වාර්තා වී ඇති පිටසක්වළ යාත්රා පිළිබඳ අපේ ගුවන් නියමුවන්ගේ ප්රථම අත්දැකීම ශ්රී ලංකාව නිදහස ලබාගත් වකවානුව වෙයි. 1948 ජූලි මස 24 වැනිදා මෙම අපූරු අත්දැකීම උරුම වූයේ ඇමෙරිකානු ගුවන් හමුදාවේ කපිතාන් ක්ලැරන්ස් චිලී සහ ගුවන් නියමු ජෝන් බී විටඞ්ය.
ඔවුන් පැදවූ ඞී.සී. 3 ගුවන්යානය ඇට්ලන්ටා සිට ඇලබාමා බලා යාත්රා කරමින් තිබුණි. වෙලාව පාන්දර දෙකයි හතළිස් පහවීය. අහසේ තමා ඉදිරියෙන් ඇති ආලෝක ධාරාව කපිතාන් ක්ලැරන්ස් සසල කළේය. ‘‘මොකක්ද මේ ආලෝකය’’ ඔහු තම සගයාගෙන් විමසීය.
‘‘මාත් මේ ඔබෙන් විමසන්න හැදුවා විතරයි’’ ජෝන් පිළිතුරු දුන්නේය.
‘‘එය අපේ පැත්තටයි එන්නේ......’’
යානය යාත්රා කරමින් තිබුණේ මහපොළවේ සිට අඩි පන්දහසක් ඉහළිනි.
අසාමාන්ය හැඩයක් ඇති අඩි හාරසීයක් තරම් දිග යානයක් දෙදෙනාට පැහැදිලිව දක්නට හැකිවිය. එය හැඩයෙන් සමානවූයේ සිගරට්ටුවකටය.
‘‘ඒක යානයක්මයි...... අත්තටු පිහාටු කිසිවක් නැහැ. හරියටම සිගරට්එකක් හැඩය ඇති..... ලොකු විශ්කම්භයක් තියෙන අඩි හාරසියයක් තරම් දිග යානයක්. යානය දෙපැත්තේ ජනෙල් කවුළු පෙලක් තිබුණා.... එය පැහැදිලිව අප දුටුවා...... සුදුම සුදු ආලෝකයක් ඉන් විහිදුනා...... ඒ ආලෝකයෙන් අපි ජනෙල් පෙල දුටුවා...... යාත්රාව යටින් විහිදුනේ ගන නිල් ආලෝකයක්......’’
1940 දශකයත් 1950 දශකයත් පිටසක්වළ යානාවන් හමුවීමේ සිද්ධීන් ඇමෙරිකානු ගුවන් නියමුවන් නිතර නිතර වාර්තා කළ අවස්ථා උදාවීය. ඒ සමගම ඇමෙරිකානු යුද නිලධාරීන් විසින් වෙළෙඳ සමාගම්වල ගුවන් නියමුවන්ගේ පිටසක්වළ යානා සමඟ ඇතිවෙන අත්දැකීම් පිළිබඳ නිදහසේ කතා කිරීමේ වාරන නියෝගයක් ඇති කළෝය.
මේ තහංචිය ඇමෙරිකාවට පමණක් සීමා වූ අතර කැනඩාවේ ගුවන් යානයක් 1966දී අත්වින්ද එක්තරා සිද්ධියක් ලොව පුරා පතළවිය. ඞී.සී. 8 යානය මේ සිද්ධියට මුහුණ දෙන අවස්ථාවෙහි මුහුදු මට්ටමේ සිට අඩි 35000ක් ඉහළින් පියාසර කරමින් තිබුණු අතර යානය පේරු සිට මැක්සිකෝව බලා පියාසර කරමින් තිබිණි. කපිතාන් රොජර් මිල්බෑන්ක් පමණක් නොව ඔහුගේ සහයකයා ඇතුළු කාර්ය මණ්ඩලයම මේ අපූරු අත්දැකීම බෙදා ගත්හ. යානාව ඉදිරියෙන් දිස්වූ ආලෝක දෙකක් කෙමෙන් ඇතට විදින ආලෝක දෙක්ක බවට පත්වී වී අකුරේ හැඩයට යානය ඉදිරියට ආලෝක ධාරාව යොමු කළේය.
‘‘ඒ ආලෝක ධාරාව අපේ ගුවන් යානයට තව තවත් සමීප වී ගුවන් යානාවට ඉහළින් යානයේ වම් පස පිහාටුවට ඉහළින් දිස්වුවා..... එදා හොඳින් හඳ එළිය තිබුණු රාත්රියක් නිසා මේ ආලෝකය විහිදවූ යානයේ යම් හැඩයක් දකින්නට අපට හැකිවුවා. අපේ යානයට ඉතාම සමීපව විනාඩි කිහිපයක් තිබී යානය ගමන්කර අප පසු පසට නොපෙනී ගියා.....’’ කපිතාන්වරයා මැක්සිකෝ නිලධාරීන්ට තම අත්දැකීම නිල වශයෙන් පැමිණිලි කළ අතර පිටසක්වළ යානා පිළිබඳ අත්දැකීම් අතර එම පැමිණිල්ල අදත් සුරක්ෂිතවී තිබේ.
1954 කැනේඩියානු ගුවන් නියමුවකුගේ අපූරු පිටසක්වළ යානා අත්දැකීමක් ‘‘ඩන්ටාරියෝ ඬේලි ප්රෙස්’’ නම් පුවත්පත වාර්තා කළේය.
මේ සිද්ධිය ද ගුවන් නියමු ප්රැන්සිස් බොයිඞ් පමණක් නොව, ඔහුගේ කාර්ය මණ්ඩලයම අත් විඳ ඇත. ජූලි 06 වැනිදා සිදුවූ මේ අත්දැකීම පිළිබඳ මේ පුවත්පත කතුවැකියක්ද පල කළෝය.
ඔහු පවසන ආකාරයට විශාල මවු යානයක් සහ උපයානා හයක් ඔවුන්ට දැක ගත හැකිවී ඇත. විනාඩි දහ අටක කාලයක් තිස්සේ මේ යානා දකින්නට බොයිඞ් සහ පිරිසට හැකිවී තිබේ. මේ විනාඩි දහ අටක කාලය තුළ ඔවුන්ගේ යානය සැතපුම් අසූවක් තරම් දුර පියාසර කර ඇත.
‘‘මේක අපූරු අත් දැකීමක්...... මං විතරක් නොවෙයි මගේ පිරිසම දැක්කා...... ඔවුන් අපට අන්තරා කාරී පිරිසක් වීමට නොහැකියි. ඔවුන්ගේ යානා අපේ තොරතුරු සොයනවා විනා ආක්රමණ ශීලී නොවේ යැයි මගේ හිතට ආවා..... යි බොයිඞ් සඳහන් කර ඇත.
1970 දී බි්රතාන්ය ගුවන්යානාවක් පෘතුගාලයේ ලිස්බන් නුවර ඉහළින් පියාසර කරද්දී මේ අත් දැකීමට පාත්රවීය. ඔහුගේ ගුවන් යානය අසලින් පියාසර කරන නන්නාඳුනන යානයක් පිළිබඳ සංඥාවක් ඔහුගේ යානයට ලැබුණි. එයාර් ට්රැෆික් පාලක මැදිරියෙන් නිකුත් කළ මේ නිවේදනය ඔහු සසල කළේය. ඒ සමගම ඔහු තම සහයකයන් වහාම දැනුවත් කළේය.
මොහොතකින් ඔහු දුටුවේ ආලෝක ධාරා විහිදුවන සිගරට්ටුවක හැඩයගත් යානයක් තම යානය අසලින්ම පියාසර කරන බවයි. ගුවන් නියමුවා හා කපිතාන්වරයා තමා ජීවිතයේ ප්රථම වතාවට අත්දකින පිටසක්වළ යානයේ අත් දැකීම ගුවන් යානයේ මගීන් සමඟ බෙදා හදා ගන්නට කල්පනා කළේය. ඔහු යානයේ ශබ්ද විකාශන සේවාවෙන් මගීන් අමතා කතා කළේය.
‘‘මිත්රවරුණි..... ඔබට අසම සම අත් දැකීමක් අත් විඳින්නට වරමක්.... කරුණාකර යානයේ වම් පස බලන්න..... ඔබට දකින්නට ලැබෙන්නේ පිටසක්වළින් පැමිණි නාඳුනන යානාවක් විය යුතුමයි...... මං හිතුවා මේ අත්දැකීම ඔබ සමඟ බෙදා ගන්නට....’’ ගුවන් යානයේ සියලූම මගියෝ.... කපිතාන්වරයාගේ පණිවිඩයත් සමඟ පිබිදී මේ අසාමාන්ය අත්දැකීම ලබා ගත්හ. වැඩිම සංඛ්යාවක් එකවර අහසේදී දුටු නාඳුනන යාත්රාව මෙය බවට ලෝක වාර්තාවක් තබා ඇත. ගුවන් මගීන් මිශ්ර හැඟීම් වලින් මේ අත්දැකීම් බෙදා ගත්හ. බිය සතුට සැකය අසහනය ත්රාසය යන හැඟීම්වලින් මගියෝ අත්දැකීම් ලදහ.
1979 දී ස්පාක්ද්ක්ද මගී ගුවන් යානයකට නාදුනන පිටසක්වළ යානයක් සමඟ වෙනත් ආකාරයක අත් දැකීමකට මුහුණ දීමට සිදුවීය. එම රාත්රියේ මෙම මගී යානය ලිබියාවේ සිට ස්පාක්ද්ක්ද ප්රධාන නගරය වෙත පියාසර කරමින් තිබිණි. යානය සිටියේ මුහුදු මට්ටමේ සිට අඩි 24000ක් ඉහළිනි.
ආලෝක ධාරා ගුවන් යානය පියාසර කරමින් සිටි දිසාවෙහි ඉදිරියෙන් මතුවෙනු කපිතාන්වරයා දුටු අතර පාලක මැදිරියට වහා දන්වා සිටියේය. මේ ආලෝකය ගුවන් යානයට කෙළින් ප්රතිවිරුද්ධව වේගයෙන් ඉදිරියට එන බව කපිතාන්වරයා වහාම වාර්තා කළේ මහත් කලබලයෙනි. කපිතාන් වරයා වහා ආරක්ෂක විධි ක්රියාත්මක කොට මගීන් දැනුවත් කරමින් කඩිනම් ක්රියාමාර්ග ගනිමින් යානය ධාවනයවන මාර්ගය ක්ෂණයකින් වෙනස් කළේ ගැටීම වැළැක්වීම සඳහාය. මේ සිද්ධිය රෙඩාර් යන්ත්රවල පැහැදිලිව සටහන් විය.
එපමණක් නොව මහපොළවේ සිට දහස් සංඛ්යාත පිරිසක් මේ සිද්ධිය නිරීක්ෂණය කිරීම විශේෂ සිද්ධියකි. මේ යාත්රාව තව දුරටත් ගුවන් යානයට හිරිහැර කරන්නට විය. රාඩා යන්ත්රවල මේ තත්වය සටහන් වෙත්ම ප්රහාරක ජෙට් යාත්රා දෙකක් ගුවනට පිටත්කර යැවීමට සූදානම් විය. නාඳුනන පිටසක්වළ යාත්රාව ගුවන් යානයට හිරිහැර කිරීම මඟහැර නොපෙනී ගියේ ප්රහාරක ජෙට් යානා යැවීමත් සමඟය.



.jpg)

![එක්වන්න අප සමග ►► @[274859899198267:274:Sorry.com]
සිංහ කොඩියත් විකෘති කරලා. සිංහයාටත් අවමන් කරලා.
බොදු බල සේනා සංවිධානය විසින් ඊයේ (04) කොළඹ පිටකොටුවේ ජාතික ධජය අළෙවි කළ වෙළඳසැල් කිහිපයක් වැටලීමට කටයුතු කළ බව එම සංවිධානය පවසයි. මෙසේ වටලා ඇත්තේ පීපල්ස් පාර්ක් වෙළඳ සංකීර්නයේ බිම් මහලේ පිහිටි වෙළඳසැල් කිහිපයකි. ජාතික ධජයේ සිංහ රූපය විකෘති කර මුද්රණය කළ ස්ටිකර් විකිණීම සම්බන්ධව ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකළ බව එහි විධායක කමිටු සාමාජික දිලන්ත විතානගේ මහතා පවසයි. මෙහිදී වෙනස් කරන ලද සිංහ රූපය සහිත ජාතික ධජ මිළදී ගැනීමේදී මේවා තොග වශයෙන් රටෙහි සෑම ප්රදේශයකටම බෙදාහැරෙන බවද වෙළඳසැල් හිිමියන් මගින් හෙළිදරව් වූ බව ඒ මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැකිවූ දිලන්ත විතානගේ මහතා
රටක ජාතික ධජය කියන්නේ එහි අනන්යතාවය. එ වගේම එයට නිසි ගෞරවය හිමිවිය යුතු අතර එහි පෞඩත්වයද ආරක්ෂා කළ යුතුයි. එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයන් හෝ ජනමත විචාරණයක් නොමැතිව එක එක්කෙනාට මෝස්තර කරන්න පුළුවන් එකක් නොවෙයි. ඒ වගේම ජාතික ධජය අදරට පුරාම ප්රදර්ශනය කරන්නෙත් එක එක විදියට. නිසි ගෞරවයක් නොලැබෙන ආකාරයෙන් හිතූ හිතු ලෙස මෙය වෙනස් නොකිරීමට අපි ශ්රී ලාංකිකයන් විදියට වගබලා ගතයුතුයි. අපි ජනාධිපතිතුමාගෙන් හා ආරක්ෂක ලේකම්තුමන්ගෙන් ඉල්ලා සිටින්නේ ජාතික ධජය මුද්රණය කිරීම, විකිණීම යම් ක්රමවෙදයක් සකසන ලෙයසි. එසේම නිසිලෙෂ ප්රදර්ශනය කිරීමට ජනතාව දැනුවත් කරන ලෙයසි. මෙම අවස්තාවේදී පීපල්ස් පාර්ක් වෙළඳසැල් හිමියන් හා බොදු බල සේනා සංවිධානය අතර උණුසම් තත්ත්වයක්ද ඇතිවී ඇති අතර එතැනට පැමිණි මාධ්යවේදියෙකුටද වෙළඳසැල් හිමියන් විසින් බැන වැද ඇත.
ජානක එස් බලල්ල - rivira
ජාතික සංකේතයන් විකෘති කිරීම යන්න දඩුවම් ලැබිය හැකි වරදක් බව සනාථ කරමින් ටික දිනකට පෙර ජාතික කොඩියේ සිංහයා වෙනුවට පැණ්ඩකු යොදා සකසා තිබූ නත්තල් සුභ පැතුම් පත් ලග තබා ගෙන සිටි අයෙකුට නීතියෙන් දඩුවම් ලැබීමක් වාර්තා විය. එලෙසම ජාතික කොඩියට කරන්නාවූ වෙනස් කම් වලට හා ඒවා භාවිතා කිරීමටද නීතියෙන් දඩුවම් ලැබීමට ඉඩ ඇත.
ජාතික කොඩියේ සිංහයා වෙනුවට වෙනත් සතෙකු යෙදීම හා කොල පැහැ හා තැබිළි පැහැ තීරු ඉවත් කිරීම යනු ඉබේ වන්නාවූ දේවල් නොව ඕනෑකමින්ම කිසිවෙකු විසින් සම්මත ජාතික කොඩියට වෙනස් කිරීම හෙවත් විකෘති කිරීමේ ප්රතිඵලයන් ය. එවැනි දෑ කවුරුන් කලත් නුසුදුසු ක්රියාවන්ය. තම ජාතිය ආගම ගැන සිතීම යන්නත් එහි අභිවෘද්ධියට කටයුතු කීරිම යන්න එකකි, ජාතික සංකේතයන් වෙනස් කිරීම තවත් එකකි.
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමජවාදී ජනරජයේ ආණ්ඩුක්රම විවස්ථාවේ දක්වා 6 වන විවස්ථාවේ සදහන්ව ඇති පරිදි ශ්රී ලංකා ජනරජයේ ජාතික කොඩිය ලෙස දෙවන උපලේඛණයේ සදහන් වන ජාතික කොඩිය නීතිය අනුව අප රටේ භාවිතා කල යුතු ජාතික කොඩිය වේ. මීට පෙර මෙරට භාවිතා කල කොඩිද තිබේ.
ඒවා ආරක්ෂා කොට අතීත ශ්රී ලංකාවේ ජාතික සංකේතයන් ලෙස තබා ගැනීම ගැටළුවක් නැත. එහෙත් ජාතික කොඩිය ලෙස භාවිතා කල යුතු අවස්ථාවන් හිදී භාවිතා කල යුත්තේ පෙර භාවිතා කල ජාතික කොඩියක් හෝ වර්තමානයේ භාවිතා කරන්නාවූ ජාතික කොඩියට විවිධ වෙනස් කම් කොට සෑදිය හැකි කොඩියක් නොව නීතියෙන් පිළිගෙන ඇත්තාවූ ජාතික කොඩිය ය .
නීතියෙන් පිළිගන්නාවූ ඒ අනුව භාවිතා කල යුතු ජාතික කොඩිය පිළිබදව වෙනමම රිතී මාලාවක්ද වේ. ඒ අනුව කටයුතු කොට එයට උපරිම ගෞරව දැක්වීම ශ්රී ලංකාවේ පුරවැසියන් වශයෙන් අප කල යුත්තකි.
1885 දී තරම් ඈත අතීතයේ එම වසරේ වෙසක් පොහෝ දින මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් ප්රථම වරට ඔස්වනු ලැබූ බවට සලකන අපගේ බෞද්ධ කොඩියද ඉතා වැදගත් ජාතික සංකේතයක් වන අතර මෙරට පමණක් නොව ලෝක බෞද්ධ ප්රජාවම භාවිතා කරනනවූ කොඩිය වශයෙන් පිළිගෙන තිබේ. එබැවින් එයද සුදුසු අවස්ථාවලදී නිසි ගෞරවය ලබාදීම යුතුකමකි.
ජාතික කොඩිය ආණ්ඩුක්රම විවස්ථාවෙන්ම ආරක්ෂා කොට ඇත්තේ එය එතරම්ම වැදගත් ජාතික සංකේතයක් වන නිසාය. එබැවින් නීතියෙන් පෙන්වාදී ඇති ජාතික කොඩියම ඒ ආකාරයෙන්ම භාවිතා කිරීමට කටයුතු කල යුතුය.
- දිලීප් ප්රසාද්](http://sphotos-g.ak.fbcdn.net/hphotos-ak-ash3/s480x480/555765_607999552550965_2103456580_n.jpg)

