තරු සිත්තම

a

Monday, June 18, 2012

අංගුත්තර නිකාය

පින්වත් මහණෙනි,කාරණා තුනක් මුණ ගැසීම නිසා ශ්‍රද්ධාවන්ත පින්වතා බොහෝ පින් රැස් කර ගන්නවා.කවර කාරණා තුනක්ද? පින්වත් මහණෙනි,ශ්‍රද්ධාව මුණ ගැසීමෙන් ශ්‍රද්ධාවන්ත පින්වතා බොහෝ පින් රැස් කර ගන්නවා.පරිත්‍යාග කිරීමට දෙයක් හමුවීමෙන් ශ්‍රද්ධාවන්ත පින්වතා බොහෝ පින් රැස් කර ගන්නවා.දන් පැන් පිදීමට සුදුසු උතුමන් හමුවීමෙන් ශ්‍රද්ධාවන්ත පින්වතා බොහෝ පින් රැස් කර ගන්නවා.

පින්වත් මහණෙනි,කාරණා තුනකින් පැහැදීමට පත් ශ්‍රද්ධාවන්ත පින්වන්තයාව දැන ගන්න ඕන.කවර කාරණා තුනකින්ද? සිල්වතුන් දකින්න කැමතියි.සද්ධර්මය අසන්න කැමතියි.මසුරුමළ දුරු කළ සිතින් ගිහිගෙයි වාසය කරනවා.ඔහු යමක් පරිත්‍යාග කරන්නේ නොඇලුණු සිතිනුයි.දන් දීම පිණිස සෝදා ගත් අතින් යුතුව ඉන්නවා.දන් දීම පිණිස අත් හැරීමෙහි ඇලී ඉන්නවා.පින්වත් මහණෙනි,මෙන්න මේ කාරණා තුනෙන් පැහැදීමට පත් ශ්‍රද්ධාවන්තයාව දැන ගන්නට ඕන.

සිල්වතුන් දකින්න කැමතියි.සද්ධර්මය අසන්නත් කැමතියි.මසුරුමළ දුරු කළ සිතින් ජීවත් වෙනවා.සැබැවින්ම ඔහුට තමයි ශ්‍රද්ධාවන්තයා කියන්නේ.


පින්වත් මහණෙනි,නුවණැත්තන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවන ලද කාරණා තුනක් තියෙනවා.ඒ තුන මොනවාද? පින්වත් මහණෙනි,දානය යනු නුවණැත්තන් විසින් පණවපු දෙයක්. සත්පුරුෂයන් විසින් පණවපු දෙයක්.පින්වත් මහණෙනි,පැවිදි බව යනු නුවණැත්තන් විසින් පණවපු දෙයක්.සත්පුරුෂයන් විසින් පණවපු දෙයක්.පින්වත් මහණෙනි,මව්පියන්ට උපස්ථාන කිරීම යනු නුවණැත්තන් විසින් පණවපු දෙයක්. සත්පුරුෂයන් විසින් පණවපු දෙයක්.පින්වත් මහණෙනි,මේ තමයි නුවණැත්තන් විසින් පණවපු සත්පුරුෂයන් විසින් පණවන ලද කාරණා තුන.

ශාන්ත වූ බ්‍රහ්මචාරී උතුමන්ට දන් දීම,මව්පිය උපස්ථානයද,අවිහිංසාවද,සීල සංයමයද,ඉන්ද්‍රීය සංවරයද,පණවන ලද්දේ සත්පුරුෂයන් විසිනුයි.

නුවණැත්තා මේ කරුණුවලින් යුතු සත්පුරුෂයාව සේවනය කළ යුතුයි.එවිට ඒ ජීවිතාවබෝධයෙන් යුතු ආර්ය ශ්‍රාවකයා සුන්දර ලෝකයක් භජනය කරයි.

අංගුත්තර නිකාය - 1 ( තික නිපාතය - පළමු පණ්ණාසකය - 5. චූළ වර්ගය )



උපුටා ගැනීම :- වන්ඳේ බුද්ධ මහා මුනිං 



0 comments:

Post a Comment