තරු සිත්තම

a

Monday, March 5, 2012

කාගෙද වරද?

රද්දොළුගම ප්‍රදේශයේ පාදයක් අහිමි ගවයෙකුට කෘතීම පාදයක් සවි කිරීමට එම ප්‍රදේශයේ පදිංචිව සිටින ජර්මන් ජාතිකයෙකු සමත් වී තිබෙනවා.

කුඩාකල සරුංගලයක නයිලෝන් නුලක් කකුලේ පටලැවී ඇති වූ තුවාලයක් හේතුවෙන් එම ගවයාගේ ඉදිරි ගාතයක් ඉවත් කොට තිබේ.

ඉදිරි පාදය අහිමි ගවයා අපහසුවෙන් ගමන් කරනු දුටු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විමලසේන ලියනපතිරණ මහතා ආබාධිතයන්ට කෘතීම පාද සකසන ආයතනයක් පවත්වාගෙන යන ජර්මන් ජාතිකයෙකු වන හර්මන් වෙන්ඩ්ලන්ඩ් මහතා හමුවී එම ගවයා ගැන තොරතුරු පැවසීමෙන් පසුව හර්මන් මහතා මෙම කෘතීම පාදය නිර්මාණය කරීම ආරම්භ කොට තිබේ.


මින් පෙර කිසිදෙනෙක සතෙකු වෙනුවෙන් කෘතීම පාදයක් නිර්මාණය කර නොතිබුණු නිසා ඒ වෙනුවෙන් පරීක්ෂණ රැසක් කොට අත්හදා බැලීමෙන් පසුව පසුගිය දිනෙක එම කෘතීම පාදය එම ගවයාට සවිකරනු ලැබුවා.

එම පාදය සවිකිරීමෙන් පසුව ගවයාට පෙරමෙන් නිදහසේ එහා මෙහා යාමේ හැකියාව දැන් ලැබී තිබෙනවා.

ගවයෙකුට කෘතීම පාදයක් සවිකළ ප්‍රථම අවස්ථාවද මෙය වේ.



කාගෙද වරද? අපේ අතිනුත් කොතරම් මෙසේ වී ඇත්ද?



0 comments:

Post a Comment