තරු සිත්තම

a

Sunday, July 15, 2012

Jhon Cena රෙස්ලින් පිටියෙන් සමුගන්න තීරණය කරයි.

වසර දහයක් පුරා තම බිරිඳ සේ තමා ලගින් බැදී සිටි මල්ලවපොර හෙවත් රෙස්ලින් ක්‍රීඩාවෙන් සමුගැනීමට සුදානම් බව සුප්‍රකට රෙස්ලින් ක්‍රීඩක ජෝන් සීනා පසුගියදා ප්‍රකාශ කළේය. 

ජෝන් සීනා ලොව පුරා මල්ලව පොර ක්‍රීඩකයෙකු ලෙස ජනප්‍රියත්වයට පත් වුවද මේ වනවිට හොලිවුඩ් සිනමාවෙන් සීනාට ලොකු ඉල්ලුමක් ඇති හෙයින් රෙස්ලින් පිටියෙන් සමුගැනීමේ තීරණය ඉක්මන් කලාදැයි බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය.

ඇමෙරිකාවේදී 1977 අප්‍රේල් 23 වනදා උපත ලද ජෝන් ෆිලික්ස් ඇන්තනී සීනා කායවර්ධන ක්‍රීඩකයෙකු ලෙසින් 2000 වසරේදී මල්ලව පොර පිටියට පිවිසියේය. ජෝන් සීනා වඩාත් ආකර්ශනීය මල්ලවපොර ක්‍රීඩකයෙකු වන්නේ මල්ලව පොර පමණක් ඔහුගේ ජීවිතයෙන් පිළිබිඹු නොවීම නිසාය. ඔහුගේ වෙනත් හැකියාවන් මල්ලව පොර ක්‍රීඩාව හා එක් වූ තැන ජෝන් සීනා නම් චරිතය ලෝකයට හමුවට පැමිණියේ අපුර්වත්වයකින් යුතුවය.

2001 වසරේ මල්ලව පොර පිටියේ පතාක යෝධයන් මැද නැගී සිටින අඩි 6 අඟල් 1 ක් උස කිලෝග්‍රෑම් 114 ක් බරින් යුත් අරෝහපරිනාහ දේහයකින් හෙබි සීනා ගෙවුණු වසර දහය තුල මල්ලව පොර පිටිය උඩුයටිකුරු කිරීමට සමත් විය.

ලෝක හෙවිවේට් ශුරතාව දෙවරක් දිනා ගනිමින් ද (WWE) ලෝක රෙස්ලින් එන්ටර්ටෙට්මන්ට් ශුරතාව දහවරක් දිනා ගැනීමෙන්ද ලෝක මැග් කණ්ඩායම් ශුරතාව ෂෝන් මිචෙල් හා බැටිස්ටා සමගින් දෙවරක් දිනා ගැනීමටද සමත් වන ජෝන් සීනා වඩාත් සක්‍රිය වූ මල්ලවපොර පිටියේ (WWE) ටැග් කණ්ඩායමේ ශුරතාව ඩේවිඩ් ඩවොන්ගා හා දඕස් සමගින් දෙවරක් දිනා ගැනීමට සමත් වෙයි. 

එපණකින් නොනවතින සිනාගේ මල්ලවපොර පිටියේ විජයග්‍රහණයන් අතරට 2008 වසරේ රෝයල් මේබල් ශුරතවද 2009 හා 2010 වසරේ සැලම් ශුරතවද දින ගනිමින් රෙස්ලින් පිටියේ සුපිරි තරුව ලෙස කිරුළු පළදියි. 2010 හා 2011 වසර වලදී සැලම් ශුරතා තරගාවලියේ දක්ෂතා දක්වන සීනා විවිධ මල්ලවපොර ජයග්‍රහණ ලබාගන්නේ ලොවපුරා මල්ලවපොර උන්මාදයෙන් ඔඳ වැටෙන අවධියකය.

රෙස්ලින් වළල්ල තුල සිටින ප්‍රතිවාදියා කවුරු වුවද කිසිසේත් තැකීමක් නොකරන සීනා බොහෝ විට ප්‍රතිවාදියාගේ ප්‍රහාරයට ලක්වෙමින් දරාගැනීමේ ඉහල ගුණයකින් පසු වූවෙකි. තරගයේ නොසිතු මොහොතක දරුණු ප්‍රහාරයකින් ප්‍රතිවාදියා බිම දමමින් ජයගන්නා සීනා ඔහුටම අවේනික රංගනයකින් මල්ලව පොර වළල්ල තුල ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත්කිරීමට සමත් වෙයි."The Champ, The Cenation Leader" යන අන්වර්ථ නාමයන්ගෙන් පිටියේදී හදුන්වන ජෝන් සීනාට නිශ්චිත සහායකයෙක් නොවුනත් බැටිස්ටා , ඔටෝන්ගා හා දම්ස් හා වැඩි වාර ගණනක් කණ්ඩායමක් ලෙස තරග කිරීම කැපී පෙනෙයි. 

මල්ලවපොර තරග වලට පැමිණීමට පෙර සිටම ගායකයෙකු ලෙස කටයුතු කරන ජෝන් සීනා 2005 වසරේදී "You cant see me" නමින් රැප් හා හිපොප් සංගීත තැටියක්ද නිකුත් කර ඇත. තම ව්වේ තේමා ගීතයද රැප් හා හිපොප් සංගීතයන් නිම වූ නෙබදනා සංගීත කාණ්ඩයක් වීම ඔහුගේ රිද්මය රෙස්ලින් වළල්ලට කැදවාගෙන ඒමක් බඳුය. රුපවාහිනී තිරයේ ජනකාන්ත රියැලිටි තරුවක් වන ජෝන් සීනා හොලිවුඩ් චිත්‍රපට එකොළහකට තම රංගන දායකත්වය ලබාදෙමින් අතිශය ජනප්‍රිය හොලිවුඩ් තරුවක් බවට පරිවර්තනය විය . 

ජෝන් සීනා රංගන දායකත්වය ලබාදුන් 2006 වසරේ තිරගත වූ 'The Marine' 2009 වසරේ තිරගත වූ '12 Rounds' හා 2010 වසරේදී තිරගත වූ 'Legendary' චිත්‍රපට වාර්තාගත ආදායම් ඉපයූ සාර්ථක චිත්‍රපට ලෙස කැපී පෙනෙයි. '12 Rounds' චිත්‍රපටයේ ඩනිපිෂර් චරිතයට පනපොවමින් රංගන කෞශල්‍යය ඉහල තැනක රදවා ගන්නා ජෝන් සීනා චරිතාංග භූමිකා නිරුපන ශිල්පියෙකු ලෙස හොලිවුඩ් පුරයේ කතාබහට ලක්විය. ලොවපුර ලොකු කුඩා කා අතරත් ජනප්‍රියත්වයට පත් ජෝන් සීනා මල්ලව පොර පිටියෙන් සමුගත්තද හොලිවුඩ් සැලෝලයිට් පථවල වීරයාගේ භූමිකාවෙන් ඔහුගේ රසිකයන් අතරට නිසැකවම පැමිණෙනු ඇත.

සිය පෙම්වතිය වූ ලිස් හා මීට වසර තුනකට පෙර විවාහ වූ ජෝන් සීනා මීට මාස තුනකට කලින් ලිස් සීනාගෙන් වෙන්වීමට දික්කසාද ලියවිලි අත්සන් තබන්නට විය. බිරිද ලිස් ගෙන් වෙන්ව, බිරිද සේ තමා ලගින්ම සිටි රෙස්ලින් පිටියෙන්ද සමු ගැනීමට ලොකු කුඩා කාගේත් 'ඔලුවට ගැසූ' ජෝන් සීනා දැන් සුදානම් වී සිටී.




උපුටා ගැනීම:-නැව ගිලුනත් බෑන් චුන්


0 comments:

Post a Comment