තරු සිත්තම

a

Friday, April 5, 2013

ප්‍රතම වතාවට ශ්‍රී ලාංකීය Audio Player එකක්

මෙන්න අපෙන් හොඳම Audio Player එකක් .. නොමිලේම Download කරගන්න. Portable Software එකකි.( Install කිරීම අනවශ්‍යයි. ).

>>>>> http://www.mediafire.com/download.php?y3e0peupff556v4

මෙය Skins, Equalizer, Effects, Playlist, Tag Viewer... etc.. යන සියල්ලද සහිත ලාංකීය Audio Player එකකි.. ඔබත් භාවිතා කර බලන්න..

(නිපැයුම්කරු - http://www.facebook.com/shalithasuranga)

Thursday, April 4, 2013

සාමාන්‍ය ඇසකට නොපෙනෙන දේ පෙන්වන අයි ෆෝනය

ඇපල් අයි ෆෝන් එස් පහ ජංගම දුරකතන ලබන ජුනි 20 වැනිදා වෙළෙඳ පොළට නිකුත් කිරීමට යයි.
‘රෙටිනා ඩිස්ප්ලේ‘ ,දීර්ඝ බැටරි ආයු කාලය, වේගවත් රැහැන් රහිත සම්බන්ධතාව, මෙගා පිස්කල් අට කැමරාව සහ අතිශය දියුණු අයි ඕ එස් හය මෙහෙයුම් පද්ධතිය මෙම දුරකතනයේ විශේෂතා වේ.
නිෂ්පාදකවරුන්ගේ ප්‍රධාන ඉලක්කය වනුයේ චීන සහ ඉන්දියා වෙළඳපොළයි.
ජුනි 20 සර්ව භෞමික සංවර්ධකයන්ගේ සමුළුවේදී නව එස් පහ ජංගම දුරකතන එළි දැක්වීමට නියමිතය.
කවදා මීළඟ ඇපල් අයි ෆෝන් ජංගම දුරකතන එළිදැක්වුවත් එම නිපැයුම අති සාර්ථක සහ භාවිතයට සුදුසු උපාංගයක් වනු ඇතැයි විද්වත්හු ප්‍රකාශ කරති.
ඇපල් ජංගම දුරකතන ශ්‍රී ලංකාවේ එතරම් ප්‍රසිද්ධ නැති වුවත් ඉන්දියාව චීනය වැනි රටවල මෙම ඇපල් අයි ෆෝන් ජංගම දුරකතන බහුලව දක්නට ලැබේ.
එස් පහ ජංගම දුරකතනයේ මිල ඇමෙරිකා ඩොලර් 799 හෙවත් ශ්‍රී ලංකා රුපියල් 102,272 කි.
සාමාන්‍ය ඇසකට නොපෙනෙන දේ මෙයින් පෙන්නුම් කරයි.

Thursday, March 14, 2013

අපේ යානාවලට හමුවූ පිටසක්වළ යානා

පිටසක්වළින් අපේ ලෝකයට පිවිසෙන යානා පිළිබඳව වඩාත් හොඳ අත්දැකීම් ඇත්තේ ගුවන් නියමුවන්ටයි මේ ලිපියෙන් කතා කරන්නේ මෙලොව ගුවන් නියමුවන්ගේ පිටසක්වළ යානා පිළිබඳ අත්දැකීම් කිහිපයකි. 

වාර්තා වී ඇති පිටසක්වළ යාත‍්‍රා පිළිබඳ අපේ ගුවන් නියමුවන්ගේ ප‍්‍රථම අත්දැකීම ශ්‍රී ලංකාව නිදහස ලබාගත් වකවානුව වෙයි. 1948 ජූලි මස 24 වැනිදා මෙම අපූරු අත්දැකීම උරුම වූයේ ඇමෙරිකානු ගුවන් හමුදාවේ කපිතාන් ක්ලැරන්ස් චිලී සහ ගුවන් නියමු ජෝන් බී විටඞ්ය.

ඔවුන් පැදවූ ඞී.සී. 3 ගුවන්යානය ඇට්ලන්ටා සිට ඇලබාමා බලා යාත‍්‍රා කරමින් තිබුණි. වෙලාව පාන්දර දෙකයි හතළිස් පහවීය. අහසේ තමා ඉදිරියෙන් ඇති ආලෝක ධාරාව කපිතාන් ක්ලැරන්ස් සසල කළේය. ‘‘මොකක්ද මේ ආලෝකය’’ ඔහු තම සගයාගෙන් විමසීය.
‘‘මාත් මේ ඔබෙන් විමසන්න හැදුවා විතරයි’’ ජෝන් පිළිතුරු දුන්නේය.

‘‘එය අපේ පැත්තටයි එන්නේ......’’

යානය යාත‍්‍රා කරමින් තිබුණේ මහපොළවේ සිට අඩි පන්දහසක් ඉහළිනි.

අසාමාන්‍ය හැඩයක් ඇති අඩි හාරසීයක් තරම් දිග යානයක් දෙදෙනාට පැහැදිලිව දක්නට හැකිවිය. එය හැඩයෙන් සමානවූයේ සිගරට්ටුවකටය.

‘‘ඒක යානයක්මයි...... අත්තටු පිහාටු කිසිවක් නැහැ. හරියටම සිගරට්එකක් හැඩය ඇති..... ලොකු විශ්කම්භයක් තියෙන අඩි හාරසියයක් තරම් දිග යානයක්. යානය දෙපැත්තේ ජනෙල් කවුළු පෙලක් තිබුණා.... එය පැහැදිලිව අප දුටුවා...... සුදුම සුදු ආලෝකයක් ඉන් විහිදුනා...... ඒ ආලෝකයෙන් අපි ජනෙල් පෙල දුටුවා...... යාත‍්‍රාව යටින් විහිදුනේ ගන නිල් ආලෝකයක්......’’

1940 දශකයත් 1950 දශකයත් පිටසක්වළ යානාවන් හමුවීමේ සිද්ධීන් ඇමෙරිකානු ගුවන් නියමුවන් නිතර නිතර වාර්තා කළ අවස්ථා උදාවීය. ඒ සමගම ඇමෙරිකානු යුද නිලධාරීන් විසින් වෙළෙඳ සමාගම්වල ගුවන් නියමුවන්ගේ පිටසක්වළ යානා සමඟ ඇතිවෙන අත්දැකීම් පිළිබඳ නිදහසේ කතා කිරීමේ වාරන නියෝගයක් ඇති කළෝය.

මේ තහංචිය ඇමෙරිකාවට පමණක් සීමා වූ අතර කැනඩාවේ ගුවන් යානයක් 1966දී අත්වින්ද එක්තරා සිද්ධියක් ලොව පුරා පතළවිය. ඞී.සී. 8 යානය මේ සිද්ධියට මුහුණ දෙන අවස්ථාවෙහි මුහුදු මට්ටමේ සිට අඩි 35000ක් ඉහළින් පියාසර කරමින් තිබුණු අතර යානය පේරු සිට මැක්සිකෝව බලා පියාසර කරමින් තිබිණි. කපිතාන් රොජර් මිල්බෑන්ක් පමණක් නොව ඔහුගේ සහයකයා ඇතුළු කාර්ය මණ්ඩලයම මේ අපූරු අත්දැකීම බෙදා ගත්හ. යානාව ඉදිරියෙන් දිස්වූ ආලෝක දෙකක් කෙමෙන් ඇතට විදින ආලෝක දෙක්ක බවට පත්වී වී අකුරේ හැඩයට යානය ඉදිරියට ආලෝක ධාරාව යොමු කළේය.

‘‘ඒ ආලෝක ධාරාව අපේ ගුවන් යානයට තව තවත් සමීප වී ගුවන් යානාවට ඉහළින් යානයේ වම් පස පිහාටුවට ඉහළින් දිස්වුවා..... එදා හොඳින් හඳ එළිය තිබුණු රාත‍්‍රියක් නිසා මේ ආලෝකය විහිදවූ යානයේ යම් හැඩයක් දකින්නට අපට හැකිවුවා. අපේ යානයට ඉතාම සමීපව විනාඩි කිහිපයක් තිබී යානය ගමන්කර අප පසු පසට නොපෙනී ගියා.....’’ කපිතාන්වරයා මැක්සිකෝ නිලධාරීන්ට තම අත්දැකීම නිල වශයෙන් පැමිණිලි කළ අතර පිටසක්වළ යානා පිළිබඳ අත්දැකීම් අතර එම පැමිණිල්ල අදත් සුරක්‍ෂිතවී තිබේ.

1954 කැනේඩියානු ගුවන් නියමුවකුගේ අපූරු පිටසක්වළ යානා අත්දැකීමක් ‘‘ඩන්ටාරියෝ ඬේලි ප්‍රෙස්’’ නම් පුවත්පත වාර්තා කළේය.
මේ සිද්ධිය ද ගුවන් නියමු ප‍්‍රැන්සිස් බොයිඞ් පමණක් නොව, ඔහුගේ කාර්ය මණ්ඩලයම අත් විඳ ඇත. ජූලි 06 වැනිදා සිදුවූ මේ අත්දැකීම පිළිබඳ මේ පුවත්පත කතුවැකියක්ද පල කළෝය.

ඔහු පවසන ආකාරයට විශාල මවු යානයක් සහ උපයානා හයක් ඔවුන්ට දැක ගත හැකිවී ඇත. විනාඩි දහ අටක කාලයක් තිස්සේ මේ යානා දකින්නට බොයිඞ් සහ පිරිසට හැකිවී තිබේ. මේ විනාඩි දහ අටක කාලය තුළ ඔවුන්ගේ යානය සැතපුම් අසූවක් තරම් දුර පියාසර කර ඇත.

‘‘මේක අපූරු අත් දැකීමක්...... මං විතරක් නොවෙයි මගේ පිරිසම දැක්කා...... ඔවුන් අපට අන්තරා කාරී පිරිසක් වීමට නොහැකියි. ඔවුන්ගේ යානා අපේ තොරතුරු සොයනවා විනා ආක‍්‍රමණ ශීලී නොවේ යැයි මගේ හිතට ආවා..... යි බොයිඞ් සඳහන් කර ඇත.
1970 දී බි‍්‍රතාන්‍ය ගුවන්යානාවක් පෘතුගාලයේ ලිස්බන් නුවර ඉහළින් පියාසර කරද්දී මේ අත් දැකීමට පාත‍්‍රවීය. ඔහුගේ ගුවන් යානය අසලින් පියාසර කරන නන්නාඳුනන යානයක් පිළිබඳ සංඥාවක් ඔහුගේ යානයට ලැබුණි. එයාර් ට‍්‍රැෆික් පාලක මැදිරියෙන් නිකුත් කළ මේ නිවේදනය ඔහු සසල කළේය. ඒ සමගම ඔහු තම සහයකයන් වහාම දැනුවත් කළේය.

මොහොතකින් ඔහු දුටුවේ ආලෝක ධාරා විහිදුවන සිගරට්ටුවක හැඩයගත් යානයක් තම යානය අසලින්ම පියාසර කරන බවයි. ගුවන් නියමුවා හා කපිතාන්වරයා තමා ජීවිතයේ ප‍්‍රථම වතාවට අත්දකින පිටසක්වළ යානයේ අත් දැකීම ගුවන් යානයේ මගීන් සමඟ බෙදා හදා ගන්නට කල්පනා කළේය. ඔහු යානයේ ශබ්ද විකාශන සේවාවෙන් මගීන් අමතා කතා කළේය.

‘‘මිත‍්‍රවරුණි..... ඔබට අසම සම අත් දැකීමක් අත් විඳින්නට වරමක්.... කරුණාකර යානයේ වම් පස බලන්න..... ඔබට දකින්නට ලැබෙන්නේ පිටසක්වළින් පැමිණි නාඳුනන යානාවක් විය යුතුමයි...... මං හිතුවා මේ අත්දැකීම ඔබ සමඟ බෙදා ගන්නට....’’ ගුවන් යානයේ සියලූම මගියෝ.... කපිතාන්වරයාගේ පණිවිඩයත් සමඟ පිබිදී මේ අසාමාන්‍ය අත්දැකීම ලබා ගත්හ. වැඩිම සංඛ්‍යාවක් එකවර අහසේදී දුටු නාඳුනන යාත‍්‍රාව මෙය බවට ලෝක වාර්තාවක් තබා ඇත. ගුවන් මගීන් මිශ‍්‍ර හැඟීම් වලින් මේ අත්දැකීම් බෙදා ගත්හ. බිය සතුට සැකය අසහනය ත‍්‍රාසය යන හැඟීම්වලින් මගියෝ අත්දැකීම් ලදහ.

1979 දී ස්පාක්‍ද්ක්‍ද මගී ගුවන් යානයකට නාදුනන පිටසක්වළ යානයක් සමඟ වෙනත් ආකාරයක අත් දැකීමකට මුහුණ දීමට සිදුවීය. එම රාත‍්‍රියේ මෙම මගී යානය ලිබියාවේ සිට ස්පාක්‍ද්ක්‍ද ප‍්‍රධාන නගරය වෙත පියාසර කරමින් තිබිණි. යානය සිටියේ මුහුදු මට්ටමේ සිට අඩි 24000ක් ඉහළිනි.

ආලෝක ධාරා ගුවන් යානය පියාසර කරමින් සිටි දිසාවෙහි ඉදිරියෙන් මතුවෙනු කපිතාන්වරයා දුටු අතර පාලක මැදිරියට වහා දන්වා සිටියේය. මේ ආලෝකය ගුවන් යානයට කෙළින් ප‍්‍රතිවිරුද්ධව වේගයෙන් ඉදිරියට එන බව කපිතාන්වරයා වහාම වාර්තා කළේ මහත් කලබලයෙනි. කපිතාන් වරයා වහා ආරක්‍ෂක විධි ක‍්‍රියාත්මක කොට මගීන් දැනුවත් කරමින් කඩිනම් ක‍්‍රියාමාර්ග ගනිමින් යානය ධාවනයවන මාර්ගය ක්‍ෂණයකින් වෙනස් කළේ ගැටීම වැළැක්වීම සඳහාය. මේ සිද්ධිය රෙඩාර් යන්ත‍්‍රවල පැහැදිලිව සටහන් විය.

එපමණක් නොව මහපොළවේ සිට දහස් සංඛ්‍යාත පිරිසක් මේ සිද්ධිය නිරීක්‍ෂණය කිරීම විශේෂ සිද්ධියකි. මේ යාත‍්‍රාව තව දුරටත් ගුවන් යානයට හිරිහැර කරන්නට විය. රාඩා යන්ත‍්‍රවල මේ තත්වය සටහන් වෙත්ම ප‍්‍රහාරක ජෙට් යාත‍්‍රා දෙකක් ගුවනට පිටත්කර යැවීමට සූදානම් විය. නාඳුනන පිටසක්වළ යාත‍්‍රාව ගුවන් යානයට හිරිහැර කිරීම මඟහැර නොපෙනී ගියේ ප‍්‍රහාරක ජෙට් යානා යැවීමත් සමඟය.

ආචාර්ය නිමල් සේදර
අපේ යානාවලට හමුවූ පිටසක්වළ යානා 

 2013 මාර්තු මස 10  | ලංකාදීප කර්තෘ මණ්ඩලය 
 
Tuesday, March 12, 2013

උමං දුම්රියෙ දරු ප්‍රසූතිය

ඇලන් ස්ටැන්ලි (21) සිය මව වන මේරි ඈන් හා සිය බිරිද වන සෝනියා (22)  සමග ලන්ඩනයේ  වික්ටෝරිය උමං දුම්රිය පොළෙන් දුම්රියකට නැගුණේ මේඩ්ස්ටෝන් බලා යාමේ අරමුණෙනි.සෝනියා මාස 9ක ගැබිණියක වූ අතර ඇයගේ දරු ප්‍රසූතියට දින යෙදී තිබුණේ එළැඹෙන සතියේය.
දුම්රිය ගමන් ආරම්භ කර මද වේලාවක් ගත විය.සිය සැමියා සමග කතාබහේ නිරතව සිටි සෝනියා හට එක්වරම විලිරුදා ඇතිවන්නේ ඇලන්ට හා ඔහුගේ මව වන මේරි ඈන්ට කරකියා ගැනීමට දෙයක් ඉතිරි නොකරය.
වහා ඔවුන්ගේ සහයට එන දුම්රියේ අනෙකුත් මගීන් දුම්රිය රියැදුරු  හා ගාඩ් දැනුම්වත් කිරීමට කටයුතු කරන්නේ මේ අතරය.ඒ අනුව රියැදුරු දුම්රිය මග නතර කරන අතර ගාඩ් ඇලන් හා සෝනියා සිටි මැදිරියෙන් අනෙකුත් මගීන් ඉවත් කර ඔවුන්ට ඉඩ කඩ ලබා දීමට කටයුතු කරන්නේ සිය බලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් අනුවය. රියදුරු  රොබ් ප්‍රීයඩි දුමිරියේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන්  එහි සිටින වෛද්‍ය සේවක සහාය පැතීය.
සේවය නිමකර නිවෙස් බලා යමින් සිටි හා හෙදියක වින්නඹුවකහා පොලිස්  නිලධාරින්  සෝනියාගේ සහයට පැමිණෙන්නේ ඇලන්ට මහත්ම අස්වැසිල්ලක් වෙමිනි.විනාඩි 15 ක්  වේදනා  නැති ප්‍රසවයෙන් පසු  සෝනියා රාත්තල් 6 යි අවුන්ස 13 ක දියණියක බිහි කළාය. ඇය ඇගේ දෙවැනි  දරුවාය. දුම්රිය ගාඩ්  කොලින් බ්රූකර් කීවේ  උපත  ලියාපදිංචිය සදහා පුජකයකු හැර සෙසු සියළු දෙනාම සිටි බවයි. දුම්රිය විනාඩි 45 ප්‍රමාද වීම ගැන  ඇලන් ද දුම්රිය රියදුරු ද  මගීන්ට සිය කනගාටුව පළ කළහ.  දරුවාත් මවත්  රෝහලට ගෙන යාම සදහා  ගිලන් රථයට ගොඩ කරද්දී   මගීහුදුම්රිය වේදිකාවේ  පෙළ ගැසී අත්පොළසන්  දී සිය සතුට පළ කළහ.
‘‘සියල්ල සිදුවුණේ හරිම ඉක්මනින්.ඔක්කොටම ස්තූතියි.විශේෂයෙන් රියැදුරු හා ගාඩ් මහත්වරුන්ට.සහ මගේ බිරිදට උපකාර කළ ඒ හෙදියට හා වින්නඹු කාන්තාවට.‘‘පවසන්නේ සතුටින් ඉපිළි  සිටි ඇලන්ය. දුමිරිය  සමාගම ද මවට මල් කළඹක් එවා සුබ පැතීය.
සෝනියා හා ඇයගේ දියණිය රෝහල් ගත කරනු ලැබුහ.ඔවුන් දෙදෙන හොද සුවයෙන් පසුවන බව වෛද්‍යවරු කියති.

Tuesday, February 19, 2013

|ජීවිතයක් වෙනුවෙන්

|||||ජීවිතයක් වෙනුවෙන් හැකිපමන මෙය share කරන්න.විස්තරය කියවා පමනක්"Like" එකක් දමන්න කාරුනික වන්න.||||
මෙච්චර ඉක්මනට ආයෙත් මෙවැනි පනිවිඩයක් අරන් යන්න සිද්ධවෙයි කියලා කොහොමත් හිතුවේ නෑ.පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා හසංගිට මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු අතර ඒ සදහා රු ලක්ශ  දහයක් වැයවෙනවා.අපි සියලු දෙනාම එක් වුනොත් එය එතරම් මුදලක් නෙවේ."එක්කෙනෙකුට රු 100 ගානේ 10000 දෙනා සල්ලි දුන්නොත් මේ ගනන අපිට හොයාගන්න පුලුවන්."ඒත් ඇත්තටම  FB එකේ කෝටිගානක් හිටියත් එයින් බොහොම කීපදෙනෙක් විතරයි මෙවන් දෙයක් කරන්නේ.එම නිසා අඩුම තරම හැකිපමන මුදලක් සෙවීමට ඔබගේ උපකාරය අවශ්‍යයි.ඔබට හැකි පමන මෙය ශෙයා කරන්න.නමුත් රු 100 බැංකු ගිනුමට දැමිය හැකිනම් පමනක් LIKE එකක් දාන්න..එවිට අපිට එකතුව මුදල් ප්‍රමානය හැමොටම දැනගන්න පුලුවන්.likes ගනන 10000 වූ පසු මෙය ඉවත්කරනු ලැබේ.එම නිසා "ඔබ මුදලක් දෙනවානම් කරුනාකර මෙම original post  එකටම ඇවිත් "LIKE"එකක් දැමීමට කාරුනික වන්න."
1 Like= Rs 100
දැනට මෙයින් එකතු වු මුදල රු 12400 බව උපකල්පනය කල හැක..
මේ පිලිබදව කිසියම් සැකයක් ඇත්නම් පහත facebook ලින්ක් එකට ගොස් ඕනෑම සාමජිකයෙක්ගෙන් ඒ පිලිබදව අසාදැනගන්න.
(අලුත්ම තොරතුරු අනුව සත්‍ය වශයෙන් දැනට රු 10000 ගිනුමට එකතුවෙලා ඇති අතර දැනට උදව් කල සැමට හද පිරි ස්තුතිය පුද කරමු.තව බොහෝ දුර යාතුය.)
https://www.facebook.com/groups/why.socialnetwork/
(**මෙම සමූහයේ privacy settings නිසා වෙනත් අයට නොපෙනිය හැක..එමනිසා why group ඒකෙ ඉන්නා අය මෙහි ඇවිත් Comment එකක් පලකරනු ඇත,,මෙය සත්‍ය බවට** )

මේ සම්බන්ධව වැඩි විස්තර දැනගැනීම උදෙසා
නිමේෂ් ගමගේ (https://www.facebook.com/NimeshGamage)
හෝ
අසංක හෙන්දහේවා(https://www.facebook.com/asankahendahewa)
හෝ
අසන්ත මෙන්ඩිස්(https://www.facebook.com/asanthachristina)
සම්බන්ධ කරගත හැක.
රෝගය ගැන දැන ගැනීම සදහා (http://goo.gl/V8L0u) වෙත පිවිසෙන්න
ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009
  .පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා හසංගිට මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු අතර ඒ සදහා රු ලක්ශ දහයක් වැයවෙනවා.අපි සියලු දෙනාම එක් වුනොත් එය එතරම් මුදලක් නෙවේ."එක්කෙනෙකුට රු 100 ගානේ 10000 දෙනා සල්ලි දුන්නොත් මේ ගනන අපිට හොයාගන්න පුලුවන්."ඒත් ඇත්තටම FB එකේ කෝටිගානක් හිටියත් එයින් බොහොම කීපදෙනෙක් විතරයි මෙවන් දෙයක් කරන්නේ.එම නිසා අඩුම තරම හැකිපමන මුදලක් සෙවීමට ඔබගේ උපකාරය අවශ්‍යයි.ඔබට හැකි පමන මෙය ශෙයා කරන්න...

දැනට මෙයින් එකතු වු මුදල රු 12400 බව උපකල්පනය කල හැක..
මේ පිලිබදව කිසියම් සැකයක් ඇත්නම් පහත facebook ලින්ක් එකට ගොස් ඕනෑම සාමජිකයෙක්ගෙන් ඒ පිලිබදව අසාදැනගන්න.
(අලුත්ම තොරතුරු අනුව සත්‍ය වශයෙන් දැනට රු 10000 ගිනුමට එකතුවෙලා ඇති අතර දැනට උදව් කල සැමට හද පිරි ස්තුතිය පුද කරමු.තව බොහෝ දුර යාතුය.)
https://www.facebook.com/groups/why.socialnetwork/
(**මෙම සමූහයේ privacy settings නිසා වෙනත් අයට නොපෙනිය හැක..එමනිසා why group ඒකෙ ඉන්නා අය මෙහි ඇවිත් Comment එකක් පලකරනු ඇත,,මෙය සත්‍ය බවට** )

මේ සම්බන්ධව වැඩි විස්තර දැනගැනීම උදෙසා
නිමේෂ් ගමගේ (https://www.facebook.com/NimeshGamage)
හෝ
අසංක හෙන්දහේවා(https://www.facebook.com/asankahendahewa)
හෝ
අසන්ත මෙන්ඩිස්(https://www.facebook.com/asanthachristina)
සම්බන්ධ කරගත හැක.
රෝගය ගැන දැන ගැනීම සදහා (http://goo.gl/V8L0u) වෙත පිවිසෙන්න
ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009

Tuesday, February 5, 2013

සිංහ කොඩියත් විකෘති කරලා. සිංහයාටත් අවමන් කරලා.

එක්වන්න අප සමග ►► @[274859899198267:274:Sorry.com]

සිංහ කොඩියත් විකෘති කරලා. සිංහයාටත් අවමන් කරලා.

බොදු බල සේනා සංවිධානය විසින් ඊයේ (04) කොළඹ පිටකොටුවේ ජාතික ධජය අළෙවි කළ වෙළඳසැල් කිහිපයක් වැටලීමට කටයුතු කළ බව එම සංවිධානය පවසයි. මෙසේ වටලා ඇත්තේ පීපල්ස් පාර්ක් වෙළඳ සංකීර්නයේ බිම් මහලේ පිහිටි වෙළඳසැල් කිහිපයකි. ජාතික ධජයේ සිංහ රූපය විකෘති කර මුද්‍රණය කළ ස්ටිකර් විකිණීම සම්බන්ධව ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකළ බව එහි විධායක කමිටු සාමාජික දිලන්ත විතානගේ මහතා පවසයි. මෙහිදී වෙනස් කරන ලද සිංහ රූපය සහිත ජාතික ධජ මිළදී ගැනීමේදී මේවා තොග වශයෙන් රටෙහි සෑම ප‍්‍රදේශයකටම බෙදාහැරෙන බවද වෙළඳසැල් හිිමියන් මගින් හෙළිදරව් වූ බව ඒ මහතා  පැවසීය.
 
වැඩිදුරටත් අදහස් දැකිවූ දිලන්ත විතානගේ මහතා
රටක ජාතික ධජය කියන්නේ එහි අනන්‍යතාවය. එ වගේම එයට නිසි ගෞරවය හිමිවිය යුතු අතර එහි පෞඩත්වයද ආරක්ෂා කළ යුතුයි. එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයන් හෝ ජනමත විචාරණයක් නොමැතිව එක එක්කෙනාට මෝස්තර කරන්න පුළුවන් එකක් නොවෙයි. ඒ වගේම ජාතික ධජය අදරට පුරාම ප‍්‍රදර්ශනය කරන්නෙත් එක එක විදියට. නිසි ගෞරවයක් නොලැබෙන ආකාරයෙන් හිතූ හිතු ලෙස මෙය වෙනස් නොකිරීමට අපි ශ‍්‍රී ලාංකිකයන් විදියට වගබලා ගතයුතුයි. අපි ජනාධිපතිතුමාගෙන් හා ආරක්ෂක ලේකම්තුමන්ගෙන් ඉල්ලා සිටින්නේ ජාතික ධජය මුද්‍රණය කිරීම, විකිණීම යම් ක‍්‍රමවෙදයක් සකසන ලෙයසි. එසේම නිසිලෙෂ ප‍්‍රදර්ශනය කිරීමට ජනතාව දැනුවත් කරන ලෙයසි. මෙම අවස්තාවේදී පීපල්ස් පාර්ක් වෙළඳසැල් හිමියන් හා බොදු බල සේනා සංවිධානය අතර උණුසම් තත්ත්වයක්ද ඇතිවී ඇති අතර එතැනට පැමිණි මාධ්‍යවේදියෙකුටද වෙළඳසැල් හිමියන් විසින් බැන වැද ඇත. 

ජානක එස් බලල්ල - rivira

ජාතික සංකේතයන් විකෘති කිරීම යන්න දඩුවම් ලැබිය හැකි වරදක් බව සනාථ කරමින් ටික දිනකට පෙර ජාතික කොඩියේ සිංහයා වෙනුවට පැණ්ඩකු යොදා සකසා තිබූ නත්තල් සුභ පැතුම් පත් ලග තබා ගෙන සිටි අයෙකුට නීතියෙන් දඩුවම් ලැබීමක් වාර්තා විය. එලෙසම ජාතික කොඩියට කරන්නාවූ වෙනස් කම් වලට හා ඒවා භාවිතා කිරීමටද නීතියෙන් දඩුවම් ලැබීමට ඉඩ ඇත.

ජාතික කොඩියේ සිංහයා වෙනුවට වෙනත් සතෙකු යෙදීම හා කොල පැහැ හා තැබිළි පැහැ තීරු ඉවත් කිරීම යනු ඉබේ වන්නාවූ දේවල් නොව ඕනෑකමින්ම කිසිවෙකු විසින් සම්මත ජාතික කොඩියට වෙනස් කිරීම හෙවත් විකෘති කිරීමේ ප්‍රතිඵලයන් ය. එවැනි දෑ කවුරුන් කලත් නුසුදුසු ක්‍රියාවන්ය. තම ජාතිය ආගම ගැන සිතීම යන්නත් එහි අභිවෘද්ධියට කටයුතු කීරිම යන්න එකකි, ජාතික සංකේතයන් වෙනස් කිරීම තවත් එකකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ දක්වා 6 වන විවස්ථාවේ සදහන්ව ඇති පරිදි ශ්‍රී ලංකා ජනරජයේ ජාතික කොඩිය ලෙස දෙවන උපලේඛණයේ සදහන් වන ජාතික කොඩිය නීතිය අනුව අප රටේ භාවිතා කල යුතු ජාතික කොඩිය වේ. මීට පෙර මෙරට භාවිතා කල කොඩිද තිබේ.

ඒවා ආරක්ෂා කොට අතීත ශ්‍රී ලංකාවේ ජාතික සංකේතයන් ලෙස තබා ගැනීම ගැටළුවක් නැත. එහෙත් ජාතික කොඩිය ලෙස භාවිතා කල යුතු අවස්ථාවන් හිදී භාවිතා කල යුත්තේ පෙර භාවිතා කල ජාතික කොඩියක් හෝ වර්තමානයේ භාවිතා කරන්නාවූ ජාතික කොඩියට විවිධ වෙනස් කම් කොට සෑදිය හැකි කොඩියක් නොව නීතියෙන් පිළිගෙන ඇත්තාවූ ජාතික කොඩිය ය .

නීතියෙන් පිළිගන්නාවූ ඒ අනුව භාවිතා කල යුතු ජාතික කොඩිය පිළිබදව වෙනමම රිතී මාලාවක්ද වේ. ඒ අනුව කටයුතු කොට එයට උපරිම ගෞරව දැක්වීම ශ්‍රී ලංකාවේ පුරවැසියන් වශයෙන් අප කල යුත්තකි. 

1885 දී තරම් ඈත අතීතයේ එම වසරේ වෙසක් පොහෝ දින මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් ප්‍රථම වරට ඔස්වනු ලැබූ බවට සලකන අපගේ බෞද්ධ කොඩියද ඉතා වැදගත් ජාතික සංකේතයක් වන අතර මෙරට පමණක් නොව ලෝක බෞද්ධ ප්‍රජාවම භාවිතා කරනනවූ කොඩිය වශයෙන් පිළිගෙන තිබේ.  එබැවින් එයද සුදුසු අවස්ථාවලදී නිසි ගෞරවය ලබාදීම යුතුකමකි.

ජාතික කොඩිය ආණ්ඩුක්‍රම විවස්ථාවෙන්ම ආරක්ෂා කොට ඇත්තේ එය එතරම්ම වැදගත් ජාතික සංකේතයක් වන නිසාය. එබැවින් නීතියෙන් පෙන්වාදී ඇති ජාතික කොඩියම ඒ ආකාරයෙන්ම භාවිතා කිරීමට කටයුතු කල යුතුය.
- දිලීප් ප්‍රසාද්

ශාරියා නීතියට L.B. Finance ආයතනය

මේ බදුල්ල නගරයේ L.B. Finance ආයතනය ඉදිරිපිට අද උදෑසන සිට ප්‍රදර්ශනය කෙරෙන දැන්වීමකි. මෙහි කියවෙන්නේ “ශරියා නීතිය“ ට අනුකූල මුදල් තැන්පතු ක්‍රම මෙම ආයතනය තුළ ඇති බවය. මුස්ලිම් සේවාදායකයින්ගේ අවශ්‍යතාවයක් පිලිබද දැන්වීමක් ප්‍රදර්ශනය කිරීමේ ඇති වරද කිමදැයි කෙනෙකුට අසන්නට පුලුවන. එහෙත් ඔබ අප මතුපිටින් නොදකින සියුම් අරමුණක් මේ යටින් දිවෙන බව පැහැදිලි කළ යුතුය.
මෙහි කියවෙන්නේ “ශාරියා නීතිය“ට අනුව මෙහි මූල්‍ය කටයුතු කෙරෙන බවයි. මෙය ප්‍රදර්ශනය වන්නේ ප්‍රධාන නගරයක් වන බදුල්ල නගරය තුලය. එයින් කියවෙන්නේ දිවයිනේ ප්‍රධාන නගරයක් වන බදුල්ල නගරය තුළ “ශාරියා නීතිය“ පිළිගන්නා බව නොවේද? පසුගියදා මෙවැනිම “ශරියා නීතිය“ තහවුරැ කරන දැන්වීම් පුවරුවක් ගාල්ල නගරය තුළ ප්‍රදර්ශනය වූ බව අපි හොදින්ම දනිමු. අපගේ අගනුවර වන කොළඹ නගරය තුළ මේ වන විට බියකරු අන්දමින් ශාරියා නීතිය හා මූලධර්මවාදීන්ගේ ක්‍රියාකාරකම් එළිපිටම සිදුවන බවද අපි දනිමු. නැගෙනහිර පළාත පිළිබදව කවර නම් කතාද.. ඔවුහු එහි රිසිසේ තම නීතිය ක්‍රියාත්මක කරති.
ශාරියා නීතිය ක්‍රියාත්මක වන බව පැවසෙන දැන්වීම් පුවරු, ක්‍රියාකාරකම් සහ හැසිරීම් මගින් ඔවුන් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ මෙයද ශාරියා නීතියට යටත් මුස්ලිම් බහුතරයක් වෙසෙන රටක් බව නොවේද.?
එබැවින් මෙය හුදෙක් පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමේ සරල උත්සාහයක් ලෙස දැකිය නොහැකිය. ඇවිලෙන්නට බලාගෙන අලු යට සැගවී සිටින අන්තවාදයේ ගිණිපුපුරු වල සලකුණුය. ඒ ගින්න ඇවිලුණහොත් අඵ වන්නේ සිංහල බෞද්ධ අප පමණක් නොවේ. දමිල, හින්දු, කතෝලික ජනතාවත් එහි අනිටු ප්‍රතිඵල භුක්ති විදිනු ඇත. 
එබැවින්...
සුළු ජාතික ඡන්ද වලට, විදේශාධාර වලට, හා ජිනීවා ඡන්ද වලට ගැතිව ගොලුවන් බිහිරන් සේ සිටින බලධාරීන්ගේ නෙත් අරවන්නට අප එකට එකතු විය යුතු කාලය එළඹ ඇත.