තරු සිත්තම

a

Tuesday, July 10, 2012

ඉන්දියාවේ චෝතු කුමාර් බඩගින්නට බලූ කිරිබොයි


චෝතු කුමාර් ඉන්දියාවේ නවදිල්ලි නුවර ආසන්නයේ ඉතාමත් දිලිඳු ගම්මානයක ජීවත් වන්නෙකි. චෝතුගේ පියා මියගොසිනි. කැලේට ගොස් දර කපා විකුණා තම දරුවාගේ කුසගිනි නිවන්නට චෝතුගේ මව උත්සාහ කරයි. ඇය කැලෑවෙන් රැගෙන එන පළා හා හතු චෝතුට නිතර කෑමට ලැබෙතත් ඉන් කුස ගින්න නොනිවේ.
තමා සමග හිලෑ බැල්ලියකගේ කිරි උරාබීමට ඔහු පුරුදු වී ඇත්තේ එහෙයිනි. මාස ගණනක් පුරා තම දරුවා මෙම බැල්ලියගේ කිරි උරා බොන බවත් මෙම සිදුවීම දුටු පළමු දිනේ තමාට ලොකු වේදනාවක් සමග පුදුමයක්ද ඇති වී දරුවා බැල්ලියගෙන් වෙන්කර තැබීමට උත්සාහ කළත් නොහැකි වූ බවත් ඇය කියන්නීය.


උපුටා ගැනීම:-http://www.lankadeepa.lk/index.php/articles/52743

බඩේ දැවිල්ල ජලය පානයෙන් වලක්‌වා ගන්න පුළුවන්

සාමාන්‍ය ව්‍යවහාරය තුළ අපි කවුරුත් බඩේ දැවිල්ල ලෙස හදුන්වන්නේ ගැස්‌ට්‍රයිටිස්‌ රෝග තත්ත්වයයි. මෙය ආමාශයේ ආසාදන තත්ත්වයකි. බොහෝ අය මෙය බඩේ ගෑස්‌ ලෙස හැඳින්වුවත් එය ඉතා ම වැරදි හඳුන්වාදීමකි. කෙනෙකුගේ ආහාර උගුරට එන විට නැතිනම් ඉක්‌කාව ඇතිවන විට බඩේ ගෑස්‌ යනුවෙන් හඳුන්වා වෛද්‍යවරුන් වෙත ප්‍රතිකාර කරා යොමු වේ. 

ගැස්‌ට්‍රයිටිස්‌ ලෙස හඳුන්වන්නේ අමාශයේ ඉතා සුළුවෙන් ඇතිවන තුවාල තත්ත්වයකිs. විශාල ලෙස තුවාල ඇතිවීම ගැස්‌ට්‍රක්‌ අල්සර් ලෙස හඳුන්වයි. 

ලතින් භාෂාවෙන් ගැස්‌ටර් ලෙස හඳුන්වන්නේ ආමාශයයි. එයින් ආමාශයේ ඇතිවන තුවාල ගැස්‌ට්‍රයිටිස්‌ ලෙස හඳුන්වයි. ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ගැන කතා කිරීමේදී එම රෝගයට බලපාන කාරණාවන් හඳුනා ගැනීම වැදගත්වේ. කොතරම් රෝගයට ප්‍රතිකාර කළද නිසි සුවය සඳහා රෝගයට බලපාන කාරණාවලින් ඉවත්වීම කළ යුතුය. අප ගන්නා ආහාර සහ ආහාර ගන්නා අවස්‌ථාවල තිබෙනා වැරදි පිළිවෙත් මෙම රෝගයට මූලිකම හේතුන් වේ. බඩගින්නේ සිටීම , වේලාවට ආහාර නොගැනීම, ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිවීමට ප්‍රධාන හේතුන් වේ. 

තෙල් අධික ආහාර ගැනීම , ඇඹුල් අධික ආහාර ගැනීම, චයිනීස්‌a ආහාර නිතර නිතර ගැනීමත් මෙම රෝගයට හේතුකාරක වේ. ඊට අමතරව සිගරට්‌ ,මත්පැන්, බුලත්විට , චුයින්ගම් යන ඒවාත් ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ඇති කරවන්නට හේතුවේ. මේ සියළු දෙයින්ම පරෙස්‌සම් වුවත් මානසික ආතතිය නිසාත් ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිවේ. විශේෂයෙන් විධායක ශේ්‍රණියේ වැඩකරන අයට සහ මුදල් පරිහරණය කරන අයටත් ඇතිවන මානසික පීඩනයෙන් මෙම රෝග තත්ත්වය ඇතිවිය හැකිය. පවුලක ගෘහමූලිකයාට දරුවන් පිළිබඳ ඇතිවන පීඩනය, පවුල්a ප්‍රශ්න, ගෘහනියට ඇතිවන මානසික පීඩනය යන සෑම දෙයකින් ම රෝගය ඇතිවිය හැකිය.

ශරීරයේ බර වැඩි අය වෛද්‍ය උපදෙස්‌වලින් තොරව ආහාර පාලනය කරන්නට යාමෙන්ද ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයට ගොදුරු වූ අවස්‌ථා ඕනෑ තරම් තිබේ. මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී රෝගයට බලපෑ කාරණාවන් හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට යොමුවීම ඉතා වැදගත්වේ. ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය මුලින් ඇතිවන්නේ ආහාර ගැනීමට ආසන්න වන වේලාවට වෙනදාටත් වඩා නැති බඩගින්නක්‌a දැනීමෙනි. මෙම දැවිල්ල ආහාර ගැනීමෙන් පසු අඩුවන නමුත් ආහාර වල තෙල් අධික බව ඇඹුල් ගතිය අධික වීම නිසා දැවිල්ල තවදුරටත් වැඩිවීමට පුළුවනි. 

මෙම දැවිල්ල ඇතිවන්නේ අපගේa ආමාශයේ ආහාර දිරවීමට ශ්‍රාවය වන හයිෙඩ්‍රාක්‌ලෝරික්‌ අම්ලය නිසාවෙනි. එම අම්ලයේ සහය ආමාශයේ තිබෙන එන්සයිම වල ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය වේ. ආමාශයේ ඡ්‍ය අගය 1.5 සිට 2 අතර විය යුතුයි. නමුත් හයිෙඩ්‍රාක්‌ලෝරික්‌ අම්ලය අධිකව ශ්‍රාවය වීමත් සමග ආමාශයේ ඡ්‍ය අගය 1.5 ට වඩා අඩු වේ. ආමාශයේ ආම්ලිකතාව වැඩි වන විට ආමාශයේ ශ්ලේෂ්මලය තුවාල වෙන්නට පටන් ගනී. මෙසේ ඇතිවෙන කුඩා තුවාල තත්ත්වය අපි ගැස්‌ට්‍රයිටිස්‌ ලෙස හඳුන්වයි. මෙම තුවාල ඉක්‌මනින් සුව නොවන්නේ අප ආහාර ගන්නා වාරයක්‌ පාසා මෙම තුවාල පෑරීම හේතුවෙනි. එම තුවාල වලට හානි කර ආහාර ගතහොත්, නියමිත වේලාවට ආහාර නොගත හොත්, නියමිත වේලාවට ජලය පානය නොකළ හොත්, ඖෂධ හරිහැටි නොගත හොත්, එම තුවාල තව දුරටත් පෑරී ගැස්‌ටි්‍රක්‌ අල්සර් තත්ත්වය හෙවත් රුපියලේ කාසි තරම් විශාල තුවාල ආමාශයේ හට ගනී. 

ආමාශය තිබෙන්නේ අප පපුව ලෙස හඳුන්වන කොටසේ යි. නාභිය ආශ්‍රිතව බඩවැල් තිබේ. ගැස්‌ට්‍රයිටිස්‌ නිසා අපි පපුවේ දැවිල්ල ලෙස හඳුන්වන්නේ ආමාශයේ ඇතිවන දැවිල්ලයි. 

මතක තබා ගත යුත්තේ ගැස්‌ට්‍රයිටිස්‌ ආකාරයෙන් හෘදවස්‌තුවේ අසනීප තත්ත්වයන් ඇති විය හැකි බවයි. පපුවේ අමාරුව තිබෙනා කෙනෙක්‌ පපුවේ වේදනාව ගැස්‌ට්‍රයිටිස්‌ ලෙස සිතා ප්‍රථිකාර කිරීම සුදුසු නොවේ. අනිවාර්යයෙන් වෛද්‍යවරයෙක්‌ කරා යොමුවිය යුතු මෙවැනි අයට EගCගඨ පරීක්‌ෂාවක්‌ වෛද්‍යවරුන් විසින් සිදු කරයි. ගැස්‌ටි්‍රක්‌ ටයිප් යනුවෙන් පපුවේ අමාරුව මතුවන අවස්‌ථාවන්ද තිබේ. ආමාශයික යුෂ සෑදීම පාලනය කල හැකි ප්‍රතිකාර අද තිබේ. ඖෂධද මගින් ආමාශයික යුෂය ශ්‍රාවය වීම සහ ආමාශික යුෂ වල ආම්ලික තාවය පාලනය කර ගැනීමේ හැකියාව අපට තිබේ. 

ඊට අමතරව මෙම තුවාල වලට යම් සහනයක්‌ ලබා දීම සඳහා බෙහෙත් වර්ගද තිබේ. වෛද්‍ය උපදෙස්‌ මත එන්ඩස්‌කොපි පරීක්‌ෂණය මගින් ආමාශයේ තුවාල වල ස්‌වභාවය තුවාල සංඛ්‍යාව පරික්‌ෂා කර බලා ඖෂධ මඟින් ප්‍රතිකාර වලට යොමු වීමේ හැකියාව ඇත. වෛද්‍ය උපදෙස්‌ මත ඖෂධ පාවිච්චි කරන අතරේ සිගරට්‌, මත්පැන්, බුලත්, චුයින්ගම්, සහ වැරදි ආහාර පුරුදු කහට තේ, කෝපි, දෙහි දොඩම් යුෂ අච්චාරු, බැඳපු මස්‌ වර්ග, බැඳුම් පාවිච්චියෙන් ඉවත්වීම කළ යුතුයි. කුළුබඩු ගැස්‌ට්‍රයිටිස්‌වලට අහිතකර නොවේ. දිය කිරෙන් කෑමද අවශ්‍ය නොවේ. මේ සියල්ලෙන් ම වන්නේ තුවාල පෑරීමක්‌ පමණි. 

ආප්ප පාන් වැනි පිටි ආහාර වලින් ඉවත්වීම ද සුදුසුයි. මතක තබා ගත යුත්තේ කෑම වේලකට පැය භාගයකට පෙර වතුර වීදුරුවක්‌ පානය කිරීමයි. ආහාර ගන්නා විට වතුර බීම නරක පුරුද්දකි. එවිට බඩ හෑරේ. බඩ ලොකුවේ. කෑම දිරවීම අපහසු වේ. 

ප්‍රධාන ආහාර වේල් වලින් පැයකට පසු වතුර වීදුරුවක්‌ පානය කිරීම සුදුසුයි. මෙම පුරුද්ද මගින් කෙනෙකුට දවසකට වතුර වීදුරු 6 ක්‌ පානය කිරීමට හැකියාව ද ලැබේ. 











එන්. එස්‌. ඒ. සේනාරත්න 
ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය 
විකලාංග අංශය , ජාතික රෝහල

Sunday, July 8, 2012

කරුණාවතී අම්මට ටිකක් සුවයි

මරණය පෙනි පෙනී සිට තව දුරටත් ජීවත්වීමේ වාසනාව හිමිකරගත් කෙනෙකු වෙතොත් ඒ ආශ්චර්යයකි. එබඳු ආශ්චර්යයකින් ජීවත්වීමේ වාසනාව හිමිකරගත් 60 හැවිරිදි එක්දරු මවක් ගලේවෙල ගලපාමුල ගම්මානයේ සිටී.

ඇය නමින් ඇම්.ඞී. කරුණාවතීය. ඇගේ එකම දරුවා සුසන්ත අමරසිංහ නම් වූ 26 හැවිරිදි තරුණයාය. සුසන්ත කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අංශයේ උපාධිධරයෙකි. අදටත් සිය මවගේ සියලූ උවටැන් කටයුතු කරන්නේ මේ දරුවාය.

කරුණාවතී මෑණියන්ගේ මුහුණේ එක් ඇසක් එක් කනක් හා නාසයෙන් අර්ධයක් ඇයට අහිමිය. ශල්‍යකර්ම ගණනාවකින් පසුව ඇය තව දුරටත් ජීවත්වීමේ වරම් හිමිකරගෙන සිටී. ඇයට තවත් ශල්‍ය කර්මයක් සිදුකළ යුතුව ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන් පවසා ඇත.

කරුණාවතී මාතාවට වැළඳී ඇත්තේ ලොව ඉතාමත් දුර්ලභ ගනයේ රෝගයකි. මේ වන විටත් හමුවී ඇත්තේ මෙබඳු රෝගීන් 6 දෙනෙකු බවද වෛද්‍ය විශේෂඥයෝ පවසති. ඇයගේ මුහුණේ එක් අර්ධයක මස් සියල්ල දියවී යාම මෙම රෝග තත්ත්වයයි.

තම මවගේ රෝගය හා මුහුණ දුන් ඒ දුක්මුසු පුවත සුසන්ත අමරසිංහගෙන් විමසුවෙමු.

"මගේ තාත්තාගේ රැකියාව කුලී වැඩ. අම්මාත් කුලී වැඩ කරලා මට කන්න බොන්න දුන්නා. ඉගැන්නුවා. උපාධියක් ගන්නවා කියන දැඩි අධිෂ්ඨානයක් තිබුණා. ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වුණේ ඒ-2 බී-1 යි 2006 දී කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අංශයට ඇතුළු වුණා. 2008 අවුරුද්දේ දී තාත්තා මිය ගියා.

2010 සැප්තැම්බර් 8 වැනිදා මගේ අවසාන විභාගය. අම්මා අසනීප වෙලා රෝහල් ගත කළා. විභාගය ඉවරවුණු ගමන් මම කුරුණෑගල රෝහලට ගියා. අම්මා දැඩි වේදනාවකින් කෑ ගැසුවා. වේදනා නාශක දුන්නත් වැඩක් නැහැ. දවස් දෙකක් ගතවෙද්දී අම්මාගේ මුහුණේ එක පැත්තක් ඉදිමුණා. නිල් පැහැ ගැන්වුණා. අම්මා කොළඹ මහ රෝහලට යැව්වා. අම්මාගේ මුහුණේ එක් පැත්තක මස් දිය වුණා. කටේ තියෙන දත් පෙනුණා.

කොළඹ රෝහලේදී ශල්‍ය කර්ම දෙකක් කළා. අන්තිමේදී ටිකට් කපලා ගෙදර එව්වා. වෛද්‍යවරු නොකියා කිව්වා අම්මා ජීවත් වෙන්නේ තව දවස් කීපයක් කියලා. අම්මා ගෙදර ගෙනාපු මම අම්මට උපස්ථාන කළා. අන්තිමේදී අම්මාගේ තුවාලෙට ඉහඳයෝ (පණුවෝ) ආවා. දඹුල්ල රෝහලට ගෙන ගියා. එහිදී නැවත ශල්‍යාගාරයට ගෙනිහිල්ලා අම්මාගේ තුවාලයට බෙහෙත් දැම්මා. අපි ඉන්න අසරණ තත්ත්වය දැකලා දින කීපයකට බෙහෙත් දුන්නා.

මේ අතර දවසක් මගේ යහළුවෙක් අපේ ගෙදර ආවා. මමත් අම්මාත් විඳින දුක දැක්කා. එයා අපි විඳින දුක එයාගේ යාළුවෙකුට කියලා. ඒ යාළුවා කොහුවල විහාරයේ වලස්මුල්ලේ ජිනරතන හාමුදුරුවන්ට කියලා තියෙනවා. ජිනරතන හාමුදුරුවෝ දවසක් හදිසියේම අපේ ගෙදර ආවා. තොරතුරු ඇහුවා. දවස් කීපයකට පස්සේ මේසන් බාස්වරුන් කට්ටියක් එක්ක ඇවිත් ගේ හදලා දුන්නා. ගිලන් රථයක් ගෙනැල්ලා අම්මා කෙළඹ ජාතික රෝහලට අරගෙන ගියා. ප්ලාස්ටික් සැත්කම් ඒකකයට ඇතුළත් කළා. වෛද්‍ය දිලීප් පෙරේරා මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය අපිට උපරිම සහාය දුන්නා. මරණය පෙනි පෙනී හිටපු අම්මා නැවත ජීවත් කළා. මගේ අම්මාගේ ජීවිතය බේරා දෙන්න ජිනරතන හාමුදුරුවෝ අති විශාල මුදලක් වැය කළා. අපි උන්වහන්සේට සදා ණය ගැතියි.

මගේ අම්මාට පැය 14 ක ශල්‍ය කර්මයක් කළා. අම්මාගේ බඬේ හමෙන් කෑල්ලක් අරගෙන මුහුණට බද්ධ කළා. තවත් මාස 6 කින් තවත් ශල්‍යකර්මයක් කරන්න තියෙනවා.

තමාට නැවත ජීවත්වීමේ වරම ලබාදීම පිළිබඳව කරුණාවතී මාතාව ජිනරතන හිමියන්ට පින්දෙයි.

දුර්ලභ ගණයේ පරිත්‍යාගයක් කරමින් තමාට උවටැන් කළ තම පුතණුවන් තමා ලද නිල් මැණිකක් යැයි අම්මා අප සමග පැවසුවාය.

ගලේවෙල මහින්දසිරි පේ‍්‍රමලාල් සහ දඹුල්ලේ කාංචන කුමාර ආරියදාස
2012 ජූලි මස 08 | ලංකාදීප 

සොයුර ඔබ වැනි පුතුන් රටටම ආදර්ශයකි...ඔබට යෝධ බල යෝධ වීරිය ලැබේවා !!!

මේ පිලිබදව වැඩි විස්තර සදහා http://www.helpkarunawathi.org/ වෙබ් අඩවියට පිවිසෙන්න





උපුටා ගැනීම:- කජුවත්ත එක්සත් Cricket සමාජය




තරු සිත්තම පෙර ලිපිය:- http://tharusiththama.blogspot.com/2012/04/help-karunawathi.html

Friday, July 6, 2012

සුරාවේ විපාකය


ගුරු පාරේ දූවිලි නඟමින් පැමිණි පොලිස් ජීප් රථය රාජේශ්වරීලාගේ නිවස ඉදිරිපිට නතර විණි. වහා ඉන් බැස ගත් උප පොලිස් පරීක්‍ෂක විජේසූරිය ඇතුළු නිලධාරීන් කණ්ඩායම රාජේශ්වරීගේ කටුමැටි පැල්පත වෙත පිය නැඟුවේ ලැබී තිබූ පැමිණිල්ලකට අදාළව කරුණු විමසීමටය. ඒ රාජේශ්වරීලාගේ නිවස දෙසින් හමා එන දැඩි දුර්ගන්ධයක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් විභාගයටය.

රාජේශ්වරී විවාහ වී සිටියේ සුප්පයියා සෙල්වරාජ් සමඟය. ඔහු පුන්තෝට්ටම් ගම්මානයේ මුල් පදිංචිකරුවෙක් වූයේය. කා සමඟත් ඉතා කුළුපග තරුණයෙකු වූ සෙල්වරාජ් කෙරෙහි රාජේශ්වරීගේ සිත ඇදී යන්නේ නිරායාසයෙනි. දෙදෙනා අතර ඇතිවන ප්‍රේමය මුහුකුරායත්ම ඔවුනොවුන් හොඳින් අවබෝධයකින් යුතුව විවාපත් ව පුන්තෝට්ටම් හි ම පදිංචි වූහ. එහෙත් ඔවුන්ට සතුටින් සාමකාමී දිවි පෙවෙතක් එහි ගත කරන්නට ලැබුණේ කෙටි කලක් පමණි.
උතුරු නැඟෙනහිර පළාත්වල ඇවිලී ගිය ත්‍රස්තවාදය සෙල්වරාජ්ලාගේ ස්ථිර පදිංචිය වෙනස් කරළීමට ද සමත් විය. වවුනියාවට ආසන්න ප්‍රදේශයක් වූ පුන්තෝට්ටම් හි නොවූවද ඒ අසල ප්‍රදේශවල ඇති වී ඇති ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිසා ගම්බිම් පිටින් අවිහිංසකයෝ දිවි පිදූහ. පෙර සිට අවදානම තේරුම් ගත් සෙල්වරාජ් පවුල ද ප්‍රදේශය අතහැර තාන්ඩිකුලම්වලට පැමිණ නව දිවියක් ඇරැඹීය. ඒ පවුලේ ආරක්‍ෂාව සඳහා හිතකර බැවිනි.
ඉඩමෙහි අක්කර පහක භූ®මි ප්‍රදේශයක් වගා කරමින් ද, එදිනෙදා සුළු සුළු රැකියාවන් කරමින් ද පවුල නඟාසිටුවාලීමට සෙල්වරාජ් වෙහෙසවීය. තම සැමියාගේ උත්සාහයට යම් හෝ සහනයක් වීම සඳහා රාජේශ්වරීට අවශ්‍ය විය. ඇය ද එළු රංචුවක් ඇතිකරමින් ඉන් ආදායමක් ලැබීමට කටයුතු කරන්නීය.
දියණියන් දෙදෙනෙකු ද, පුතණුවෙකුගෙන් ද සැදි සෙල්වරාජ්ලාගේ පුංචි පවුල සාමකාමීව ජීවත් වූහ. අට හැවිරිදි බාලම දියණිය නිවසෙහි තබාගෙන තම වැඩිමහල් දියණිය හා පුතණුවන් වැඩිදුර අධ්‍යාපනය සඳහා ත්‍රිකුණාමලයට පිටත් කර යැවීය. ත්‍රිකුණාමලයෙහි නේවාසිකව අධ්‍යාපනය හදාරනු ලබන තම දරුවන්ට කිසිදු අගහිඟයක් නොකිරීම සෙල්වරාජ්ගේ ද, රාජේශ්වරීගේ ද එකම සිහිනය විය.
දැනුම් තේරුම් ඇති වයසේ දරුවන් නිවසෙහි නොවීමත් සමඟම සෙල්වරාජ් තම නිදහස උපරිමයෙන් භුක්ති විඳීමට තීරණය කරන්නේ තවත් අනුවේදනීය සිද්ධි මාලවක ආරම්භය සනිටුහන් කරමිනි. දිනපතා සවස් කාලයේ දී තම මිතුරු සමාගමට වැටෙන සෙල්වරාජ් යළි රාත්‍රී කාලයේ නිවසට ගොඩවදින්නේ කටගොන්නක් බීගෙනය.
කසිප්පු පානය සඳහා දැඩිව ලොල්වන ඔහුගේ එම පුරුද්ද නතර කිරීමට රාජේශ්වරීට හෝ අට හැවිරිදි පුංචි දියණියට නොහැකි වූහ.
ඔහුගේ මේ ක්‍රියාකලාපයට දැඩිව විරෝධයක් දැක්වූ රාජේශ්වරීට පිළිතුරු ලෙස ලැබුණේ ගුටි බැටය. අඩන්තේට්ටම්ය. පියවි සිහියෙන් තමන් සමඟ සුහද සිතින් කටයුතු කරන සෙල්වරාජ් වෙනුවට රාජේශ්වරීට ලැබුණේ නිතරම කෝප ගැන්වී කටයුතු කරන දබරයට හපන් සෙල්වරාජ් කෙනෙකි. මේ හේතුවෙන් ඇය පසුවූයේ ද දැඩි කනස්සල්ලකිනි.
වෙනදා උපයන ආදායම පවුලේ වියදම සඳහා හොඳටම ප්‍රමාණවත් විය. දරු දෙදෙනෙකු නේවාසිකව අධ්‍යාපනය හදාරන බැවින් පවුලේ වියදම් පාලනයකින් යුතුව කරගෙන යාමට රාජේශ්වරීට දැඩි වෙහෙසක් ගැනීමට සිදු වූහ. සෙල්වරාජ්ට මේ පිළිබඳ බරක් පතලක් නැති සේය. ඔහුගේ දින චර්යාව වූ සුරාවෙන් මත්ව සවසට පැමිණීම කිසි දිනෙක අත්නොහැරීය.
පවුලේ විය හියදම් ද අධික වන්නේ මේ සමඟය. උපයන මුදල පිළිබඳව වගකීමකින් තොරව ක්‍රියාකළ සෙල්වරාජ්ගේ අගහිඟතා පියැවීම සඳහා රාජේශ්වරී උපයන මුදල ද වැය කිරීමට සිදුවීම පිළිබඳව ඇය සිටියේ දුර්මුඛවය.
මේ සිද්ධීන් පිළිබඳව හොඳින්ම දත් සෙල්වරාජ්ගේ සොහොයුරන් සෙල්වරාජ් හිටි හැටියේ අතුරුදන් වීමත් සමඟම ඔහුගේ නිවස අසලින් වහනය වන දුර්ගන්ධය පිළිබඳව පොලිස් පොතෙහි පැමිණිල්ල සටහන් කරන්නේය. පැමිණිල්ල පිළිබඳව විමර්ශනය කර තොරතුරු ලබාගැනීම සඳහා උප පොලිස් පරීක්‍ෂක විජේසූරිය ඇතුළු පිරිස පැමිණෙන්නේ ඉන් පසුය.
නිවස පිහිටි භූ®මියෙන් හමා එන දුර්ගන්ධය පිළිබඳව පැමිණිල්ල සත්‍යයක් වන බව වටහා ගැනීමට නිලධාරීන්ට එතරම් වේලාවක් ගත වූයේ නැත. රාජේශ්වරීගේ නිවස පිහිටි තැනට මඳක් නුදුරෙන් පාළුවට අතහැර දමා තිබූ ළිඳකින් දුර්ගන්ධය මතුවන බව විමර්ශන නිලධාරීන්ට පසක් විය. ඒ වන විට සෙල්වරාජ්ගේ අතුරුදන් වීම පිළිබඳව පොලිස් පොතෙහි පැමිණිල්ල ඉදිරිපත් කළ ඔහුගේ සොහොයුරෝ් ද එහි පැමිණ සිටියහ.
විජේසූරිය මහතාගේ උපදෙස් පරිදි යුහුසුළු වූ පොලිස් නිලධාරී කණ්ඩායම අතහැර දමා තිබූ ළිඳ පරීක්‍ෂා කරන්නට වූහ. රොඩු හා පස් දමා මදක් වසා තිබූ ළිඳ තුළින් හිටි හැටියේ දුර්ගන්ධයට හේතුව මතු විය. ඒ බල්ලෙකුගේ මළකුණකි. පොලිස් කණ්ඩායමද වික්ෂිප්ත වූහ. මෙය මතුවත්ම රාජේශ්වරීගේ දේව කන්නලව්ව ද තීව්‍ර වන්නට විය.
”අනේ දෙයියනේ මගේ මිනිහා, මම මැරුවාය කියලා කියපු උන්ට හොඳක් නම් වෙන්න එපා...”
ආදී බොහෝ දෑ කියමින් නිලධාරී කණ්ඩායම ඉදිරියේ ඈ හඬා වැටුණාය. සෙල්වරාජ්ගේ සොහොයුරන් ප්‍රකාශ කළේ සෙල්වරාජ් අතුරුදන් වීම පිටුපස නිත්‍ය ලෙසම රාජේශ්වරීගේ සම්බන්ධයක් ඇති බවය. ඔවුන් පුන පුනා ප්‍රකාශ කළේ සෙල්වරාජ්ගේ අතුරුදන් වීම පිළිබඳව රාජේශ්වරීගේ එතරම් තැකීමක් නොමැති බවය. එම සිද්ධිය පිළිබඳව ඇගෙන් විමසීමේදී ඇයගේ ප්‍රකාශ එකිනෙක පරස්පර වූ බවත්, සොයුරන් එකම මතයේ සිටිමින් පොලිසිය වෙත කරුණු දැක්වීය. රාජේශ්වරී කැඳවා ඇගෙන් නැවත නැවතත් ප්‍රශ්න කරන්නට විය. මෙතෙක් වේලා දේව කන්නලව්වෙහි යෙදෙමින් සිද්ධිය පිළිබඳව මුනිවත රැකීම තමාට තවදුරටත් සිදුකළ නොහැකි බව රාජේශ්වරීට අවබෝධ වී තිබුණේය. ඇය එතෙක් දිනක් පපුතුරෙහි සඟවාගෙන සිටි සිදුවීම් මාලාව නිදහස් කළේ හැඬූ කඳුළෙනි.
සිද්ධිය සිදුවීමට තෙදිනකට පෙර රාජේශ්වරී තම බාලම දියණිය හා සෙල්වරාජ් නිවසෙහි නවතා ත්‍රිකුණාමලයට පිටත් වන්නේ දරුවන් ඉගෙන ගන්නා පාසලින් ලද ක්ෂණික කැඳවීමක් අනුවය.
”ඔයා අද ගිහින් හෙටම එන්න. මේ දරුවත් බලාගෙන වත්තේ පිටියේ වැඩත් කරගෙන එළු පට්ටියකුත් මට බලාගන්න අමාරුයි”
ඇය නිවසින් පිටවත්ම ඇයට අවධාරණය වන ලෙස කීමට සෙල්වරාජ් අමතක නොකළේය. පසුදා එන පොරොන්දුව පිට නිවසින් පිටව ගිය රාජේශ්වරී යළි නිවසට පැමිණියේ තම දරුවන් දෙදෙනා ද සමඟය. ඒ දින දෙකක් පමණ ප්‍රමාදවය.
වත්තේ පිටියේ වගා කටයුතු පිළිබඳව පමණක් නොව එළු රංචුව පිළිබඳ වගකීම ද තමා වෙත පැටවීම ඔහුට මහත් හිසරදයක් වී තිබුණි. පුංචි දියණිය පිළිබඳව නිසි සැලැකිල්ලෙන් පසුවීමට සිදුවීම නිසා රාජේශ්වරීගේ අඩුව තදින්ම සෙල්වරාජ්ට දැනී තිබුණි. තමාටම ආහාරය සකසා ගැනීමටද කාලයක් වැය කිරීමට සිදුව තිබීම ඔහුගේ කෝප ගින්න අවුළුවාලීමට බෙහෙවින් හේතු විය. ඔහු එම දින කිහිපය තුළ කසිප්පු බෝතල් ගණනාවක් හිස් කිරීමට ද සමත්ව සිටියේය.
තම දරු දෙදෙනා ද කැඳවා නිවසට එන රාජේශ්වරීගේ රුව දකිත්ම බීමතින් සිටි සෙල්වරාජ්ගේ කෝපය ඉහ වහා ගියේය.
”තොපි එකෙක්වත් මේ ගෙදර පස් පාගන්න එපා. තොපි සේරමලා පලයව්”
ඔහු ගුගුළේය. බියෙන් ඇළලී ගිය රාජේශ්වරී හා දරු තිදෙනා එදින රැය පහන් කිරීමට තීරණය කළේ එළු රංචුව ගාල්කර සිටි කොටුව තුළය. දරුවන් තිදෙනා තද නින්දෙහි පසුවූහ. මදුරුවන් තලමින් ද නින්දත් නොනින්දත් අතර පසු වූ රාජේශ්වරීට මැදියම් රැයේ තම සැමියාගේ අඬගැසීම ඇසුණි. බීමතින් සිටි ඔහුට ජලය පානය කිරීමට අවශ්‍යව තිබුණි.
”මට වතුර දීපල්ලා”
ඔහුගේ කැඳවීමෙන් ජලය දීමට ගිය රාජේශ්වරීට සිදුවූයේ නැවත ගුටි පූජාවකට මුහුණ දීමටය. මරභීතව සිටි රාජේශ්වරී ද ඉන් ගැළවීමට දැඩි උත්සාහයක යෙදී සිටියාය. සෙල්වරාජ්ගෙන් ගැළවීම පහසු නොවන බව දැන සිටි ඇයට අන් කවරදාකවත් නොවූ තරම් ක්ෂණික කෝපයක් හට ගත්තාය. ඇය වහා ක්‍රියාත්මක වූවාය. අතට හසුවූයේ දොර අසල තබා තිබූ මන්නයයි. හැකි වෙර වීරිය යොදා සෙල්වරාජ්ට මන්න පහර කීපයක් දුන් ඇයට ප්‍රකෘති සිහිය එළැඹෙන විට සියල්ල සිදු වී හමාරය. සෙල්වරාජ් මරු සමඟ අවසන් සටනේය.
නිවසින් පිටට පැන ගත් ඇය කළ යුතු දෙයක් සිතාගනු නොහැකිව යළි දරුවන් සිටින තැනට එන විට වැඩිමහල් දියණිය අවදිව සිටියාය.
”මොකක්ද අම්මේ ඒ සද්දේ?”
ඇයගේ විමසීමට කිසිත් නොවලහා රාජේශ්වරී පිළිතුරු දුන් අතර ඊළඟට කළ යුතු දේ ද තීරණය කළාය.
ඇය හා දියණිය එක්ව සෙල්වරාජ්ගේ මළසිරුර අසල පාළු ළිඳට දමන්නේ ඒ අනුවය. ගෙතුළ පුරා විසිර තිබූ ලේ පැල්ලම් වසා දැමීම සඳහා පසුදා පහන් වන විට නිවසෙහි බිම ගොම මැටි ගා ද අවසන් කිරීමට රාජේශ්වරී සමත් වූවාය.
වැඩිමහල් දියණිය හා තමන් පමණක් දන්නා මේ අපරාධී රහස යළි කිසිදා මතු නොවන ලෙස වළලා දැමීමට රාජේශ්වරී කටයුතු කරයි. කුණු රොඩු, ලී දඬු ආදිය පාළු ළිඳට දමා පුළුස්සා දමන්නේ මේ අනුවය.
විමසිලිමත් සහෝදර පිරිසක් හා සූක්‍ෂමව කටයුතු කළ පොලිස් නිලධාරී කණ්ඩායමක් නිසා වැළැලී යාමට තිබූ අපරාධ සිද්ධියක් 2005 වසරේදී විසැඳෙන්නේ මෙලෙසය.
ඝාතනය සඳහා භාවිත කළ ආයුධය ද සමඟ රාජේශ්වරී ද ඝාතනයට සහය දැක්වීම චෝදනාව මත වැඩිමහල් දියණිය ද චූදිතයන්ව නීතිය ඉදිරියේ දණ්ඩනයට ලක් විය.

 උපුටා ගැනීම දිවයින-ලක්බිම-සිළුමිණ-දිනමිණ-රිවිර පුවත්පත් ඇසුරින්

විපාකය


Thursday, July 5, 2012

දුප්පත් තරුණයෙකු හට ඔබගේ නොමසුරු ආධාරය උවමනා වී තිබේ



අකාරුණික ටිපර් රථ රියදුරෙකු නොසැලකිලිමත් ලෙස රිය පැදවීමේ වරදට
අකාලයේ දඬුවම් විඳින අපගේම සොහොයුරෙකු හට ඔබගේ නොමසුරු උපකාරය මේ වෙලාවේ අවශ්යැ වී තිබෙනවා.
මෙලෙස ටිපර් රථයක ගැටීමෙන් අනතුරට පත් වී තිබෙන්නේ වරුණගම,වැල්ලවාය. වෙසෙන ආර්.එම්.ගාමිණී නම් වයස 26 ක එක් දරු පියෙක් වන දුප්පත් තරුණයෙක්.
මෙම අනතුරින් පසු ටිපර් රථ රියදුරා පලා ගොස් ඇති අතර මෙම තරුණයා කිසිම පිළිසරණක් නොමැති අසරණයෙකු බවට පත් වී තිබෙනවා.
දැනට ඔහුගේ හිස කබලෙහි කොටසක් නොමැතිව සිටින අතර එම කොටසෙහි මස් දළු වැඩීමට කලින් එම කොටසට හිස්‌ කබල කොටසක් බද්ධ කල යුතු බව පවසනවා.එම කොටස හිස්‌ කබලට තබා මැසීමට අවශ්යර ටයිටේනියම් වර්ගයේ කොටස මිලදී ගැනීමට ඔහුට රු.175000.00 (රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක් )වැය වන අතර එම මුදල සොයා ගැනීම දුගී ඔහුට මහා මෙරක් වන දෙයක් වී තිබෙනවා.ඉතින් ඔබ ඔහුට උදවු කිරීමට කැමති අයෙක් නම් එය ඔහුට කරන මහා උපකාරයක්‌ මෙන්ම මහා පුණ්ය0 කර්මයක්.මේ සමග ඔහුගේ ජායාරුප කිහිපයක්ද , බදුල්ල මහා රෝහලින් නිකුත් කරන ලද වාර්තාවක්ද පල කරන අතර මිලදී ගැනීමට අවශ්යය කොටසෙහි නියම කල මිල සඳහන් වාර්තාවද තිබෙනවා.ඔබට අවශ්ය නම් එහි සඳහන් දුරකථන අංක වලට කතා කර විස්තර දැනගත හැකි අතර මෙම අංකයෙන් ද වසන්ත අමතා ඔහුගේ විස්තර දැනගත හැකියි 077 8272900
මුදල් බැරකරන්නේ නම් ඔහුගේ ගිණුම අංකය

ජාතික ඉතිරිකිරීමේ බැංකුව - වැල්ලවාය
1-0740-80-0024-7 ( ආර්.එම්.ජී.රත්නායක)


ඔහුට පුද්ගලිකව ඇමතීමට ඔහුගේ දුරඛතන අංකය වන 072-9322722 අංකය භාවිත කල හැකියි.
 —







උපුටා ගැනීම :-Wasantha Herath