තරු සිත්තම

a

Friday, September 21, 2012

විද්‍යාත්මක උපකරණ නොමැතිව විශ්වය විනිවිද දුටු ඒ මහා ගෞතමයන් වහන්සේ



 ”විශ්වය” යන්න පිළිබද බුදුදහම තුළ පැහැදිලිව සහ සම්පූර්ණයෙන්ම විස්තර කර තිබේ. විශ්වය කාලයක් පිම්බීමට භාජනය වන අතර තවත් කාලයක් හැකිළීමට භාජනය වේ. මෙමක්‍රියාවලිය චක්‍රාකාරව නැවත නැවතත් සිදුවන බැවින්ආරම්භයක් හෝ අවසානයක් ගැන කතා කිරීම නිශ්ඵල ය.එසේම බුදුදහම යනු සත්ත්වයා‍ දුකින් එතෙර කරවීම පිණිස, දුකට හේතුව වන තණ්හාව නැති කිරීම අරමුණු කරගත් දහමකි. නමුත් විශ්වය, අභ්‍යාවකාශය පිළිබද කතාකිරීමේදී සිදුවන්නේ ඒ ගැන තවදුරටත් කරුණු හැදෑරීමට කුතුහලයක් ආශාවක් තණ්හාවක්ඇතිවීමය. මේ නිසා බුදුරජාණන් වහන්සේ ”විශ්වය” සම්බන්ධ කරුණු පිළිබද අනවශ්‍ය ලෙස දේශනා කිරීමට යෙදුනේ නැත.
එනමුත් ඒ ඒ අවස්ථාවන්ට සරිලන අයුරින් විශ්වය, විශ්වයේ සංයුතිය හා ඒ සමග බැදුණු මාතෘකා පිළිබද තොරතුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකර ඇත. ඒ පිළිබද දීඝ නිකායේ ආගඤ්ඤ සූත්‍රය, මහා සුදස්සන සූත්‍රය, චක්‍රවත්‍රී සීහනාද සූත්‍රය, හා මහා පාදාන සූත්‍රය යනාදී සූත්‍ර දේශනා වල සදහන් වේ.
විශ්වයේ සංයුතිය මානසික වශයෙන් බඹතල 31කින් සමන්විත වන අයුරුද, සහස්සී, ද්වීසහස්සී, ත්‍රීසහස්සී යනාදී ලෙස ලෝක ධාතු පවතින අයුරුද, සාමාවට්ඨි කල්ප, විවට්ඨි කල්පයන්ගේ ඇවෑමෙන් විශ්වය විවිධ වෙනස් කම් වලට ලක්වෙමින් පවතින ආකාරයද බුදුදහමේ සර්ව සම්පූර්ණයෙන්ම සදහන් වේ.
නූතන විශ්ව න්‍යායවේදය (Cosmology)ට අනුව විශ්වය පිම්බීමකට ලක් වෙමින් පවතී. මෙය සොයාගැනීමට පදනම වැටුණේ 1915-1918 අතර කාලයේ එඩ්වින් හබල් ඇතුලු විද්‍යාඥයින් සොයාගන්නට යෙදුණු විශ්වයේ ඈත මන්දාකිණි වල රක්ත විස්ථාපනය (Red Shift)යි. එමගින් එම මන්දාකිණි නිරන්තරයෙන්ම අපෙන් ඈත් වෙමින් පවතින බව නිගමනය කළ හැකි විය. ඒ අනුව නොවැරදීම විද්‍යාඥයන්ට තේරුම්ගත හැකි වූයේ අප ජීවත් වන විශ්වය පිම්බීමකට ලක් වන බවයි.
යමක් පිම්බීමකට ලක්වන බව කී සැණින් ඔබේ සිහියට ආ යුතු සරලම කරුණ වන්නේ එය යම් දිනෙක ඉතා කුඩා දෙයක්ව පැවතී පිම්බීමට ලක් වීමට පටන්ගත් බවයි. විද්‍යාඥයෝ ද එම කරුණ සැළකිල්ලට ගත්හ. විශ්වය යම් දිනෙක ඒකීයත්වයකින්/ශූන්‍යත්වකකින් (Singularity/Nothingness) පටන්ගෙන ප්‍රසාරණයට ලක්වෙමින් අද දක්වා පැවත එන බව විද්‍යාඥයෝ නිර්ණය කළ හ. නූතන විද්‍යාව එල්ල කරන අභියෝග හමුවේ අන්ත අසරණව සිටින පුහු දේව වාදීන්ට මෙය අනගි අවස්ථාවක් විය. ඔවුහු මේ ශූන්‍යත්වයකින් විශ්වය ආරම්භ වීමේ න්‍යායට දෙවියන් වහන්සේ ද ඈඳා ගත්හ
තම දේව දර්ශනයන්හි අහළකවත් නොතිබූ සංකල්පයක් තමන්ට වාසිදායක වන විට තමන්ගේ කරගැනීමට මොවුහු දැඩි වෙහෙසක් ගනිති. මොවුන් කියන්නේ ශූන්‍යත්වයකින් විශ්වය ප්‍රසාරණය වීම ඇරඹුවේ දෙවියන් වහන්සේ ලු!
විශ්වය ශුන්‍යත්වයකින් ආරම්භ වීම හෙවත් මහා පිපුරුම් වාදය (Big Bang Theory) නූතන විශ්ව න්‍යායවේදයේ එන වැදගත්ම නියමයකි. නමුත් එය සර්ව සම්පූර්ණ න්‍යායක් නොවේ. තවත් විශාල වැඩ කොටසක් සම්පූර්ණ කිරීමට ඉතිරි වී තිබේ. එමෙන්ම විද්‍යාඥයන් අවුලෙන් අවුලට හෙළන ප්‍රධානතම කරුණ නම් මෙම න්‍යායේ ඇති පරීක්ෂා කළ නොහැකි ස්වභාවයයි. නූතන විද්‍යාවෙහි අනිවාර්ය අංගය නම් පරීක්ෂාවයි (Testing). සැකෙවින් කිවහොත් යම් න්‍යායකට පිළිගැනීමක් ලැබෙන්නේ එමගින් කරනු ලබන පෙරැයීමක් (Assumption)පරීක්ෂණයකින් සත්‍ය වුවහොත් පමණි. එතෙක්, කොතරම් ප්‍රබල මතයකට වුවත් පිළිගැනීමක් ලැබෙන්නේ නැත.
මහා පිපිරුම් වාදයට පිළිගැනීමක් ලැබීමට එහි පෙරැයීම් 2ක් නිවැරදි වීම හේතු විය. ඒවා නම්,
1. ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය (Cosmic Microwave Background Radiation)
2. මහා පිපිරුම් නියුක්ලියෝසංස්ලේශනය (Big Bang Nucleosynthesis)
යන ඒවායි.
පිපුරුම් නියුක්ලොයෝසංස්ලේශනය සිදු වූයේ මහා පිපුරුමෙන් මිනිත්තු 3ත් 20ත් අතර කාලයේදී ය. එහිදී ප්‍රාථමික හයිඩ්‍රජන්-1 (ප්‍රෝටෝන එකක් පමණක් ඇති හයිඩ්‍රජන් පරමාණු) විලයනයට භාජනයවීමෙන් වඩා බරැති පරමාණු නිර්මාණය වේ. එමගින් පෙරැයන ආකාරයට මුල් විශ්වයේ ස්කන්ධයෙන් 75%ක් හයිඩ්‍රජන්-1 ද, 25%ක් පමණ හීලියම්-4 ද, 0.01%ක්ඩියුටීරියම් (හයිඩ්‍රජන්-2) ද, 10-10%ක් වෙනත් පරමාණු (ලිතියම්, බෙරිලියම් වැනි) තිබිය යුතුය. මීට හරියටම සමාන නොවන නමුත් ආසන්න වශයෙන්සමාන ප්‍රතිශත වලින් නූතන විශ්වයේ පදාර්ථයන් පවතින බව පර්යේෂණයන්ගෙන් හෙළිවී ඇත. නමුත් මෙය මහා පිපුරුම සිදුවූ බවට අවසාන සාක්ෂිය නොවේ. වක්‍රාකාරයෙන් ඊට අනුබල දීමක් පමණි මින් සිදුවන්නේ.
අනෙක් සාධකය නම් පසුබිම් විකිරණයයි. මහා පිපිරුමෙන් වසර 380 000ක් ගතවන තැන, විශ්වයේ ඝනත්වය අඩුවීම නිසා ආලෝක ෆෝටෝන වලට ආසන්නව ඇති පරමාණු වල න්‍යෂ්ටික බලපෑම් (Strong and Weak Nuclear Forces) වලින් තොරව නිදහසේ ගමන්කිරීමට හැකියාව ලැබෙන බව මින් කියැවේ. එනම් විශ්වය විද්‍යුත් චුම්බක තරාංග වලට පාරදෘශ්‍ය (Transparent) වන්නේ මේ අවධියෙන් පසුවයි. විශ්වය ඇතිවීමට වසර 380 000 කට පෙර කාලයේ විද්‍යුත් චුම්බක තරංග වල ප්‍රගමනයට (Progression) නිදහසක් නොතිබූ නිසා අද පවත්නා කිසිදු දුරේක්ෂ වර්ගයකින් ඊට පෙර කාල පරිච්ඡේදය ගැන කරුණු සෙවූම විද්‍යාඥයන්ට කළ නොහැක. මහා පිපුරුම් වාදයේ වාසියට තිබෙන කරුණම එය නිවැරදි න්‍යායක් ලෙස ස්ථාපිත වීමට එරෙහිව කටයුතු කරන්නේ මේ ආකාරයෙනි.
2007 තරම් මෑත කාලයකදී මෙම ක්ෂේත්‍රය සම්බන්ධ නවතම විද්‍යාත්මක මත කරළියට ඒමට පටන් ගැනුණි. ඒ පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේ (Pennsylvania State University) මහාචාර්ය මාටින් බොජොවාල්ඩ් (Martin Bojowald) ඉදිරිපත්කළ මහා පොළාපැනුම් න්‍යායේ (Big Crunch Theory) නවතම විවරණය සමඟිනි. විශ්වක කාලයක් තිස්සේ ප්‍රසාරණයට ලක්ව නැවත සංකෝචනය වන බව බටහිර විද්‍යාඥයන් සිතා සිටියේ මීට බොහෝ කාලයකට පෙර සිට ය. නමුත් ඊට එරෙහිවන ගැටලු රාශියක් තිබුණු නිසා මේ මතය කාලයක් තිස්සේ පසුගාමී තත්ත්වයක පැවතිණි. නමුත් දැනට වසර 2කට පමණ පෙර සිට මෙය නැවතත් පෙරළිකාර මතයක් ලෙස පර්යේෂණ ක්ෂේත්‍රයට පැමිණ තිබේ. මහා පොළාපැනුම් න්‍යාය පදනම් වී ඇත්තේ 1986 දී පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේම මහාචාර්ය ඇබේ අෂ්ටෙකාර් (Abhey Ashtekar) විසින් ඉදිරිපත් කළ වළලු ක්වොන්ටම් ගුරුත්ව න්‍යාය (Loop Quantum Gravity) මතයි.
මේ ආකාරයේ විශ්වය පිළිබඳ චක්‍රීය ආකෘති වලට නූතන තාරකා භෞතික විද්‍යාඥයන් හා විශ්ව න්‍යායවේදීන් මේ වනවිට වැඩි තැනක් දෙමින් සිටිති. ඊට ඇති එකම එක හේතුව නම් විශ්වය ආරම්භ වීමට පෙර පැවතියේ කුමක්දැයි යන ද්විකෝටිකයට (Dilemma) පිළිගත හැකි පිළිතුරක් කිසිවෙකුට සැපයිය නොහැකි වී ඇති බැවිනි. එසේම විශ්වයට නිශ්චිත ආරම්භයක් පැවති අතර යම් දිනෙක එය අවසාන වනු ඇත යන මතය කිසිසේත් බුද්ධිගෝචර නොවේ. අනෙක් ප්‍රතිවිරෝධතාව නම් කාලයයි. කාලය හා අවකාශය පිළිබදව හා එහි සබැඳියාව ගැන ද මෙම පුහු දේව වාදීන්ට දිය හැකි පිළිතුරක් නැත. මේවාට නිසි පිළිතුරු කිසිදු දේවවාදී ආගමක් තුළ නැත. ඔවුන්ට සැමවිටම එසවීමට ඇත්තේ ”දේව භාෂිතය ප්‍රශ්න නොකරනු!”, යන තර්ජනාංගුලිය පමණි.
වරක් එක්තරා පුද්ගලයෙක් “විශ්වය නිර්මාණය කිරීමට පෙර දෙවියන් වහන්සේ කරමින් සිටියේ කුමක්දැ”යි පූජකයෙකුගෙන් ඇසුවේ ය. පූජකයාගේ ක්ෂණික පිළිතුර වූයේ “ඔය ආකාරයේ ප්‍රශ්න අසන්නන් යැවීමට දෙවියන් වහන්සේ අපායක් නිර්මාණය කරමින් සිටියේ ය” යන්නයි. එම කතාවේ සත්‍ය අසත්‍යතාව කෙසේ වුවද චින්තනයේ නිදහස සහ විශ්වය පිළිබඳ දේව මතය එමගින් අපූරුවට සාරාංශගතකොට දැක්වේ.
නවීන විද්‍යාවේ දියුණුව හමුවේ දේවවාදී ආගම් වැටී සිටින මහත් අපහසුතාව පිළිබඳ අමුතුවෙන් සඳහන් කළයුතු නැත. එම ආගම් සියල්ලටම එරෙහිව නැගී සිටින එක් බලගතු පුද්ගලයෙකු සිටී. ඒ අන් කිසිවෙකු නොව චාල්ස් ඩාවින් ය. චාල්ස් ඩාවින් යනපුද්ගලයා ඉතිහාස පොතෙන් මකා දැමීම තරමට දේවවාදීන්ට ගෙනදෙන වෙනත් කරුණක් තිබිය නොහැක. චාල්ස් ඩාවින් නම් මිනිසා තම පරිණාම වාදය තුළින් දේවවාදයට එල්ල කළේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මරු පහරකි.ඩයිනසෝරයන්ගේ පොසිල සොයාගැනීමත් සමඟ දේවවාදීන්ට ගුද මාර්ගයෙන් දුම් පිටවිය.
නමුත් මේ කිසිවක් බුදුදහමට බලපාන් නැත. පෘථිවිය මත ජීවයේ සම්භවය හා පරිණාමය පිළිබද වර්තමාන විද්‍යාඥයින් සිටින මතය ආගඤ්ඤ සූත්‍රයේ කරුණු හා සම්පාත වේ
අවසාන වශයෙන් කියතොත්, නූතන විද්‍යාව මේ ආකාරයට දිගින් දිගටම බුදුදහමේ සත්‍යතාව තහවුරු කරන ආකාරය උක්ත සඳහන් කළ දේව වාදීන් දකින්නේ මහත්ඊර්ෂ්‍යාවෙනි. බුදු දහමට පහර ගැසීමට සෑම දේවවාදියෙකුම අවස්ථාවක් ලැබෙන තුරු බලාසිටින්නේ මේ නිසා ය.
තරුවන් යනු හයිඩ්‍රජන් ප්‍රතිශතය සියයට 74කින්ද හීලියම් ප්‍රතිශතය
සියයට 25කින්ද සමන්විතවූ ස්වශක්තියෙන්ම ආලෝකය සහ ශක්තිය
පිටකරන අතිවිශාල දීප්තිමත් ආකාශ වස්තුවක්ය. අපගේ සෟරග්‍රහ
මණ්ඩලයේ තාරකාව සූර්යයා වන අතර එය විශ්වයේ ඇති අපමණ
තාරකා අතර සාමාන්‍ය ප්‍රමාණයේ එකකි. හිරුට වඩා විශාල යෝධ තරු
විශ්වයේ අනන්තවත් තිබෙනවා.තරුවක මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේට්
අංශක 3000 සිට 80000 දක්වා පරාසයක් තුල පිහිටනවා. අපගේ
සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 6000 පමණ බැව්
සඳහන් කරනවා. මා සඳහන් කරන්න හදන කාරණය පටන්ගන්නේ ඔය
දත්තයන් ඔස්සේය.
තරුවක ඇතුලත හරය core උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 10
පමණ ආසන්න වෙද්දී න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාව ඇරඹෙනවා. හයිඩුජන්
හීලියම් බවට පත්වෙනවා. එම ක්‍රියාවලියේදී අතිවිශාල ශක්තියක් තරුවෙන්
පිටකරනවා. තරුවේ දීප්තිය පවතින්නේද මේ නිකුත්වන ශක්ති ස්කන්ධයෙන්.
එහෙත් අනිත්‍ය ස්වභාවය පසක් කරමින් ඒ සෑම ක්ෂණයක් පාසාම තරුවේ
ස්කන්ධයද ක්‍රමයෙන් දැවි දැවී යනවා.
හයිඩ්‍රජන් ප්‍රමාණය අඩුවෙමින් හීලියම් බවට පත්වෙමින් වසර මිලියන එක
දිගට බැබලෙන තරුව අවසානයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයට පත්
වෙමින් ජාති ජරා ව්‍යාධි මරණ යන අවස්ථාවට ලංවෙමින් වෙනස් ආකාරයේ
ක්‍රියාවලියකට අවතීර්ණය වෙනවා. හයිඩ්‍රජන් ඌනතාවයට පත් මහලු තරුවේ
මතුපිට තට්ටු ප්‍රසාරණය වෙන්න පටන්ගන්නවා.හරය හැකිලෙනවා.පිට කබොල
සිසිල් වෙනවා.දීප්තිය ක්‍රමයෙන් වැඩිවෙනවා.එය ඒ අවස්ථාවේ හඳුන්වන්නේ
යෝධ තරුවක් Red gaint නමින්.
මෙන්න මේ අවස්ථාව සැලකිල්ලට ගන්න වටිනවා. බුදුරජාණන්වහන්සේ
මේ අවස්ථාව සප්තසූරියෝද්ගමන සූත්‍රයේ විස්තර කරනවා හිරු හතක් පායන
බව. සූර්යයා මේ අවස්ථාවට පත්වන විට බුධ සහ සිකුරු යන ග්‍රහලෝක සමීපයට
විහාලනය වෙනවා. හිතාගන්න පුලුවන්ද සූර්යයාගේ එවිට විශාලත්වය. ඒවන විට
සප්තසූරියෝද්ගමන සූත්‍රයේ විස්තර කරන ආකාරයට සප්තමහා සාගර සියල්ලම
සිඳීගිහින් ගිනියම් වැලි මතුවෙනවා. කිසිදු ජීවයක් මහපොලොව මත ශේෂවී නැහැ.
සියල්ල දැවී ගිය අඟුරැවී ගිය ස්වභාවයක් තියෙන්නේ.
තරුවේ න්‍යෂ්ඨික ශක්තිය වැයවී අවසන් වෙත්ම තරුව සංකෝචනය වෙනවා.
එවිට එය සුදුවාමන තරුවක් White Dwarf Star බවට පත්වෙනවා. අනතුරුව
ක්‍රමයෙන් සිසිල් වෙමින් ගොස් දීප්තියක් නොමැති අඳුරු කළුවාමන තරුවක්
Black Dwarf බවට පත්වී විනාශවී යනවා.
ඒ සමගම මහපොලොව ඇතුලු සියලු ග්‍රහලෝක විනාශ වී යනවා. මෙන්න මේ
අනිත්‍ය ස්වභාවයට කවදාහරි මහපොලොවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හිරු
වැනි අතිවිශාල මහා තරුවකුත් යම් දිනකදී ක්ෂය වී වැයවී විපරිනාමය වී නැතිවී
යනවා නම් අන්න ඒ ධර්මතාවයම තමයි සියලු සත්ත්වයා කෙරෙහිත් බලපාන්නේ.
සියලු සත්ත්වයෝද ක්ෂයවී වැයවී විපරිනාමය වී ජරා ව්‍යාධී අවදි පසුකරමින්
මරණයෙන් විනාශවෙනවා. මරණාස්මෘතිය වඩන්නට මෙය කෙතරම් උචිත තැනක්
නොවන්නේද?
හටගත් සියල්ල මෙලෙස අනිත්‍ය ස්වභාවයටත් දුක්ඛ ස්වභාවයටත් අනාත්ම ස්වභාවයටත්
පත්වෙනවා. හටගත් සියල්ල පවතින කාලය තුල වෙනස්වෙමින් ගොස් අවසානයේ
නැති වෙනවා.
ඉතින් වසර හැටක් හැත්තෑවක් වැනි සුළු කාලයක් තුල ජීවත් වන අප කිසිදා
නොමියෙන අමරණීය අය ලෙස සිතා පඤ්චකාමයන් කෙරෙහි ඇලී උපාදන වී
සිතින් කයින් වචනයෙන් පින් පව් නම් සංස්කාර ධර්ම රැස් කරන්නේම
අවිද්‍යාව නම් මුලාව මෝඩකම නිසාම නෙවෙයිද??
උපුටා ගැනීම:-http://dahamsabava.wordpress.com

Tuesday, September 11, 2012

අභයදානය දුන්නාට කළගුණ පෙන්වයි.

මසට මැරීම සඳහා හින්දුම සිට රත්ගමට ලොරියකින් හොරෙන් රැගෙන ආ ගවයන් තිදෙනකු පොලිසියෙන් බේරා ලොරියෙන් එලියට ගත් පසු ගවයකු පොලිස් ස්ථානාධිපති රංජිත් ලියනගේ මහතා එම සතාට කොළ අත්තක් කැවීමට සැරසෙද්දී සතා මෙසේ ඉදිරිගාත් බිම තබාගෙන සිටියේය.
http://www.lankadeepa.lk


Monday, September 10, 2012

රණවිරු ඉන්දිකගෙ සිහිණය සැබෑකරන්න

පුදුකුඩුඉරිප්පු අවසන් මෙහෙයුමේදි 2009/03/03 දිණ කුරීරු ත්‍රස්තවාදීන්ගේ දරුණු වෙඩිපහරට ලක්ව දැනට කිසිවක් කරකියා ගත නොහැකිව සිටින රණවිරු ලා.ක්‍රොප්‍රල් ඉන්දික හට කාරුණික හදවත් ඇති ඔබටත්... ඔහු වෙණුවෙන් පිහිටවිය හැක.
ඉන්දිකගේ කතාවට සවන්දෙමු.... මම අවිවාහකයි මගේ වයස අවු.25යි මාගේ මව්බිම බෙරාගැණීමේ අවසන් මෙහෙයුම ක්‍රියාත්මකවෙණ අවස්තාවෙදි මම සේවය කලේ 6වණ ගජබා රෙජිමෙන්තුවට අනුයුක්තවයි. මා අනුරාධපුර සාලියපුර කෑම්ප් එකේ ඉන්නෙද්දි තමයි මගේ මව්බිම බෙරාගැණීමේ අවසන් මෙහෙයුමට සම්බන්ඳ උණේ එදා මාත් එක්ක එකට මෙහෙයුමේ හිටපු සහොදර නිලදාරින් ගොඩදෙනෙක්ගෙ ජීවිත අහිමිඋනා. අද මගේ මව්බිමට සම්පුර්ණ නිදහස ලැබිල මට හරිම සතුටුයි... එහෙම නොවුනනම් තව කීදෙනෙක්ගෙ ජිවිත අහිමිවෙන්න වෙලාද, වෙන්නත් තිබුණද... 
යුද්දෙත් ඉවරවෙලා අවුරුදු 3ක් වෙණව මම මේ විදිහට එක්තැන්වෙලා අවුරුදු 3ක්. මගේ උදරයෙන් පහල පණ නෑ මමයි මගේ අම්මයි ගෙදර ඉන්නෙ. අම්ම තමයි මගේ ලඟටවෙලා මගේ වැඩ කටයුතු සේරම කරන්නෙ. මගෙ පඩිය අපිදෙදෙනගෙ වියදමට සෑහුනත් එතනින් එහාට කිසිමදෙයක් කරන්න ඉතුරුවෙන්නෙ නෑ.
මට ජීවත්වෙලා ඉන්න ටික කාලෙදිහරි මට මගේ වඩකටයුතු වලින් ටිකක් හරි මටම කරගන්න පුලුවන්නම්... මගෙ අම්මව ටිකක් හරි මේ බරින් නිදහස් වෙනව.
දයාබර යාලුවණේ ඔයාලට පුලුවන්නම් මට විදුලි බලෙන් ක්‍රියාකරන රෝද පුටුවක් (re chargeable wheel chair) ලබාදෙන්න අලුත්ම එකක් නොවුණට කමක්නෑ, මම දන්න තරමට රු.80,000ක් විතර වෙණව අලුතෙන්ම. ඔයාල මට උදවු කරන්න කැමතිනම් මගේ සියලු විස්තර මෙන්න.
සෙබල අංකය : S/472498 
නම : L.CO. Indika E.R.R
ගිනුම් අංකය : 70138303
Bank of Ceylon, Narammala
මගේ දුරකතන අංකය : 0094723691547
ඔයාල කාටහරි මේ රණවිරු ඉන්දිකගෙ සිහිණය සැබෑකරන්න පුලුවන්නම් එයාට කතාකරන්න පාවිච්චි කරපු හරි re chargeable wheel chair එකක් ලැබුනොත් එයා ගොඩක් සතුටු වේවි. රට රටවල ඉන්න යාලුවනේ ඔයාලට කොහේදි wheel chair එකක් ලැබුනොත් රණවිරු ඉන්දිකට ලබාදෙන්න.

උපුටා ගැනීම:-බෞද්ධයා - The Buddhist

Friday, September 7, 2012

ලoකාවේ පලමු වරට අපේ දක්ශයෙක් වයිරස් ගාර්ඩ් එකක් නිපදවයි...

ඔහු නමින් සචිත් දනන්ජය නම් වේ. ගනේමුල්ල ප්රuදේශයේ ජිවත් වන මොහු තවමත් 20වන වියේ පසුවේ. මේ මෘදුකාන්ගය සමගින්,මෙතෙක් කල් වයිරස් ගාර්ඩ් මෘදුකාන්ග සදහා මිලියන ගනනක් මුදල් පිටරටට ගලාගිය කාලය හමාර වනු නිසැකයි.එමෙන්ම මෙය ශ්රී ලoකාවේ මෘදුකාන්ග ගමන් මගේ පෙරලියක් සනිටුහන් කරනු ඇත.

Crystal Shield Antivir 2012 ලෙස නම් කර ඇති මෙම ක්රි ස්ටල් මෘදුකාන්ගය virus guard මෘදුකාන්ගය කි.
ඔහු පවසන පරිදි මෙය සෑදීමට ඔහුට වසර4ක් ගතවී ඇත. මේ ඔහුගේම වදනින් ඔහු මෘදුකාන්ගය ගැන කරන විස්තරයකි - 


මොකක් හරි software කෑල්ලක් ගහල නමේ අගට antivirus කියල දැම්ම කියල ඒක කවදාවත් antivirus standard වලට සෙට් වෙන්නෙ නෑ.. standard antivirus එකක් කියල හදුන්වන්න නම් අවම මේ දේවල් තියෙන්න ඕන.. නැත්තම් ඒක නිකංම නිකං virus removing tool එකක් වෙනව.. 

ප්රදදානම දේ : File System Shield එක.. 
File එකක් copy වෙද්දී move වෙද්දී rename වෙද්දී suspicious actions ක්රි යාවට නංවද්දී සහ open වෙද්දී file එක scan/db සමග compare කරලා බලන්න ඕනෙ.. (* virus data base එකේ virus signatures විදියට අරං තියෙන්නෙ MD5 Technology එක ඈ.. : virus detect කරන්නෙ කොහොමද බං කියල අහන්න බලං ඉන්න කස්ටිය සදහා පමනයි ..)

FSS එක virus එකක් scan කරන ක්රhම ගොඩක් තියනව ප්රlධානම දෙක තමා string scanning සහ hash scanning කියන්නෙ.. hash scanning කියන්නෙ දැනට තියන virus signatures එක්ක scan කරන file එකේ signature එක compare කරල බලන එක..

heuristic scanning කියල එකකුත් තියනව.. එකේදී වෙන්නෙ file එක පිටතින් සාමාන්ය file එකක විදිය එක්ක compare කරල malware එකක් ද නැද්ද කියල නිගමනයකට එන එක ! (eg : PE Headers චෙක් කරලා බලනව වගේ ඒවා කෙරෙනවා )

ආ තව දෙයක් තමා virus definition data base එකක් තියෙන්න ඕනෙ (හොද එකක්) සහ ඒක update කරන්න පුළුවන් වෙන්න ඕන.. ආ quarantine එකක් තියෙන්නත් එපැයි.. 
තව කෝටියක්‌ විතර දේවල් කියන්න නම් තියනව ඒවත් මෙතන ගහන්න ගියොත් tread එක චා වෙනව.. 

ඔහුගේ වෙබ් අඩවිය - http://sdfreeware.weebly.com/index.html


මෙන්න එහෙනං Download Links(සම්පූර්නයෙන්ම Free) –

Download From Softpedia - http://www.softpedia.com/get/Antivirus/CrystalShield-Antivirus.shtml

Softpedia එකෙන් කරපු පොඩි review එකක් - http://www.softpedia.com/progScreenshots/CrystalShield-Antivirus-Screenshot-221216.html

(ඔහුගේ ඉල්ලීම - ගන්නව නම් softpedia එකෙන් ම ගනින් වැඩේ ලේසී.. යමක් අමක් කරගන්න පුළුවන් කස්ටිය පොඩි rating පාරක් දාල උබලගෙ නම දාල review පාරක් දියන් මචන්ස්ල)

Download From cnet - http://download.cnet.com/Crystal-Shield-Antivir/3000-2239_4-75761357.html

Download From Softonic - http://crystal-shield.en.softonic.com/
(*ගූගල් එකේ සර්ච් කල විටද ඩවුන්ලොඩ් කරගත හැක.)


ඔහුව සම්බන්ද කරගැනීමට - Sachith Dhananjaya Welivita
Living Address : 384 1/2 Pokuna Junction, Ganemulla, Gampaha, Colombo, Sri Lanka
SMS Number : +94 71 11 72 75 8
skype : sachith.sdstudios
facebook : http://www.facebook.com/sachith19920726
Email : sachith.sdstudios@gmail.com

ඔහුගේ පනිවිඩය - This Softwares are Completely Free for use with out eny modification.. 
I have no Responsability for eny damage that you take from this software and Using this software is your
own Risk !
If you found eny Bugs in my softwares.. please be kind to inform that.. 

Thanks..

උපුටා ගැනීම:-Ganna ape de (ගන්න අපේ දේ)

වසර හතක්‌ වැසිකිළියක ජීවත් වන පවුලක්‌

ඇමැති විමල් වීරවංශගේ අවධානය යොමු වේවා!

යස ඉසුරින් පිරි සුව පහසු මන්දිරවල සිට වරිච්චි ගැසූ කුඩා පැල්පත් දක්‌වා වූ විවිධ මට්‌ටමේ නිවෙස්‌වල ජීවත්වන මිනිස්‌සු අපට මේ සමාජයේ මුණගැසෙයි. ගහක්‌ උඩ තනාගත් පැල්පතක ජීවත් වන පවුල් පිළිබඳව ද පසුගිය කාලයේ මාධ්‍යය මගින් අපට දැකබලා ගත හැකි විය. එහෙත් පාවිච්චි කොට අත්හැර දමන ලද පරණ වැසිකිළියක ජීවත්වන පවුලක්‌ ඇතැයි කිව්වොත් ඔබ කිසිදා විශ්වාස නොකරනු ඇත.

එහෙත් ඔබත් මමත් පුදුමයට පත් කරවමින් පැයක්‌ හමාරක්‌ දවසක්‌ දෙකක්‌ නොව වසර 7 ක්‌ තිස්‌සේ වැසිකිළියක ජීවත් වන දරු පවුලක්‌ පිළිබඳව අසන්නට ලැබිණි. ඒ පිළිබඳව සෙවීමට කඹුරුපිටිය රුහුණගම ගම්උදා භූමියට අපි ගියෙමු.

1991 ගම්උදා සංවත්සරය පැවැති රුහුණගම ගම්උදා භූමියේ එකල පාවිච්චි කර අත්හැර දැමූ අඩක්‌ කඩා වැටී ඇති මෙම වැසිකිළිය සිය නිවහන කරගත් අසරණ දරු පවුල අපට එහිදී දැකගත හැකි විය. සිය දරුවන් තිදෙනා සමග අසරණ මවත් මෙහි වසර 7 ක්‌ තිස්‌සේ දිවි ගෙවන්නේ ඔවුන්ට ජීවත්වීමට වෙන නිවසක්‌ නැති බැවිනි.

පසුගිය කාලයේ මෙහි වහළය ද කඩා වැටී ඇති අතර අසල්වැසියන් එකතුවී එය පිළිසකර කර දී ඇත.

එහෙත් දැනටද එය කොයි මොහොතක කඩාවැටේදොaයි සැක සහිතය. මොවුන් මෙම ස්‌ථානයෙන් ඉවත්කර වෙනත්a සුදුසු ස්‌ථානයක පදිංචි කරවීමට කටයුතු කිරීම මහා පිංකමකි.

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතාගේ හෝ අවධානය මේ කෙරෙහි යොමු වී ඔවුන්ට නිවසක්‌ තනාදීමට හැකි නම් කොතරම් අගේද? 

එහෙත් ඒ සඳහා ඔවුනට කියා ඉඩමක්‌ නැත. ඒ නිසා පරිත්‍යාගශීලීයකු හෝ වගකිවයුත්තන් මැදිහත්වී පර්චස්‌ කීපයක්‌ හෝ මොවුන්ට ලබාදෙන්නේ නම් එය පිංකමක්‌ ද වනු ඇත.

පාසල් යන දරුවන් තිදෙනෙකු සමග ඉඳහිට ලැබෙන කුලී වැඩක්‌ කර ජීවත්වන මේ දරු පවුලට උපකාරයක්‌ කිරීමට ඔබටත් හැකිනම් ඔවුන්ගේ ලිපිනය මෙසේය. රම්මම්බිගේ සුමනාවතී, අංක 02 රුහුණුගම ගම්උදාව, කරගොඩ උයන්ගොඩ. රුහුණුගම සමුපකාර ග්‍රාමීය බැංකුවේ ඇති 467 දරන ගිණුමට ඔබේ ආධාර යොමු කළ හැකිය.

උපුටා ගැනීම:- දිවයින (පී. එල්. ජයවර්ධන - කඹුරුපිටිය)
                      http://www.divaina.com/2012/09/06/news17.html

Wednesday, September 5, 2012

Plz help


සත්ත්ව අවිහිංසාව ගැන කියෑවෙන එක්‌ සංවේදී කතාවකි

මුදලට තණ්‌හාවෙන් හා මසට ගිජු වී එළ ගවයන් බුරුතු පිටින් ලොරි වලට පටවාගෙන යමින් හිංසා කරන්නන් මෙන්ම අමු අමුවේම උන්ගේ ගෙල සිඳින හා හතර හන්දි කඩා දමන නොමිනිසුන් පිරි රටක සත්ත්ව අවිහිංසාව ගැන කියෑවෙන එක්‌ සංවේදී කතාවකි මේ.

සීග්‍රගාමී දුම්රියක වැදීමෙන් කොස්‌ගොඩ ප්‍රදේශයේ රේල් පාරක්‌ අසලදී තුවාල සහිතව වේදනාවෙන්, නැගිටීමටවත් නොහැකිව සිටි මේ අසරණයාව උපතිස්‌සට නෙත ගැටුණේ එම සතාගේ පෙර පිනකටය. ඒ ඉකුත් (12) වැනිදාය.

තවත් එක්‌ මස්‌ වැද්දකුගේ කෲරතර ඉරණමකට ගොදුරු වනු වෙනුවට උපතිස්‌සගේ සානුකම්පිත දැස්‌ ඒ අසරණයාට පිහිටක්‌ වූයේය.

තම නිවස වෙත වහා දිවගිය ඔහු තමාට අයත් ලෑන්ඩ්මාස්‌ටරය පණගන්වා වහා එතැනට පැමිණ තවත් අයගේ උදව් උපකාර ඇතිව එම සත්ත්වයා එයට පටවාගෙන ගොස්‌ ප්‍රතිකාර කරන්නට පටන්ගත්තේය.

ඔහු කොස්‌ගොඩ, නාපේ පදිංචි උපතිස්‌ස අශෝක කුමාර මෙන්ඩිස්‌ 47 හැවිරිදි දෙදරු පියෙකි. සංචාරක හෝටල් කම්කරුවකු වන ඔහු දැනට රැකියාවද අහිමිව දුෂ්කර ජීවිකාවක්‌ ගත කරන්නෙකි.

"දුම්රියේ වැදී මේ සතා තුවාල වෙලා රේල් පාර අයිනේ වැටිලා හිටියා.

මට හිතුණා මේ අහිංසකයාට සාත්තු කරලා සනීප කරන්න ඕනේ කියලා. හතර දෙනෙක්‌ විතර උදව් කරගෙන තමයි මගේ ලෑන්ඩ්මාස්‌ටරයට මෙයාව දාගත්තේ "

"දැන් තුවාල ගොඩක්‌ දුරට සනීපයි. ඒත් ඇඟේ ගොඩක්‌ තැලුම් තියෙන නිසා ඌට නැගිට ගන්න අමාරුයි "

තම ජීවිතය ගලවා දෙන්නට ඉදිරිපත් වූ ඉෂිවරයා තමා සමීපයට පැමිණි වග දැනිලාදො ගිලන්ව සිටි ගව පැටවා දැස්‌ ඔහු දෙසට හරවා අසරණ බැල්මක්‌ හෙළුවේය.








- චමින්ද ප්‍රදීප් දිසානායක මහතාගේ වාර්ටාවක්‌ ඇසුරිනි -