තරු සිත්තම

a

Friday, September 28, 2012

මාලි නිදහස් කිරන මෙන් ඉල්ලන පෙත්සම


මැනිලා සත්ත්ව උද්‍යානය තුළ 35 වසරක් පුරාවට කුඩා කොන්කී‍්‍රට් කූඩුවක් තුළ රඳවා සිටි ශ‍්‍රී ලාංකික අලියෙකු බේරාගැනීම සඳහා සත්ත්ව අයිතීන් පිළිබඳ කි‍්‍රයාකාරී සංවිධානයක් කටයුතු කරමින් සිටියි.මෙලෙස දු:ඛිත තත්ත්වයන් යටතේ රඳවා සිටින අලියා ශ‍්‍රී ලංකාව විසින් පිලිපීනයට පරිත්‍යාග කරන ලද සතෙකි.
අලි පැටවෙකුව සිටියදී පිලිපීනයට පරිත්‍යාග කර ඇති මාලි නම් මෙම කෙණෙර, පසුගිය වසර 35 ගත කර ඇත්තේ කුඩා කොන්කී‍්‍රට් කූඩුවකය.
පීපල් ෆෝ ද එත්නික් ටී‍්‍රට්මන්ට් ඔෆ් ඇනිමල්ස් (පීටා) People for the Ethical Treatment of Animals (PETA) සංවිධානය විසින් මෙම සත්ත්වයා ගලවාගැනීමේ පෙත්සමක් අන්තර්ජාලයේ ආරම්භ කර තිබෙන අතර, ඒ සඳහා මේ වන විට පුද්ගලයන් 21,124ක් සහය දක්වා ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
කෙසේ වෙතත්, අදාළ පාර්ශ්ව වෙත මෙම පෙත්සම යොමු කිරීම සඳහා ඒ සඳහා පුද්ගලයන් 26,876ක ගේ සහය අවශ්‍ය වේ.
මාලි, වහා නිදහස් කළ යුතු බව පීටා සංවිධානය කියයි.
මාලිගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇයව රක්ෂිතයකට මුදාහැරීම පිළිබඳ සලකා බලන මෙන් පිලිපීන ජනාධිපති කාර්යාලය නියෝග කර ඇත.
මාලි නිදහස් කිරීමට අවශ්‍ය සියළු වියදම් දැරීමට පීටා සංවිධානය ඉදිරිපත් වී තිබුණද, එරට බලධාරීන් විසින් එම සංවිධානයේ උත්සහයන් ට අකුල් හෙලන බව ද පැවසේ.
මාලි නිදහස් කිරන මෙන් ඉල්ලන පෙත්සම සඳහා https://www.change.org/petitions/urgent-take-action-to-save-lonely-miserable-elephant ඔස්සේ සහය දැක්විය හැක.

0 comments:

Post a Comment