තරු සිත්තම

a

Tuesday, November 13, 2012

තරගෙට සතියකට පසු ලිපිය ලැබේ




උතුරු මැද පළාතේ පාසල් කථික තරඟවලින් ප්‍රථමස්ථානය දිනූ අත්තරගල්ලෑවේ ඉෂාරා මධුෂානි පෙරේරා දැරියට සමස්ත ලංකා තරගයට සහභාගී වන ලෙස දන්වන ලිපිය තරගය පවත්වා දින හතකට පසු ලැබී ඇත.
පසුගිය තුන්වැනිදා කොළඹ ආනන්ද විදුහලේදී තරඟය පැවැත්විණි. ලිපිය ලැබුනේ 10වැනිදාය.
එම ලිපියට අත්සන් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච් යූ ප්‍රේමතිලක මහතාය.
2012.10.19 වැනි දින තැපැල් කළ එම ලිපිය ඇයට නිසි වේලාවට ලැබී නැත්තේ ලිපිනය වැරදීම නිසා යැයි පාසල් ආරංචි කියයි.
අතරගල්ලෑව පිහිටියේ බකමූණේය. එහෙත් ලිපිය යවා ඇත්තේ හිඟුරග්ගොඩටය.


0 comments:

Post a Comment