තරු සිත්තම

a

Tuesday, April 9, 2013

සිංහල අලුත් අවුරුදු නැකැත්

නව සඳ බැලීමට
අභිනව චන්ද්‍ර වර්ෂය සහ අභිනව සූර්ය වර්ෂය සඳහා 2013 ක් වූ අප්‍රේල් මස 14 වන ඉරිදා දින නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානයට
අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වන ඉරිදා පූර්ව භාග 01.29 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපර භාග 07.05 සිට අප්‍රේල් මස 14 වන ඉරිදා දින පූර්ව භාග 07.53 දක්වා පූණ්‍ය කාලය බැවින්, අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපර භාග 07.05 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද , පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන ඉරිදා දින පූර්ව භාග 01. 29 සිට පූර්ව භාග 07.53 දක්වා පහත දැක්වෙන අයුරු
වැඩඇල්ලිම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී අවුරුදු චාරිත්‍ර විධි ඉටුකිරිම ද මැනවි.

ආහාර පිසීම
අප්‍රේල් මස 14 වන ඉරිදා දින පූර්ව භාග 04.06 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වන ඉරිදා දින පූර්ව භාග 07.05 ට තඹ (රතු සහ කහ මිශ්‍ර) පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියළු වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම
අප්‍රේල් මස 15 වන සදුදා දින පූර්ව භාග 06.41 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි නැගෙනහිර දිශාව බලා හිසට දිඹුල් පත් ද , පයට ඉඹුල් පත් ද තබා තෙල් සහ දිඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරිම මැනවි.

රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වන බදාදා පූර්ව භාග 07.42 ට පලාවන්(කොළ) පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් හා හකුරු මිශ්‍ර ආහාරයක් අනුභව කර දකුණු දිශාව බලා රැකිරක්ෂා සඳහා පිටත්ව යෑම මැනවි.

සේවා අවශ්‍යතා සදහා රැකියාවට පිටත්ව යෑම
අප්‍රේල් මස 15 වන සදුදා පූර්ව භාග 06.53 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් සහ කිරි මිශ්‍ර ආහාරයක් අනුභව කර නැගෙනහිර දිශාව බලා රැකී රක්ෂා සදහා පිටත්ව යෑම මැනවි.

සැ.යු. ඉහත නැකැත් වේලාවන් දැනට සම්මත ඔර්ලෝසු වේලාවෙන් සකස් කර ඇත්තේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසිනි. මෙම වේලාවන් ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශවලට නොවෙනස්ව භාවිත කළ හැක.



0 comments:

Post a Comment