Monday, June 18, 2012
අංගුත්තර නිකාය
පින්වත් මහණෙනි,කාරණා තුනක් මුණ ගැසීම නිසා ශ්රද්ධාවන්ත පින්වතා බොහෝ පින් රැස් කර ගන්නවා.කවර කාරණා තුනක්ද? පින්වත් මහණෙනි,ශ්රද්ධාව මුණ ගැසීමෙන් ශ්රද්ධාවන්ත පින්වතා බොහෝ පින් රැස් කර ගන්නවා.පරිත්යාග කිරීමට දෙයක් හමුවීමෙන් ශ්රද්ධාවන්ත පින්වතා බොහෝ පින් රැස් කර ගන්නවා.දන් පැන් පිදීමට සුදුසු උතුමන් හමුවීමෙන් ශ්රද්ධාවන්ත පින්වතා බොහෝ පින් රැස් කර ගන්නවා.
පින්වත් මහණෙනි,කාරණා තුනකින් පැහැදීමට පත් ශ්රද්ධාවන්ත පින්වන්තයාව දැන ගන්න ඕන.කවර කාරණා තුනකින්ද? සිල්වතුන් දකින්න කැමතියි.සද්ධර්මය අසන්න කැමතියි.මසුරුමළ දුරු කළ සිතින් ගිහිගෙයි වාසය කරනවා.ඔහු යමක් පරිත්යාග කරන්නේ නොඇලුණු සිතිනුයි.දන් දීම පිණිස සෝදා ගත් අතින් යුතුව ඉන්නවා.දන් දීම පිණිස අත් හැරීමෙහි ඇලී ඉන්නවා.පින්වත් මහණෙනි,මෙන්න මේ කාරණා තුනෙන් පැහැදීමට පත් ශ්රද්ධාවන්තයාව දැන ගන්නට ඕන.
සිල්වතුන් දකින්න කැමතියි.සද්ධර්මය අසන්නත් කැමතියි.මසුරුමළ දුරු කළ සිතින් ජීවත් වෙනවා.සැබැවින්ම ඔහුට තමයි ශ්රද්ධාවන්තයා කියන්නේ.
පින්වත් මහණෙනි,නුවණැත්තන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවන ලද කාරණා තුනක් තියෙනවා.ඒ තුන මොනවාද? පින්වත් මහණෙනි,දානය යනු නුවණැත්තන් විසින් පණවපු දෙයක්. සත්පුරුෂයන් විසින් පණවපු දෙයක්.පින්වත් මහණෙනි,පැවිදි බව යනු නුවණැත්තන් විසින් පණවපු දෙයක්.සත්පුරුෂයන් විසින් පණවපු දෙයක්.පින්වත් මහණෙනි,මව්පියන්ට උපස්ථාන කිරීම යනු නුවණැත්තන් විසින් පණවපු දෙයක්. සත්පුරුෂයන් විසින් පණවපු දෙයක්.පින්වත් මහණෙනි,මේ තමයි නුවණැත්තන් විසින් පණවපු සත්පුරුෂයන් විසින් පණවන ලද කාරණා තුන.
ශාන්ත වූ බ්රහ්මචාරී උතුමන්ට දන් දීම,මව්පිය උපස්ථානයද,අවිහිංසාවද,සීල සංයමයද,ඉන්ද්රීය සංවරයද,පණවන ලද්දේ සත්පුරුෂයන් විසිනුයි.
නුවණැත්තා මේ කරුණුවලින් යුතු සත්පුරුෂයාව සේවනය කළ යුතුයි.එවිට ඒ ජීවිතාවබෝධයෙන් යුතු ආර්ය ශ්රාවකයා සුන්දර ලෝකයක් භජනය කරයි.
අංගුත්තර නිකාය - 1 ( තික නිපාතය - පළමු පණ්ණාසකය - 5. චූළ වර්ගය )
උපුටා ගැනීම :- වන්ඳේ බුද්ධ මහා මුනිං

Monday, June 11, 2012
අනේ මට සනීප වෙන්න උදව් කරන්න
මම ඉස්කෝලෙ යන්න හරි ආසයි
අනේ මට සනීප වෙන්න උදව් කරන්න
සටහන හා ඡායාරූප - බෝගොඩ රත්නායක....
"මං ඉස්කෝලෙ යන්න හරි ආසයි ටීචර්ල කියන්නෙත් හැමදාම ඉස්කෝලෙ එන්න කියල. ඒත් මේ ලොකු බඩක් තියාගෙන මං කොහොමද ඉස්කෝලේ යන්නේ. මට ලැඡ්ජයි අනික මහන්සිය වැඩි වුණාම හිටිගමන් මාව ක්ලාන්ත වෙලා වැටෙනවා. අනේ මට සනීප වෙන්න උදව් කරන්න. එතකොට මට ආයෙත් ඉස්කෝලෙ යන්න පුළුවන්. යාළුවො එක්කලා සෙල්ලම් කරන්නත් පුළුවන්."
අසනීපයක් නිසාම සුදු මැලිවී ගිය අවිහිංසක පුංචි දැරියක් ඔබ ඉදිරියේ එහෙම ආයාචනය කළොත් ඊට කන්නොදී අහක බලාගන්න ඔබට පුළුවන්ද? ඇත්තෙන්ම බෑ.
මේ ආයාචනය කරන්නේ බදුල්ල කන්දෙගෙදර ජාතික පාසලේ 6 වසර ඉගෙන ගන්න පුංචි දැරිවියක්. ඉගෙන ගන්නවා කීවාට මේ කියන අසනීපය නිසාම දැන්නම් ඇගේ පාසල් ගමනත් නැවතිලා. ඇය කන්දේගෙදර දියනාවෙල පදිංචි නව හැවිරිදි ආර්. එම්. තමාෂි ධනරංජනී.
වෛද්යවරුන් කියන විදිහට තමාෂිට වැළඳී තියෙන්නේ ඉතා දුර්ලභ රෝගයක්. ඒකට ඉංග්රීසියෙන් කියන්නේ ඨAඹCHERS DෂීEASE කියලයි. ඒ රෝගය හැදෙන්නෙ උපතින්ම වූ එන්සයිම ඌණතාවයක් නිසාලු. එහිදී වෙන්නේ සිරුරේ අධික ලෙස ලිපිඩ (මේද) තැන්පත් වීමත් එමගින් අක්මාව සහ ප්ලීහාව අසාමාන්ය ලෙස විශාල වීමයි (ඉදිමීම) සමහර විට ඒ අවයව අක්රිය වෙන්නත් පුළුවන් කියලයි වෛද්යවරුන් කියන්නේ. ඉන් පස්සේ අනේ මේ පුංචි අහිංසකාවියට එහෙම වෙන්න දෙන්න පුළුවන්ද?
මේ ගැන තාමාෂිගේ මව දේවිකා ප්රියංගනී කියන්නේ මෙහෙමයි.
දුව පුංචි කාලෙදී අඬන කොට හුස්ම ගන්න අමාරුවක් ඇති බව දැනුණ. ඒ වෙලාවට පෙකණිය අසල පුංචි ගැටයක් වගේ අසුවුණා. ඒ ගැන බදුල්ල රෝහලට ගෙන ගොස් පරීක්ෂණ කළා. දිගින් දිගටම ලේ දුන්නා. ඒ අතරේ දුව ඉස්කෝලෙත් ගියා. සාමාන්ය විදිහට ඉගෙන ගත්තා. එයාට හොඳ මතකයක් තියෙනවා. ඒත් කල් යන්න යන්න දුවගෙ බඩ අසාමාන්ය විදිහට විශාල වෙන්න ගත්තා. මේ නිසා ඉස්කෝලෙ ගමනත් අඩාල වුණා. පස්සෙ එයාව බොරැල්ලෙ ළමා රෝහලට යෑව්වා. එහිදී රෝගය හඳුනාගත්තා. මේ රෝගයට අවශ්ය බෙහෙත් මේ රටේ රජයේ රෝහල්වල නැතිලු. ඒ බෙහෙත් පිටරටින් ගෙන්වා ප්රතිකාර කරන්න මාසෙකට රුපියල් ලක්ෂ 13 ක් විතර යනවලු. අනේ දුප්පත් අපි කොහොමද එච්චර සල්ලි කන්දරාවක් හොයන්නේ.
ඇත්ත, දැරියගේ පියා - ආර්. එම්.ගුණදාස දරු පවුල නඩත්තු කරන්නෙ කුලී වැඩ කරල. කුලී වැඩත් හැමදාම නෑ. මේ දියණියට වැඩිමල් සොහොයුරෝ දෙන්නෙක් ඉන්නවා. මේ හැමෝම හැමදාම හැම මොහොතකම හිතන්නෙ දන්න දන්න අයගෙන් උදව් ඉල්ලමින් වෙහෙසෙන්නේ මේ අසරණිය කොහොම හරි සනීප කර ගන්නයි. ඒත් මේතරම් ලොකු මුදලක් හොයාගන්න එක නම් ඔවුන්ට සිහිනයක්.
ඒ නිසයි අනුන්ගෙ දුකේදි විපතෙදී කවදත් හිත උණුවෙන කාරුණික හදවත් ඇති "දිවයින" පාඨකයන්ට මේ දුක කියන්න කියලා මේ පවුලෙ අය කීවේ. ඔන්න අපි ඒ ගැන ඔබට කීවා.
මේ දැරියගේ දුක්බර කතාව අහල ඔබේ හිතත් උණුවුණා නම් ඔවුන්ට උදව්වක් කරන්න හිතුණා නම් පහත විස්තර ඔබට ප්රයෝජනවත් වේවි.
ලිපිනය අංක 87 දියනාවෙල කන්දෙගෙදර, බදුල්ල. දුරකථන අංක0719750993 සහ 0724054144 ගිණුම් අංකය 7637238 Rගඵගඔග ධනරංජනී නමින් ලංකා බැංකුව බදුල්ල ශාඛාවේ ඇත.

Monday, May 28, 2012
පිටසක්වල යානා 3ක් පෘථිවියට එයි
2012 වසර අවසානයේදී දැවැන්ත අභ්යවකාශ යානා තුනකින් පෘථිවියට ප්රහාරයක් එල්ල වේ. මේ අබිරහස් තොරතුරු හෙළිකරන්නේ හාස් නමැති විමර්ශන පද්ධතියයි. හාස් විමර්ශන පද්ධතිය ඇත්තේ ඇලස්කාවේය. පිටසක්වල ජීවීන්ගේ ආගමනය විමර්ශනය කිරීම සඳහා වූ මේ පද්ධතිය ස්ථාපිත කර ඇත. පෘථිවිය වෙත ඇදී එන මේ දැවැන්ත පිටසක්වල යානා තුනින් එකක් කිලෝමීටර් 240 ක් තරම් විශාලය. අනිත් දෙක ඊට වඩා කුඩාය. මෙය ඇදහිය නොහැකි පුවතකි. එහෙත් හාස් පද්ධතිය පවසන්නේ මේ යෝධ පිටසක්වල යානා තුන දැන් ප්ලූටෝ ග්රහයා, සමීපයේ ඇති බවයි. මේ යානා අඟහරු ග්රහයා සමීපයට ළංවෙත්ම ඒවා පෘථිවියේ දුර දක්නවලට පෙනෙන බවද හාස් පද්ධතියේ පරීක්ෂකයෝ පවසති.
මේ අනතුරුදායක තත්ත්වය ගැන ඇමරිකානු රජයට දන්වා ඇති බවද රුසියානු ප්රවෘත්ති සේවය කියා සිටියි.
මේ යානා පෘථිවිය වෙත සමීප වෙන්නේ 2012 දෙසැම්බර් මාසයේදීය. 2009 මාර්තු 15 වැනිදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පුවතක් ප්රකාශයට පත් කරමින් පැවසුවේ මැච්නාන් නමැති චීන නිලධාරියා විසින් "නාසා" ආයතනයේ රහස් ඡායාරූප 1000 ක් විමර්ශනයට පත්කළ බවත් එම ඡායාරූපවල මිනිස් පා සටහන් පමණක් නොව මිනිස් සිරුරක් පවා තිබූ බවයි. මෙම මිනිස් සිරුර පිටසක්වල යානාවකින් සඳ මතට විසිකරනු ලැබුවක් බවද පවසන එම චීන නිලධාරියා "ලුනා" යානාවකින් එකී ඡායාරූප ගත් බවද හෙළිකර ඇත.
මෙයට සමාන තොරතුරු හෙළි කළ නාසා ආයතනයේ ඡායාරූප ඒකකයේ නියමු ප්රධානියා වූ ආචාර්ය කෙන් ගොන්ස්ටන් පැවසුවේ ඇමරිකානු අභ්යවකාශගාමින් සාදවා තිබූ කෘත්රිම නෂ්ටාවශේෂයෙන් හා නොහඳුනන යන්ත්ර රැසක් සොයාගත් බවයි. එහෙත් මේ තොරතුරු ඇමරිකානු රජය විසින් රහසිගතයි යනුවෙන් දක්වා ඒ ගැන මහජනතාවට හෙළිකර නැත. 1969 අගෝස්තු 3 වැනිදා සඳ මත තත්ත්වය පිළිබඳව ගත් මෙම ඡායාරූප සම්බන්ධව තොරතුරු වසන් කිරීමට "නාසා" ආයතනයද ක්රියා කර ඇත. මේ ඡායාරූප ඉතාම පැහැදිලියි. මිනිස් සිරුරක් සඳ මත තිබුණා යෑයි එම චීන නිලධාරියා විසින් හෙළිකර තිබේ.
මේ අතර සෙම් නමැති ආයතනයද මේ රහස් හෙළිකර ඇත. ඔවුන්ද පැවසුවේ පිටසක්වල යානා තුනකින් ප්රහාරයක් එල්ල වන බවයි.
මායාවරුන්ගේ දින දර්ශනය 2012 දෙසැම්බර් 21 වැනිදා අවසන් වේ. මායාවරුන්ගේ දින දර්ශනය හා පිටසක්වල යානා තුන අතර සබඳතාවක් තිබේද?
කීර්ති වර්ණකුලසූරිය
පිටසක්වල යානා පිලිබද බුදුපියානන් වහන්සේ කිහිපවිටක් දේශනා කර ඇත. එම යානා වැඩකරන ආකාරය, එම යානාවල ස්වභාවය ආදිය ගැන උන්වහන්සේ නොයෙක් විට දේශනා කර ඇත. . අසරැවකු පිට නැගි දුනුවායකුගේ හීය කෙතරම් වේගවත්ද, එසේ කැරකෙන තැටියක් මත තවත් තැටියක් කැරකෙමින් ප්ටසක්වල යානා ගමන්ගන්නාබව එම දේශනාව විය

Sunday, May 27, 2012
ජංගම දුරකථනවල සිටින කෘමියෙක් පලමුවරට ලංකාවෙන් සොයාගනී
ජංගම දුරකථන වල වාසය කරනා කෘමියෙක් සොයාගැනීමට වෛද්ය පර්යේෂණ ආයතනය සමත්වෙලා තිබෙනවා.
දැනට දින 5ක් පමණ පෙර සොයාගත් මෙම කෘමි විශේෂයේ ජීවන චක්රය පිළිබඳව මේ වනවිට අධ්යයනය කරමින් සිටින අතර මෙවන් කෘමියෙක් පිළිබඳව මෙතෙක් ලෝකයේ කිසිම රටකින් වාර්තා වී නැති බවයි ඔවුන් පවසන්නේ.
ජංගම දුරකථනයේ තිරය මතක ඇති දූවිලි දෙස හොඳින් බැලූ පසු ඒවා සෙලවෙන ආකාරයක් දක්නට ලැබුණු නිසා ඔවුන් එම තිරය අන්වීක්ෂයක ආධාරයෙන් විශාල කර බලා තිබෙනවා.
වෛද්ය පර්යේෂන ආයතනයේ අධ්යක්ෂතුමා පවසන්නේ එහිදී දක්නට ලැබුණු මෙම සත්ත්වයා "මයිට්" නමින් හඳුන්වන කෘමි සත්ත්වයා බවත්, ජංගම දුරකථනයේ අභ්යන්තරයේ උෂ්ණත්වයත් ඔවුන්ගේ පැවැත්මට උපකාරයක් වී ඇති බවත්ය.
විදුලි සංදේශ කොමිෂන් සභාවේ වාර්තාවලට අනුව මේ වනවිට ලංකාවේ ජංගම දුරකථන 18,866,134ක් තිබෙන අතර දුරකථන ඇමතුම් ගැනීමේදී මෙමෙ කෘමි සත්ත්වයින් ඉතා පහසුවෙන් අපේ කණට ඇතුල් විය හැකි බවයි පැවසෙන්නේ.
මෙම වර්ගයේම කෘමියෙකු වන "ස්කේබීස්" නම් මයිටයාද සමේ රෝග ඇතිකරන අතර ඔවුන් ජීවත් වෙන්නේ සම තුල කුහර සාදාගන බැවින් මෙම සත්ත්වයද ජංගම දුරකථන මාර්ගයෙන් කනට රිංගාගන කන තුළ කුහර සාදාගන ජීවත් වීමට පෙළඹුනහොත් ප්රතිකාර කිරීමට අපහසු බවයි එම වෛද්ය පර්යේෂණ ආයතනය පවසන්නේ.
ජංගම දුරකථනයේ දූවිලි බැඳී තිබීම සාමාන්යය දෙයක් වන නමුත් එම අංශු චලනය වන බවක් දක්නට ලැබේනම් වහාම වෛද්ය පර්යේෂණ ආයතනයට දැනුම් දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.
ඔබට ඔවුන්ව සම්බන්ධ කර ගත හැකි ආකාර:
දුරකථන අංක : 0094 2 693532-34
ඊ-මේල් : director@mri.gov.lk

Thursday, May 24, 2012
Subscribe to:
Posts (Atom)

_Lorryia_formosa_2_edit.jpg)