තරු සිත්තම

a

Thursday, March 1, 2012

1991 ජුලි 1








අලිමංකඩ යුද හමුදා කඳවුර ශ්‍රී ලංකා හමුදාවටද ඉමහත් ශක්‌තියක්‌ වී තිබුණි. 1991 වසරේ ජුනි මාසය පමණ වන විට අලිමංකඩ යුද හමුදා කඳවුර අල්ලා ගැනීමට කොටි මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌ දියත් කළේය. ඒ අවුරුදු ගණනාවක පෙර සූදානමකින් ද පසුවය. යුද හමුදාවද සිය ශක්‌තිය යොදා ගනිමින් එකා පිට එකා වැටුණද අලිමංකඩ රැක ගැනීමේ ප්‍රබල උත්සාහයක නිරතවී සිටියහ.

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ සුවිශේෂ දිනයක්‌ බවට පත්වූ 1991 ජුලි 1 වැනිදාට හිරු නැඟුණේ අලිමංකඩ ප්‍රදේශයම වෙඩි හඬින් ගිඟුම් දෙද්දීය. රක්‌ත වර්ණ රුධිරයෙන් අලිමංකඩ පොළව සසලව තිබෙන විටකදීය.

ඉදිරි ආරක්‍ෂක වළලු බිඳ දමමින් කොටි ත්‍රස්‌තවාදීහු අලිමංකඩ යුද හමුදා කඳවුර භූමියට වෙනදා යුද බිමේදී දක්‌නට නොලැබුණු සන්නද්ධ රථයක්‌ ඉදිරියට ඇදී එන්නට වූයේ මේ අතරය. ඊට එල්ල කෙරුණු කිසිදු වෙඩි උණ්‌ඩයකින් එය නතර කළ හැකි නොවීය.

අලිමංකඩ හමුදා කඳවුර තුළට කඩා වැදුනහොත් සිදුවන විනාශය සිතා ගැනීමටවත් නොහැකි විය. එය කෙසේ හෝ වළක්‌වා ගත යුතු වුවත් ඒ වෙනුවෙන් කළ හැකි දෙයක්‌ද නොවුණි. ඉදිරි පෙළ සිටි කෝප්‍රල් ගාමිණී කුලරත්නගේද අදහස වූයේ එය තමා පසු කර හමුදා කඳවුරට යා නොදිය යුතු බවකි.

ඒ වෙනුවෙන් සිදුකළ යුත්තේ කුමන කැපවීමක්‌දැයි ඔහු සිතන්නට ඇත. එහෙත් ඒ සියල්ලටම තිබුණේ තත්පර වලින්ම ගැණිය හැකි කාලයක්‌ පමණි. ශ්‍රී ලංකා හමුදාවේ මෙන්ම මවු බිමේද ඉරණම තීරණය වන්නක්‌ බව ඔහු සිතන්නට ඇත. ඔහු ඒ සඳහා ධෛර්ය ගත්තේය. වැදූ මවත් උපන් බිමත් ස්‌වර්ග රාජ්‍යයකට වැඩිය උතුම් ලෙස සිතූ කෝප්‍රල් ගාමිණී කුලරත්න විරුවාණන් පසුතැවිලි වූවා නම් එසේ වන්නට ඇත්තේ තමන්ට මවුබිම වෙනුවෙන් පූජා කරන්නට එක්‌ ජීවිතයක්‌ පමණක්‌ ඇතැයි සිතා විය යුතුය.

සිය ගතට බෝම්බයක්‌ තබාගත් කෝප්‍රල් ගාමිණී කුලරත්න ඉදිරියට දුව ගොස්‌ එම බුල්ඩෝසරයට පැන්නේය. සියල්ලන් මවිත වෙද්දී බුල්ඩෝසරය උඩ ගොස්‌ බිම පතිත විය.

හසලක උපන් මෙම අභීත රණවිරුවා පිළිබඳ එදා මුළු ලොවම දැන ගත්තේය. දකුණු ආසියාවේම "පරම වීර විභූෂණය" සම්මානයෙන් ඔහු පුද ලද්දේද එම වික්‍රමාන්විතයයි.





***************************************************************************************************************************************************************************************************************************************************************************************



"පුලුවන්තරං වෙලා කෑම්ප්1 අල්ලගෙන්න ඉන්න කොල්ලනේ."
ඒ මේජර් කරුණාරත්න නායකයගේ හඩයි.
මද වේලාවකින්......
සර් උන්ගෙ 600ක් විතර අපිව හතර වටෙන්ම වට කරල. අපිට පතුරන් හිතන 
තරම් නෑ සර් දිගටම අල්ලගෙන ඉන්න, මොනව ඒ කියන්නෙ අපෙ කොල්ලො දෙතුන් සීයක් නිකම්ම මැරෙනව කියලද කියන්නෙ ???? ඒ මේජර් කරුණාරත්න විරුවාණන් කරකිය ගත නොහැකිව සිටි ඒ අවස්තාවේ, එහි එක් පසෙක සිටියෙ අපෙ අභීත රණවිරුවායි. 

දැයේ පිනට ලක්මව අපිට දායද කල, කෝප්‍රල් ගාමිණී කුලරත්න විරුවායි.

ගත වූයේ නිමේශයකි....
සර් සර්.. ටෙරාල අමුතු ට්‍රක්1ක් අරන් එනව, අපි ගැහුව හරි ගියෙ නෑ, ගස් වැල් කඩාගෙන ඉදිරියට අදුනු අමුතු පන්නයෙ ත්‍රස්ත රතය මොහොතකින් යුධ හමුදා කෑම්ප් එකෙහි ගේට්ටු ගඩාගෙන ඉදිරියට ඇදෙන විට අපේ විරුවන් වෙඩි වැදී තැන තැන වැටුනාහය,

"මෙය කෙසේ විස්තර කරමිද මා, ලක් මෑණියන්ගේ වීරයා මොහොතකින් නෑගී සිටී, වෙඩි වරුසා පිට වෙඩි උන්ඩ පතිත වෙන භූමිය බලාගත් ඔහු, "සර් අපේ කට්ටිය උන් ඔක්කොම මරයි සර්, අර ට්‍රක්1ට වෙඩි වදින් නෑ, සර් ඒක මම බලා ගන්නන්, සර් කෑම්ප් 1 ටෙරාට නොදී අල්ලගන්න සර් එයාර් ෆොර්ස් 1 එනකන්", ඒ අහිත රණ හඩ ලක් මව් ඇසූ අවසන් අවස්ථාවයි ඒ." අත් බෝම්බ 2ක් අතට ගත් ඔහු, 
මව්බිම වෙනුවෙන් යුධ ටැංකිය දෙසට දිව යයි.ගාමිණී එපා යයි සහෝදර විරුවන් කෑ ගසද්දී, පපුවට වැදුනු වෙඩි පහරද නොතකා යුධ ටැංකියට නගියි. ---
ඒ නිමේශය මා කෙසේ ඔබට පවසම්ද මිතුරනේ.... 
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියයුනා....
සිංහල තව පුන්චි පුතෙක් ලක් මෑණිට නැති උනා....

මගේ වීරය ඔබයි විරුවනේ. ඔබ අපිට රැක දුන් රට අපි කිසි දිනෙක පාවා නොදෙමි.

මා දන්නා පමණින්, හසලක ගාමිණී විරුවාගේ ස්මාරකය ලගින් යන මිනිසුන් අසුනින් නැගිට ඔහුට ආචාර කරනවාලු.
ඔහු සදා අමරණීයයි ලක් පුතුනෙ!

ඔහුගේ ආඩම්බර කාර වීර මෑණියන් තවමත් අපි සමගයි.
ඒ මවගේ ආඩම්බරය කිසි දිනෙක සදා නොමියේවා!






















0 comments:

Post a Comment