තරු සිත්තම

a

Thursday, January 3, 2013

ලබන මාසේ (2013 -Feb) තවත් ග්‍රාහකයක්,පෘථිවිය ළගින් යනවා

ලබන මාසේ (2013 -Feb) තවත් ග්‍රාහකයක්,2012 DA14 කියලා, පෘථිවිය ළගින් යනවා කියලා නාසා එකෙන් කියනවා. නමුත් මේක ඒ තරම් ලොකු ග්‍රාහකයක් නෙවෙයි. ඒක නිසා ඒ තරම් තද බල අනතුරක් නෑ කියලයි කියන්නේ. මේ ග්‍රාහකය පෘථිවියට ළගින් යන්නේ පෘථිවියට ඉතා ආසන්න ලෙසයි මෙහි ප්‍රමාණය 27,000 km ලෙසයි සදහන් වෙන්නේ. මේක කොයිතරම් ළගින් යනවද කියනවා නම් භූසමමූර්තික කක්ෂයටත් (Geosynchronous Orbit) (Telecommunication Satellites රදවලා තියෙන්නේ මේ කක්ෂයෙයි) වඩා ලගින් යන්නේ.

නාසා එකෙන් මේ තොරතුරුයි කියන්නේ

වදින වේගය 12.72 km/s
විශ්කම්බහය 0.045 km
ස්කන්ධය 1.3 * 10^08 kg
ශක්තිය 2.4 Mega Ton
ඝනත්වය = 2600 kg / m^3

එතකොට මේක වැටුනොත් කොහෙට හරි වෙන්නේ මේකයි (වදින තැන ඉදලා කිලෝමීටර් 1 දුරකට වෙන දේ)

වායු ගෝලයට ඇතුලු වෙන කොටම
ග්‍රාහකය කැඩෙන්න ගන්නවා කිලෝමීටර් 52.800 උඩදි
ග්‍රාහකය පුපුරන්න ගන්නවා කොටස් වලට කිලෝමීටර් 10.000 උඩදි
අවශේෂ වල වේගය ඊට පස්සේ බහිඅන්වා 12.72 km/s ඉදලා 4.48 km/s ට
ඊට පස්සේ ශක්තිය මගින් ලොකු සුළං (Airblast) පාරක් ඇති කරනවා මේකේ ශක්තිය 1.84 මෙගා ටොන්
සමහර විට ලොකු කෑලි තැන් තැන් වලට වැටෙන්න පුලුවන්

නිකුත් වෙන ශක්තිය
වායුගෝලයට ඇතුලු වෙන්න කලින් නිකුත් කරන ශක්තිය 2.13 මෙගා ටොන් (නාසා එකේ ගණනය කිරිමට අනුව මේක 2.4)

වදින සුළංපහර
වීදුරු බිදෙන්න පුලුවන්

මේක නාසා එකේ උන්ම දාලා තියෙන එක. නමුත් නාසා එකෙන් කියන්නේ මේක වදින්නේ නෑ කියලයි නමුත් මෙච්චර ළගින් යනකොට ගුරුත්වාකර්ශණයට අහුවෙලා මොනවා හරි කේස් එකක් ගියොත් මේක අනිවාර්යෙන්ම වදිනවාමයි එතකොට හානිය වර්ග කිලෝමීටර් 2,150 (ලංකාවේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65,610) පමණ ප්‍රදේශයකට බලපාන්න පුලුවන් (රුසියාවේ Tunguska කියලා Air Blast එකකදී ඒ පැත්තෙම ගස් බිමට සමතලා වෙලා තියෙනවා එතකොට මේ දැන් වැටෙන එකත් Tunguska Blast එකෙන් වුන හානියට සමානයි.)

Source
http://neo.jpl.nasa.gov/risk/2012da14.html
http://articles.cnn.com/2008-07-04/t...ion?_s=PM%3ATECH
http://www.purdue.edu/impactearth/
http://www.veteranstoday.com/2012/12...earth-in-2013/





0 comments:

Post a Comment