තරු සිත්තම

a

Thursday, June 6, 2013

කාන්දම් දුම්රිය

   කාන්දම් බලයෙන් ධාවනය වන දුම්රියක් පසුගියදා ජපානයේදී සාර්ථකව අත්හදා බැලිණි.‘‘මැග්ලෙව්‘‘ නමින් හැදින්වෙන මේ දුම්රියට පැයට සැතපුම් 311 ක පමණ වේගයක් අත්කර ගතහැකි බව සදහන්ය.මේ වර්ගයට අයත් දුම්රියයන් ජපාන දුම්රිය සේවාවන්ට හදුන්වාදීමෙන් දැනට දුම්රිය ගමන් වලට වැය වන කාලය හරි අඩකින් පමණ අඩු කර ගත හැකිවේයැයි ජපාන බළධාරීන් කියයි.
   මෙහි ඇති විශේෂත්වය වනුයේ දුම්රිය පීල්ල හා දුම්රිය අතර කිසිදු සබඳතාවක් නොමැති වීමයි.දුම්රිය පීල්ල මත ‘‘පාවෙන‘‘ අතර ඒ සදහා දුම්රියෙත්,පීල්ලේත් සවිකර ඇති විශේෂ චුම්භක අතර ඇතිවන ආකර්ෂණයන් හේතු වේ.දුම්රිය ගමන් කරන්නේද කාන්දම් බලයේ පිහිටෙනි.
   පීල්ල මත ‘‘පාවෙන‘‘ දුම්රිය මත මාර්ගය දෙපස සවිකර ඇති චුම්භකයන්ගේ කාන්දම් බලයට ආකර්ෂණය වේ.මේ ආකර්ෂණ බලය නිසා දුම්රිය ඉදිරියට ඇදේ.ආකර්ෂණ බලයේ ප‍්‍රබලතාව අවශ්‍ය පරිදි පාලනය කිරීමේ හැකියාව දුම්රිය රියදුරුට ඇත.බලයේ ප‍්‍රබලතාව මත දුම්රියේ වේගය තීරණය වේ.
විශේෂ කරුණක් වන්නේ අනෙකුත් දුම්රියයන්ගේ මෙන් රෝද පීලි වල ගැටීමේදී ඝර්ෂණය ආදී හේතුන් නිසා සිදුවන ශක්ති හානිය මේ ක‍්‍රමයේදී සිදුනොවීමයි.එම නිසා ඉහළ කාර්යයක්ෂමතාවයකින් යුතුව දුම්රිය ධාවනය කළ හැකි බව ඉංජිනේරුවන් කියයි.
   2017 වසර පමණ වන විටදී මේ දුම්රිය සේවය වාණිජ මට්ටමින් ඇරඹිීමට ජපාන ප‍්‍රවාහන බළධාරීන් අපේක්ෂාවෙන් සිටී.විශේෂයෙන් සකස් කළ දුම්රිය මාර්ගයන් ඉදිකළ යුතුව ඇති බැවින් ඒ සදහා අධික මුදලක් වැය කළ යුතුව ඇතැයි සදහන්ය.චීනයේ දැනටමත් මෙවන් දුම්රිය සේවයක් කි‍්‍රයාත්මක අතර දුම්රිය මාර්ගය වෙනුවෙන් පමණක් ඩොලර් බිලියන 1.3 ක් වැයව ඇත.

0 comments:

Post a Comment