1. Full Tank ගහන එක හොදයිද ?
හැමෝම දැකලා ඇති ඉන්ධනහල් වලට ගියාම සමහරු වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්රල් ගහනවා..
අපි හැමෝම දන්න දෙයක් දමයි පෙට්රල් ඉතා ඉක්මනින් වාෂ්ප වෙනවා කියන එක. ඉතිං ඕනම ද්රව්යයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා.
පරිමාව වැඩි වෙනකොට ටැංකිය තුල පීඩනය වැඩි වෙනවා . අධික උෂ්ණ දේශගුනික තත්ව වලදී ආරක්ෂාකාරී තත්වයක් නෙමෙයි මේ. මේක ඉතිං හැමෝම දන්න දෙයක්නෙ..
මීට අමතරවව Full Tank පෙට්රල් ගැසීමේ අවාසි තමයි මේ...
පෙට්රල් ගහනවිට උපරිම මට්ටමට පැමිනීමෙන් පසු ස්වංක්රීයව නවතින ක්රමයක් තියන බව අපි හැමෝම දන්නවා.
මෙතනදී වැඩිපුර පැමිණි පෙට්රල් ප්රමාණයට නැවත හරවා යවන නලය ඔස්සෙ නැවත භූගත ඉන්ධන ගබඩාවට යනවා. නමුත් මතක තබාගන්න මේ ඉන්ධන දැනටමත් ප්රධාන මීටරය හරහා ගොස් අවසන්ය..
එනම් ඔබ මේ ඉන්ධන සදහා මුදල් ගෙවා ඇත. ඇත්තටම ඔබ නොදැනුවත්වම ඉන්ධනහල් හිමිකරුට ඉන්ධන වලින්ම ආධාර කර ඇත.
2. තෙල් ගහන්න වෙලාවක් තියනවද ?
හැකිතාක් උදේ වරුවෙ තෙල් ගහන්න. මොකද උදේ වරුවට පොලොව රත්වී නොමැති නිසා භුගත ගබඩා වල පවතින් ඉන්ධන වල ඝනත්වය නියම මට්ටමේ පවතී.. නමුත් උෂ්නත්වය වැඩිවීමටත් සමග ද්රව ප්රසාරනය නිසා ඔබට ලැබෙන්නේ සැබෑම ලීටරයක් නොවේ..
අඩු ඝනත්වය නිසා ඔබට ලීටරයක් මිලට ලැබෙන්නේ ලීටරයකට අඩු ඉන්ධන ප්රමාණයකි.
3. ඉක්මනට තෙල් ටික ගහමුද ?
හැමෝම හොදින් දැකලා ඇති ඉන්ධන සපයන කරාමයේ ඉන්ධන මුදාහරින වේගය පාලනය කරන්න පුලුවන්. නැවත මතක් කර ගත්තොතින් පෙට්රල් කියන්නෙ ඉතා ඉක්මනින් වාෂ්ප වන දුවයක් කියන එක ඔයාලටම තේරේවි ඉන්ධන මුදා හරින වේගය වැඩි වෙනකොට වාෂ්ප බවට පත්වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩී..
ඔබ වේගයෙන් පෙට්රල් මුදාහරින විට මුදල් ගෙවන ලද පෙට්රල් වලින් ප්රමාඉණයක් ඔබට නොදැනීම වායුගොලයට එක්වී හමාරය.
හැකි තරම් සෙමින් ඉන්න මුදාහැරීම සුදුසුය..
4. බවුසරයෙන් ආපු අලුත්ම තෙල් ගහමුද ?
ඕනෑම ඉන්ධනහලක ගබඩා කරලා තියෙන්නෙ භූගත ටැංකි වලය. ඔය ටැංකි වලට බවුසර වලින් ඉන්ධන ගෙනත් පුරවනවත් දැකලා ඇතිනෙ..
හෙන්න මේ වගේ අවස්ථාවක ඉන්ධනහලට ගියොත් ඉන්ධන නොගසන එක තමයි වඩාත් හොද. මොකද ඉන්ධන ටැංකි වලට පිරවීමේදී ටැංකි වල තැන්පත්ව ඇති කුණුරොඩු කැළඹීමට පත්වෙනවා. මේ වගේ වෙලාවක ඉන්ධන ලබාගත්තොත් ඔබටත් නොමිලේම මේ කුණුරොඩු ඔබේ ඇන්ඩිමටද ලබාගැනීමට හැකියාවක් තියනවා..
Monday, June 10, 2013
Thursday, June 6, 2013
ගමන් කරන පාෂාණ
"Sailling Stone" හෙවත් ගමන් කරන පාෂාණ ලෙසින් හැදින්වෙන භූ විද්යාත්මික සංසිද්ධියෙන් දැක්වෙන්නෙ කිසිදු මනුෂ්යවයෙකුගේ හෝ සත්වයකුගෙ මැදිහත් වීමකින් තොරව ඉතාමත් සිනිදු කාන්තාර නිම්න දිගේ ගමන් කරන අභිරහස් පාෂාණ විශේෂයයිකි. මෙම ගමන් කරන පෂාණ අපට දකින්නට ලැබෙන්නෙ Racetrack Playa වල Death Valley නම් නිම්න ප්රදේශ තුලදිය.ඉතාමත් සෙමින් ගමන් කරන මෙම පෂාණ බොහෝ විට වසර 03 ක් වැනි කාලයක් එක දිගට ගමන් කරන අතර සමහර පාෂාණ මීට වඩා වැඩි කාලයක් ගමන් කරයි.මේවායේ ගමන් මාර්ග ඉතාමත් සෘජු සරල රේඛාවක් වේ. යම් කිසි කාලයක් ගත වූ විට සමහර පාෂාණ හිටි හැටියේම ගමන් මාර්ගය වෙනස් කරන අතර එලෙසින් ගමන් මාර්ගය නෙකස් වන්නෙ හරියටම අංශක 90 කිනි.
මෙම පාෂාණ ගමන් කිරීමට කිසිදු මනුෂ්යෙයකුගේ හො සත්වයකුගේ බලපෑමකින් නොවන බව මේ වන විට තහවුරැ වී ඇති අතර විද්යාඥයින් සොයා ගත් නවතම මතයක් වන්නේ මෙම නිම්න වලට වර්ෂාව ලැබෙන විට මේවා ජලයෙන් පිරී යන හෙයින් පෘෂ්ඨය මත ඇති වන අයිස් මිශ්ර ලුණූ ගතියට මෙම පාෂාණ ගමන් කරන බවයි.වර්ෂාව පායන කාලයට ජලය සම්පූර්නයෙන්ම වාෂ්ප වන නිසා එම පාෂාණ ගිය මාර්ගය දිස්වන්නට පටන් ගනියි.ඉතා කුඩා ආදර්ශ මගින් විද්යාඥයින් තහවුරැ කර ගැනීමට හැකි වී ඇති නමුත් මෙතරම් සමතල පෘෂ්ථයක රාත්තල් 700 යට අධික බරෙන් යුත් විශාල පාෂාණ මෙතරම් දුරක් සරළ රේඛීයව ගමන් කරන ආකාරය පහදා දීමට හැකියාවක් ලැබී නැත.මේ නිසා විද්යාවට සම්පූර්ණයෙන්ම පැහැදිළි කර ගැනීමට නොහැකි වූ අස්වාභාවික සංසිද්ධියක් බවට පත්ව ඇත.
උපුටා ගැනීමකි
කාන්දම් දුම්රිය
කාන්දම් බලයෙන් ධාවනය වන දුම්රියක් පසුගියදා ජපානයේදී සාර්ථකව අත්හදා බැලිණි.‘‘මැග්ලෙව්‘‘ නමින් හැදින්වෙන මේ දුම්රියට පැයට සැතපුම් 311 ක පමණ වේගයක් අත්කර ගතහැකි බව සදහන්ය.මේ වර්ගයට අයත් දුම්රියයන් ජපාන දුම්රිය සේවාවන්ට හදුන්වාදීමෙන් දැනට දුම්රිය ගමන් වලට වැය වන කාලය හරි අඩකින් පමණ අඩු කර ගත හැකිවේයැයි ජපාන බළධාරීන් කියයි.
මෙහි ඇති විශේෂත්වය වනුයේ දුම්රිය පීල්ල හා දුම්රිය අතර කිසිදු සබඳතාවක් නොමැති වීමයි.දුම්රිය පීල්ල මත ‘‘පාවෙන‘‘ අතර ඒ සදහා දුම්රියෙත්,පීල්ලේත් සවිකර ඇති විශේෂ චුම්භක අතර ඇතිවන ආකර්ෂණයන් හේතු වේ.දුම්රිය ගමන් කරන්නේද කාන්දම් බලයේ පිහිටෙනි.
පීල්ල මත ‘‘පාවෙන‘‘ දුම්රිය මත මාර්ගය දෙපස සවිකර ඇති චුම්භකයන්ගේ කාන්දම් බලයට ආකර්ෂණය වේ.මේ ආකර්ෂණ බලය නිසා දුම්රිය ඉදිරියට ඇදේ.ආකර්ෂණ බලයේ ප්රබලතාව අවශ්ය පරිදි පාලනය කිරීමේ හැකියාව දුම්රිය රියදුරුට ඇත.බලයේ ප්රබලතාව මත දුම්රියේ වේගය තීරණය වේ.
විශේෂ කරුණක් වන්නේ අනෙකුත් දුම්රියයන්ගේ මෙන් රෝද පීලි වල ගැටීමේදී ඝර්ෂණය ආදී හේතුන් නිසා සිදුවන ශක්ති හානිය මේ ක්රමයේදී සිදුනොවීමයි.එම නිසා ඉහළ කාර්යයක්ෂමතාවයකින් යුතුව දුම්රිය ධාවනය කළ හැකි බව ඉංජිනේරුවන් කියයි.
2017 වසර පමණ වන විටදී මේ දුම්රිය සේවය වාණිජ මට්ටමින් ඇරඹිීමට ජපාන ප්රවාහන බළධාරීන් අපේක්ෂාවෙන් සිටී.විශේෂයෙන් සකස් කළ දුම්රිය මාර්ගයන් ඉදිකළ යුතුව ඇති බැවින් ඒ සදහා අධික මුදලක් වැය කළ යුතුව ඇතැයි සදහන්ය.චීනයේ දැනටමත් මෙවන් දුම්රිය සේවයක් කි්රයාත්මක අතර දුම්රිය මාර්ගය වෙනුවෙන් පමණක් ඩොලර් බිලියන 1.3 ක් වැයව ඇත.
.jpg)
.jpg)
Wednesday, April 10, 2013
Tuesday, April 9, 2013
සිංහල අලුත් අවුරුදු නැකැත්
නව සඳ බැලීමට
අභිනව චන්ද්ර වර්ෂය සහ අභිනව සූර්ය වර්ෂය සඳහා 2013 ක් වූ අප්රේල් මස 14 වන ඉරිදා දින නව සඳ බැලීම මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානයට
අප්රේල් මස 13 වන සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්රේල් මස 14 වන ඉරිදා පූර්ව භාග 01.29 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්ය කාලය
අප්රේල් මස 13 වන සෙනසුරාදා දින අපර භාග 07.05 සිට අප්රේල් මස 14 වන ඉරිදා දින පූර්ව භාග 07.53 දක්වා පූණ්ය කාලය බැවින්, අප්රේල් මස 13 වන සෙනසුරාදා දින අපර භාග 07.05 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද , පුණ්ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන ඉරිදා දින පූර්ව භාග 01. 29 සිට පූර්ව භාග 07.53 දක්වා පහත දැක්වෙන අයුරු
වැඩඇල්ලිම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී අවුරුදු චාරිත්ර විධි ඉටුකිරිම ද මැනවි.
ආහාර පිසීම
අප්රේල් මස 14 වන ඉරිදා දින පූර්ව භාග 04.06 ට නිල් පැහැති වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා ගිතෙල් සහ හකුරු මිශ්ර කිරිබතක් ද තල මිශ්ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම මැනවි.
වැඩඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය
අප්රේල් මස 14 වන ඉරිදා දින පූර්ව භාග 07.05 ට තඹ (රතු සහ කහ මිශ්ර) පැහැති වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියළු වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
හිසතෙල් ගෑම
අප්රේල් මස 15 වන සදුදා දින පූර්ව භාග 06.41 ට සුදු පැහැති වස්ත්රාභරණයෙන් සැරසි නැගෙනහිර දිශාව බලා හිසට දිඹුල් පත් ද , පයට ඉඹුල් පත් ද තබා තෙල් සහ දිඹුල් පත් යුෂ මිශ්ර නානු ද ගා ස්නානය කිරිම මැනවි.
රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම
අප්රේල් මස 17 වන බදාදා පූර්ව භාග 07.42 ට පලාවන්(කොළ) පැහැති වස්ත්රාභරණයෙන් සැරසී කිරිබත් හා හකුරු මිශ්ර ආහාරයක් අනුභව කර දකුණු දිශාව බලා රැකිරක්ෂා සඳහා පිටත්ව යෑම මැනවි.
සේවා අවශ්යතා සදහා රැකියාවට පිටත්ව යෑම
අප්රේල් මස 15 වන සදුදා පූර්ව භාග 06.53 ට සුදු පැහැති වස්ත්රාභරණයෙන් සැරසී කිරිබත් සහ කිරි මිශ්ර ආහාරයක් අනුභව කර නැගෙනහිර දිශාව බලා රැකී රක්ෂා සදහා පිටත්ව යෑම මැනවි.
සැ.යු. ඉහත නැකැත් වේලාවන් දැනට සම්මත ඔර්ලෝසු වේලාවෙන් සකස් කර ඇත්තේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්රහය ඇතිව සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසිනි. මෙම වේලාවන් ශ්රී ලංකාවේ සියලු ප්රදේශවලට නොවෙනස්ව භාවිත කළ හැක.

Friday, April 5, 2013
ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරාගනිමු
අප්රේල් මාසය ශ්රී ලංකාවේ අඩුවෙන්ම ලේ දන් දෙන මාසයයි. ඒ නිසා මෙම මාසය තුළ බොහෝ පිළිකා රෝගීන් මෙන්ම බොහෝ අසාධ්ය රෝගීන්ගේ ජීවිත බලවත් අවධානමකට ලක්වී තිබෙනවා. ඇතැම් විට හෙට දිනයේ ඒ අවධානමට ලක්වන්නේ ඔබ විය හැකියි!
ඒ අවධානමෙන් ඔබව ගලවා ගන්නට අප සූදානම්....!!!
ජාතික ලේ දන්දීමේ සේවය සහ මහමෙව්නාව භාවනා අසපු සංචිතය සමගින් ශ්රද්ධා රූපවාහිනිය ඒකාබද්ධව සිදු කරන පින්බර සමාජ සත්කාරය - ශ්රද්ධා රුධිර දාන ලේ දන්දීමේ කඳවුරු මාලාව....
මාර්තු මස 31 ::: මොණරාගල සහ වැලිමඩ මහමෙව්නාව භාවනා අසපු වලදී.
අප්රේල් මස 03 ::: බලංගොඩ මහමෙව්නාව භාවනා අසපුවේදී.
අප්රේල් මස 07 ::: මාතලේ , කන්තලේ සහ මහව මහමෙව්නාව භාවනා අසපු වලදී.
අප්රෙල් මස 09 ::: පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දී සහ බදුල්ල ධර්මදූත මහා විද්යාලයේදී.
අපේල් මස 12 ::: බණ්ඩාරවෙල නගර ශාලාවේදී.
අප්රේල් මස 13 ::: මාළඹේ අමාවතුර මහමෙව්නාව භාවනා අසපුවේදී.
අප්රේල් මස 21 ::: අනුරාධපුරය, ආනමඩුව, ගාල්ල, සහ හොරණ මහමෙව්නාව භාවනා අසපුවලදී.
අප්රෙල් මස 28 ::: වලස්මුල්ල, උයන්දන සහ හුණුමුල්ල මහමෙව්නාව භාවනා අසපුවලදී.
ජාතික රුධිර සංචිතයට සවියක් වන්නට ඔබත් අප හා එක්වන්න.
ගුවන් විදුලි මාධ්ය ආවරණය - ශ්රද්ධා ගුවන් විදුලිය.
මුද්රිත මාධ්ය අනුගහය - මහාමේඝ පුවත් සඟරාව.
රූපවාහිනී මාධ්ය ආවරණය - ශ්රද්ධා රූපවාහිනිය.
මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු....!!
ජාතික ලේ දන්දීමේ සේවයේ සහෘද මාධ්ය සහකරු ශ්රද්ධා රූපවාහිනිය.
සියලු විමසීම් :
ශ්රද්ධා රූපවාහිනිය,
මහමෙව්නාව බෝධිඥාන භාවනා අසපුව,
හේවාගම,
කඩුවෙල.
දුරකථන : 011-2571471 / 011-2548400
Subscribe to:
Posts (Atom)