තරු සිත්තම

a

Monday, October 22, 2012

සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස!


පහත ජායාරූප වල හා වීඩියෝවෙහි සිටිනා මෙම ගවයා කොට්ටාව-බොරැල්ල 174 බස් මර්ගයෙදී වාහන රියදුරෙකු විසින් හප්පා පලා ගොස් ඇත.

එම අනතුරින් ගවයා ගේ එක් අතක් ගැලවී ගොස් ඇති අතර අනික් අත උරහිසින් එලියටපැන ඇත.

අනතුර සිදුවු පසු අසල්වැසියෙකු විසින් ගවයා ගෙවත්තේ ගැටගසා ප්‍රරතිකාර කර ඇති අතර, ඔවුනට ගවයාව බලා ගැනීමට නොහැකි හෙයින් වෙනත් අයෙකු විසින් ගවයාව රැගෙන ගොස් ඉතා ආදරයෙන් අවුරුදු 3ක් පමණ කාලයක් සත්කාර කර ඇත.

තවද එම රැකබලාගත් පුද්ගලයන් විසින් එම අවුරුදු 3ක කාලය තුල ගවයා සුවපත් කර ගැනීම සඳහා කෘතිම පාදයක් සවි කිරීමට උත්සහ කලද එම සියලු උත්සහයන් අසාර්ථක වී ඇති අතර හරියාකාරව ඇවිදීමට නොහැකි නිසා ගවයා මේ වනවිට සිටින්නේ ඉතාමත් දුර්වල සෞඛය තත්වයකිනි.

මේ අසරණ ගවයා සඳහා කිසිඳු මුදල් ආධාරයක් ඔවුන් බලාපොරොත්තු නොවන අතර ගවයා සුවපත් කර ගැනීම සඳහා ඉදිරිපත් විය හැකි කිසියම් වෛද්‍යවරයෙකුට හෝ පුද්ගලයෙකුට මෙම අසරණ ගවයා හට පිහිට වීමට ඔවුන් ආරාධනා කරයි. ඒ සඳහා දායක වීමට ඔබට හැකියාවක් ඇත්නම් එය මහත් පිංකමකි.

වැඩි විස්තර නො: 148/3, කලල්ගොඩ, පන්නිපිටිය ලිපිනයෙන් හෝ දු.ක: 0716-378636 අංකයෙන් හෝ lahirukchamara [ඇට්] gmail.com විද්‍යුත් ලිපිනයෙන් ලබාගත හැකිය.






උපුටා ගැනීම:-http://www.gossip9.com/2012/08/blog-post_9.html

0 comments:

Post a Comment