තරු සිත්තම

a

Tuesday, March 13, 2012

නිර්මලාට "හඬ" දෙන්න ඔබත් දායක වන්න

ඇය නිර්මලා වසන්ති කුමාරිය.ඇය 23 හැවිරිදිය. ඇය උපතින්ම ශ්‍රවණාබාධිතය.
ඇයට ශ්‍රවන හැකියාව ලබා දීමට නම් වැය වන මුදල රුපියල් දහ අට ලක්‍ෂ හතලිස්‌ පන්දහසක (18,45,000) මුදලකි. ඒ සැත්කමෙහි උපකරණවලට වැයවන මුදලය. මෙය සිදුකෙරෙන්නේ කොළඹ ජාතික රෝහලේ බැවින් ඒ සඳහා අතිරේක සැත්කම් ගාස්‌තුවක්‌ අය නොවේ. (යම් හෙයකින් මෙය පෞද්ගලික රෝහලක සිදුකළේ නම් ලක්‍ෂ 22ක්‌ ඉක්‌මවූ මුදලක්‌ සොයාගැනීමට සිදුවන්නේය)

ලක්‍ෂ 18 1/2ක වියදම කෙසේ හෝ සොයාගනිමින් අපි නිර්මලාව සුවපත්කරගන්නෙමුයි ඇගේ අක්‌කලා දෙපළ සහ මව ටිකට්‌ පත් අලෙවි කර ඉතිරි මුදල සොයාගැනීමට තීරණය කල අතර ඒ මීට මාස 3කට ඉහතදීය.

මේ වන විට තමන් ණය ආදිය ලබාගනිමින් සොයාගත් මුදලද, එකතුකර ඇති ආධාර මුදල්ද, ජනාධිපති අරමුදලින් ලැබෙන බව සඳහන් මුදල්ද යන සියල්ල සැලකීමේදී රුපියල් දශ ලක්‍ෂයකට මදක්‌ වැඩි මුදලක්‌ ඔවුන් සතුය. ඉතිරිව ඇත්තේ තවත් ලක්‍ෂ 8ක පමණ මුදලක්‌ සොයාගැනීමය. සැත්කම කළ පසු කථන චිකිත්සාව ආදී දෑ සඳහාද අතිරේකව මුදලක්‌ සොයා ගත යුතුය. 

මේ රටේ සිටින කෝටි දෙකකට ආසන්න මිනිසුන් අතරින් 800ක්‌ තරම් සුළු පිරිසක්‌ රුපියල් 1000 බැගින් දායක වේ නම් මේ මුදල සපයාගත හැකිය. උපන්දින උත්සවයක්‌ වෙනුවෙන් පුපුරා යන බැලුමට , දැවී දියව යන ඉටිපන්දමට, දිවට මොහොතක රසයක්‌ මවා ගිලී යන රසමසවුලක, නිවෙන පත්තුවෙන එලියක තාවකාලික සුවය පිණිස වන වියදම නිර්මලාට හඬක්‌ මැවීම පිණිස පිරිනැමිය හැකිනම් ඔබේ ජීවිත කාලය පුරා ඒ උපන්දිනය අමතකවේද? මෙරට ප්‍රසිද්ධ සමාගමක සමාජ සත්කාරක අංශයකට මේ මුදල "මහ ගාණක්‌"ද? 

නිර්මලාගේ කතාව කියවූ ඔබ හැමට සුළු මුදලකින් හෝ ඇයට හඬක් දීමට දායකවිය හැක. ඔබගේ උදව් උපකාර ඇතුව නිර්මලා කෙදිනක හෝ කතා කළහොත් ඔබට දැනෙන සතුට කෙතරම්දැයි සිතා බලන්න.

මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට අප නිර්මලාගේ සොයුරිය ඇමතුවා. එහිදී ඇය කියා සිටියේ මසක් වැනි කෙටි කලක් තුලදී ලක්‍ෂ අටක් පමණ මුදලක් සෙවීමට ඔවුන්ට සිදුව ඇති බවයි. එම ඉලක්කය ඔවුන්ට තවමත් සිහිනයක් බවද ඔවුන් අපට පැවසිය. 

එම සිහිනය යතාර්ථයක් කිරීමට අපට හැකියි,ඇය වෙනුවෙන් සුළු හෝ මුදලක් පහත සදහන් බැංකු ගිණුමේ තැන්පත් කරන්න. මේ පිලිබදව වැඩි පිරිසකගේ අවධානය ලබා ගැනීම සදහා මෙය SHARE කරන්න.

නිර්මලාගේ කතාව කියවූ ඔබ හැමට සුළු මුදලකින් හෝ ඇයට හඬක් දීමට දායකවිය හැක. ඔබගේ උදව් උපකාර ඇතුව නිර්මලා කෙදිනක හෝ කතා කළහොත් ඔබට දැනෙන සතුට කෙතරම්දැයි සිතා බලන්න.

Read more: http://www.gossip9.com/2012/03/blog-post_5399.html#ixzz1oziLw7aB
 
_____________________________________________________________
නිර්මලාගේ ගිණුම් අංකය - 302-2-001-6-0009724 
(ඒ. ඩී. නිර්මලා වසන්ති කුමාරි - මහජන බැංකුව, ගිනිගත්හේන ශාඛාව) 

වැඩි විස්‌තර විමසිය හැකි දුරකථන අංකය - 071-3679443 
_____________________________________________________________







0 comments:

Post a Comment