තරු සිත්තම

a

Thursday, March 15, 2012

Megapixel 41


ලොව පවත්වන විශාලතම ජංගම දුරකතන ප්‍රදර්ශනයේදී NOKIA සමාගම සිය නවතම ජංගම දුරකතනය වන 808 pureview නමැති ජංගම දුරකතනය හදුන්වා දී තිබේ.
එම ප්‍රදර්ශනය ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේදී පැවැත්වෙන අතර ඒ සඳහා ලොව ප්‍රමුඛ පෙළේ දුරකතන සමාගම් සිය නිෂ්පාදනයන් ඉදිරිපත් කරනු ලබයි.
එහිදී මෙම නවතම 808 pureview ජංගම දුරකතනය නරඹන්නන්ගේ සිත් ඇද බැඳ තබාගැනීමට සමත්වූ අතර එම දුරකතනයේ කැමරාව Megapixel 41 ක ප්‍රබලතාවයකින් යුක්තව නිපදවා තිබීම විශේෂත්වයකි.
තවමත් 808 pureview වෙළෙඳපොළට නිකුත්කොට නොමැති අතර එය එළඹෙන මැයි මාසයේ දී වෙළද පොළට නිකුත් කිරීමටයි NOKIA සමාගම බලාපොරොත්තු වන අතර එහි මිල ඇමරිකානු ඩොලර් 600 ක් පමණ වනු ඇති බව එම සමාගම පවසයි.


0 comments:

Post a Comment