තරු සිත්තම

a

Wednesday, April 4, 2012

මලික් ඇසිඩ්


නෝලිමිට් ආයතනය මගින් නොමිලේ ලබාදෙන්න්නා වූ ටොෆියක් හේතුවෙන් මේ දිනවල මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ. එම ටොෆියේ අඩංගු ද්‍රව්‍ය අතර මලික් ඇසිඩ් නම් සංඝටකය තිබීම මෙයට හේතුවී ඇත.


මේ අනුව ඇතැම් අය පෙන්වා දෙන්නේ මෙය ගැබිණි මව්වරුන්ට හා කුඩා දරුවන්ට නුසුදු බවයි.


මලික් ඇසිඩ් ස්වභාවික වශයෙන්ම බොහෝ පලතුරුවල අඩංගු වන ද්‍රව්‍යයක්.ඇපල් ගෙඩි වල බහුල වශයෙන් මෙම මාලිම් ඇසිඩ් දැකිය හැකියි.එම හේතුවෙන් මලික් ඇසිඩ් යන්නට ඇපල් ඇසිඩ් යන නාමයද භාවිතා කරනු ලබනවා.


බොහෝ අහාරවර්ග වලට මෙම ඇසිඩ් වර්ගය එකතු කරනු ලබන්නේ පලතුරු රසය ලබාගැනීමටයි.ඇමරිකාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල මලික් ඇසිඩ් ආහාරවලට එක කිරීම සඳහා නීතියෙන් අවසර ලබා දී තිබෙනවා.


මලික් ඇසිඩ් යනු අපගේ ශරීරයේද ස්වභාවිකව හටගන්නා සංඝටකයක් වන අතර එය අධික ප්‍රමාණයක් ගැනීම ශරීරයට අහිතකර විය හැකියි. තවද ගැබිණි මව් වරුන්ට හා කිරි දෙන මව්වරුන්ට මලික් ඇසිඩ් මගින් වන බලපෑම තවම සොයාගෙන නොමැති හෙයින් ඒවා භාවිත කිරීමෙන් වැළකි සිටීම වඩාත් සුදුසු බව ඇතැම් වෙබ් අඩවි සඳහන් කර සිටිනවා.


කෙසේ නමුත් නෝලිමිට් ආයතනය මගින් ලබාදෙන මෙම ටොෆිය නිෂ්පාදනය කර ඇත්තේ උස්වත්ත ආයතනය විසින් වන අතර මේ පිළිබඳව අහිතකර ප්‍රචාරයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීමට උස්වත්ත ආයතනය කටයුතුකොට ඇත.



Gossip9.com



0 comments:

Post a Comment