තරු සිත්තම

a

Wednesday, March 28, 2012

.අපි අපේ ශ්‍රී ලාංකික කම පෙන්වමු


දඹුල්ල , දිගම්පතන , ‍පැත්තේ පොඩි ගමක් තියනවා වීරගොල්ල යාය කියලා ඒක හරිම සුන්දර ගමක් ඒත් අලි කරදරේ හරියට. හරිම දුප්පත් මිනිස්සු ගොඩක් ඒ ගමේ ජීවත් වෙනවා සුනිප් සාන්ත කියන්නේත් ඒ ගමේ ජීවත් වෙන අහිංසක හිත හොද කාටත් උදවු කරපු අහිංස ගැමියෙක්..මේයාට හිටියේ පොඩි පුත්‍රයෙක් විතරයි..මුල් කාලයේ තමන්ගේ බිරිදත් එක්ක ආදරෙක් හිටිය සුනිල් රැකියාව විදියට කලේ හේන් ගොවිතැන..

මුල් කාලයේ සුනිල්ගේ හේන් ගොවිතැන හා බඩඉරිගු වගාව සරුවට කරගන ගියා.එක දවසක් සුනිල් හේනට ගියේ හිතේ ගොඩක් බලාපොරොත්තු ‍ගොඩක් තියාගන.ඒ කාර් එකක් ගන්න, පිටරට ටුවර් එකක් යන්න්‍, සවාරියක් යන්න එහෙම නෙවේ තමන්ගේ අවුරුදු 5ක් වන පොඩි පුතාට හොදට උගන්වන්න සල්ලි‍ ‍ටිකක් සොයා ගන්න .. තමන්ගේ බිරිද‍ට චීත්ත රෙදි කෑල්ලක් අරං දෙන්න..පුතාට කලිසම් කොටයකුයි කමිස කෑල්ලකුයි අරං දෙන්න..

සුනිල් සවස් යාමයේ බඩඉරිගු හේනට ගියේ රාත්‍රිය හේනේ පැලේ ගතකරන්න කියලා හිතාගන.එදා රෑ නොහිතපු විදියට අලි කඩාගන පැන්නා බඩඉරිගු හේනට..ගිනි පැනැල්ලකුත් අරන් සුනිල් ගස උඩ තිබුනු පැලෙන් දඩිබිඩියේ බිමට බහින්න ගත්තේ අලි ටික පන්නන්න අලි වෙඩිල්ලක් පත්තු කරන්න හිතාගන..ඒත් කරුමෙක මහත ! ඉනිමග කඩාගන සුනිල් බිමට වැටුනා...බිමට වැටෙන ටිකට සුනිල්ට මතක් උනේ තමන්ගේ චූ‍ටි පුතාගේ මූන..

බිමට වැටුනු සුනිල්ව අසල්වැසි ගැමියන් කීපදෙනෙකු එක්ව රෝහල් ගත කරත් අහිංසක සුනිල්ගේ පෙරකල කරුමෙකට ශුශුම්ණාවට හානි වී තිබුනා..ඒ ජීවිත දෙකක් ජීවත් කරන්න සිටි අහිංසක තාත්තා කෙනෙක් සදාකල්ව ඇදට කරමිනි..

ටික කලක් යනවිට සුනිල්ගේ බිරිද , සුනිල්ව සහ හයක් හතරක් නොතේරෙන චූටි පුතාව අත් ඇරලා යන්න ගිගේ පැදුරටත් නොකියාමයි.ඒත් සුනිල් තම බිරිදට වෛර කලේ නැත්තේ සුනිල් ඒ තරම් හොද මනුස්සයෙක් වූ නිසාවෙන්.. " අබ්බගාත මිනිහෙක් එක්ක ඉන්න කැමති මොන ගෑනිද " සුනිල් නිතරම එහෙම හිතුවා...

චූටි ශෂික බණ්ඩාර දිගම්පතන විදුහලේ 1 ඉගෙන ගන්නවා ඒ වෙනකොටත්..තම මවගේ වෙන්ව යාමත් තාත්තාගේ ආබාධයත් මේ දරුවාට හොදින් දැනුනා..ඒත් කවදාවත් ශෂික එයාගේ තාත්තාව අත් ඇරල යන්න හිතුවේ නෑ..ඒ සංසාරේ පෙරුම් පුරාගන ආ විලසිනි..එක් පාරක් සමාජ සේවා ආයතනයකින් මේ පුතාව ළමා නිවාසයක‍ට එක්කන් යන්න ඇහුවා ඒත් ශෂික කිවුවේ.."මට තාත්තා දාලා යන්න බෑ . අම්මත් නෑ කවුද තාත්තව බලා ගන්නේ වතුර ටිකක් වත් දෙන්න මම තාත්තා ළග ඉන්න ඕන" එහෙම කිව්වේ ඇස්‍ දෙකේ කදුළු පුරවගෙන..බඩගින්නේ මැරුණත් තාත්තා ගාව මැරිල යන එක සැපයි කියලා මේ පුතා හිතන්න ඇති..

බඩගින්දරේ කුසට අහරක් නැතුව තාත්තාට ආවතේව කරමින් මේ පුතා පාඩම් පොත්වල වැඩ කරන්නේ කවදා හෝ වෛද්‍යවරයෙකු වී තම ආදරණිය තාත්තාව සුවපත් කරගන්නා අදහසිනි..මේ හිත ධෛරියවන්ත පුතාගේ අහිංසක සිහින වලට, චූටි බලාපොරොත්තු වලට ජීවයක් දෙන්න අපි හැමෝම එකතු වෙමු..අපි වගේම ලේ මස් ඇට නහර වලින් සැදුනු මො‍වුන් වෙනුවෙන් යමක් කරන්නට හැකි හැමෝම එකතු වෙමු..අපි දාඩිය මහන්සියෙන් හරිහම්බ කරගන්නා දෙයින් ටිකක් මෙවන් අසරණයින්ට පරිත්‍යාගය කරමු..ඒක අප හැමටම කල ගත හැකි ලොකුම ලොකු පිනක් වේවි..

දඹුල්ල ලංකා බැංකුවේ 72989622 කියන බැංකු ගිණුමට ඔයාගේ පුංචි මුදල එකතු කරන්න.ඒ කරන සත්කාර්‍යයට ඔයාගෙත් ඔයාලාගේ සහෘදයන් සැමටම පිං අත් වේ කියලා අපි මේ චූටි පුතාගේ අහිංසක හීන දිහා බලාගන කියනවා..බුල්ටෝ කඩේ අපි මේ වෙනුවෙන් පුළුවන් දෙයක් කරමු..අපි අපේ ශ්‍රී ලාංකික කම පෙන්වමු...

වැඩි විස්තර ගන්න

0718421897කියනු අංකයට කතා කරන්න හෝ 

ඩබ්ලිවු.පී.ධර්මරත්න මහතා
දිස්ත්‍රික් සමාජ සේවා නිළදාරී
දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය
මාතලේ

යන ලිපිනය‍ට අමතන්න

 ඔබ සැමට පිං !!! 

 දිවයින පුවත් පත.







0 comments:

Post a Comment