තරු සිත්තම

a

Friday, November 23, 2012

please help her

ඇය නව යොවුන්විය අබියසට එළඹ සිටින අහිංසකාවියකි. පැහැපත් පෙනුමක්‌ හා දීප්තිමත් නෙත් සඟලක්‌ ද උරුමව උපත ලද ඇය 16 හැවිරිදිය. කෙළිලොල් සිනහවෙන් නිරතුරු මුව සරසාගෙන සිටි ඇය නමින් මාධවී මිහිරාණි වන්නීය.

මාධවී ඉපදී හැදී වැඩෙන්නේ හොරණ, පෝරුවදණ්‌ඩේය. උපතින් ඇයට උරුමව තිබුණේ පැහැපත් බව පමණක්‌ම නොවේ. ඉගෙනීමේ සහජ දක්‍ෂතාවද ඇය කෙරෙන් දිස්‌ වූයේ ළමා අවධියේ සිටමය. හොරණ තක්‍ෂිලා කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද මාධවී පහ ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින් සමත් වී කොළඹ ලුම්බිණි විදුහලට ඇතුළත් වීමට වරම් ලබන්නේ එම දක්‍ෂතාව නිසාය. වසරින් වසර සිය හැකියාවන් ඔප් නංවා ගනිමින් හිඳින සිය දියණියගේ අනාගතය බෙහෙවින්ම දීප්තිමත්ය යන හැඟීමෙන් මාධවීගේ දෙමව්පියන්ගේ සිත් පිරී තිබිණි.

ඉමහත් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් දක්‍ෂතා දක්‌වන සිය දියණියගේ රෝගී තත්ත්වයක්‌ සම්බන්ධයෙන් දෙමව්පියන් යම් චකිතයකින් පසුවූයේ අද ඊයේ සිට නොවේ. දිගු කාලයක සිටම මාධවී හිසේ කැක්‌කුමකින් පෙළුණාය. එම රෝගී තත්ත්වය කෙතරම් අපහසුතාවක්‌ වුවද සිය අධ්‍යාපන කටයුතුවලට එය බාධාවක්‌ කර නොගත් මාධවී වරින් වර වෛද්‍ය පරීක්‍ෂණවලට ද භාජනය වූවාය. එහෙත් කරන ලද ප්‍රතිකාරවලින් රෝගී තත්ත්වයට පිළියමක්‌ නොලැබිණි. මෙම වාතාවරණය හමුවේ විපිළිසර වූ දෙමව්පියෝ සිය දියණිය විධිමත් වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කළහ. සිය දියණිය පිළිබඳ අප්‍රමාණ හැඟුම් සමුදායකින් සිත් පුරවාගෙන සිටි දෙමව්පියන්ගේ හදවත් පුපුරා කඩා හැළුණේ එම වෛද්‍ය පරීක්‍ෂණයෙන් අනතුරුවය.

වෛද්‍ය පරීක්‍ෂණයේ නිගමනය වූයේ මාධවීගේ හිසේ පිටියුටරි ග්‍රන්ථියේ සෙන්ටි මීටර් 1-5 ක පමණ ගෙඩියක්‌ ඇති බවය. දිගු කාලයක්‌ තිස්‌සේ පැවැති හිසේ කැක්‌කුමට හේතුව එය යෑයි වෛද්‍යවරු නිගමනය කළහ.

ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව ලුම්බිණි විදුහලට ඇතුළත් වූ මාධවී සිය ජීවිතයේ පළමු කඩඉමට මුහුණ දීමට සූදානමින් සිටින්නේ ලබන මාසයේය. එනම් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමය. ඒ අභියෝගය මුව විට තිබියදී මහා කරුමයක්‌ කරපින්නා ගැනීමට දෛවයේ සරදම විසින් මාධවී දියණියට බලකරනු ලැබ තිබීම සැබවින්ම ශෝචනීයය. විකසිත වෙමින් පවතින මලක්‌ වන් සිය දියණියට මුහුණ පෑමට සිදුව ඇති ඉරණම පිළිබඳව දෙමව්පියෝ වික්‍ෂිප්තව සිටිති.

මාධවීට අනිවාර්යයෙන්ම ශල්‍ය කර්මයක්‌ කළ යුතු යෑයිද ඒ සඳහා රුපියල් ලක්‍ෂ පහළොවත් විස්‌සත් අතර මුදලක්‌ වැය වන බවද "ද සෙන්ට්‍රල්" රෝහලේ වෛද්‍ය හර්ෂ බරණගේ මහතා නිර්දේශ කර තිබේ. මාධවීගේ පියා වන එන්. සිරිල් මහතාද ගුරුවරයෙකි. හෙතෙම දැස්‌ පාදමින් සිටින්නේ රත්නපුර මල්වල ශ්‍රී ඥනෝභාස පිරිවෙනේ ශිෂ්‍ය ස්‌වාමීන් වහන්සේලාගේය. එවන් පුණ්‍යකර්මයකට පේවී සිටින සිරිල් මහතා සිය දියණිය මුහුණ පා සිටින කනගාටුදායක තත්ත්වය හමුවේ හදවතින් වැළපෙමින් සිටියි. නිවසේ සිටින මවගේද නෙත් කඳුළින් බොඳවෙයි.

"මේ හදිසි ශල්‍යකර්මයට මෙතරම් විශාල මුදලක්‌ සොයා ගන්නේ කොහොමද" සිරිල් මහතාගේ හදවත කඩා හැළෙන ප්‍රශ්නය එයයි. එය සත්‍යයකි. ගුරුවරයකුට රුපියල් ලක්‍ෂ පහළොවක්‌ විස්‌සක්‌ සොයා ගැනීම සිහිනයක්‌ව පවතී. එහෙත් ඒ සිහිනය සැබෑවක්‌ බවට පත්කර ගත යුතුමය.

මාධවී නම් දීප්තිමත් ශිෂ්‍යාවගේ ශල්‍යකර්මයට මූල්‍යාධාරයක්‌ කිරීම අවශ්‍ය බව ලුම්බිණි විදුහලේ විදුහල්පති ඒ. ඒ. ඩී. එම්. සී. විඡේතුංග මහතාද ප්‍රකාශ කර ඇත.

39/1, ස්‌වර්ණ පෙදෙස, ගමගේ මාවත, පෝරුවදණ්‌ඩ, හොරණ ඔවුන්ගේ ලිපිනයයි. 0778254477, 0775423894 යන දුරකථන අංකවලින් මාධවීගේ මව හෝ පියා සම්බන්ධ කරගත හැකිය.  -divaina-
ඇය නව යොවුන්විය අබියසට එළඹ සිටින අහිංසකාවියකි. පැහැපත් පෙනුමක්‌ හා දීප්තිමත් නෙත් සඟලක්‌ ද උරුමව උපත ලද ඇය 16 හැවිරිදිය. කෙළිලොල් සිනහවෙන් නිරතුරු මුව සරසාගෙන ස
ිටි ඇය නමින් මාධවී මිහිරාණි වන්නීය.

0 comments:

Post a Comment