තරු සිත්තම

a

Thursday, November 8, 2012

ඛල්ලාටිය ප්‍රෙ‍්ත වස්තුව


මෙම කතාවේ සඳහන් වන්නේ තට්ට හිසක් ඇති පේ‍්‍රතියක් පිළිබඳව යි.
අතීතයේ බරණැස් නුවර එක්කරා වෛශ්‍යාවක් සිටියා. ඇය ඉතාමත් සිත් කළු රූපයකින් යුක්තයි. ඉතා ප්‍රසන්නයි. දුටු දුටුවන් පහදවන සුළුයි. ඇයගේ කේශ කලාපයද ඉතාමත් දිගයි. මනහරයි. නිල්වන්ය. මෘදු සිනිදුයි. අගින් නැමී තිබුණා. නොවිසිරී මෙවුල් කලාපයන් වගෙයි . ඒ ගමෙහි විසූ තරුණයෝ ඇගේ කෙස් කළඹේ ශෝභාව දැක ඇය කෙරෙහි සිත් බැඳ ගත්තා.
ඇගේ මේ කේශ කලාපයට ඒ ගමේ විසූ කාන්තාවන් කිහිප දෙනෙක් ඊර්ෂ්‍යා කළා. ඔවුන්ට ඒ සුන්දරත්වය ඉවසිය නොහැකි වුණා. ඒ කාන්තාවන් ඇගේ මෙහෙවර කරන එක් දාසියකට මුදල් ලබාදී ඒ දාසිය ලවා ඇගේ හිසකෙස් ගැලවී යන බොහොතක් ලබා දෙනු ලැබුවා. ඒ දාසිය ඒ බෙහෙත ඇය ස්නානය කරන විට හිසේ ගල්වන කුඩු සමඟ මිශ්‍ර කළා. දිනක් ඒ වෛශ්‍යාවිය ගංගානම් ගඟෙහි ස්නානය කරන විට ඇය අතර අර බෙහෙත් යෙදූ හිස් සෝදනය ලබා දුන්නා. ඇය එය ගල්වා දියේ ගිලුවා පමණයි. හිස් කෙස් මුළුමණින්ම ගැලවී ගියා. ඇගේ හිස තිත්ත ලබු ගෙඩියක් වාගේ වුණා.
ඇය ඉදුරුණු කෙස් ඇතිව හිඳින ලද මුදුන ඇති පරවියෙක් මෙන් අවලස්සන වුණා. ඉතාම ලැජ්ජාවට පත්වුණා. නැවතත් තමා සිටි නුවරට යා නොහැකි බැවින් හිසෙහි රෙදි කඩක් දවටාගෙන පිටනුවර එක්තරා පෙදෙසක වාසය කළා. කාලයකදී ඇගේ ලැජ්ජාව අඩුවුණා. ඇය තල තෙල් හා රා වෙළෙඳාම් කරමින් ජීවත් වුණා.
එක් දිනකදී ඇය මධ්‍යසාර පානය කර වෙරි වී සිටි එක් මිනිසුන් කිහිප දෙනෙකුගේ ලිහිල් වී තිබු ඇඳීවත සොරාගත්තා. දිනක් පිඬු සිඟා වඩින රහතන් වහන්සේ නමක් දැක සිත පහදවාගෙන තම ගෙට වඩම්මවා අසුනක් පනවා එහි වැඩ හිදුවා තෙල් මිශ්‍ර වූ වැගිරෙන ඇති කැවුම් පූජා කලා. ඒ රහතන් වහන්සේ ඇය කෙරෙහි අනුකම්පාවෙන් එය පිළිගෙන වැළඳුවා. ඇය පහන් සිත් ඇතිව තෙරුන්ගේ හිසට කුඩයක් අල්වාගෙන සිටියා. රහතන් වහන්සේ ඇගේ සිත සතුටුවන ආකාරයට බණ අනුමෝදනාව සිදුකොට වැඩියා. අර ස්ත්‍රියද පින අනුමෝදන්වන අතර “මගේ හිස් දිගුව සිහින්ව මුදුව අක්බඹුරු වී පිහිටිවායි” ප්‍රාර්ථනාවක් සිදුකළා.
කාලයත් සමඟ ඇය මියගොස් පින් – පව් කුසලා කුසල කර්මයන්ගේ විපාකය අනුව මුහුද මැද රන් විමනෙක හුදකලාවෙම උපන්නා. ඇගේ කේශය ප්‍රාර්ථනා කළ අයුරින්ම බැබලීමෙන් පිහිටියා. මිනිසුන්ගේ ඇඳීවත සොරකම් කළ නිසා ඒ අකුසලෙයන් නග්නව උපන්නා. ඇය ඒ විමානයේ නැවත නැවත ඉපදෙමින් එක් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි නිර්වස්ත්‍රව කල් යැව්වා.
අනතුරුව අපගේ තථාගතයන් වහන්සේ ලොව පහල වී සැවැත්නුවර වැඩවාසය කරන සමයේ එනුවර වැසියෝ සියයක් පමණ වෙළෙන්දෝ ස්වර්ණ භූමියට යනු පිණිස නැව් නැග්ගා. චණ්ඩ වූ සුළං වේගය නිසා ඒ නැව ගසා ගෙන ගොස් විමාන පේ‍්‍රතිය විසූ ප්‍රදේශයට ගසාගෙන ගියා. එවිට ඒ පේ‍්‍රතිය විමානයත් තමාත් අර වෙළෙඳුන්ට පෙනෙන්ට සැලස්සුවා. ඒ දුටු ප්‍රධාන වෙළෙන්දා මෙසේ විමසුවා.
”ඔය විමානයේ ඇතුලේ ඉන්න ස්ත්‍රිය කවුද? විමානයෙන් එළියට එන්නේ නැත්තේ මොකද? පින්වතිය ඔය විමානයෙන් ඔබ එළියට එන්න. අපි මහ ඉර්ධි ඇති ඔබව දැකගන්නට කැමැතියි”.
”මම දුකෙන් ඉන්නේ. මට ලැජ්ජයි. මගේ ඇ‍ෙග් නූල් පොටක් නැහැ. මට එළියට එන්න විදිහක් නැහැ. මුළු ශරීරයම වැහිලා තිබෙන්නේ කෙස්වලින්. මං පුංචි පිනක් කරගත් කෙනෙක්.”
”හොඳයි මම දන් ඔබට මගේ මේ උතුරු සළුව පූජා කරනවා. මේ වස්තය පොරෝගන්න. ඊට පස්සේ විමානයෙන් එළියට එන්න.”
”අතින් අතට දෙන දෙයක් ලබාගන්නට කැප නැහැ. ඔය පිරිස අතරින් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රද්ධා සම්පන්න උපාසක කෙනෙක් ඉන්නවා. එතුමාට මේ වස්ත්‍රය පොරවන්න. ඊට පස්සේ ඒ පින මට දෙන්න. එතකොට මම හැම අතින්ම සැපවත් වෙලා සුවපත් වෙනවා. ඒ වෙළෙඳ පිරිස ඒ උපාසකතුමා හොඳට නහවා සුවඳ ගැල්වුවා. වස්ත්‍ර හොඳට ඇන්දුවා. ඒ පේ‍්‍රතියට ඒ පින අනුමෝදන් කළා.
ඇයට පින්දෙන විට පුණ්‍ය විපාකය ඉපදුනා. භෝජන, ඇඳුම් පැළඳුම් පැන් ආදිය පහළ වුණා. මෙය තමයි දානයෙහි ඵලය.
ඒ වගේම ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍ර වලින් සැරසුනා. ඒ වස්ත්‍ර කසීසළු වලටත් වඩා උතුම්. ඕ සිනහ වෙවී විමානයෙන් එළියට ආවා. මෙය තමයි දානයේ ඵලය.
”ඔබේ දිව්‍ය විමානය ඉතාමත් විචිත්‍රයි. සිත්කළුයි. බබළනවා. පින්වත් දෙව්දුව අපි අහන්නේ මොනවගේ පුණ්‍ය විපාකයෙන්ද මේ විපාකය ඇතිවුණේ.
ස්වාමින් වහන්සේ නමක් පිඬුසිඟා වැඩියා. සෘජු සිත් ඇති උන්වහන්සේ ගැන මම ගොඩාක් පැහැදුනා. මම උන්වහන්සේට තෙල් කැවුමක් පූජා කළා. ඒ පිනේ විපාකයක් ලෙස මං මේ විමානයේ ඉපදිලා බොහෝ කාලයක් තිස්සේ සැප වින්ඳා. දැන් ඒ පින ගෙවිලා තව ස්වල්පයයි තිබෙන්නේ. තව හාරමාසයකට පස්සේ මම චුත වෙලා භයානක වූ කටුක වූ අවීචි මහ නිරයේ ඉපදෙනවා.
ඒ නිරයේ කොන් හතරක් තිබෙනවා. දොරවල් හතරක තිබෙනවා. ඒවා කොටස් වශයෙන් ගානට බෙදලයි තිබෙන්නේ. වටේටම තියෙන්නේ යකඩ පවුරක්. වහල තියෙන්නේ යකඩ පියනකින්. ඒ අවීචි මහ නරකාදියේ ඇවිලෙන ගිනිදැල් හරිම සැරයි. ඒ සැර යකඩ භූමියේ හැම තිස්සේම යොදුන් සියයක් පුරාවට ගිනි දැල් පැතිරිලා තිබෙනවා. මට එහි ඉපදිලා දීර්ඝ කාලයක් දුක් විඳින්ට වෙනවා. කරපු පව්වලට විපාක තමයි. ඒ ගැන මම ගොඩාක් ශෝකයෙන් ඉන්නේ.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ 


Tuesday, November 6, 2012

පාකිස්තානයේ තරුණිය කොල්ලකු දෙස බලා මැරුම් කයි


සිය දියණිය තරුණයෙකු දෙස බැලීම නිසා ඇයව ඇසිඩ් ගසා මරා දැමූවේයැයි සැකපිට ඇයගේ දෙමව්පියෝ පාකිස්තාන පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය හා පැවැති සාකච්ඡාවකදී දැරියගේ පියා පවසා ඇත්තේ මෝටර බයිසිකලයක ගමන් කළ තරුණයෙක් දෙස සිය දියණිය හැරී බලනු තමන් දුටු බවය. පසුව ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඇය තමන් නොදැනුවත්වම එම තරුණයා දෙස බැලු බවත් නැවත එවැන්නක් නොකරන බවත් පැවැසූවද එය විශ්වාස නොකළ තමා ඇයට ඇසිඩ් ගැසූ බව ඔහු කියා තිබේ. පියාගේ විශ්වාසයට අනුව ඔහුගේ දියණිය මෙසේ මරණයට පත්වීම ඇගේ දෛවයයි.
පාකිසතාන බළධාරීන් සදහන් කරන ආකාරයට එම තරුණයා හා මියගිය තරුණිය අතර
ප්‍රේම සම්බන්ධයක්ද තිබී ඇත.
පාකිස්තානයෙන් මෙවන් සිදුවීම් බොහෝමයක් වාර්තා වේ.පාකිස්තාන කාන්තාවන් සිය පවුලේ අවසරයකින් තොරව විවාහ දිවියට හෝ ප්‍රේම සම්බන්ධයකට හෝ එළැඹුණහොත් එය සැළකෙන්නේ පවුලේ අයට කළ මහත් නිගරුවක් ලෙසය. මෙවන් අවස්ථාවකට මුහුණ දීමට සදුවන කාන්තාවන්ට බොහෝ විට හිමිවන්නේ මරණයයි. ඒ සිය පවුලේම අයගෙනි. පවුලේ ගරුත්වය කෙළෙසූ බව කියමින් පාකිස්තානයේ පසුගිය වසරේ පමණක් ඝාතනයට ලක්ව ඇති කාන්තාවන් සංඛ්‍යාව 1000 කට ආසන්න බව එරට ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන කියයි.



උපුටා ගැනීම:-http://www.lankadeepa.lk/index.php/articles/75176

Life is a challenge‏


Monday, November 5, 2012

බෝධි පූජාව විද්‍යාත්මක වන්න කෙසේද

මේ ගැන මුලින්ම කතා කිරීමට පෙර අපි ශාක මිනිස් සිතිවිලි කෙරෙහි දක්වන ප්‍රතිචාරය කෙබඳුද කියා සොයා බැලිය යුතුය 
ශාක යනු ජීවීන් විශේෂයක්ය ....ඔවුන්ටද හිතන්න පතන්න පුළුවන්ය ....ඔවුන්ට පුද පුජ පැවැත්වීම අතීතයී පටන් සිදී වූවකි ...බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය සඳහා උපකාරී වූයේ බෝ ගසයි ...උන්වහන්සේද බෝධියට කාලගුණ සලකුවේ නැද්ද ....එසේ නම් එහෙම කරන්නට හේතු මොනවාද 

ගහ කොළ ගැන අද්යාත්මික බලවේග හෝ ශක්තීන් ගැන සොයාබැලීම සඳහා ලොව පුරා විද්වතුන් යොමු වීමට හේතුව පොලිග්රාෆ් නමැති යන්ත්‍ර පිළිඹඳ විද්‍යාඥයකු වූ ඇමරිකන් ජාතික ක්ලීව් බැක්ස්ටර් විසින් සොයා ගන්න පරීක්ෂනයකින්ය .කෙනෙක් බොරු කියනවාද නැද්ද යන්න සොයා බලන මෙම යන්ත්‍රය ගල්වනොමීටරයකට සමාන වේ ..තම පරීක්ෂනාගාරයේ සිටින අවස්ථාවකදී එහි තිබූ පැලයකට වතුර ටිකක් දමා පොලිග්රාෆ් යන්ත්‍රක් සවි කිරීමට මොහුට සිත් විය ...මෙය කිරීමෙන් ඔහුට දක්නට හැකිවූයේ බලාපොරොත්තු නොවොඕ දෙයකි...එනම් සුළු මානසික තෘප්තියක් ලබපු කෙනෙක්ගේ තත්වයක් එම උපකරණයට දැනීමය.....

පසු කලෙක තවත් පරීක්ෂණයක් මොහු කළේය ..කාමරයක පැල 2ක් තබන ලදී 6 දෙනෙක් තොර ගත්හ 5 දෙනෙකුට කිව්වේ කාමරයට ගොස් පැල 2ක දිහා බලාගෙන එන ලෙසටය ,,,එක කෙනෙකුට කිව්වේ කාමරයට ගිය පසු එක පලයක් පොඩිකර පග විනාශකරන ලෙසය...ඔහු එය කළේය ...ඉන්පසු නැවත එම කට්ටියට ඉතිරි වුන පැලය ඉදිරියට එන ලෙස කීවේය ..එම පැලයට පොලිග්රාෆ් උපකරණයක් සවි කලීය ... ඔවුන්ගෙන් පැලය දෙස බලා එන්නට කියු 5 දෙනාට
පැලය කිසිම ප්‍රතිචාරයක් දැක්වුයේ නැති අතර ..කලින් ගහ විනාශ කල පුද්ගලයා ලඟට ආ විගස "අපරාධකාරයා ආවා කියන්නාක් මෙන් "ඉතිරි පැලැටිය මහත් විපර්යාසයක් පොලොග්රාෆ් යන්ත්‍රයෙන් පෙන් වීය
ඉහත තොරතුරුවලින් ඔප්පුවන්නේ ගසක් මිනිසාට දක්වන ප්‍රතිචාරය යි
මීට වඩා ගොඩක් පරීක්ෂණ ඇති මුත් ලිපිය දීර්ග වන නිසා ඊ හැම දෙයක්ම පළ නොකරන්නේමු
සැබවින්ම ගතහොත් ගහකොලවලට අපගේ සිතුවිලි හඳුනා ගත හැක ...ගසකට සංවේදී වෙනවා යනු විශ්වය සමග සන්නිවේදනය කිරීමී මද්‍යකි...එම නිසා බෝධිපූජාව යනු විද්‍යාත්මක විශ්ව සන්නිවේදන මදයක් නොවන්නේ ඇයිද ...?
ගෞතම බුදුරජාණන් වහන්සේට සකල ක්ළේශ ප්‍රහීණ කොට සම්මා සම්බුද්ධත්වයට පත් වීමට උපකාරි වූ ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ සකල ලෝකයාගේම අති මහත් ගෞරවයට පූජනීයත්වයට පත් වූ වෘක්ෂයකි. සය වසරක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් අනතුරුව තනිවම නිවන් මඟ සොයා ගැනීමට අදිටන් කරගත් සිදුහත් බෝසතාණන් වහන්සේ සුජාතා දේවිය පිදූ කිරිපිඬු වළඳා නේරංජනා නදිය අසබඩ ගයා ශීර්ෂයේ (වත්මන් බුද්ධ ගයාවේ) ඇසතු රුකක් මුල වාඩි වී ‘බුදු වී මිස නොනැගිටිමි’යි අදිටන් කොට, මෙයින් වසර 2597කට පෙර වෙසක් පුන්සඳ රැස් දහරින් ලොව නැහැවෙද්දී සම්මා සම්බුද්ධත්වයට පත් වූ ස්ථානයේ අදත් අභිමානයෙන් වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දැක වැඳ පුදා ගැනීමට ලැබීමත් බොදුනුවකුට ලැබෙන භාග්‍යයකි.

‘බෝධිය’ යන්නෙන් අදහස් කැරෙන්නේ ‘අවබෝධය ලැබීම’ යන්න යි. එහිදී අවබෝධ කරන්නේ කුමක්ද? ලෝකය අවබෝධ කරගැනීම, ‘’බුද්ධ” වෙයි. ලෝකයේ ඇතිවීම, පැවැතීම හා නැතිවීම පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීම ‘බුද්ධ’ යන්නෙන් අර්ථවත් වෙයි. මෙහි ‘ලෝකය’ යනු උපදාන ස්කන්ධයයි. ඇතිවන සියල්ල අනිත්‍යයි. වෙනස් වෙයි. යමක් අනිත්‍ය නම්, ඒ දුකයි. (යදනිච්චං තං දුක්ඛං) දුක අවබෝධ කරගත් පසු දුක ඇතිවීමට හේතුව අවබෝධ වෙයි. දුක ඇතිවීමට හේතුව වූ තණ්හාව ප්‍රහීණ කිරීමෙන් නිවන සාක්ෂාත් කර ගැනීමේ හැකියාව ලැබෙයි. ‘බෝධිය’ යන්නෙන් අදහස් කළේ ඒ උතුම් සත්‍යය අවබෝධ කර ගැනීමයි.

එවන් අති උතුම් අර්ථයකින් පූජනීයත්වයට පත්, බුදුරජාණන් වහන්සේ පිටදුන් ඇසතු වෘක්ෂයට ඒම නිසා බෝධිරාජයාණන් වහන්සේ නමින් අති මහත් ගෞරවයෙන් අපි සලකමු. එය පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් ද සැලකෙයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 2551 ක් වුවද, අදත් එම බෝධිරාජයාණන් වහන්සේටත් (ජය ශ්‍රී මහා බෝධිය) අනෙකුත් බෝධීන් වහන්සේටත් සැදැහැවත්හු මල් පහන් පූජා පවත්වති. මෙය තවදුරටත් වෘක්ෂ වන්දනාවක් හැටියට සැළකුවහොත් එය මහත් වරදකි. ඇතැම් අය බෝධි පූජා පැවැත්වීම ඛ්රසුන් ක්‍රියාවක් ලෙස කතා කරති. එවැනි අය ගැන අනුකම්පා කළ යුතුය.

ගෞතම බුදුරජාණන් වහන්සේ ඇසතු රුක් මුල බුද්ධත්වය ලැබීම සඳහා භාවිතා කළ අතර, අනෙක් බුදුරජාණන් වහන්සේ නුග, පළොල්, මී නා ආදී වෘක්ෂ භාවිතා කළ බව මහාපදාන සූත්‍රය වැනි සූත්‍රවලින් හෙළි වෙයි.
බෝධි පූජාව යනු කුමක්ද? බෝධියට පූජා පැවැත්වීම මගින් අදහස් කැරෙන්නේ බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වූ බුදුන් වහන්සේගේ අනන්ත ගුණ මෙනෙහි කරමින්, එම ගුණ සජ්ඣායනය කරමින් බෝධීන් වහන්සේට පූජා පැවැත්වීමයි. එය ‘බුද්ධානුස්සති’ භාවනාවකි. දඹදිව ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී හෝ අනුරාධපුර ශ්‍රී මහා බෝධි මූලයේදී හෝ අෂ්ටඵල බෝධි මූලයකදී හෝ දෙතිස් ඵල බෝධි මූලයකදී හෝ කවර බෝධි මූලයක දී හෝ අප විසින්.

කරනු ලබන්නේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සම්මා සම්බුද්ධත්වයකට පත් වූ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සිහි කිරීමයි. එබැවින් එය උතුම් පූජාවකි.
බෝධි පූජා පැවැත්විය යුත්තේ කෙසේ ද යන්නද විමසිය යුතුªය. බෝධි පූජා පැවැත්වීමට පෙර බෝධීන් වහන්සේ අවට නැමද පවිත්‍ර කරගත යුතු ය. බෝධියට පුදා ඇති පර මල් හා වෙනත් පූජා භාණ්ඩ ඉවත් කොට පූජාසනය හොඳින් පිරිසුදු කර ගත යුතු ය. හොඳින් පෙරාගත් පිරිසුදු ජලයෙන් බෝධීන් වහන්සේ නෑවීම ද සුදුසු ය. අනතුරුව අත් සෝදා පිරිසුදු කරගත යුතු ය. මල්, පහන්, සුවඳ දුම් ඉතා ගෞරවයෙන් පුදා නමස්කාර කළ යුතු ය. ඉන් පසුව පහසු තැනෙක වාඩි වී අවබෝධයෙන් යුතුව ඒ කෙරෙහිම අවධානයෙන් යුතුව වටපිට නොබලමින් තිසරණ සහිත පන්සිල් සමාදන් විය යුතු ය. තෙරුවන් ගුණ සජ්ක්‍ධායනය කළ යුතු ය. ගාථා කියා පූජා පැවැත්විය යුතු ය. ගාථා කීමෙන් අදහස් කැරෙන්නේ ස්තුති පූජාවයි. බුදුන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී සම්බුද්ධත්වයට පත්වීමත් බෝධිය පරිහරණය කිරීමත් මෙනෙහි කළ යුතු ය.

සේවිතං ධම්ම රාජේන
නර දේවේහි පූජිතං
වන්දාමි බෝධි රාජානං
තිබ්බාන සුඛදායකං

ධර්ම රාජයාණන් වහන්සේ විසින් සේවනය කරන ලද දෙවි මිනිසුන් විසින් පුදනු ලබන වඳින පුදන බෝධිරාජයාණන්ට වඳිමි යනු එහි අර්ථයයි. එවැනි අර්ථයකින් සියලු බෝධිරාජයාණන් වහන්සේ පරම පූජනීය වන්දනීය බැවින් ගෞරවයෙන් වැඳුම් පිඳුම් කළ යුතුය.
අද බොහෝ දෙනෙක් බෝධි පූජා පවත්වන්නේ යම්කිසි කරදරයක් වූ විට පමණකි. කෙනෙකු යම්කිසි තදබල අසනීපයකින් පසු වන විට හෝ වෙනත් විපතක් සිදු වූ විට ඡ්‍යොතිෂඥයකුගේ් උපදෙස් අනුව ග්‍රහ අපල දුරුකර ගැනීමට බෝධිපූජා පැවැත්වීම බොහෝ විට දක්නට ලැබේ. ඒ ආකාරයෙන් හෝ ආගම දහමට ඳඬසුන් යොමු කිරීම පිළිබඳ ඡ්‍යොතිෂඥයන්ට ස්තුති කළ යුතු ය. ඔවුන් කීවත් නැතත් බෝධි පූජා පැවැත්වීම ඉතා ප්‍රතිඵල දායක ය. එහෙත් එය ග්‍රහ අපල දුරුකරන ශාන්ති කර්මයක් නම් නොවේ. පහත් පාපකාරී ක්‍රියාවල යෙදෙමින් මත් වතුර පානය කරමින් අධාර්මික ජීවිත ගත කරන අයද ඡ්‍යොතිෂඥයන්ගේ උපදෙස් මත ප්‍රතිපත්තියකින් තොරව ආවාට ගියාට බෝධිය නාවා, මල් පහන් තබා, කවි කීපයක් ගායනා කොට යන සිරිතක් අද දක්නට ලැබේ.
දඹදිව ජය ශ්‍රී මහා බෝධියේ දී කොඩි එල්ලා තිබෙනු දක්නට ඇත. ඒ අමනෝඥ ක්‍රියාව කරන්නේ ශ්‍රී ලාංකිකයන් වීම, ලැජ්ජාවට කරුණකි.

බෝධීන් වහන්සේගෙන් දරුඵල පැතීමත් විභාග සමත්වීමත්, පවුලේ ග්‍රහ අපල දුරුවීමත් සඳහා පිහිට පැතීම බුදු දහමට පටහැනි ක්‍රියාවකි. බෝධීන් වහන්සේගෙන් යම් යම් දේ ඉල්ලීම නම් බෝධි පූජාවක් නොවේ.
බෝධීන් වහන්සේට පුද සත්කාර කරන්නේ් ජීවමාන බුදුන් වහන්සේට පුද සත්කාර වශයෙන් සලකා බව අප අමතක නොකළ යුතු ය. බෝධි පූජාව ආරම්භ වූයේ බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීම බුදුන් වහන්සේ වැඳ පුදා ගැනීමට නිරතුරුව ජේතවනාරාමයට පැමිණෙන ජනතාවට උන්වහන්සේ එහි නැති අවස්ථාවලදී වැඳ පුදා ගැනීමට ජය ශ්‍රී මහා බෝධී මූලයෙන් ලබාගත් ශාඛාවක් ජේතවනාරාමයේ රෝපණය කැරිණි. එය අද දක්වාම ‘ආනන්ද බෝධිය’ නමින් ලෝකයාගේ වැඳුම් පිඳුම් වලට ලක් වෙමින් පවතී.

මෙසේ මහත් ගෞරවයට පාත්‍ර වන පාත්‍ර විය යුතු බෝධීන් වහන්සේට නිසි වතාවත් පවත්වා, පූජා පැවැත්වීම බුදුන් වහන්සේට කරන ගෞරවයක් සේම ආනිශංසදායක ය. මෙලොව සුව මෙන්ම පරලොව සුගතියටද එය හේතුවකි. එබැවින් බෝධි පූජාව මහත් ප්‍රතිඵලදායි පූජාවකි. ග්‍රහ අපල දුරුවන්නැයි බෝධි පූජා පවත්වා පැතුවත් නැතත්, නියම වතාවත් පවත්වා බුදුගුණ මෙනෙහි කර කරනු ලබන බෝධි පූුජාව නිසා ශාන්තියක්ම සිදුවෙයි. යහපතක්ම සිදුවෙයි. එක් දිනක් පමණක් නොව නිරතුරුව බෝධි පූුජා පැවැත්වීම යහපත් ය.

මෙතෙක් දැක වූ කරුවූ අනුව පර්යේෂණ කරුණු වලින්ද බෝධි පූජාවක සත්‍යතාවය ඔබට පහසුවෙන් වටහා ගත හැක ...අප බෝධියට ආදරයෙන් ...ගෞරවයෙන් පහන් දල්වා ,කොඩිවැල් බැඳ ,පැදකුණු කර නාවන විට ,ගාථ පිරිත් සජ්ජායනය කරන විට ,කවි කියන විට , කිරිබත් මල් හා පහන් පූජා කරන විට අපගේ ආදරය පෙන්නා පිහිට ඉල්ලන විට ,,,බෝධියද යහපත් ශක්ති කිරණ නිකුත් කරයි ...සාමානයෙන් බෝධි පූජාවක් දින නමයක් විසි එකක් ආදී වශයෙන් කරන විට ..බෝධිය අපිව හඳුනා ගනී .....අපි අවන්කවම බෝධියට ආදරය කරන්නේ නම් ගෞරව කරන්නේ නම් ,බෝධිය ද අපිට ප්‍රතිචාර දක්වමින් අප සමග ආද්යාත්මිකව සම්භන්දව සිටී ...අප ගෙදරින් පන්සලට පිටත්වන වෙලාව පවා බෝධියට වැටහේ ...බෝධිය වතුර වලින් නාවීමෙන් තෘප්තිමත් වන බව බක්ස්ටර්ගේ පර්යේෂණවලින් හෙළිවෙන අතර ...මෙත්ත සූත්‍රය මතුරා බෝධිය නාවීමෙන් වඩාත් බෝධි පූජාවේ ප්‍රතිපල ලැබෙන බව මතක තබාගත යුතු වේ ......එමෙන්ම බෝධිය අපගේ සපෙහිදීත් දුකෙහිදීත් සංවේදී වන බව අප මතක තබා ගත යුතු වැදගත් කාරණයකි ....බෝධියේ රශ්මි මාලාව අපගේ ශරීරයේ රශ්මි මාලාව හා මුසුවී අපට ශාන්තිය උදා කරන අතර ...ආදී විස්සක් තරම් දුරට විහින්දෙන ශක්ති පද්ධතියද අපගේ එවන් ශක්ති පද්ධති හා එක්ව මුසුවී ශාන්තියක් සතක්ම උදා කරයි ....අප උදාහරණයක් ලෙස විපතකට පත් උවෙක් ගැන සිත හෝ රූගියෙක් ගැන සිත බෝධි පූජාවක් තබන විට ...අපගේ චිත්ත ශක්තියහා ශබ්ධ තරංග බෝධිය හඳුනාගෙන ,,එමගින් ඒ අදාළ පුදගලයාට සෙතක් සැලසෙන ශක්තිතරංග නිකුත් කිරීමට බෝධියට හැකිය ,,,එනම් බෝධි පූජාව යනු විශ්ව සන්නිවේදන මාද්යකි ..
අපට හිතගනීමටත් නොහැකි ශක්තීන් ගහකොළ හා අපාතර බැඳීම් තුලින් ඉස්මතු කිරීමට හැකිය ...එමෙන්ම දෙවියන් හා අප අතර සම්බන්දය බෝධිය නිසා බෝධිපූජාතුලින් අපට උදාකර ගත හැක ....එසේම අප පූජාකරන මල පවා නිකම්ම නිකන් මලක් නොවිය යුතුය යම්කිසි ආලෝක කිරණක් විහිදීමට එයට හැකි විය යුතුය ,,,එම මලෙන් නිකුත් කරන කිරණ අපගේ චිත්ත ශක්තිය සමග මුසුව බෝධිය හා සම්භන්ද වී අපට ශාන්තිය උදා වේ ...මෙම මල් බුදුරජානන් වහන්සේට පූජාකරන මල් නම්...එයින් සිදුවන යහපත අමුතුවෙන් කිව යුතු නැත
මෙහිදී ග්‍රහ අපල ගැන යමක් කිව යුතුය ....

අපගේ පොලව තමාවටා කරකැවෙයි ....තමාවටා කරකැවී ඉරවටා කරකැවෙයි ..හඳ අපගේ පලව වටා කරකැවෙයි .....ග්‍රහ ලෝක අපගේ ඉරවටා කරකැවෙයි ....මේ හැම ග්‍රහයෙක්ගෙන්ම පෘතුවියට ඇදුම් කෑමේ ශක්තියක් ඇත .....සත්වයෙක් උපදින වෙලාව අනුව ඔහු උපදින වෙලාවට බලපාන ග්‍රහයෝ කීපදෙනෙක් ඇත ....මෙය මොහොතින් මොහොත වෙනස් වෙයි ...සත්වයා මව් කුසේ ඉන්නතක් ආරක්ෂිතය...මව් කුසෙන් එලියට ආ පසු අහු වටෙන්නී අර ග්‍රහ පල පාම වැටෙන පරිසරයටය ....ඒ අනුව එම සත්වයාගේ කේන්ද්‍රය සාදයි ....යම්කිසි ග්‍රහයෙක් ගේ කිරණ ඔහුට අයහපත් වන්නට පුළුවන...එහිදී බෝධි පූජාව මගින් එම සත්වයාහට බෝධියට කන්නලව් කර පිහිට පැතීමෙන් .....බෝධියෙන් යහපත් කිරණ විහින්දුවා එම සත්වයා හට අයහපත් ග්‍රහ කිරණ මගින් සිදුවන කරදර මග හරවා ගත
හැක ...


කබාන්ග්ට අලුත් මුහුණක්

  කබාන්ග් පිලිපිනයේ මැනිලා නුවර දිළිදු පැලක සිටීන බැල්ලියකි. නිවසේ කූඩා දරුවන් දෙදෙනාගේ ජිවීත බිහිසුණු රිය අනතූරකින් බේරා ගැනිමට කබාන්ග්ට හැකි වුවත් ඵහිදි ඇගේ මුහුණේ කොටසක් ඇයට අහිමි විය.

  පශූවෛද්‍යවරුන් දැඩි පරිශ‍්‍රමයක් දරමින් කබාන්ග්ගේ ජිවීතය ගොඩ ගත්හ. ඇගේ මෙම වීර ක‍්‍රියාව ඵක් වෛද්‍යවරයෙකූ වීසින් අන්තර් ජාලයට මුදාහැරිමත් සමග ඇමරිකා පශූ වෛද්‍යවරු පිරිසක් ඩොලර් වීසිදහසක(රුපියල් 264000) අරමුදලක් ඇති කළහ. බැල්ලියට සැත්කමක් කිරිමට ඉදිරිපත් වූහ.

   පසුගියදා කබාන්ග් තමන්ට අලුත් මුහුණක් ලබාගැනිම සදහා මැනිලා අන්තර්ජාතික ගූවන් තොටුපොළින්ලින් නිවියොර්ක් නුවර බලා රැගෙන යනු ලැබීය. ඊටපෙර මැනිලා නුවර පශූවෛද්‍ය සංගමයක් බල්ලන් 300දෙනකු සහභාගි කර ගනිමින් කබාන්ග්ට උපහාර උත්සවයක්ද පැවැත්වීය.














Sunday, November 4, 2012

මුස්ලිම් විවාහ නීතියෙන් අවුරුදු 12ට අඩු දැරිවියක් වුවද රිසිසේ දූෂණය කිරීමට ලංකාවේදී නීතිමය ආවරණය සැපයේ.



ලංකාව තුලදී නීත්‍යානුකූලව බාල දැරියන් කෙළෙසීමට මුස්ලිම් විවාහ නීතියෙන් අවසර දෙන්නේ මෙහෙමයි.

අවුරුදු 10 ක 12 ක ගැහැනු දරුවෙක් ලංකාව තුලදී නීත්‍යානුකූලව දූෂණය කරන්නට මුස්ලිම් ජාතිකයන්ට අවසර ඇති බව ඔබ දන්නවාද? ඉස්ලාමයේ නිර්මාතෲ වරයාවන මුහම්මද් නබි ද වයස අවුරුදු 9 ක ළදැරියක් අඹුකමට ගත් බව ඉස්ලාමීය ශුද්ධ ග්‍රන්ථයක් ලෙස සැලකෙන "අල් බුහාරි" ග්‍රන්ථවල එන හැදීත් පාඨයන්හී සදහන් 
වේ. ඉස්ලාම් ආගමික න්‍යායාචාර්ය වරයාට ලැබුණු එම වරප්‍රසාදය තම අනුගාමිකයන්ට ද ලබා දීම සදහා පිළිකුල්සහගත වූත්, නින්දිත වූත් ශිෂ්ඨ සම්පන්න ‍ලෝකය ප්‍රතික්ෂේප කරන, අපූරු නීති සමුච්චයක්ම ඉස්ලාමය තුල සම්පාදනයකොට දී තිබේ.

අපි ශිෂ්ට යයි අදහන ලංකාවේ සම්මත නීතියේ ‘මුස්ලිම් විවාහ නීතිය’ (http://www.navaliya.com/2010/01/18/feature4.html) කියා අමුතුම තාලේ එකක් ඇත. ඒකේ හැටියට මුස්ලිම් විවාහයක් ලියාපදිංචි කරන්නේ මෙහෙමය. (http://www.gic.gov.lk/gic/index.php?option=com_info&task=info&id=1847&lang=si)

1 මනාලයා විසින් අදාල විවාහය සිදු වීමට ප්‍රථම ඒ පිළිබදව මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් වෙත දැනුම් දිය යුතුය.
2 ප්‍රකාශපත්‍රය මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත හැක.
3 බාලිකාවගේ වයස අවුරුදු 12ට අඩුනම් ක්වාසිවරයාගේ අවසරය ලබාගත යුතුය.
4 නිකා චාරිත්‍රය ඉටු කිරීමෙන් පසු මනාලයා, මනාලියගේ වාලි, නිකා චාරිත්‍රය ඉටුකළ තැනැත්තා, සාක්ෂිකරුවන් දෙදෙනෙකු සහ රෙජිස්ට්‍රාර් විවාහ ලේඛනයේ අත්සන් තබයි.
5 විවාහ රේජිස්ට්‍රාර් විසින් විවාහ සහතිකය නොමිලයේ ලබා දෙනු ලබයි.

මේ ක්වාසිවරයා නම් තොප්පියක් දමාගත් රැවුල්කාර මහලු මෝඩයා එකඟ නම් ඕනෑම වයසක පසුවන මුස්ලිමෙකුට වැඩිවියපැමිණි අවුරුදු 12ට අඩු දැරිවියක් වුවද රිසිසේ දූෂණය කිරීමට ලංකාවේදී නීතිමය ආවරණය සැපයේ.

ලංකාවේ පරිවාස හා ලමාරක්ෂක දෙපාර්මේන්තුව නම් ආයතනයක් ඇති අතර එම ආයතනය දරුවන් ගැන පහත කරුණූ සම්බන්ධයෙන් කටයුතුකරයි.
(http://www.probation.gov.lk/web/index.php?option=com_details&id=47&Itemid=54&lang=si)

ර‍‍ටේ මොනයම් හෝ තැනක දරුවෙකු,

1 නීතිමය වශයෙන් ළමා අයිතීන් කඩවන තත්වයකට පත්ව ඇත්නම්
2 දරුවකු ළමා අපයෝජන හා අපචාර තත්වයන්ට ගොදුරුවී ඇත්නම්
3 දරුවකු ළමා මෙහෙකාර සේවයේ යොදවා ඇත්නම්
4 දරුවකු ලිංගික අපයෝජනයකට හෝ වෙනත් අකටයුත්තකට ගොදුරුව පුනරුත්ථාපනය සදහා යොමු කල යුතු නම්
5 දරුවකුගේ සෞඛ්‍ය හා වර්ධනයට අවශ්‍ය ඉඩකඩ ඇහිරී ඇත්නම්
6 දරුවාගේ අධ්‍යාපනය සදහා ඇති අයිතිය සුරක්ෂිත කල යුතුව ඇත්නම්.....

මුස්ලිම් විවාහ නීතිය අනුව බලහත්කාරයෙන් විවාහ කරගන්නා ගැහැණු දරුවෙකු ඉහත සියළු නොපනත්කම්වලට පාත්‍රවුවත් ලමාරක්ෂක දෙපාර්තමේන්තුවට ඇහැක් ඇර බලන්නටවත් නොහැකිය. එයට හේතුව නම්, ලංකාවේ ‘දරුවන්’ යන නිර්වචනයට මුස්ලිම් ජාතික අඩු වයස් ගැහැණු ළමුන් ඇතුලත් නොවීමයි. ඔවුන් වයසක කෙලතොල්ලන්ගේ මනදොල සපුරාලනු වස් වෙන්කොට ඇති ක්‍රීඩා භාණ්ඩ විශේෂයකි.

(කෙසේ වෙතත් වර්තමානයේ මෙවන් දේ සිදු නොවන බව පවසා මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන මුසල්මානුවෙකු වේ නම්, මෙම ම්ලේච්ඡ නීතිය නීතිපොතේ ඔවුන් විසින් තවදුරටත් පවත්වාගෙන යන්නේ මන්දැයි පැහැදිලි කල යුතුය)





උපුටා ගැනීම:-
Sorry.com

Thursday, October 25, 2012

ලස්‌සන රෝස කුසුමක්‌ වන් කවීෂා තරුදි පුංචි දියණියට ආයෙත් ඉස්‌කෝලෙ යන්න උදව් කළොත් පින්!

.හිමිදිරි උදයේ පිපුණු ලස්‌සන රෝස කුසුමක්‌ වන් හත් හැවිරිදි කවීෂා තරුදි පුංචි දියණිය මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූයේ පසුගිය වසරේ දෙසැම්බර් 20 වැනිදා ය.


නිවස ඉදිරිපිට මිදුලේ කොනක පිහිsටි තම පියාගේ ගරාජයට පැමිණි ඔහුගේ මිතුරෙකු භාජනයකට පෙට්‍රල් පුරවා ගෙන, ඔහුගේ වාහනයේ කොටසක්‌ පවිත්‍ර කරන්නට වූයේ පියාගේ වුවමනාවට නොව ඔහුගේ වුවමනාවටය. ඒ අතරේ නිවසේ දුරකථනය නාද වූයේ කවීෂාගේ සොයුරිය විශ්වවිද්‍යාලයේ සිට නිවසට පැමිණීමට මදක්‌ ප්‍රමාද වන බව දැන්වීමටය. වහා ක්‍රියාත්මක වූ කවීෂා තම පියා අක්‌කාව රැගෙන ඒමට යාවි යෑයි කලබල වූවාය. අක්‌කා පමා වන බව කියන්නට ඇය තාත්තා වෙත දුව ගියාය.

අම්මාගේ සාරියක්‌ ඇඟ දවටා ගනිමින්, පොත් මිටක්‌ තුරුළු කර ගෙන පුංචි කෝටුවක්‌ ද අතින් ගෙන බෝනික්‌කන් වට කරගෙන කවීෂා එතෙක්‌ සිටියේ නිවස ඇතුළේ ය. ඇය රඟපෑවේ පෙර පාසලේ ගුරුවරියගේ චරිතයයි. අක්‌කාගේ දුරකථන පණිවුඩයෙන් කවීෂා වහා චරිතයෙන් මිදී තාත්තා වෙත දිව ගියේ ඇඳ සිටි සාරිය ද ඇඟ වටේ පටලවා ගනිමිනි.
ඒ මොහොත වන විටත් තාත්තාගේ මිතුරා අත වූ පෙට්‍රල් බඳුනට ගිනි ඇවිලී තිබිණි. කොහේදො සිට හමා ආ සුළං පොදක එල්ලුණු ගිනි දැල් ගුලියක්‌ වේගයෙන් හඹා විත් පුංචි කවීෂාගේ සාරි පොටේ එල්ලී ඇය බදා වැළඳ ගත්තේ මහත් කුරිරු අන්දමිනි. පුංචිකමට ඇය ගිනි ජාලාව සමඟ පොර බැද්දේ ඇස්‌ දෙක ඇස්‌ පිහාටුවලින් දැඩි ලෙස තද කර ගනිමිනි. ඇයව ගින්නෙන් මුදා ගැනීමට හැකි වූයේ බොහෝ සෙයින් ගින්න ඇයට හානි කිරීමෙන් අනතුරුවය.
කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට ඇය ඇතුළත් කෙරුණේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු රෝහල් වෛද්‍යවරුන්ගෙන් පවා උදුරා ගන්නා අයුරිනි. එහෙත් පුංචි කවීෂාව මාස දෙකහමාරකට පසු යළි ගොඩ ගැනීමටත්, ඇයට යළි ජීවිතය දීමටත් රෝහල් කාර්ය මණ්‌ඩලය උපරිමයෙන් ක්‍රියා කළ බව කවීෂාගේ මව වන ඩබ්ලිව්. ජී. නිලුකා මල්කාන්ති මහත්මිය පවසයි.
"දරුවාට සම්පූර්ණ සුවය දෙන්න පුළුවන් කියලා වෛද්‍යවරුන් කියන්නේ නැහැ. බලාගෙන ඉන්න බැරි නිසා අපි දරුවාව පසුගියදා ඉන්දියාවට අරගෙන ගියා. දුව හැම තිස්‌සෙම කියන්නේ එයාට ඉස්‌කෝලේ යන්න ඕනේ කියලා. ඉක්‌මනට අකුරු ලියන්න ඕනේ කියලා. අත සනීප කර ගන්න එයා ගොඩාක්‌ උනන්දු වුණා.

ඉන්දියාවේ රෝහලකින් කිව්වා ශල්‍යකර්ම 6 ක්‌ දුවට කරන්න ඕනේ කියලා. දරුවාව සම්පූර්ණයෙන් ම සනීප කරලා දෙන්න එහේ වෛද්‍යවරු පොරොන්දු වුණා. එක ශල්‍යකර්මයකට රුපියල් ලක්‍ෂ හතරහමාරක්‌ යනවා. ශල්‍යකර්ම හයට විතරක්‌ රුපියල් ලක්‍ෂ 30 ක්‌ යනවා. මාස හතක කාලයක්‌ ඉන්දියාවේ රෝහලේ නවතින්න ඕනේ. අපි බැගෑපත්ව ඉල්ලා සිටින්නේ ජනාධිපති අරමුදලින් අපේ දරුවාව සනීප කරගන්න උදව් කරන්න කියලායි."

ජාතියේ දූ පුතුන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපතිතුමනි, මේ ඔබේ දියණියකි. ඇයගේ අනාගතය ඇත්තේ ඔබේ අතේ බව සිහිපත් කරනුයේ ඉතාමත් කාරුණිකවය.

පසුගිය වසරේ රත්නපුර µර්ගර්සන් උසස්‌ බාලිකා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබු පුංචි කවීෂා තරුදි දියණියට යළි පාසල් යන්නට ඔබගේ දයාබර දැත් දිගු වනු ඇතැයි අපි විශ්වාස කරමු. පුංචි කවීෂාගේ ද එකම ඉල්ලීම එය වේ. පිළිස්‌සුණු, වෙව්ලන දැතින් ඇය දයාබර ජනාධිපති මාමා වෙත රෝහල් ඇඳ මත සිට ලියූ ලිපිය ද අපි මෙසේ පළ කරන්නෙමු.

කවීෂා නමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ආරම්භ කර ඇති ගිණුමට පුංචි මුදලක්‌ තැන්පත් කරන ලෙස ද දිවයින පාඨකයන්ගෙන් කාරුණික ඉල්ලීමක්‌ කරමු. එය ඉතා උතුම් පිංකමක්‌ වනු ඇත.

පුවත්පත්වල අන්තර්ජාලයේ ඇය පිළිබඳ තොරතුරු පළවීමෙන් පසු ඒවා මුද්‍රණය කර, හොර සහතික ලෙස සකස්‌ කර, µයිල්වල දමා, හොර ටිකට්‌ අලෙවි කරමින් දුම්රියවල, බස්‌ රථවල මහමඟ පුංචි කවීෂා තරුදි නමින් මුදල් රැස්‌ කරන වංචාකරුවන්ට නොරැවටෙන ලෙස 'තරු සිත්තම' පාඨක ඔබගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ රත්නපුර, ශාඛාවේ ඒ. කේ. කවීෂා තරුදි අර්සකුලසූරිය නමින් ඇති 100105077591 ගිණුමට පමණක්‌ මුදල් පරිත්‍යාග බැර කරන ලෙස වගකීමෙන් පවසමු