තරු සිත්තම

a

Wednesday, March 21, 2012

අපේ කාලේ Most Wanted


ආදරය, රාගය සහ විවාහය


ආදරය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට ඔහුගේ/ඇයගේ දෑසට දෑස හමුවීම.
රාගය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට ඔහුගේ/ඇයගේ තොල් පෙති හමුවීම.
විවාහය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට සෙනඟ තුළ අතුරුදන් වූ ඔබගේ දරුවා හමුවීම.

ආදරය : ඔබ ඔහු/ඇය සමඟ ඔබේ ජීවිතය හා බැඳුනු සියලු දේ බෙදාගැනීම.
රාගය : ඔබ ඔහු/ඇය ගේ ජීවිතය හා බැඳුනු සියල්ල කඩාවඩා ගැනීම.
විවාහය : ඔබත්, ඔහු/ඇයත් හා බැඳුනු සියල්ල බැංකුව සතුවීම.

ආදරය : ඔබට sex යන්න එතරම් වැදගත් නොවේ.
රාගය : ඔබට sex යන්න හැමදේම වේ.
විවාහය : මොකද්ද sex කියන්නේ?

ආදරය : ඔබ ඔහු/ඇය ගැන ආදරණීය නිසඳැස් ලියනු ඇත.
රාගය : ඔබ ඔහු/ඇයට ලියා දෙන එකම දේ දුරකතන අංකය පමණයි.
විවාහය : ඔබ ලියන එකම දේ bank checks පමණයි.

ආදරය : ඔබ ඔහු/ඇය ගැන නිතරම සොයා බලයි.
රාගය : ඔබට ඔහු/ඇය ගැන සොයා නොබලා බැරි කමට සොයා බලයි.
විවාහය : ඔබ සොයා බලන එකම දේ රූපවාහිනියේ දැන් බලන්නට ඇත්තේ කුමක්ද යන්නයි.

ආදරය : ඔබ මූණු පොතේ relationship status, In a relationship + ඔහු/ඇයගේ නම සඳහන් කර සියල්ලන්ටම ඔබගේ ආදරය ගැන ආඩම්බරයෙන් පෙනෙන්නට හරී.
රාගය : ඔබ මූණූ පොතේ relationship status, In a relationship ලෙස පමණක් සටහන් කොට තබයි.
විවාහය : ඔබ මූණු පොතේ තවමත් තනිකඩයෙකි(Single).

ආදරය : ඔබගේ එකම පැතුම වෙන් නොවී සදාකල් ඔහු/ඇය සමඟ ගත කිරීමටයි.
රාගය : ඔබගේ එකම පැතුම සදහටම ඔහු/ඇය සමඟ ගත නොකිරීමටයි.
විවාහය : ඔබගේ එකම පැතුම අද දවස ඉක්මනින් ගතවී අවසන් වීමයි.

ආදරය : ඔබ සිතනුයේ ඔහු/ඇය සමඟ කරන දේවල් ගැනය.
රාගය : ඔබ සිතනුයේ ඔහු/ඇයට කරන දේවල් ගැනය.
විවාහය : ඔබ සිතන එකම දේ ''ඇයි දෙයියනේ මම හදිස්සි වුනේ කසාද බඳින්න'' යන්නයි.



මායා දින දර්ශනය වීඩියෝව


ලෝක විනාශය 2012 අනාවැකි...

පාකල් වෝටන් පඩිවරයාගේ අනාවැකි

 ලෝක විනාශය 2012 වසරේ දෙසැම්බර් මාසයේ සිදු වෙතැයි කියන මතයට බර තැබිය හැකි වඩාත් ප්‍රබලම සාධකය හමුවන්න් ක්‍රිස්‌තු වර්ෂ 603 දී සිට 683 දක්‌වා කාලයේ මෙක්‌සිකෝවේ ජීවත් වූ පාකල් වෝටන් නම් පඬිවරයකුගේ ශිලා ලේඛනයකිනි. මෙක්‌සිකෝව වසර 521 ක කාලයක්‌ පාලකයා වූ ඔහු අනාගත වාක්‍ය නිවැරැදි ලෙස කියූ පඬිවරයකු ලෙස පිළිගැනේ. පුවත්පත් වාර්තා පෙන්වා දෙන පරිදි ඔහු මියයන්නට පෙර ලියූ ශිලා ලේඛනයක 2012 වසරේ දෙසැම්බර් 21 වනදා පෘථිවියේ මහා විනාශයක්‌ වන බවට පැහැදිලිවම සටහන් කර තිබේ. එම ශිලා ලේඛනය සොයාගෙන ඇත්තේ පාකල් වෝටන් පඬිවරයාගේ දේහය අසලිනි. මෙක්‌සිකෝවේ චියාපස්‌ නමින් හඳුන්වන පිරමිඩ හැඩැති සොහොන් ගැබක තැන්පත් කර තිබූ පාකල් වෝටන් පඬිවරයාගේ දේහය පුරා විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත්තේ 1952 වසරේදියි. පොළව මට්‌ටමේ සිට අඩි 69 යුත් පඩි පෙළක්‌ දිගේ පහළ ගිය තැන වෝටන් පඬිවරයාගේ දේහය තැන්පත් කර තිබිණි. ඔහු මියගොස්‌ වසර 1269 කට පසු ඔහුගේ දේහය සොයා ගැනීමත් සමග ඒ අසලම තැන්පත් කර තිබූ ශිලා ලේඛන ගණනාවක්‌ සොයා ගැනීමට නූතන පුරාවිද්‍යාඥයන් සමත්ව ඇත. එම ශිලා ලේඛන අතර පාකල් වෝටක්‌ පඬිවරයා සහටන් කළ විශ්ව කාල චක්‍රයට අයත් වැදගත් තොරතුරු රාශියක්‌ද හමුවී ඇති අතර 2012 වසරේ සිදුවන මහා විනාශය පිළිබඳ කියෑවෙන ශිලා ලේඛනය හමුවී ඇත්තේද එහිදීය. එම ශිලා ලේඛනය පාකල් වෝටන් පඬිවරයාගේ දේහයට සමීපව පැවති බව පුවත්පත් වාර්තා මගින් දැක්‌වේ. එමගින් පෙන්වා දී ඇත්තේ වසර 26000 ක විශ්ව කාල චක්‍රය තුළ කෙමෙන් පරිණාමය වන මානවයා හෝමෝ සේපියන්ස්‌ සේපියන්ස්‌ යුගයේදී ස්‌වභාව ධර්මයට පටහැනිව යැම නිසා ස්‌වභාව ධර්මයෙන් වෙනස්‌ වන බවය. පාකල් වෝටන් පඬිවරයා අදින් සියවස්‌ 13 කට පෙර කියා ඇති අනාවැකිය කෙතරම් සත්‍ය දැයි වටහා ගැනීමට වර්තමාන මිනිසා පරිසරය සමග ගනුදෙනු කරන ආකාරය දෙස බැලීම ප්‍රමාණවත්ය. පෘථිවිය මත ජීවය ආරම්භ වූ දා පටන්ම පරිණාමය සිදු වූයේ ස්‌වභාවධර්මයේ නියමයන්ට අනුකූලවය. අපේ පැරැණි මුතුන්මිත්තන් ජීවයේ පැවැත්මට පරිසරයේ ඇති වැදගත්කම මනාව වටහාගෙන ජීවත් වූහ. හිරු, සඳු, ගස්‌, වැල්, ජලය, සුළඟ වැනි පාරිසරික වස්‌තූන්ට ඔවුන් මහත් සේ ගරු කළේ ඒ නිසාම විය යුතුය.එහෙත් පරිසරයද තම අණසකට නතුකර ගැනීමේ උත්සාහයක නියැලෙන වර්තමාන මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා ඒ සියල්ල අද කණපිට පෙරළෙමින් ඇත.ඉදින් පාකල් වෝටන් පඬිවරයාගේ අනාවැකිය ප්‍රලාපයක්‌ යෑයි තර්ක කළ නොහැකිය.කෙසේ වෙතත් ඔහුගේ මේ අනාවැකියට රුකුල් දෙන විශ්වයේ ක්‍රියාකාරිකත්වය සම්බන්ධ විද්‍යාත්මක පැහැදිලි කිරීමක්‌ද ඇතැම් විද්‍යාඥයන් මේ වන විටත් පෙන්වා දී ඇත.ඒ ලෝක විනාශයකට හෝ එවැනි බරපතල වෙනසකට මේ පෘථිවිය ලක්‌වීමට හේතුවන මන්දාකිණි පෙළගැස්‌මය. පෘථිවිය, සූර්යයා හා අප ජීවත්වන මේ ක්‍ෂීරපථයේ කේන්ද්‍රය 2012 වසරේදී එක පෙළට පැමිණීම නිසා වෙනත් මන්දාකිණියක ගුරුත්වාකර්ශනයට හසුවී මහා විනාශයක්‌ සිදුවන බවට එමගින් කියෑවේ. සෑම දෙසැම්බර් මාසයකම මේ ක්‍රියාවලිය සිදු වුවත් පරිභ්‍රමණ ක්‍රියාවලිය තුළම කේතු ආකාර මාර්ගයක චලිතය වන පෘථිවියේ අක්‌ෂය වසර 26000 කට පසු සූර්යයාගේ ඈතම පිහිටුම් ස්‌ථානයකට පැමිණීමට නියමිතව ඇත්තේ 2012 වසරේ දෙසැම්බර් 12 වනදා බව විද්‍යාඥයන් තහවුරු කරයි. ඒ සමගම අප ජීවත් වන ක්‍ෂිරපථයේ කේන්ද්‍රයේ පිහිටා ඇති විශාල කළු කුහරය පිහිටා ඇති තලයට සූර්යයා හා පෘථිවිය පැමිණෙන බවද කියෑවේ. එමගින් සිදුවන ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් පෘථිවියේ භ්‍රමණ අක්‌ෂය වෙනස්‌ වී ලෝකය විනාශව යනු ඇති බව ඔවුන් සැක පහළ කරයි. එහෙත් ඇතැම් තාරකා විද්‍යාඥයන් එම මතයටද විද්‍යාත්මක පදනමක්‌ නැතැයි කියමින් බැහැර කිරීමද සැලකිය යුත්තකි. ක්‍ෂීරපථයේ කේන්ද්‍රයට ආලෝක වර්ෂ 30,000 ක පමණ දුරක්‌ ඇති නිසා කළු කුහරයෙන් බලපෑමක්‌ නොවන බව එයට හේතුව වේ.   


2012 අලුත් අවුරුදු ලිත


පොත් කාවින්

යාලුවනේ අපි ICE karving ඕන තරම් දැකල තියනව නේද? ඒත් මේ තියෙන්නෙ අමුතුම විදියෙ Carving එකක්