැත්වීමයි. එය ‘බුද්ධානුස්සති’ භාවනාවකි. දඹදිව ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී හෝ අනුරාධපුර ශ්‍රී මහා බෝධි මූලයේදී හෝ අෂ්ටඵල බෝධි මූලයකදී හෝ දෙතිස් ඵල බෝධි මූලයකදී හෝ කවර බෝධි මූලයක දී හෝ අප විසින්.

කරනු ලබන්නේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සම්මා සම්බුද්ධත්වයකට පත් වූ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සිහි කිරීමයි. එබැවින් එය උතුම් පූජාවකි.
බෝධි පූජා පැවැත්විය යුත්තේ කෙසේ ද යන්නද විමසිය යුතුªය. බෝධි පූජා පැවැත්වීමට පෙර බෝධීන් වහන්සේ අවට නැමද පවිත්‍ර කරගත යුතු ය. බෝධියට පුදා ඇති පර මල් හා වෙනත් පූජා භාණ්ඩ ඉවත් කොට පූජාසනය හොඳින් පිරිසුදු කර ගත යුතු ය. හොඳින් පෙරාගත් පිරිසුදු ජලයෙන් බෝධීන් වහන්සේ නෑවීම ද සුදුසු ය. අනතුරුව අත් සෝදා පිරිසුදු කරගත යුතු ය. මල්, පහන්, සුවඳ දුම් ඉතා ගෞරවයෙන් පුදා නමස්කාර කළ යුතු ය. ඉන් පසුව පහසු තැනෙක වාඩි වී අවබෝධයෙන් යුතුව ඒ කෙරෙහිම අවධානයෙන් යුතුව වටපිට නොබලමින් තිසරණ සහිත පන්සිල් සමාදන් විය යුතු ය. තෙරුවන් ගුණ සජ්ක්‍ධායනය කළ යුතු ය. ගාථා කියා පූජා පැවැත්විය යුතු ය. ගාථා කීමෙන් අදහස් කැරෙන්නේ ස්තුති පූජාවයි. බුදුන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී සම්බුද්ධත්වයට පත්වීමත් බෝධිය පරිහරණය කිරීමත් මෙනෙහි කළ යුතු ය.

සේවිතං ධම්ම රාජේන
නර දේවේහි පූජිතං
වන්දාමි බෝධි රාජානං
තිබ්බාන සුඛදායකං

ධර්ම රාජයාණන් වහන්සේ විසින් සේවනය කරන ලද දෙවි මිනිසුන් විසින් පුදනු ලබන වඳින පුදන බෝධිරාජයාණන්ට වඳිමි යනු එහි අර්ථයයි. එවැනි අර්ථයකින් සියලු බෝධිරාජයාණන් වහන්සේ පරම පූජනීය වන්දනීය බැවින් ගෞරවයෙන් වැඳුම් පිඳුම් කළ යුතුය.
අද බොහෝ දෙනෙක් බෝධි පූජා පවත්වන්නේ යම්කිසි කරදරයක් වූ විට පමණකි. කෙනෙකු යම්කිසි තදබල අසනීපයකින් පසු වන විට හෝ වෙනත් විපතක් සිදු වූ විට ඡ්‍යොතිෂඥයකුගේ් උපදෙස් අනුව ග්‍රහ අපල දුරුකර ගැනීමට බෝධිපූජා පැවැත්වීම බොහෝ විට දක්නට ලැබේ. ඒ ආකාරයෙන් හෝ ආගම දහමට ඳඬසුන් යොමු කිරීම පිළිබඳ ඡ්‍යොතිෂඥයන්ට ස්තුති කළ යුතු ය. ඔවුන් කීවත් නැතත් බෝධි පූජා පැවැත්වීම ඉතා ප්‍රතිඵල දායක ය. එහෙත් එය ග්‍රහ අපල දුරුකරන ශාන්ති කර්මයක් නම් නොවේ. පහත් පාපකාරී ක්‍රියාවල යෙදෙමින් මත් වතුර පානය කරමින් අධාර්මික ජීවිත ගත කරන අයද ඡ්‍යොතිෂඥයන්ගේ උපදෙස් මත ප්‍රතිපත්තියකින් තොරව ආවාට ගියාට බෝධිය නාවා, මල් පහන් තබා, කවි කීපයක් ගායනා කොට යන සිරිතක් අද දක්නට ලැබේ.
දඹදිව ජය ශ්‍රී මහා බෝධියේ දී කොඩි එල්ලා තිබෙනු දක්නට ඇත. ඒ අමනෝඥ ක්‍රියාව කරන්නේ ශ්‍රී ලාංකිකයන් වීම, ලැජ්ජාවට කරුණකි.

බෝධීන් වහන්සේගෙන් දරුඵල පැතීමත් විභාග සමත්වීමත්, පවුලේ ග්‍රහ අපල දුරුවීමත් සඳහා පිහිට පැතීම බුදු දහමට පටහැනි ක්‍රියාවකි. බෝධීන් වහන්සේගෙන් යම් යම් දේ ඉල්ලීම නම් බෝධි පූජාවක් නොවේ.
බෝධීන් වහන්සේට පුද සත්කාර කරන්නේ් ජීවමාන බුදුන් වහන්සේට පුද සත්කාර වශයෙන් සලකා බව අප අමතක නොකළ යුතු ය. බෝධි පූජාව ආරම්භ වූයේ බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීම බුදුන් වහන්සේ වැඳ පුදා ගැනීමට නිරතුරුව ජේතවනාරාමයට පැමිණෙන ජනතාවට උන්වහන්සේ එහි නැති අවස්ථාවලදී වැඳ පුදා ගැනීමට ජය ශ්‍රී මහා බෝධී මූලයෙන් ලබාගත් ශාඛාවක් ජේතවනාරාමයේ රෝපණය කැරිණි. එය අද දක්වාම ‘ආනන්ද බෝධිය’ නමින් ලෝකයාගේ වැඳුම් පිඳුම් වලට ලක් වෙමින් පවතී.

මෙසේ මහත් ගෞරවයට පාත්‍ර වන පාත්‍ර විය යුතු බෝධීන් වහන්සේට නිසි වතාවත් පවත්වා, පූජා පැවැත්වීම බුදුන් වහන්සේට කරන ගෞරවයක් සේම ආනිශංසදායක ය. මෙලොව සුව මෙන්ම පරලොව සුගතියටද එය හේතුවකි. එබැවින් බෝධි පූජාව මහත් ප්‍රතිඵලදායි පූජාවකි. ග්‍රහ අපල දුරුවන්නැයි බෝධි පූජා පවත්වා පැතුවත් නැතත්, නියම වතාවත් පවත්වා බුදුගුණ මෙනෙහි කර කරනු ලබන බෝධි පූුජාව නිසා ශාන්තියක්ම සිදුවෙයි. යහපතක්ම සිදුවෙයි. එක් දිනක් පමණක් නොව නිරතුරුව බෝධි පූුජා පැවැත්වීම යහපත් ය.

මෙතෙක් දැක වූ කරුවූ අනුව පර්යේෂණ කරුණු වලින්ද බෝධි පූජාවක සත්‍යතාවය ඔබට පහසුවෙන් වටහා ගත හැක ...අප බෝධියට ආදරයෙන් ...ගෞරවයෙන් පහන් දල්වා ,කොඩිවැල් බැඳ ,පැදකුණු කර නාවන විට ,ගාථ පිරිත් සජ්ජායනය කරන විට ,කවි කියන විට , කිරිබත් මල් හා පහන් පූජා කරන විට අපගේ ආදරය පෙන්නා පිහිට ඉල්ලන විට ,,,බෝධියද යහපත් ශක්ති කිරණ නිකුත් කරයි ...සාමානයෙන් බෝධි පූජාවක් දින නමයක් විසි එකක් ආදී වශයෙන් කරන විට ..බෝධිය අපිව හඳුනා ගනී .....අපි අවන්කවම බෝධියට ආදරය කරන්නේ නම් ගෞරව කරන්නේ නම් ,බෝධිය ද අපිට ප්‍රතිචාර දක්වමින් අප සමග ආද්යාත්මිකව සම්භන්දව සිටී ...අප ගෙදරින් පන්සලට පිටත්වන වෙලාව පවා බෝධියට වැටහේ ...බෝධිය වතුර වලින් නාවීමෙන් තෘප්තිමත් වන බව බක්ස්ටර්ගේ පර්යේෂණවලින් හෙළිවෙන අතර ...මෙත්ත සූත්‍රය මතුරා බෝධිය නාවීමෙන් වඩාත් බෝධි පූජාවේ ප්‍රතිපල ලැබෙන බව මතක තබාගත යුතු වේ ......එමෙන්ම බෝධිය අපගේ සපෙහිදීත් දුකෙහිදීත් සංවේදී වන බව අප මතක තබා ගත යුතු වැදගත් කාරණයකි ....බෝධියේ රශ්මි මාලාව අපගේ ශරීරයේ රශ්මි මාලාව හා මුසුවී අපට ශාන්තිය උදා කරන අතර ...ආදී විස්සක් තරම් දුරට විහින්දෙන ශක්ති පද්ධතියද අපගේ එවන් ශක්ති පද්ධති හා එක්ව මුසුවී ශාන්තියක් සතක්ම උදා කරයි ....අප උදාහරණයක් ලෙස විපතකට පත් උවෙක් ගැන සිත හෝ රූගියෙක් ගැන සිත බෝධි පූජාවක් තබන විට ...අපගේ චිත්ත ශක්තියහා ශබ්ධ තරංග බෝධිය හඳුනාගෙන ,,එමගින් ඒ අදාළ පුදගලයාට සෙතක් සැලසෙන ශක්තිතරංග නිකුත් කිරීමට බෝධියට හැකිය ,,,එනම් බෝධි පූජාව යනු විශ්ව සන්නිවේදන මාද්යකි ..
අපට හිතගනීමටත් නොහැකි ශක්තීන් ගහකොළ හා අපාතර බැඳීම් තුලින් ඉස්මතු කිරීමට හැකිය ...එමෙන්ම දෙවියන් හා අප අතර සම්බන්දය බෝධිය නිසා බෝධිපූජාතුලින් අපට උදාකර ගත හැක ....එසේම අප පූජාකරන මල පවා නිකම්ම නිකන් මලක් නොවිය යුතුය යම්කිසි ආලෝක කිරණක් විහිදීමට එයට හැකි විය යුතුය ,,,එම මලෙන් නිකුත් කරන කිරණ අපගේ චිත්ත ශක්තිය සමග මුසුව බෝධිය හා සම්භන්ද වී අපට ශාන්තිය උදා වේ ...මෙම මල් බුදුරජානන් වහන්සේට පූජාකරන මල් නම්...එයින් සිදුවන යහපත අමුතුවෙන් කිව යුතු නැත
මෙහිදී ග්‍රහ අපල ගැන යමක් කිව යුතුය ....

අපගේ පොලව තමාවටා කරකැවෙයි ....තමාවටා කරකැවී ඉරවටා කරකැවෙයි ..හඳ අපගේ පලව වටා කරකැවෙයි .....ග්‍රහ ලෝක අපගේ ඉරවටා කරකැවෙයි ....මේ හැම ග්‍රහයෙක්ගෙන්ම පෘතුවියට ඇදුම් කෑමේ ශක්තියක් ඇත .....සත්වයෙක් උපදින වෙලාව අනුව ඔහු උපදින වෙලාවට බලපාන ග්‍රහයෝ කීපදෙනෙක් ඇත ....මෙය මොහොතින් මොහොත වෙනස් වෙයි ...සත්වයා මව් කුසේ ඉන්නතක් ආරක්ෂිතය...මව් කුසෙන් එලියට ආ පසු අහු වටෙන්නී අර ග්‍රහ පල පාම වැටෙන පරිසරයටය ....ඒ අනුව එම සත්වයාගේ කේන්ද්‍රය සාදයි ....යම්කිසි ග්‍රහයෙක් ගේ කිරණ ඔහුට අයහපත් වන්නට පුළුවන...එහිදී බෝධි පූජාව මගින් එම සත්වයාහට බෝධියට කන්නලව් කර පිහිට පැතීමෙන් .....බෝධියෙන් යහපත් කිරණ විහින්දුවා එම සත්වයා හට අයහපත් ග්‍රහ කිරණ මගින් සිදුවන කරදර මග හරවා ගත
හැක ...


කබාන්ග්ට අලුත් මුහුණක්

  කබාන්ග් පිලිපිනයේ මැනිලා නුවර දිළිදු පැලක සිටීන බැල්ලියකි. නිවසේ කූඩා දරුවන් දෙදෙනාගේ ජිවීත බිහිසුණු රිය අනතූරකින් බේරා ගැනිමට කබාන්ග්ට හැකි වුවත් ඵහිදි ඇගේ මුහුණේ කොටසක් ඇයට අහිමි විය.

  පශූවෛද්‍යවරුන් දැඩි පරිශ‍්‍රමයක් දරමින් කබාන්ග්ගේ ජිවීතය ගොඩ ගත්හ. ඇගේ මෙම වීර ක‍්‍රියාව ඵක් වෛද්‍යවරයෙකූ වීසින් අන්තර් ජාලයට මුදාහැරිමත් සමග ඇමරිකා පශූ වෛද්‍යවරු පිරිසක් ඩොලර් වීසිදහසක(රුපියල් 264000) අරමුදලක් ඇති කළහ. බැල්ලියට සැත්කමක් කිරිමට ඉදිරිපත් වූහ.

   පසුගියදා කබාන්ග් තමන්ට අලුත් මුහුණක් ලබාගැනිම සදහා මැනිලා අන්තර්ජාතික ගූවන් තොටුපොළින්ලින් නිවියොර්ක් නුවර බලා රැගෙන යනු ලැබීය. ඊටපෙර මැනිලා නුවර පශූවෛද්‍ය සංගමයක් බල්ලන් 300දෙනකු සහභාගි කර ගනිමින් කබාන්ග්ට උපහාර උත්සවයක්ද පැවැත්වීය.














Sunday, November 4, 2012

මුස්ලිම් විවාහ නීතියෙන් අවුරුදු 12ට අඩු දැරිවියක් වුවද රිසිසේ දූෂණය කිරීමට ලංකාවේදී නීතිමය ආවරණය සැපයේ.



ලංකාව තුලදී නීත්‍යානුකූලව බාල දැරියන් කෙළෙසීමට මුස්ලිම් විවාහ නීතියෙන් අවසර දෙන්නේ මෙහෙමයි.

අවුරුදු 10 ක 12 ක ගැහැනු දරුවෙක් ලංකාව තුලදී නීත්‍යානුකූලව දූෂණය කරන්නට මුස්ලිම් ජාතිකයන්ට අවසර ඇති බව ඔබ දන්නවාද? ඉස්ලාමයේ නිර්මාතෲ වරයාවන මුහම්මද් නබි ද වයස අවුරුදු 9 ක ළදැරියක් අඹුකමට ගත් බව ඉස්ලාමීය ශුද්ධ ග්‍රන්ථයක් ලෙස සැලකෙන "අල් බුහාරි" ග්‍රන්ථවල එන හැදීත් පාඨයන්හී සදහන් 
වේ. ඉස්ලාම් ආගමික න්‍යායාචාර්ය වරයාට ලැබුණු එම වරප්‍රසාදය තම අනුගාමිකයන්ට ද ලබා දීම සදහා පිළිකුල්සහගත වූත්, නින්දිත වූත් ශිෂ්ඨ සම්පන්න ‍ලෝකය ප්‍රතික්ෂේප කරන, අපූරු නීති සමුච්චයක්ම ඉස්ලාමය තුල සම්පාදනයකොට දී තිබේ.

අපි ශිෂ්ට යයි අදහන ලංකාවේ සම්මත නීතියේ ‘මුස්ලිම් විවාහ නීතිය’ (http://www.navaliya.com/2010/01/18/feature4.html) කියා අමුතුම තාලේ එකක් ඇත. ඒකේ හැටියට මුස්ලිම් විවාහයක් ලියාපදිංචි කරන්නේ මෙහෙමය. (http://www.gic.gov.lk/gic/index.php?option=com_info&task=info&id=1847&lang=si)

1 මනාලයා විසින් අදාල විවාහය සිදු වීමට ප්‍රථම ඒ පිළිබදව මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් වෙත දැනුම් දිය යුතුය.
2 ප්‍රකාශපත්‍රය මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත හැක.
3 බාලිකාවගේ වයස අවුරුදු 12ට අඩුනම් ක්වාසිවරයාගේ අවසරය ලබාගත යුතුය.
4 නිකා චාරිත්‍රය ඉටු කිරීමෙන් පසු මනාලයා, මනාලියගේ වාලි, නිකා චාරිත්‍රය ඉටුකළ තැනැත්තා, සාක්ෂිකරුවන් දෙදෙනෙකු සහ රෙජිස්ට්‍රාර් විවාහ ලේඛනයේ අත්සන් තබයි.
5 විවාහ රේජිස්ට්‍රාර් විසින් විවාහ සහතිකය නොමිලයේ ලබා දෙනු ලබයි.

මේ ක්වාසිවරයා නම් තොප්පියක් දමාගත් රැවුල්කාර මහලු මෝඩයා එකඟ නම් ඕනෑම වයසක පසුවන මුස්ලිමෙකුට වැඩිවියපැමිණි අවුරුදු 12ට අඩු දැරිවියක් වුවද රිසිසේ දූෂණය කිරීමට ලංකාවේදී නීතිමය ආවරණය සැපයේ.

ලංකාවේ පරිවාස හා ලමාරක්ෂක දෙපාර්මේන්තුව නම් ආයතනයක් ඇති අතර එම ආයතනය දරුවන් ගැන පහත කරුණූ සම්බන්ධයෙන් කටයුතුකරයි.
(http://www.probation.gov.lk/web/index.php?option=com_details&id=47&Itemid=54&lang=si)

ර‍‍ටේ මොනයම් හෝ තැනක දරුවෙකු,

1 නීතිමය වශයෙන් ළමා අයිතීන් කඩවන තත්වයකට පත්ව ඇත්නම්
2 දරුවකු ළමා අපයෝජන හා අපචාර තත්වයන්ට ගොදුරුවී ඇත්නම්
3 දරුවකු ළමා මෙහෙකාර සේවයේ යොදවා ඇත්නම්
4 දරුවකු ලිංගික අපයෝජනයකට හෝ වෙනත් අකටයුත්තකට ගොදුරුව පුනරුත්ථාපනය සදහා යොමු කල යුතු නම්
5 දරුවකුගේ සෞඛ්‍ය හා වර්ධනයට අවශ්‍ය ඉඩකඩ ඇහිරී ඇත්නම්
6 දරුවාගේ අධ්‍යාපනය සදහා ඇති අයිතිය සුරක්ෂිත කල යුතුව ඇත්නම්.....

මුස්ලිම් විවාහ නීතිය අනුව බලහත්කාරයෙන් විවාහ කරගන්නා ගැහැණු දරුවෙකු ඉහත සියළු නොපනත්කම්වලට පාත්‍රවුවත් ලමාරක්ෂක දෙපාර්තමේන්තුවට ඇහැක් ඇර බලන්නටවත් නොහැකිය. එයට හේතුව නම්, ලංකාවේ ‘දරුවන්’ යන නිර්වචනයට මුස්ලිම් ජාතික අඩු වයස් ගැහැණු ළමුන් ඇතුලත් නොවීමයි. ඔවුන් වයසක කෙලතොල්ලන්ගේ මනදොල සපුරාලනු වස් වෙන්කොට ඇති ක්‍රීඩා භාණ්ඩ විශේෂයකි.

(කෙසේ වෙතත් වර්තමානයේ මෙවන් දේ සිදු නොවන බව පවසා මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන මුසල්මානුවෙකු වේ නම්, මෙම ම්ලේච්ඡ නීතිය නීතිපොතේ ඔවුන් විසින් තවදුරටත් පවත්වාගෙන යන්නේ මන්දැයි පැහැදිලි කල යුතුය)





උපුටා ගැනීම:-
Sorry.com

Thursday, October 25, 2012

ලස්‌සන රෝස කුසුමක්‌ වන් කවීෂා තරුදි පුංචි දියණියට ආයෙත් ඉස්‌කෝලෙ යන්න උදව් කළොත් පින්!

.හිමිදිරි උදයේ පිපුණු ලස්‌සන රෝස කුසුමක්‌ වන් හත් හැවිරිදි කවීෂා තරුදි පුංචි දියණිය මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූයේ පසුගිය වසරේ දෙසැම්බර් 20 වැනිදා ය.


නිවස ඉදිරිපිට මිදුලේ කොනක පිහිsටි තම පියාගේ ගරාජයට පැමිණි ඔහුගේ මිතුරෙකු භාජනයකට පෙට්‍රල් පුරවා ගෙන, ඔහුගේ වාහනයේ කොටසක්‌ පවිත්‍ර කරන්නට වූයේ පියාගේ වුවමනාවට නොව ඔහුගේ වුවමනාවටය. ඒ අතරේ නිවසේ දුරකථනය නාද වූයේ කවීෂාගේ සොයුරිය විශ්වවිද්‍යාලයේ සිට නිවසට පැමිණීමට මදක්‌ ප්‍රමාද වන බව දැන්වීමටය. වහා ක්‍රියාත්මක වූ කවීෂා තම පියා අක්‌කාව රැගෙන ඒමට යාවි යෑයි කලබල වූවාය. අක්‌කා පමා වන බව කියන්නට ඇය තාත්තා වෙත දුව ගියාය.

අම්මාගේ සාරියක්‌ ඇඟ දවටා ගනිමින්, පොත් මිටක්‌ තුරුළු කර ගෙන පුංචි කෝටුවක්‌ ද අතින් ගෙන බෝනික්‌කන් වට කරගෙන කවීෂා එතෙක්‌ සිටියේ නිවස ඇතුළේ ය. ඇය රඟපෑවේ පෙර පාසලේ ගුරුවරියගේ චරිතයයි. අක්‌කාගේ දුරකථන පණිවුඩයෙන් කවීෂා වහා චරිතයෙන් මිදී තාත්තා වෙත දිව ගියේ ඇඳ සිටි සාරිය ද ඇඟ වටේ පටලවා ගනිමිනි.
ඒ මොහොත වන විටත් තාත්තාගේ මිතුරා අත වූ පෙට්‍රල් බඳුනට ගිනි ඇවිලී තිබිණි. කොහේදො සිට හමා ආ සුළං පොදක එල්ලුණු ගිනි දැල් ගුලියක්‌ වේගයෙන් හඹා විත් පුංචි කවීෂාගේ සාරි පොටේ එල්ලී ඇය බදා වැළඳ ගත්තේ මහත් කුරිරු අන්දමිනි. පුංචිකමට ඇය ගිනි ජාලාව සමඟ පොර බැද්දේ ඇස්‌ දෙක ඇස්‌ පිහාටුවලින් දැඩි ලෙස තද කර ගනිමිනි. ඇයව ගින්නෙන් මුදා ගැනීමට හැකි වූයේ බොහෝ සෙයින් ගින්න ඇයට හානි කිරීමෙන් අනතුරුවය.
කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට ඇය ඇතුළත් කෙරුණේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු රෝහල් වෛද්‍යවරුන්ගෙන් පවා උදුරා ගන්නා අයුරිනි. එහෙත් පුංචි කවීෂාව මාස දෙකහමාරකට පසු යළි ගොඩ ගැනීමටත්, ඇයට යළි ජීවිතය දීමටත් රෝහල් කාර්ය මණ්‌ඩලය උපරිමයෙන් ක්‍රියා කළ බව කවීෂාගේ මව වන ඩබ්ලිව්. ජී. නිලුකා මල්කාන්ති මහත්මිය පවසයි.
"දරුවාට සම්පූර්ණ සුවය දෙන්න පුළුවන් කියලා වෛද්‍යවරුන් කියන්නේ නැහැ. බලාගෙන ඉන්න බැරි නිසා අපි දරුවාව පසුගියදා ඉන්දියාවට අරගෙන ගියා. දුව හැම තිස්‌සෙම කියන්නේ එයාට ඉස්‌කෝලේ යන්න ඕනේ කියලා. ඉක්‌මනට අකුරු ලියන්න ඕනේ කියලා. අත සනීප කර ගන්න එයා ගොඩාක්‌ උනන්දු වුණා.

ඉන්දියාවේ රෝහලකින් කිව්වා ශල්‍යකර්ම 6 ක්‌ දුවට කරන්න ඕනේ කියලා. දරුවාව සම්පූර්ණයෙන් ම සනීප කරලා දෙන්න එහේ වෛද්‍යවරු පොරොන්දු වුණා. එක ශල්‍යකර්මයකට රුපියල් ලක්‍ෂ හතරහමාරක්‌ යනවා. ශල්‍යකර්ම හයට විතරක්‌ රුපියල් ලක්‍ෂ 30 ක්‌ යනවා. මාස හතක කාලයක්‌ ඉන්දියාවේ රෝහලේ නවතින්න ඕනේ. අපි බැගෑපත්ව ඉල්ලා සිටින්නේ ජනාධිපති අරමුදලින් අපේ දරුවාව සනීප කරගන්න උදව් කරන්න කියලායි."

ජාතියේ දූ පුතුන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපතිතුමනි, මේ ඔබේ දියණියකි. ඇයගේ අනාගතය ඇත්තේ ඔබේ අතේ බව සිහිපත් කරනුයේ ඉතාමත් කාරුණිකවය.

පසුගිය වසරේ රත්නපුර µර්ගර්සන් උසස්‌ බාලිකා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබු පුංචි කවීෂා තරුදි දියණියට යළි පාසල් යන්නට ඔබගේ දයාබර දැත් දිගු වනු ඇතැයි අපි විශ්වාස කරමු. පුංචි කවීෂාගේ ද එකම ඉල්ලීම එය වේ. පිළිස්‌සුණු, වෙව්ලන දැතින් ඇය දයාබර ජනාධිපති මාමා වෙත රෝහල් ඇඳ මත සිට ලියූ ලිපිය ද අපි මෙසේ පළ කරන්නෙමු.

කවීෂා නමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ආරම්භ කර ඇති ගිණුමට පුංචි මුදලක්‌ තැන්පත් කරන ලෙස ද දිවයින පාඨකයන්ගෙන් කාරුණික ඉල්ලීමක්‌ කරමු. එය ඉතා උතුම් පිංකමක්‌ වනු ඇත.

පුවත්පත්වල අන්තර්ජාලයේ ඇය පිළිබඳ තොරතුරු පළවීමෙන් පසු ඒවා මුද්‍රණය කර, හොර සහතික ලෙස සකස්‌ කර, µයිල්වල දමා, හොර ටිකට්‌ අලෙවි කරමින් දුම්රියවල, බස්‌ රථවල මහමඟ පුංචි කවීෂා තරුදි නමින් මුදල් රැස්‌ කරන වංචාකරුවන්ට නොරැවටෙන ලෙස 'තරු සිත්තම' පාඨක ඔබගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ රත්නපුර, ශාඛාවේ ඒ. කේ. කවීෂා තරුදි අර්සකුලසූරිය නමින් ඇති 100105077591 ගිණුමට පමණක්‌ මුදල් පරිත්‍යාග බැර කරන ලෙස වගකීමෙන් පවසමු

Monday, October 22, 2012

සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස!


පහත ජායාරූප වල හා වීඩියෝවෙහි සිටිනා මෙම ගවයා කොට්ටාව-බොරැල්ල 174 බස් මර්ගයෙදී වාහන රියදුරෙකු විසින් හප්පා පලා ගොස් ඇත.

එම අනතුරින් ගවයා ගේ එක් අතක් ගැලවී ගොස් ඇති අතර අනික් අත උරහිසින් එලියටපැන ඇත.

අනතුර සිදුවු පසු අසල්වැසියෙකු විසින් ගවයා ගෙවත්තේ ගැටගසා ප්‍රරතිකාර කර ඇති අතර, ඔවුනට ගවයාව බලා ගැනීමට නොහැකි හෙයින් වෙනත් අයෙකු විසින් ගවයාව රැගෙන ගොස් ඉතා ආදරයෙන් අවුරුදු 3ක් පමණ කාලයක් සත්කාර කර ඇත.

තවද එම රැකබලාගත් පුද්ගලයන් විසින් එම අවුරුදු 3ක කාලය තුල ගවයා සුවපත් කර ගැනීම සඳහා කෘතිම පාදයක් සවි කිරීමට උත්සහ කලද එම සියලු උත්සහයන් අසාර්ථක වී ඇති අතර හරියාකාරව ඇවිදීමට නොහැකි නිසා ගවයා මේ වනවිට සිටින්නේ ඉතාමත් දුර්වල සෞඛය තත්වයකිනි.

මේ අසරණ ගවයා සඳහා කිසිඳු මුදල් ආධාරයක් ඔවුන් බලාපොරොත්තු නොවන අතර ගවයා සුවපත් කර ගැනීම සඳහා ඉදිරිපත් විය හැකි කිසියම් වෛද්‍යවරයෙකුට හෝ පුද්ගලයෙකුට මෙම අසරණ ගවයා හට පිහිට වීමට ඔවුන් ආරාධනා කරයි. ඒ සඳහා දායක වීමට ඔබට හැකියාවක් ඇත්නම් එය මහත් පිංකමකි.

වැඩි විස්තර නො: 148/3, කලල්ගොඩ, පන්නිපිටිය ලිපිනයෙන් හෝ දු.ක: 0716-378636 අංකයෙන් හෝ lahirukchamara [ඇට්] gmail.com විද්‍යුත් ලිපිනයෙන් ලබාගත හැකිය.






උපුටා ගැනීම:-http://www.gossip9.com/2012/08/blog-post_9.html

අනතුර නිසා නැඟිටීමට නොහැකි ගවයා

පින්වත් මිතුරනි........... මේ ඔබේ ඉක්මන් අවදානය පිණිසයි. හැකි ඉක්මනින් ඔබෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමු !!!

ඊයේ සවස නාවින්න ආර්පිකෝ වෙලඳසැල අසල මාර්ගයේ ගමන්ගත් වාහනයක ගැටීම හේතුවෙන් ගවයෙකුගේ කකුල් දෙකක් දැඩි ලෙස තුවාල වුණා.

ඇවිදගැනීමට අපහසු එම ගවයා තවමත් ආර්පිකෝ වාහන නැවතුම ඇතුලත සිටින අතර අනතුර නිසා ගවයාගේ කකුලේ අස්ථියක් එලියට පැමිණ ඇති බවයි දුටුවන් පවසන්නේ.

ගවයාගේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින නිසා පහත අංකය හරහා සම්බන්ධ වෙමින් ඌ සුවපත් කිරීමට හැකි කාරුණික ගොසිප්9 පාඨකයන් එක්වන ලෙස අපි කාරුණිකව අපි ඉල්ලා සිටිමු.

ලසිත් ගුණසේකර
0773640025
glipgh@gmail.com

වැඩි විස්තර දැනගන්න මේ link එකට යන්න.
http://www.gossip9.com/2012/10/blog-post_4392.html
නවතම තතු දැනගන්න
http://www.gossip9.com/2012/10/blog-post_7616.html#more

මේ අසරණයා සුවපත් කිරීමට සහය වන්න.
ස්තුතියි.
Stop Killing Cows facebook කණ්ඩායම





Tuesday, October 16, 2012

සියලුම දෙනා අනිවාර්යෙන් බලන්න [S][H][A][R][E] කරන්න


මීගමුවේ තෙල්වත්ත හන්දියේ බාධක මැද ඉදිවූ බුදු පිළිමය


මිගමුව තෙල්වත්ත හන්දියේ නගර සභා භුමියේ තිබු කුඩා බුදු පිළිම වහන්සේ විශාල බුදු මැදුරක් ලෙස ඉදිකොට නිර්වාරණය කිරීම පසුගියදා සිදු වුවා.

ඒ මාදුළුවාවේ සෝභිත හිමියන් හා නාග විහාරාධිපති බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියන් අතිනි.

මෙම බුදු පිළිමවහන්සේ ඉදිවීම පිටුපස ඇත්තේ කටුක කතාවකි. දිගින් දිගටම එල්ලවූ විරෝධයන් හමුවේ නොසැලී තම අවසන් අරමුණ කරා යාමට එහි සංවිධායකයෝ සමත්වී ඇත.

මෙම බුදු පිළිමය ඉදි කිරීමේදී කලින් කලට විරෝධය එල්ල වූ අතර වරක් අධිකරණය දක්වා මෙම ගැටලුව ඇදී ගියේ මෙම බුදු පිළිමය නීති විරෝධී බව කියමිනි.

මිගමුව නගර සභාව මගින් එම බුදු පිළිමය එතනින් ඉවත් කිරීමට යෝජනාවක් ගෙන ආ අතර එයට පක්ෂව ජන්ද 11 ක් ලැබී තිබු අතර විපක්ෂව ජන්ද ලැබී තිබුනේ දෙකක් පමණි. කෙසේ නමුත් අවසානයේ වසර ගණනාවක් තිස්සේ ගෙන ආ සටන ජය ගැනීමට එහි සංවිධායකයෝ සමත්විණි.

මෙම බුදු පිළිමයට සම්බන්ධව මේ දිනවල තවත් කතාවක් පැතිරෙමින් පවතී. ඒ මෙම බුදු පිළිම වහසේට විරුද්ධව නැගී සිටි එක් කාන්තාවකට අත්වූ ඉරණම පිලිබඳවය. එම රිය අනතුරද මේ දිනවල ආන්දෝලනාත්මක මාතෘකාවක් වී ඇති හෙයින් ඒ පිලිබඳ වැඩි විස්තර මෙම ලිපියෙන් විස්තර වන්නේ නැත.Click on to play

බුදු පිළිම වහන්සේ නිරාවරණය කළදා ජායාරුප එකතුවක් පහතින් බලන්න

    
උපුටා ගැනීම:-http://ceylonradio.co.uk/

Sunday, October 14, 2012

ගව ඝාතනය නතර කළ නොහැකි ද?

         ‘සසර’යනු මහා දුක් කන්දරාවකි. මේ බව ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල දී දේශනාකර ඇත. ‘‘අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි නපඤ්ඤායති’’ සසර යනු ඉමක් කොනක් නොපෙනෙන මහා ප‍්‍රවාහයකි. අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා කෙළවරක් දැකිය නොහැකි මේ මහා සංසාරේ මාත් ඔබත් ගමන් කළ බව බුදුරාජාණන් වහන්සේ දේශනා කළහ. සත්ත්වයන් ඉබාගාතේ කිසිදු පිළිසරණක් නොමැතිව සංසාර ප‍්‍රවාහයට හසුව පාවී යන ජීවිතවලට සදාකාලික සැනසීමක් එක් කළේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ එසේ කළේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පිරූ පාරමීදම් බලයෙනි.

     එසේ නම් දැන් සසරේ ඉමක් නොපෙනුණත් කොනක් නැතැයි කියා පසුතැවිලි වන්නට අවශ්‍ය නැත. ලාබ, අලාභ, අයස, යස, නින්දා, ප‍්‍රශංසා, සැප, දුක් කියන්නා වූ අටලෝදහමට නිරන්තර හසුව ගත කරන මේ ජීවිතයට සදා සැනසිල්ලක් ඇති බව අපට පැහැදිලිය. ඒ උතුම් වූ පිළිසරණ අපට ලබා දුන් බුදුරජාණන් වහන්සේට නිරන්තර ආමිස පූජාවෙන් හා විශේෂයෙන් ප‍්‍රතිපත්ති පූජාවෙන් පිදුම් කළ යුතුය.


    බෞද්ධයන් හැටියට අප සදාකාලීක සැනසීමක් හෙවත් නිවනක් තිබෙන බව දැනගත්තත් තවම ඒ උතුම් වූ සැනසීම් මග සොයාගෙන නැති ආකාරයකි දකින්නට ලැබෙන්නේ. ඒ සඳහා කතා කරමින් හා සාකච්ඡුා සම්මන්ත‍්‍රණ පවත්වමින් සිටිමු. ඒනිසා සසරේ පවත්නා වූ නිවැරදි ලක්ෂණය හඳුනා නොගෙන ජීවත්වන්නෙමු. බුදුදහමේ සඳහන් සෑම කාරණාවක්ම අර්ථයෙන් පිරිපුන්ය. ඒ සෑම කරුණක්ම ජීවිතයේ යහමග කියා දෙන්නකි. එහෙත් නුවණක් බුද්ධියක් ඇති කෙනකුට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ඉපදීම, මරණය හෙවත් භවයෙන් භවයට ගමන් කිරීම හා සම්බන්ධ දේශනාව පමණක් සසරේ පවත්නා වූ ස්වභාවය තේරුම් ගැනීමට ඉවහල්වනු ඇත. සත්ත්වයන් හැටියට සංසාරේ විවිධ ආත්මභාව ලබා ගමන් කිරීම දැකිය හැකිය. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ භව ගමන පිළිබඳව බලනවිට පාරමීදම් පිරූ කාලය තුළ ද තිරිසන් ආත්මභාව ලබා ඇත. ඇත්, ගව, මුව, වඳුරු, නාග ආදී සත්ත්ව කුලවල ඉපිද ඇත.


    එසේ නම් පින්වත, අප විශේෂ පාරමී දහමක් පුරන්නටවත් ආරම්භයක් තිබේ ද? එය තම තමාගෙන්ම ඇසිය යුතුය. අනෙක් අයගෙන් නොඇසිය යුතුය. සමහරවිට එවැනි ආකාරයේ ආරම්භයක්වත් නැත්නම් අපේ ජීවිත සසරේ කුමන කුමන පැතිවලට ගමන් කරයි ද? අපේ ජීවිතයේ සැනසීම තීරණය වන්නේ අප කරන්නා වූ ක‍්‍රියාවන් අනුවය. අපව බෙදනු ලබන්නේ කර්මයයි. ‘‘කම්මං සත්තේ විභජති’’ ඒ අනුව තමා කරන ක‍්‍රියාවෙන් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් විය හැකිය. තමා කරන ක‍්‍රියාවෙන් මෝඩ මනුෂ්‍යයෙක් දුප්පත් මනුෂ්‍යයෙක්. අප‍්‍රියරූප ඇති මනුෂ්‍යයෙක් විය හැකිය. එසේම හරකෙක්, බූරුවෙක්, බල්ලෙක් වන්නට ද පිළිවන. එසේම දෙවියෙක්, බ‍්‍රහ්මයෙක්, භූතයෙක්, පිසාචයෙක් විය හැකිය. එසේම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් හා පසේබුදු, සම්මා සම්බුද්ධ තත්ත්වයන්ට පත්වීමට ද පිළිවන.


    විශ්ව සමාජය තුළ මිනිසුන් අතර වුවත් තිරිසන් සත්වයන් තුළ වුවත් විවිධ වර්ගීකරණ ඇත. මනුෂ්‍යයන් කෙතරම් සිටියත් එය එක් එක් මිනිසුන්ගේ කුසලය, අකුසලය අනුව රූපය, ගතිලක්ෂණය හා ලැබීම් වෙනස් ය. තිරිසන් සතුන් අතර වුවත් විවිධ වෙනස්කම් ඇත. සුනඛයන්ගේ විවිධ වර්ග ඇත. ඒ ඒ වර්ග අනුව ඉල්ලූම ද වෙනස්ය. සමහර සුනඛයන් සුඛෝපභෝගී ජීවිත ගතකරයි. තවත් සුනඛයන්ට කෑම බීමවත් නැත. දෙවියන් අතර වුවත් අල්පේශාඛ්‍ය, මහේශාඛ්‍ය වශයෙන් කොටස් දෙකක් ඇත. අල්පේශාඛ්‍ය යනු පිනෙන් අඩු අයයි. මහේශාඛ්‍ය යනු පිනෙන් පොහොසත් අයයි. මහරහතන් වහන්සේලා අතර වුවත් විවිධ ලක්ෂණ ඇත. සීවලී මහරහතන් වහන්සේට කුමන ස්ථානයක සිටියත් දානය ලැබුණු අතර ලෝසක මහරහතන් වහන්සේට කොතැන සිටියත් කුස පුරා දානය වළඳන්නට ලැබුණේ නැත. චක්‍ඛුපාල මහරහතන් වහන්සේ රහත්වන ආත්මභාවයේ උන්වහන්සේගේ ඇස් අන්ධ විය. මේ සෑම දෙයකටම හේතු කාරණා ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේට ද නිරන්තර හිසේ රුදාවක් තිබිණ. එයට හේතුව සසරේ එක්තරා ආත්මභාවයක මසුන් මරන්නෙකුගේ බිලී පිත්තට මාළුවෙකු හසුවී ගැහෙන ආකාරය දැක සතුටුවීම නිසාය. එසේ නම් අප කරන කටයුතු ගැන මීට වඩා සිතිය යුතුයි. ඒ මන්ද? සසරේ තව තවත් අපට ඈත ගමනක් යා යුතුව ඇති නිසාය.


  කොසොල් මහ රජතුමා දුටු සිහින දහසයේ කතා පුවත ඔබ අසා ඇතැයි සිතමි. එතුමා දුටු එම සිහින තමාටත්, රට වැසියන්ටත් හානියක් ඇද්දැයි එතුමාගේ පුරෝහිතයන්ගෙන් විමසීය. එවිට ඔවුන් ප‍්‍රකාශ කළේ ඔබටත් රටවාසීන්ටත් මහත් වූ අපලයක් ඇති බවය. එයට කුමක් කළ යුතු දැයි? රජතුමා ඇසූවිට පුරෝහිත බමුණන් කීවේ මහා යාගයක් කළයුතු බවයි. එනම් සත්ත්ව බිලි පූජාවක් කළ යුතුය යන්නයි. එසේ නම් සූදානම් කරවයි අණ කළේය. ටික වේලාවක් යන විට වත්ත පුරාම විවිධ වර්ගයේ සතුන් දකින්නට ලැබිණ. එළුවන් සියයක්, කුකුළන් සියයක්, ගවයින් සියයක් ආදී වශයෙන් ඒ ඒ සත්ත්ව කුලවලින් සියය බැගින් ඒ ඒ තැන්වල ගැට ගසා ඇති ආකාරය එතුමාගේ බිසව වූ මල්ලිකා දේවියට දැකගන්නට ලැබිණ. එය දැක විමතියෙන් මෙන් රජතුමාගෙන් මෙසේ ඇසීය. ‘‘රජතුමනි, මොකද මේ වත්තේ හැම තැනම සත්තු ගෙනත් දාලා තියෙන්නේ?’’ එවිට රජතුමා මෙසේ කීය.


‘‘දේවිය, මම ඊයේ රෑ සිහින දහසයක් දැක්කා, ඉතින් ඒක මටත් රට වැසියන්ටත් අපල බව පුරෝහිතයන් කියනවා. ඔවුන් කීවා මහා සත්ව යාගයක් පැවැත්වීමෙන් ඒ අපලයෙන් ගැලවෙන්න පිළිවන් කියා. ඒ යාගය කරන්නයි සූදානම් වෙන්නේ.


  මල්ලිකා දේවිය බුදු දහම ගැන දැන සිටි නිසා ඇයට මැනවින් රජතුමා කරන්නට යන නස්පැත්තිය ගැන වැටහුණාය. ඒ මොහොතේම රජතුමා සමග බුදරජාණන් වහන්සේ හමුවට ගියාය. උන්වහන්සේගේ අනුශාසනා පරිදි රජතුමා කරන්නට සූදානම් වූ සත්ත්ව බිලි පූජාව නතර කළේය. එවැනි සත්ත්ව බිලි පූජා ආගම් නාමයෙන් එදා තිබුණු බව ශාසන ඉතිහාසයෙන් පෙනී යයි. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප‍්‍රචලිත වීමෙන් ඒ සත්ව බිලි පූජා නතර විය. කුමන ආගමකට අයිති වුවත් තවත් කෙනකුගේ හෝ තිරිසන් සතකුගේ හෝ ජීවිතයක් විනාශ කර සෙතක් ලබන්න හෝ අපලයෙන් මිදෙන්න හෝ හැකියාවක් නැත. සත්වයෙක් ඝාතනය කිරීමෙන් තමාට ශාපයක්ම වනු ඇත.


- ගෝණදෙණියේ සීවලී හිමි-