තරු සිත්තම

a

Thursday, August 2, 2012

2012 දී සිදුවන බවට සැළකෙන මහා විනාශයක්

     භූගෝල විද්‍යාව ඉගෙන ගන්නා අප පාසල් වියේ දී පෘඵිවියේ පැවැත්ම හා එහි විකාශය පිළිබඳ ඉගෙන ගන්නෙමු. ඒ නිසාවෙන් පෘඵිවියේ විනාශය පිළිබඳ තතු දැන ගැනීමට ද අප තුළ ඇත්තේ දැඩි ආශාවකි.


   මේ දිනවල වැඩි දෙනෙකුගේ අවධානයට පාත්‍ර වී ඇත්තේ තවත් දෙවසරකට පසුව උදාවන 2012 වසරේ දෙසැම්බර් 21 වන දා මහා විනාශයක් සිදු වී පෘථීවිය මතින් ජීවය තුරන් වේ ද යන්න පිළිබඳව ය.2012 වසරේ ලෝක විනාශය පිළිබිඹු කෙරෙන විවිධ සිනමා නිර්මාණයන් ද වත්මනයේ දක්නට ලැබේ.සැබැවින්ම 2012 වසරේ සිදු වෙතැයි සිතෙන මෙම මහා විනාසය පිළිබඳ මතවාද පැතිර යන්නේ අද ඊයෙක පටන් නොවේ.පෘථිවිය මත ජීවින්ගේ අවසානය පිළිබඳ හා ‍භෞතික වශයෙන් කෙදිනක හෝ ලෝක විනාශය වන බවට විවිධ ආගම්වල ඇති මතවාද හා විවිධ දාර්ශනිකයන් පළ කර ඇති මතවාද නිසා එවන්නක් ගැන මිනිසා තුළ අනියත විශ්වාසයක් පැවතීම පුදුමයක් නොවේ.

   2012 දී සිදුවන බවට සැළකෙන මහා විනාශයක් පිළිබඳ මතයට මුලික පදනම අදින් වසර පන්දහස් ගණනකට එපිට පැවති මයා ශිෂ්ටාචාරයේ සිට පැවත එන්නකි.මයා ශිෂ්ටාචාරය භාවිතා කළ අතිශය සංකීර්ණ වසර පන්දහසකට වඩා දිගු මායා දින දර්ශනය 2012 දෙසැම්බර් 21 වනදායින් අවසන් වීම මෙයට හේතුව යි.මායාවරුන් යනු තර්කශාස්ත්‍රය, විද්‍යාව හා ජ්‍යොතිෂය පිළිබඳ මනා දැනුමකින් හෙබි, බුද්ධි මට්ටමින් ඉහළ ලෝකය පිළිබඳ අවබෝධයෙන් ජීවත් වු පිරිසකි.මායා ශිෂ්ටාචාරය අද මධ්‍යම ඇමරිකාව ලෙස සලකන මෙක්සිකෝව, ගෝතමාලාව, සහ එල් සැල්වදෝරය යන රටවල භූමි භාගය පුරා විසිරී පැවති ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයකි.අද අප භාව්තා කරන දින දසුනේ 2012 වසරේ දෙසැම්බර් 21 වනදාට මායාවරුන්ගේ දිගු දින දසුන අවසන් වේ.එදිනට පෘථීවිය මත විනාශයක් සිදු වී නව යුගයක් උදා වන බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.මෙම විනාශය පිළිබඳ ඔවුන්ගේ ඉපැරණි ශිලා ලේඛනයක ද සංකේතානුසාරයෙන් දක්වා ඇති බව පිළිගැනේ. එහෙත් ඇතැම් අයගේ මතය වී ඇත්තේ මානව ශිෂ්ටාචාරයේ ආරම්භක යුගයක පළ වු එවැනි අනාවැකියක් වත්මන් දියුනු ශිෂ්ටාචාරය පිළිගත යුතු ද යන්න යි. එහෙත් මෙම මතය පහසුවෙන් බැහැර කළ හැකි ද ?

   ලෝක විනාශය පිළිබඳ අනාවැකි පළ කර ඇති මහා දාර්ශනිකයන් අතර නොස්ට්‍රාඩාමුස් හා එඩ්ගාකේසි වැදගත් වේ. නොස්ට්‍රාඩාමුස් 1503 දෙසැම්බර් 14 වනදා ප්‍රංශයේ ශාන්ත රෙම් හි උපත ලැබු අතර අනාගතයේ ලොව සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ අනාවැකි පළ කරන ලදි. ඔහු පළ කළ එවැනි අනාවැකි බොහොමයක් සත්‍ය ලෙසම සිදු විය.2012 වසරේ දී පෘථිවිය මත ගැටෙන ග්‍රාහකයක් හේතුවෙන් ලෝකය මහා ව්‍යවුලකට පත් වී ඒ හේතුවෙන් තෙවන ලෝක යුද්ධය ආරම්භ වන බවට ඔහුගේ අනාවැකියකින් ප්‍රකට වේ. මෙම ග්‍රාහකයා සුමේරියානු ශිෂ්ටාචාරයේ එන 'තිබුරු' නම් ග්‍රහ ලෝකය බවට විශ්වාසයක් ඇති වී තිබේ.එඩ්ගාකේසි ට අනුව පෘථිවායේ චුම්බක ධ්‍රැව වෙනස් වීම නිසා ලෝක විනාශය සිදු වන බව යි.

පෘථිවියේ චුම්බක ධ්‍රැව වෙනස් වීම නිසා සිදු වන විනාශයන් පිළිබඳ අප තුළ දැනුමක් තිබිය යුතුය. විශාල භූමි කම්පා ඇතිවීම, ගිනි කදු, ටොනෙ‍‍‍ඩො හා මහා සුළි සුළං ඇති වන්නේ පෘථිවියේ චුම්බක ධ්‍රැව වෙනස් වීම නිසා ය. දිනෙන් දින මෙවැනි මහා ව්‍යසන පිළිබඳ අපට අසන්නට ලැබේ. මෙවැනි ව්‍යසන ඇතිවීමට වග කිව යුත්තේ කවු ද? වර්තමානයේ මිනිසා පරිසරය සමඟ ගනු දෙනු කරන ආකාරය ගැන සළකා බැලීමේ දී මුළු මිනිස් සංහතියම භයානක අඩියකට පියමනිමින් සිටින බවට කිසිදු සැකයක් නැත.පරිසර විද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයට මිනිසා අතින් සිදුවන පරිසර විනාශය හේතු කොට ගෙන ගෝලීය උනුසුම් වීම ඉහළ ලොස් ඇත.පසුගිය දා හයිටියේ ඇති වු භූමි කම්පාවට හේතු වු චුම්භක ධ්‍රැව වෙනස්වීම අයිස් කදු දියවීම නිසා ඇතිවුවක් ද යන්න සැකයට බදුන් වී ඇති කරුණකි.

   කෙසේ හෝ තාක්ෂණයේ දියුනුවත්, කාර්මිකරණයත් සමග අත්වැල් බැද ගෙන සංවර්ධනය කරා පියමනින ලෝකයෙහි, මිනිසා පරිසරය සමග ගනු දෙනු කරන ආකාරය දිහා බැලු විට ලෝක විනාශය වැඩි ඈතක නොවන බවට ඇති සාධක බොහෝ ය.



උපුටා ගැනීම:- දිවයින 2010 පෙබරවාරි 14

0 comments:

Post a Comment