තරු සිත්තම

a

Tuesday, March 20, 2012

හිසරදය



ජීවිතයටම වධයක් වූ හිසරදයට නොසිතාම අප පාර කපා ගන්නා අවස්ථා මොන තරම් තිබෙනවාද? එවැනි කරුණු හයක් ගැන දැන් ඔබ දැනුවත්. මේ ඔබට හොර රහසේම හිසරදයට මඟ පාදන තවත් කරුණු කිහිපයකි.

කැෆේන්
කෝපි නිතර පානය කිරීම නුසුදුසුය. ඒ එහි කැෆේන් අඩංගු නිසයි.


දින පොත
මේ වැඩි දෙනෙක් දින පොත් සොයා වෙහෙසෙන කාලයයි. හිසරදයෙන් පීඩා විඳින්නෙක් නම් දින පොතක හිසරදය පිළිබඳ තොරතුරු සටහන් කිරීමට පුරුදු වන්න. හිසරදය පැවැති දිනය, හිසරදය පැවැති කාලය, අනුමාන කරන හේතු, ගත් වේදනා නාශකය එහි සටහන් කරන්න.
වෛද්‍ය ප්‍රතිකාර පැතිමේදී එය ප්‍රයෝජනවත් වේවි. හිස සම්භාහනය කිරිම හිසරදයට කදිම ප්‍රතිකාරයකි. ඇවිදීම වැනි සරල ව්‍යායාම ද හිසරදය අඩු කරයි. විජලනය ද හිසරදයට හේතුවන නිසා හොඳින් ජලය පානය කිරීම ද වැදගත්ය.


ආහාර වේල් මඟ හැරීම
ප්‍රධාන ආහාර වේල් පවා නොගැනීම කාර්ය බහුලකම නිසා අප වැඩි දෙනෙක් කරන නරක දෙයකි. කුසගින්නට හිසරදය ඇතිවන බව බොහෝ දෙනා තවමත් අවබෝධ කරගෙන නැත. ආහාර වේල් මඟ හැරිය විට ලැබෙන දඬුවමක් වන්නේ හිසරදයයි.
කුසගින්නට පැණි රස ආහාර ගැනීම ද සුදුසු නැත. පැණි රස ආහාර ගත් විට රුධිරයේ සීනි මට්ටම වහා ඉහළ ගොස් යළි වහා පහළ බසී. රුධිරයේ සීනි මට්ටම පහළ බසින විට හිසරදය හට ගනී.
ඉගුරු, මාළු, මාළු තෙල්, කැල්සියම් සපිරි ආහාර, නිවිති, තිරිගු, සුදුලූනු වැනි මැග්නීසියම් අඩංගු ආහාර හිසරදය සමඟ සටන් කර අපට සහනයක් දීමට උත්සාහ කරද්දී මත්පැන් වැනි අහිතකර පාන මිග්‍රේන් බරපතළ තත්ත්වයට පත් කරයි.
දවස පුරා කුඩා ආහාර වේල් ගැනීම මඟින් හිසරදය වධයක් වූ ඔබට අපමණ සහනයක් ලද හැකියි.


යකඩ ඌනතාව
හිසරදය යකඩ ඌනතාවට හේතුවන තවත් කරුණකි. රක්ත හීනතාව නැත්නම් යකඩ ඌනතාව තරමක් බරපතළ වශයෙන් ඇති විට හිසරදය හට ගනී.


අක්ෂි ආබාධ
ඇස්වල පෙනීම පිළිබඳ ගැටලුවක් ඇත්නම් එය පෙන්නුම් කරන එක් ලක්ෂණයක් වන්නේ හිසරදයයි.


දුම් වැටිය
දුම් වැටිය මාරයෙකි. මේ මාරයා අපේ හිසට ගෙන දෙන වධය, හිසරදයයි. දුම් වැටියේ අඩංගු නිකොටින් රුධිර නාල පටු කරන අතර එය හිසරදයට හේතු වෙයි. අවාසනාවකට දුම් පානය කරන්නන් අසළ සිටින පුද්ගලයන් ද හිසරදයට ගොදුරු වෙයි.





0 comments:

Post a Comment