තරු සිත්තම

a

Thursday, April 4, 2013

සාමාන්‍ය ඇසකට නොපෙනෙන දේ පෙන්වන අයි ෆෝනය



ඇපල් අයි ෆෝන් එස් පහ ජංගම දුරකතන ලබන ජුනි 20 වැනිදා වෙළෙඳ පොළට නිකුත් කිරීමට යයි.
‘රෙටිනා ඩිස්ප්ලේ‘ ,දීර්ඝ බැටරි ආයු කාලය, වේගවත් රැහැන් රහිත සම්බන්ධතාව, මෙගා පිස්කල් අට කැමරාව සහ අතිශය දියුණු අයි ඕ එස් හය මෙහෙයුම් පද්ධතිය මෙම දුරකතනයේ විශේෂතා වේ.
නිෂ්පාදකවරුන්ගේ ප්‍රධාන ඉලක්කය වනුයේ චීන සහ ඉන්දියා වෙළඳපොළයි.
ජුනි 20 සර්ව භෞමික සංවර්ධකයන්ගේ සමුළුවේදී නව එස් පහ ජංගම දුරකතන එළි දැක්වීමට නියමිතය.
කවදා මීළඟ ඇපල් අයි ෆෝන් ජංගම දුරකතන එළිදැක්වුවත් එම නිපැයුම අති සාර්ථක සහ භාවිතයට සුදුසු උපාංගයක් වනු ඇතැයි විද්වත්හු ප්‍රකාශ කරති.
ඇපල් ජංගම දුරකතන ශ්‍රී ලංකාවේ එතරම් ප්‍රසිද්ධ නැති වුවත් ඉන්දියාව චීනය වැනි රටවල මෙම ඇපල් අයි ෆෝන් ජංගම දුරකතන බහුලව දක්නට ලැබේ.
එස් පහ ජංගම දුරකතනයේ මිල ඇමෙරිකා ඩොලර් 799 හෙවත් ශ්‍රී ලංකා රුපියල් 102,272 කි.
සාමාන්‍ය ඇසකට නොපෙනෙන දේ මෙයින් පෙන්නුම් කරයි.


0 comments:

Post a Comment