තරු සිත්තම

a

Friday, March 2, 2012

දඩුමොණරය

රාවනා චරිතය බොහෝ දෙනෙකු හදුනා ගන්නේ ,රාවනයන්ගේ "දඩු මොණර" යන්ත්‍රය මගිනි. එය මහා රාවනයන්ගේ අහස් යාත්‍රව හෙවත් ගුවන් යානයයි. මහා රාවනයන් විසින් එය නිපදවනු ලැබුවේ ලෝක ප්‍රකට රයිට් සහෝදරයන් උපත ලබන්නට වසර 6000කට එපිටය. එකල ලක්දිව වාසය කළ "හෙළයන්'', වර්තමානයේ පවා ළගා විය නොහැකි අධි තාක්ෂණයක් අත්පත් කර ගෙන සිටි බවට මෙයින් සදහන් නොවන්නේ ද? රාවනයන් මෙම අහස් යාත්‍රාව මගින් මහා භාරතයට පවා ගොස් ඇත. ඒ අහසිනි. නමුත් රාවනා සමග යුද්ධයට පැමිණි රාමාගේ හමුදාව මෙරටට පැමිණ ඇත්තේ පා ගමනින්ය. මෙයින් සනාථ වන්නේ එකල ඉන්දියාවේ පවා මෙවන් තාක්ෂණයක් නොතිබූ බවයි.

මෙම අහස් යාත්‍රා පිළිබදව, රාවනා රජ දවස, සමකාලීන ශිෂ්ටාචාරයක්ව තිබූ "බැබිලෝනියන්" ශිෂ්ටාචාරයෙන් වාර්තා වේ. ලෝකයේ පැවති පැරණි ශිෂ්ටාචාර අතරින් "බැබිලෝනියන් ශිෂ්ටාචාරය" වැදගත් ශිෂ්ටාචාරයකි. පැරණි පුදුම හතට අයත් "එල්ලෙන උයන" මෙම ශිෂ්ටාචාරයට අයත් එකකි. එය "එල්ලෙන මාළිගාව" ලෙසද හදුන්වයි. අපේ පැරණි මිනිසුන් අතීත තොරතුරු ශිලා ලේඛන වල සටහන් කළා සේ, මොවුන් ඒවා මැටි පුවරු(CLAY TABLETS) වල සටහන් කර තැබූහ. එම මැටි පුවරු වල සදහන් වන කරුණු අතර ඔවුන්ට "එල්ලෙන උයන සහ නගර සැලැස්ම ගොඩ නැගීමට උපකාර කළේ අහසින් පැමිණි සිංහ මිනිසුන් බවත්, එය ඔවුන්ගේ රටේ "සිහගිරි" නම් ස්ථානයේ සැලසුම අනුව ගොඩ නගා ඇති බවත්" සදහන් වේ. මෙම ප්‍රකාශය 1998දී HISTORY CHANNEL නාලිකාවෙන් ප්‍රසිද්ධ කරන ලදී. ඉහත කරුණු මෙසේ පෙළ ගැස්වූ විට නිගමනය වනුයේ මෙයින් කියවෙන්නේ රාවනයන් සහ ඔහුගේ අහස් යාත්‍රාව පිළිබදව නොවේද?

•සිංහ මිනිසුන් : සිංහ නමින් සිංහලයන් සහ හෙළයන්ව හදුන්වයි

•සිහගිරි : සීගිරියට කියන තවත් නමකි

•අහසින් පැමිණි : දඩුමොණරය (රාවනා රජ දවස අහස් යාත්‍රා)

ඉහතින් සදහන් කළ බැබිලෝනියන් මැටි පුවරු වල සිංහ මිනිසුන් සහ රාවනා රජුගේ දඩු මොණරයට සමාන අහස් යාත්‍රා වල රූපද ඇත. එමෙන්ම "බැබිලෝනියන් ශිෂ්ටාචාරය" හැරුනු කොට මේ හා සමාන වූ, සමකාලීන ශිෂ්ටාචාරයක් වූ "මිසර" ශිෂ්ටාචාරයේ ද පිරමීඩ වල අහස් යාත්‍රා වල රූප සටහන් වේ. ඒද රයිට් සහෝදරයන් උපත ලැබීමට වසර 6000කට පෙර ය.

පැරණි ඉන්දීය ග්‍රන්ථවල ඇති ලෙස විමානයක් යනු තට්ටු 2කින් යුක්ත, වෘතාකාර ,මාළිගාවක් වැනි අහසින් ගමන් කළ හැකි අහස් යාත්‍රාවකි. එය සුළගේ වේගයෙන් ,කනට මිහිරි ශබ්දයකින් යුක්තව ගමන් කරයි.විමාන වර්ග 4කි. එව්වාද විවිධ හැඩයන්ගෙන් යුක්ත වේ. "වයිමාණික්‍ය ශාස්ත්‍ර" නම් ඉන්දියාවෙන් හමු වූ තවත් පැරණි කෘතියකින්ද මෙවැනිම කරුණු සදහන් වේ. විමාන උපකාරයෙන් ආරක්ෂිත දුර ගමන් යා හැකි බවත්, විමාන හසුරවන ආකාරය පිළිබදව විමානය ඇතුළත සටහන් කර තැබූ බවත්, කුණාටු සහ අකුණු ගැසීම් මග හැර ගමන් කළ හැකි බවත්, නිදහස් ශක්තිය හා සූර්යය ශක්තිය උපකාරයෙන්ද ගමන් කළ හැකි බවත්, ගුරුත්වාකර්ෂණයෙන් බාධාවක් නොවන බවත් සදහන් වේ. මෙම ග්‍රන්ථයේද අහස් යාත්‍රා පිළිබද කටු සටහන්, සැලසුම් සහ පින්තූර ඇතුළත් ය. විමාන වර්ග 3ක් පිළිබදව මෙහි සදහන් වේ. මෙය නිපදවීමට ගනු ලබන අමු ද්‍රව්‍ය 47ක් පිළිබදව මෙහි දැක්වේ. මෙම යානාවලට හෙලිකොප්ටරයක් මෙන් අහසේ රැදී සිටීමටද හැකියාව තිබී ඇත.

තවද මෙවැනි විමාන පිළිබදව සදහන් වේද ග්‍රන්ථ උපකාරයෙන් ,රයිට් සහෝදරයන් ගුවන් යානාව නිපද වීමට අවුරුදු 8කට පෙර "තල්පදේ" නම් ඉන්දියානුවෙකු විසින් ගුවන් යානාවක් නිපදවා ඇත. එදවස පැවති බටහිර බලවේග විසින් මෙය නැවැත්වූ අතර 1916 වන විට ,රයිට් සොහොයුරන්ටත් පෙර ගුවන් යානාවක් නිපදවූ "තල්පදේ" මිය යන ලදී.මෙය නිපදවීමට මොහු පැරණි වේද ග්‍රන්ථ ඇසුරින් විමාන වර්ග රාශියක් පිළිබදව අධ්‍යනය කළේය. එන්ජිම සදහා ම'කරි යොදා ගැනිනි. එම යාත්‍රාව අඩි 1500ක් උඩට ගත හැකි විය.

මෙම කරුණු වලින් "විමාන" යනු සැබෑවක් බවත්, මහා රාවනයන්ට තිබූ "විමානය"ද සැබෑවක් බවත් සනාථ වේ. විමානයක් යනු මිත්‍යා මතයක් නම්,අසත්‍යක් නම්, මෙවැනි විශ්වාසයක් වසර 6000කටත් වඩා වැඩි කලක් කට කතා සහ ජනප්‍රවාද ඇසුරෙන් ,අඛන්ඩව පැවත ඒමට බැරිය. "බොරුවට ආයුෂ කෙටි වීම" ඊට හේතුවයි. විමාන සහ රාවනා පිලිබදව ලියවුණු ග්‍රන්ථ අප රටේ නොතිබීම මීට හේතුව වන අතර එසේ තිබුනේ නම් ඉතිහාසය තවත් වෙනස් වනු ඇත.කෙසේ හෝ වේවා රාවනයන්ට විමාන තිබූ බව මින් සනාථ වේ.

උපුටා ගැනීම: එළකිරි වෙබ් අඩවිය





0 comments:

Post a Comment