තරු සිත්තම

a

Tuesday, February 5, 2013

සිංහ කොඩියත් විකෘති කරලා. සිංහයාටත් අවමන් කරලා.

එක්වන්න අප සමග ►► @[274859899198267:274:Sorry.com]

සිංහ කොඩියත් විකෘති කරලා. සිංහයාටත් අවමන් කරලා.

බොදු බල සේනා සංවිධානය විසින් ඊයේ (04) කොළඹ පිටකොටුවේ ජාතික ධජය අළෙවි කළ වෙළඳසැල් කිහිපයක් වැටලීමට කටයුතු කළ බව එම සංවිධානය පවසයි. මෙසේ වටලා ඇත්තේ පීපල්ස් පාර්ක් වෙළඳ සංකීර්නයේ බිම් මහලේ පිහිටි වෙළඳසැල් කිහිපයකි. ජාතික ධජයේ සිංහ රූපය විකෘති කර මුද්‍රණය කළ ස්ටිකර් විකිණීම සම්බන්ධව ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකළ බව එහි විධායක කමිටු සාමාජික දිලන්ත විතානගේ මහතා පවසයි. මෙහිදී වෙනස් කරන ලද සිංහ රූපය සහිත ජාතික ධජ මිළදී ගැනීමේදී මේවා තොග වශයෙන් රටෙහි සෑම ප‍්‍රදේශයකටම බෙදාහැරෙන බවද වෙළඳසැල් හිිමියන් මගින් හෙළිදරව් වූ බව ඒ මහතා  පැවසීය.
 
වැඩිදුරටත් අදහස් දැකිවූ දිලන්ත විතානගේ මහතා
රටක ජාතික ධජය කියන්නේ එහි අනන්‍යතාවය. එ වගේම එයට නිසි ගෞරවය හිමිවිය යුතු අතර එහි පෞඩත්වයද ආරක්ෂා කළ යුතුයි. එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයන් හෝ ජනමත විචාරණයක් නොමැතිව එක එක්කෙනාට මෝස්තර කරන්න පුළුවන් එකක් නොවෙයි. ඒ වගේම ජාතික ධජය අදරට පුරාම ප‍්‍රදර්ශනය කරන්නෙත් එක එක විදියට. නිසි ගෞරවයක් නොලැබෙන ආකාරයෙන් හිතූ හිතු ලෙස මෙය වෙනස් නොකිරීමට අපි ශ‍්‍රී ලාංකිකයන් විදියට වගබලා ගතයුතුයි. අපි ජනාධිපතිතුමාගෙන් හා ආරක්ෂක ලේකම්තුමන්ගෙන් ඉල්ලා සිටින්නේ ජාතික ධජය මුද්‍රණය කිරීම, විකිණීම යම් ක‍්‍රමවෙදයක් සකසන ලෙයසි. එසේම නිසිලෙෂ ප‍්‍රදර්ශනය කිරීමට ජනතාව දැනුවත් කරන ලෙයසි. මෙම අවස්තාවේදී පීපල්ස් පාර්ක් වෙළඳසැල් හිමියන් හා බොදු බල සේනා සංවිධානය අතර උණුසම් තත්ත්වයක්ද ඇතිවී ඇති අතර එතැනට පැමිණි මාධ්‍යවේදියෙකුටද වෙළඳසැල් හිමියන් විසින් බැන වැද ඇත. 

ජානක එස් බලල්ල - rivira

ජාතික සංකේතයන් විකෘති කිරීම යන්න දඩුවම් ලැබිය හැකි වරදක් බව සනාථ කරමින් ටික දිනකට පෙර ජාතික කොඩියේ සිංහයා වෙනුවට පැණ්ඩකු යොදා සකසා තිබූ නත්තල් සුභ පැතුම් පත් ලග තබා ගෙන සිටි අයෙකුට නීතියෙන් දඩුවම් ලැබීමක් වාර්තා විය. එලෙසම ජාතික කොඩියට කරන්නාවූ වෙනස් කම් වලට හා ඒවා භාවිතා කිරීමටද නීතියෙන් දඩුවම් ලැබීමට ඉඩ ඇත.

ජාතික කොඩියේ සිංහයා වෙනුවට වෙනත් සතෙකු යෙදීම හා කොල පැහැ හා තැබිළි පැහැ තීරු ඉවත් කිරීම යනු ඉබේ වන්නාවූ දේවල් නොව ඕනෑකමින්ම කිසිවෙකු විසින් සම්මත ජාතික කොඩියට වෙනස් කිරීම හෙවත් විකෘති කිරීමේ ප්‍රතිඵලයන් ය. එවැනි දෑ කවුරුන් කලත් නුසුදුසු ක්‍රියාවන්ය. තම ජාතිය ආගම ගැන සිතීම යන්නත් එහි අභිවෘද්ධියට කටයුතු කීරිම යන්න එකකි, ජාතික සංකේතයන් වෙනස් කිරීම තවත් එකකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ දක්වා 6 වන විවස්ථාවේ සදහන්ව ඇති පරිදි ශ්‍රී ලංකා ජනරජයේ ජාතික කොඩිය ලෙස දෙවන උපලේඛණයේ සදහන් වන ජාතික කොඩිය නීතිය අනුව අප රටේ භාවිතා කල යුතු ජාතික කොඩිය වේ. මීට පෙර මෙරට භාවිතා කල කොඩිද තිබේ.

ඒවා ආරක්ෂා කොට අතීත ශ්‍රී ලංකාවේ ජාතික සංකේතයන් ලෙස තබා ගැනීම ගැටළුවක් නැත. එහෙත් ජාතික කොඩිය ලෙස භාවිතා කල යුතු අවස්ථාවන් හිදී භාවිතා කල යුත්තේ පෙර භාවිතා කල ජාතික කොඩියක් හෝ වර්තමානයේ භාවිතා කරන්නාවූ ජාතික කොඩියට විවිධ වෙනස් කම් කොට සෑදිය හැකි කොඩියක් නොව නීතියෙන් පිළිගෙන ඇත්තාවූ ජාතික කොඩිය ය .

නීතියෙන් පිළිගන්නාවූ ඒ අනුව භාවිතා කල යුතු ජාතික කොඩිය පිළිබදව වෙනමම රිතී මාලාවක්ද වේ. ඒ අනුව කටයුතු කොට එයට උපරිම ගෞරව දැක්වීම ශ්‍රී ලංකාවේ පුරවැසියන් වශයෙන් අප කල යුත්තකි. 

1885 දී තරම් ඈත අතීතයේ එම වසරේ වෙසක් පොහෝ දින මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් ප්‍රථම වරට ඔස්වනු ලැබූ බවට සලකන අපගේ බෞද්ධ කොඩියද ඉතා වැදගත් ජාතික සංකේතයක් වන අතර මෙරට පමණක් නොව ලෝක බෞද්ධ ප්‍රජාවම භාවිතා කරනනවූ කොඩිය වශයෙන් පිළිගෙන තිබේ.  එබැවින් එයද සුදුසු අවස්ථාවලදී නිසි ගෞරවය ලබාදීම යුතුකමකි.

ජාතික කොඩිය ආණ්ඩුක්‍රම විවස්ථාවෙන්ම ආරක්ෂා කොට ඇත්තේ එය එතරම්ම වැදගත් ජාතික සංකේතයක් වන නිසාය. එබැවින් නීතියෙන් පෙන්වාදී ඇති ජාතික කොඩියම ඒ ආකාරයෙන්ම භාවිතා කිරීමට කටයුතු කල යුතුය.
- දිලීප් ප්‍රසාද්

0 comments:

Post a Comment